අපි හැමෝටම අවුරුදු නයියාගේ නයි අවුරුද්ද උදා වෙමින් තිබෙන්නේය.කොහා දැන් මාසයක් පමණ තිස්සේ හඩ තලමින් කියා සිටියේ පොකැට් එකට තට්ටු වන කාලය ලග ලග එමින් තිබෙනා බවය.කොහා ලබා දුන් warning එකත් සමග උදාවූයේ අවුරුද්දට නයි හාමිනේ සමග shopping දුවනා කාලයයි.අවුරුදු shopping යාම නයියා අතිශය ගවුරව කරන රාජකාරියකි.මන්ද මේ බ්ලොග දැමීමට ෆුල් ගැම්මක් දුන් පලමු post එක ලියවුනේ ගිය අවුරුද්දේ අවුරුදු shopping යෑමත් සමග නිසාය.ඒ නිසා ...
කලාව සදහා රාජ්‍යයේ මැදිහත්වීමක් ? නයියාගේ නයි කලාවසදහා දියුණු කිරීමට හා ප්‍රමිතිගත කිරීමට රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාව පසුගිය කාලය පුරාම අහන්න ලැබුණා.දෙරණ film awards හීදී වේදිකාවට පැමිණි බොහෝ දෙනා කටපාඩමෙන් වගේ කිව්වේ රජය මැදිහත් වෙලා චිත්‍රපටි කර්මාන්තය ගොඩ දාල දෙන්න වගේ කථාවක්.ඔය කථා වල, වඩා උත්සන්නතම අවස්ථාව මෑතක පැවැත්වුනු රාජ්‍ය නාට්‍ය උළෙලේදී දැකගන්න පුලුවන් උනා.ඒ රජය විසින් කලාව කෙරෙහි දක්වන අඩු සැලකිල්ල පිලිබද විවේචනය කරමින් එහි කලා ශිල්පීන් ...
වැඩිහිටියන්ගේ දේශපාලන වන්දනාවෙන් පසු ? නයියාගේ නයි 2014 අග භාගය වෙද්දී මමත් අපේ ගෙදර වැඩිහිටි ඇත්තනුත් යහපාලන සරණං ගච්චාමීන් වූයෙමු. අපේ පවුලේ අනික් නෑදෑයෝ මහින්ද සරණං ගච්චාමීන් විය. ඒ කාලේ මහින්ද මාත්තියාට වචනයක් කිව්වොත් එවුන්දලා හෙවත් මහින්දගේ වැඩිහිටියෝ අපිව මරාගෙන කන්නට පැන්නාහ. මහින්ද තරම් විශ්වාස කටයුතු සහ ඇදහිය යුතු කෙනෙක් උන්ට නොසිටියේය.ඒකාලේ අපේ ගෙදර ටීවී එකේ itn news කියලා එකක් තිබුනේ නැතිය. ජනවාරි 8න් පසු යහපාලනය ...
ඔව් යසෝ මම ප්‍රේම කෙරුවා නයියාගේ නයි ඔව් යසෝ මම ප්‍රේම කෙරුවාඋඹ නොදත් ගානටම හිටියාදස පාරමී මතකෙන් ගිලිහිලාප්රේම පාරමී විතරක්ම පිරුවාලෝකයක් මට ගල් ගැසූදානොරිදුනා සේ මම කෙලින් උන්නාඒත් උඹ ඔහුට කවි පන්ති ලිව්දාසත්තකයි මගෙ ඔලුව පැලුණා ...
අපි ගැන කවි අකැපද ? නයියාගේ නයි හඳහාමි,උඹ දන්නවද මිනිස්සු වැඩියෙන්ම කවි ලියල තියෙන්නෙ උඹ ගැන. උඹ ගැනම නොවුනත් උඹව උපමාවට හරි අරගෙන. පොඩි උන් අඬනකොට නලවගන්න උඹෙන් කිරීරීරී , පැනීනීනී දියෝ දියෝ කියනවා. උඹේ හාවා පොඩි උන්ට පෙන්න පෙන්න බත් කවනවා. ලව් කරනකොට අපේ කෙල්ලොන්ගෙ මූණු පේන්නේ උඹ වගේමයි. ඉතින් උන්ව යාප්පුවෙන් තියාගන්න, දැලේ දාගන්න ඕන කමටම උඹව විකුණ විකුණ උන්ට කවි ලියනවා. උන් ඉතින් එදාට ...
