නයි පැවැත්ම නොහොත් මෙතෙක් කථාව නයියාගේ නයි 88 අගෝස්තුවේ හත්වෙනිදාක ,මහ රෑක හෝ ගිනි මද්දහනක තියන,උණුසුම හෝ ආලෝකය අඳුනගන්න නොදැන,මම ඇස් අරින්න උත්සහකලා.ඒත් මොන ඇස් ඇරිල්ලක්ද?ඇඟම දනවා ගජරාමෙට.ජලජ සත්වයෙක් නෙව මේ ගොඩබිමට ඇදලා දැම්මේ,ඇස් ඇරිල්ල පැත්තක තියලා ඇඬුවා මම,පුලුවන් උපරිමේටම....එතන ඉඳන් බඩගින්නට, රස්නෙට, සීතලට, විතරක් නෙවී දෙයක් ගන්න උවමනා උනු හැමවිටම,මම කලේ කෑ ගහල අඬන එක.ඒ හැම අඬුමකටම ලැබුණු මුල්ම සැලකිල්ල,කිරි සුවඳින්ද නැත්නම් දාඩිය සුවඳින්ද කියලා,හරියටම අඳුනගන්න ...
සහෝදරයා තුන්වන පාඩම - 57' බණ්ඩා,චෙල්වා ගිවිසුම නයියාගේ නයි <<පළමු කොටසටසිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනුවස් පත් කරනලද අනුකාරක සභාව කෙටි කාලයක් තුල තමන් විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. එය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන අතර සුළුතරයේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පතක් විය. මෙම කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ අනුමැතිය ලැබුණද සමහරක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල විය. එයට ප්‍රධාන හේතූන් වූයේ දෙමළ ...
චාඕ මල්ලි ගැම්මට පේස්බුක් ආවා... නයියාගේ නයි //සනුකගේ චාඕ මල්ලී තාලයට ගයන්න යාලුවනේමාස එකයි දවස් දෙකයි ගෙවුනේ නම්පේස් බුකියෙ කතන්දර මහ ගොඩයි බංලංකාවෙම මහ කුණු ගොඩ එතනයි දැන්මේක නියම ළිඳ සංගමයක් බංචන්දීමාල්ගේබර්ත් ඩේ පාර්ටියේකෙල්ලෝ පණ යනකල් නැටුවාඅයි ෆෝන් දුන් වෙලේසතුටට හිතුමතේරෙදි විසිවෙනකල් උඩ පැන්නාචාඕ මල්ලිගැම්මට පේස්බුක් ආවාචාඕ මල්ලිඅලුත්ම කුණු ටික බැලුවාචාඕ මල්ලිලෙසටම මඩ ටික ගැහුවාචාඕ මල්ලි.....කැලේක හිටි කොටියෙක් වැලිගම යවලාබලද්දි කොටියෙක් නොව ඌ පත දිවියෙක්නෙලු තරමට වෙලා ...
අද හවස මුකුත් කරනවද...? නයියාගේ නයි "සුරාවෙහි ඇති අගයත් එහි ඇති මනා ගුණයත් බොන උතුමෝ මිස නොබොන දුදනෝ නොදනිත්..." යන පාඨය මුල් කරගෙන මේ ආතල් නයා කියවිය යුතුය.කාලෙකින් අඩියක් ගසන්නට සෙට් වෙන්නට බැරි වුනු බැවින් ඉස්සර ගසපුවා(ගසපුවා කියන්නේ බීපුවා මිසක් වෙන ගැසිල්ලක් නොවේය ) මතක් කර හීනියට වෙරි වෙන්නට සිතේ.අපේ බොහෝ දෙනෙක් හා හා පුරා කියා බොන්නට පුරුදු වුනේ campus එකේදීය.මේ දැන් වෙරි වී ඇදන් වැටේද?,මේ ...