වැඩ ඇල්ලීම නයියාගේ නයි ගතපුරා නෑවා අවුරුද්දේ පරණඋඹේ දහඩිය පරණමුත් හේදිලා ගියෙ නැතමගෙ ගතේ වෙලීලා කෙරූ වැඩ අපමණනොනගතේ ලැබුව කල නිකං ඉනු කොහොමදඅලුත් අවුරුද්ද හනිහනික දිව එයිඉතින් මම දවටවමි අලුත ගත් සේලඅනුබවේ නැකතට බඩ පුරා කෑව මිසතිබහ තව එහෙමමයි බොන්න කිසි දේ නැතතිබහ දුරලන්න වැඩත් අල්ලන්න,ආකාස වේගයෙන් නුඹේ නෙතු පාමුලට එමිඅලුත ගත් සලු නිසා උඹට රස්නෙද අසන්නට ...
අහිමි නයියාගේ නයි වමත් වෙදැගිලි මුදුවකනිමක් නැති දිස්නයෙන්කලුවරේ ගිලිය හැකලොකු අහස් මාලිගාවක්,එන්නේ ඇස් නොපෙනි යන මොහොතක්කලුවරට හුරු කරන් ඇස් දෙකඅහකටම පා කරලා හැරි විටගිනි අරං වතුරේ ගිලෙනඉර දිහාවම බලංමචං උඹ භාවනාවක්,උඹ වටේ දුම් වලාවක්.ඉරට ගිනි තියපු පන්දමඅතින් අත හුවමාරු වෙද්දීසිලි කොලේ ඔතලා තිබුනුකටලිස් එකක් කට ගැස්ම වෙද්දීමගේ හිත් ඇම්ම කට අගට එද්දී,'එයා ඇස් දෙක පියන් අදට අවුරුදු තුනක්''මේ කාපු කටලිස් එක දානයට හැදු ...
අහස් රහස් මැද සීතල වූ ගින්නක් නයියාගේ නයි නව වසරෙ ජනවාරිය උදාවුනේ ගින්දර වැඩක් වෙයි කියලා කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු ගින්නෙන් උපන් සීතල පත්තු වෙන්න ගැනීමත් එක්ක. චිත්‍රපටයේ ගිනි රස්නය එකිනෙකාට දැනෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්. කොහොම උනත් ගින්නෙන් උපන් සීතල තිරගත වීම ආරම්බ කරපු මුල්ම දවස් වල ජවිපෙ අනුගාමිකයන් චිත්‍රපටය හා බද්ධවෙලා සතුටු වෙන ආකාරය බලන් ඉන්න එකත් හරිම ෂෝක් වැඩක් වුනා. ෆිල්ම් එකෙන් එදවස ජවිපෙ සාමජිකත්වය ගැන ...
මතකයක බර නයියාගේ නයි කම්මුලක තැවරුනුරතුපාට ලිප්ස්ටික්අතින් පිහදා යවන වේගෙන්හැකිවුනානම් මකාලන්නටඑදා දැනුනු කිතිකැවුනු සිසිලසපුපුරු නොගහා තිබෙනු නිසැකයිරැවුල් ගස් යට නිස්කලංකෙට අදයන්න යන බව කියන්නට විත්පාට වත්සුනු, දෙනෙත් අංජනදියවෙමින් ඇඳුනු පාට සිත්තමකමීසෙන් හෝදා මකන වේගෙන්හැකිවුනා නම් ඉවත්කෙරුමට,දැනුනු මහ බර උරිස්පත්තටමේ දැනුත් රිදුම් දෙනවාබාම් කුප්පිය මදි අතුල්ලන්නට... ...
සත්ත කරුණාව නයියාගේ නයි ඔටාරා මී වද කෑල්ලක් දෙසාබාන photo එකක් අල්ලන්, මී මැස්සොන්ට දුම් ගහලා එලවන එක හිංසාවක් නෙවීද, පන්සලේ අලියා විතරද පේන්නේ කියලා අහමින් ඔටාරට නක්කලේ දාන පෝස්ට් වගයක් දැක්කා. ගොඩක් වෙලාවට බෞද්ධ පිරිස් අතරයි සත්ව ප්‍රේමීන් අතරයි අලි සම්බන්ධ කරගෙන මේ අවුල ඇති වෙනවා. පෙරහැර කාලෙට මේ වගේ වාද විවාද හෝ ගාලා දෝරෙ ගලනවා. කොච්චර වාද කලත් මේ කිසිවෙක්ට සත්ව අවිහිංසාව ...