දියවන්නාවේ රිලා ගති Campus වලින් මතු වීම නයියාගේ නයි පෙරේදා පැවති SLIIT walk එක නිසා මේ දිනවල බුකිය තරමක් රත් වී ඇත.ඒ රත්වීම තුල private campus වල උන් හා රජයේ campus උන් අතර එකිනෙකාට මඩ ගසා ගැනීමේ ව්‍යාපාරයක් නැගලාම යමින් ඇත.මේ හදිසි සටහන ලියවෙන්නේ ඒ කාලකන්නි රිලා නාඩගම් දැක ඇතිවූ කලකිරීම නිසාය.මෙය පෞද්ගලික අධ්‍යාපන ක්‍රමය හෝ SAITM එක ගැන කෙරෙන විග්‍රහයක් නොවේ.ඒ පිලිබද නයියාගේ අදහස් මීට කලින් කීප විටකම ...
ආශාවරී 4 - මත්බර හැන්දෑව. නයියාගේ නයි තෙවන කොටසට......ක්ෂිතිජ ඉම ලා රත් පැහැයෙන් තද රත් පැහැයට වර්ණය වෙනස් කරගනිමින් සිටී. සයුරු දිය තටාකය තුල මුහුණ ඔබා ගනිමින් දෝවනය වන සැඳෑ හිරුගේ ඇත්තේ කෙතරම් පහන් බවක්ද. දහවලදී නිමක් නැති චණ්ඩ හිරු රැසින් නගරයම දැවූමුත් සැන්දෑ බාගයේදී මුලු නගරයම වර්ණවත් සිත්තමකට දැහැන්ගත කරවා හෙතෙම මුහුදු දිය තුල සැඟව යන්නේ සඳවතියට නගරයට එන්නට පාර කියමිනි. ප්රතාපවත් හිරු තම වසඟයට ගත් ...
අගමැති දොට්ට දැමීම, පොතේ ඇත්තේ කොහොමද ? නයියාගේ නයි පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන පක්ෂ අතර ඇතිව ඇති බල තුලන ආතතිය හේතුවෙන්, අගමැතිවරයා ඉවත්විය යුතුය , ඉවත් කළ යුතුය, ඉවත් කළ හැකිද , යන ප්‍රශ්න සෑම පැයක් පාසාම ඇසෙමින් පවතී. දහනවවන සංශෝධනයත් සමග යම් පටලැවිල්ලක් බවට පත්ව ඇති අගමැති දොට්ට දැමීමේ කර්තව්‍යයට බලපානා වගන්ති කිහිපය හුදී ජන දැනුම් සංවේගය තකා මෙසේ ඉදිරිපත් කරමි. 1978 ව්‍යවස්ථාව අනුව අග්‍රාමත්‍යවරයා පත්කිරීම ...
නිවන දුටු එකාට ගල් ගැසීම 2 - සමන්ත භද්‍ර සාධකය නයියාගේ නයි පළමු කොටසෙන් අපි කතා කලේ වසර 2000කට ආසන්න කාලයක් තිස්සේ විය නොහැකි භාවයක් කරා ගමන් කරමින් ඇති රහත් බවට alternative එකක් විදිහට ප්‍රචලිත වෙමින් එන පුද පූජා සංස්කෘතිය සහ සාහිත්‍ය මගින් අපේ සිත් තුල පැළ කරපු රහත් template එක ගැන. නිර්වාණ අවබෝධය ඊලඟ භවයක් කරා කල් දමමින් එන මේ ක්‍රියාවලිය හරියට අපිට ඉස්කෝලේ කාලේදී හම්බවුණු අමාරු ගණිත ගැටලු මග හැරීම ...