කතා ගෙතෙන පින්තූර - ඩා බිඳක වික්‍රමය නයියාගේ නයි අහස මුදුනටම නැගගත් මාන්නය නිසාදෝ, දිනිසුරු අනුකම්පාවකින් තොරව තම අනසක නගරයේ වීදි පුරා පතිත කරන්නේය. ඊට උඩ ගෙඩි දෙන තාර කට්ටෙන් නැගෙන දුහුවිලි මිශ්‍ර තාපය මගේ පා සඟලත් විනිවිද ඇඟපුරා උඩු දුවයි. හිස මතට වැටෙන මහ අව් රැස් වලින් මිදීමට කුඩය අස්වැසිල්ලක් විය හැකි වුවත්, පිරිමි කුඩ කිසිදා අව්වකට එරෙහිව නොඑසවනු බව සිහිපත් වී මම කුඩය තද කර අල්ලා ගනිමින් ...
අගමැති දොට්ට දැමීම, පොතේ ඇත්තේ කොහොමද ? නයියාගේ නයි පහුගිය පෙබරවාරි සටහනක් ඔන්න ආයෙත් දානවා. ගිය පාර වැඩේ වෙන්න ගිහින් වගේ නැවතුනානෙ. මේ පාර වෙලා තියෙන්නේ කොහොමද?.43(3) ද එයට පාදක වෙන්නේ?....නැතිනම් ජාතික ආණ්ඩුව බිඳී යාමද?**********************අගමැති දොට්ට දැමීම, පොතේ ඇත්තේ කොහොමද ?පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන පක්ෂ අතර ඇතිව ඇති බල තුලන ආතතිය හේතුවෙන්, අගමැතිවරයා ඉවත්විය යුතුය , ඉවත් කළ යුතුය, ඉවත් කළ හැකිද , යන ප්‍රශ්න සෑම පැයක් ...
නවක වදය ගැන නයියාගේ නයි මේ සටහන ලියන්න පාදක වෙන්නේ සැප්තැම්බර් 12වෙනිදා විකාශය වුනු දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසහනයි. සරසවි නවක වදය කියන්නේ පහුගිය මාසය තුල මෙරට ජනතාව සහ සමාජ මාධ්‍ය සත්වයන් සියලු දෙනා පාහේ උඩ දාගෙන තලපු මාතෘකාවක්. මේ වෙද්දි ඒ මාතෘකාවේ උණුසුම පහවෙලා ගිහින්. උණුසුම පහ වුනු මේ වගේ වෙලාවක් තමයි එවැනි ආන්දෝලනාත්මක මාතෘකා ගැන කතා කරන්න තියන හොඳම කාලේ වෙන්නේ. මොකද මේ වගේ ...
කලා රිටක අපහාසය නයියාගේ නයි කලා ප්රකාශනය හා ආගමික අධිකාරිය අතර නැවතත් ඝට්ටනයක් ඇති වෙලා. අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ අතීතයේ පටන්ම මිනිසුන්ව කරදරයෙහි හෙලපු ක්‍රියාවක්. ක්‍රි.පූ හතරවෙනි සියවසේදී සොක්රටීස්ට වස බොන්න බල කරලා, ක්‍රි.ව දහ හත්වෙනි සියවස වෙද්දි ජියඩානෝ බෲනෝව පණ පිටින් පුලුස්සා මරා දමන්නෙත් අදහස් ප්‍රකාශ කිරීමේ සීමාව ඉක්මවා යාම ගැන මතුවෙන ප්‍රශ්න නිසා.ඊට අමතරව රටේ ලෝකේ හැම තැනම හැම කාලයකදීම ප්රකාශනය කියන ...
සාපලත් කතාවක් නයියාගේ නයි මේක ටික කලකට උඩදි ලංකාවේ සිදුවුණු අවාසනාවන්ත සාපලත් කතන්දරයක්. ඔබ අතිශය සංවේදී කෙනෙක් නම් මේක කියවන්න එපා. පරිගණක ආශ්රිත රැකියාවක් කරපු තරුණයෙක් සිටියා. අපි ඔහුට කියමු ශාමල් කියලා. එක දවසක් පරිගණකය ඉස්සරහා වැඩ කර කර ඉද්දි ඔහුගේ ඇස් දෙක තදින් රිදෙන්න ගත්තා. ශාමල් බය වුනා තමන් අන්ධ වෙන්න යනවවත්ද කියලා. ඒ එක්කම ඔහුට මතක් වුනා තමන් ඉතා ආසාවෙන් කරන ...
දෙව්දත් හසුන නයියාගේ නයි යසෝ,කරං උඹ හිත ගලක්පිදුවා ලෙස මලක්කරන්නට වෙන දෙයක් නැති තැනමාත් හිත කරගත්තා ගලක්.කාලයක් ගත වෙද්දිතනිකමට හුරුවෙද්දිහිත වුනා මෙලෙක්. මොකක්දෝ කරුමෙකටලෝකයට සැප දෙන්නඋඹෙ හිතට දුක් දෙන්නඋගේ හිත කරගත්තා ගලක්වුනා උඹ තනි කතක්... උඹේ ඇස් තෙත්වන තරම්මට බලාඉන්නට බැරිතරම්ඉතින් යසෝ,මම කරගත්තා හිත ගලක්... ගල්වුනාවූ හිතේ හයියෙන්,ගල් පෙරලුවාගල් ගැසුවාඅලින්ටත් ගල් ගැස්සුවාගස්සලා කෙලවන්න ඇරියා.... ගහන තරමට ඌට ගල්මටමමයි වැදුනේ එක්ක මුල්ඌට දිගටම සුවඳ ...
දියවන්නාවේ අපේ අලුත් මෙව්වා එක.. නයියාගේ නයි අලුත් පාර්ලිමේන්තුව ඊයේ රැස්වුනේය.අලුත් පාර්ලිමේන්තුව මෙවර පත්වන්නේ නව කථානායක,අගමැති හා විපක්ශ නායකයෙක් සමගය.ඒ විතරද?..ඇයි අලුත් ඇමතිවරු.අලුත් කීවාට ඉතින් ඒකේ නම් එහෙමට අලුතක් නැත්තේය.ලෝකයා මොන මොන කතන්දර කීවත් සුපුරුදු පරිදි රනිල් මහත්ත්යා මුදල් පෙට්ටියේ වගකීම පරණ බඩ තඩි මුදලාලිටම පවරා ඇත.රනිල් උන්නැහේට ඉතින් මුදල් පෙට්ටිය බාරදීමට ඊට වඩා කෙනෙක් මේ ලන්කා ද්වීපයේ නැත්තෙය.ඒ නිසා රට්ටු මොන මොන චෝදනා නැගුවත් මුදල් පෙට්ටිය ...
හිරේ යාමට නියමිතයි... නයියාගේ නයි ලගදීම විවාහ බන්දනයට බදුන් වීමට නියමිත බැවින් දැන් දැන් TV එකේ යන්නාවූ wedding programs බැලීමට ටිකක් විතර උත්සහ ගත්තෙමි.ඒවා බැලීමෙන් පෙම්වතිය පවසනා අරවා මෙව්වා ගැන ටිකක් විතර දැනුමක් ලබාගතහැකියැයි සිතුන නිසා එසේ කිරීමට මා සිත පෙලඹිණි.නැත්නම් ඇය කියන්නාවූ ඇදුම් මෝස්තර හා අනිකුත් සැරසිලි පිලිබ්ද කිසිදු දැනීමකින් තොරව ඔලුව වනන්නට යාම මගේ තත්වයට හොද නැතිවාක් මෙන්ම මගේ pocket එකටද හොද නැතිවිය ...
මට හොද මගේ ආගම විතරද..? නයියාගේ නයි අපේ ආගම අපිට ලැබෙනුයේ අපේ දෙමව්පියන්ගෙන්ය.අපි ඉපදෙන විට අපේ දෙමව්පියන් අදහමින් සිටින ආගම අපේ ආගම ලෙස ලියාපදින්චි වන අතර ඔවුන්ටද එය ලැබුණේ එලෙසටමය.එය දායාදයක් ලෙස අප උපතේදීම දෝත මත තබාගෙන එන දෙයක් විනා හැදෑරීමකින් අපිට ලැබෙන්නාවූ දෙයක් නොවේ.ජාතියද එසේමය.උපතේදී අපේ නමට ඉදිරියෙන් register වූ ආගම හැදෑරීමේ අවශ්‍යතාවක් අපට තිබෙන්නේය.බොහෝ දුරට එය ලබාගනුයේ පාසලෙන් හා දහම් පාසලෙන්ය.අපි ඒකාලේ ඉස්කෝලේ යනවිට ආගම ...
Blog එක නැති කාලෙ ඇරපු නයි -4 (2015,August) නයියාගේ නයි අද අගෝස්තු 8 වෙනිදා.ඡන්දයට ඈත්තේ තව දින 9ක් පමණි.මෑතිවරණ වේදිකාව උනුසුම්වෙමින් පවතින බව කිව්වත් හෑමදාමත් මෙන් එය පිලුණුවූ දුගද හමන මඩ වලින් හා කුනු වලින් ගහන වූ කසල ගොඩක් පමණක්ම වී ඈත.අපේ දේශ්පාලනයේ මෙතෙක් කතාව සුන්දර වී ඈත්තේ පොරොන්දු කදුවලිනි ඒවා නුවර එලියේ යන විට පෙනෙන කදු මෙන් අපේ ඈස පිනවන්නේය.පන්ස්ලකට ගිය විට හමන මල් සුවද මෙන් අපේ දේශපාලනයද සුවද ...