රුහුණු කුමාරියේ එතෙර කුමාරියට.... නයියාගේ නයි රන් පාට කෙහෙ රැලිතිගෙල දිගට පහළට ගලන්,බලා ඉන්නේ නෝක්කඩුවෙන්එනතුරා මදනලක් කවුලුවෙන් රින්ගලා....අත්ල මත තැන්පත්වෙච්චදකුණු කම්මුල රතුවෙලා ඇති,පැයක් තිස්සේ ඇස් පියාගෙනනිදි ලොවේ සැරිසරනා නිසාදෙපසටම නැළවෙමින් ගැස්සෙන,හැල්මෙ දුවනා කොළොම්පුර,රුහුණු කුමාරියට ගොඩවුනුඑතෙර කුමාරිය නුඹ තමාකොළ පාට ඇස් යුගළ විවරකර බලාලාකෝපි මල් දත් කැකුලුසිනාගන්වනු මැනවිනැවතුමත් දැන් ලග නිසා..... ...
දෙයියො ගැන කතා කරමු - 1 නයියාගේ නයි අදඅපේ කථාව දෙයියො ගැන.අපේ සමාජෙට ඉතින් දෙයියො කියන්නෙ නැතුවම බැරි subject එකක්නෙ.නයියා නම් දෙවියන් හෝ යකුන් ගැන මෙලෝ විස්වාසයක් නැත.මේ මුලු ජීවිතේටම නයියාට දෙවියන් සිහිවුනේ ඉස්කෝලෙ යන කාලෙ විතරයි.ඒ ඉස්කොලෙ යන්න තියෙන කම්මැලි කමට අනේ අද වැහැපන් දෙයියනේ, ඉස්කෝලෙ යන්න බැරි වෙනතරමටම වැහැපන් කියල ජනේලෙන් අහස බලන් වැහි දෙයියන්ට කන්නලව් කරනකොට.ඒත් ඉතින් වැහි දෙයියා නයියාට කන් දුන්නේ ඉස්කොලෙ ගිය අවුරුදු ...
නිවන දුටු එකාට ගල් ගැසීම -1 නයියාගේ නයි "නිර්වාණය".....මේක තමයි බෞද්ධ විමුක්ති මාර්ගයේ අවසානය හඳුන්වන නම.නිර්වාණය අවබෝධ කර ගැනීම එහෙමත් නැතිනම් නිවන් දැකීම කියන්නේ තෘෂ්ණාව නැති කිරීම කියලා සරලව කියනවා. තවත් විධිමත් ආකාරයට කියනවානම් අවිද්‍යාවෙන් තොරව තතු පරිද්දෙන් දැනගැනීම හෙවත් සත්‍ය අවබෝධ කිරීම. "නිර්වානයත් සංසාරයත් අතර වෙනසක් නැත" කියල මහායාන කියමනක් ඇති බවට වල්පොළ රාහුල හිමියන්ගේ "බුදුන් වදාළ ධර්මය" පොතේ සඳහන්. ඒකෙන් අදහස් වෙන්නේ එකම දෙයක් දෙස අවිද්‍යාවෙන් ...
නිදිගත් ආණ්ඩුව නැගිට්ටන්න SAITM බෙහෙත් ? නයියාගේ නයි SAITM අවුල ගැන ආයේ නොලියන්නට හිතන් හිටියත් ඒ වැඩේ එන්න එන්නම අවුල් ජාලාවක් වෙමින් ඇති නිසා ලියන්නට දේවල් ඔලුවට පැමිණේ.........මේ රජය බලයට පැමිණීමත් සමග SAITM ප්රශ්නය තදටම කරළියට ආවේය. එසේ ආවේ මහින්දට බයේ නැට්ට පුකේ ගසාගෙන සිටි එවුන් මේ ආණ්ඩුවේ ලිහිල් බවින් සිංහයන් වූ නිසායැයි ඇතෙමෙක් පවසයි. ඒ කතාවේ යම් සත්‍යයක් ඇතත් නයියාට හිතෙන ලෙස මේ සටන දරුණුවටම නැග එන්නේ ...
ඇයි අනේ සෝමා පැන්නේ ? නයියාගේ නයි කඩු සහ හෙල්ල අතින් ගත් අසරුවන් කිහිප දෙනෙක් අශ්ව කරත්තයක් පසු පස හඹා යයි.අශ්ව කරත්තයේ බියෙන් තැතිගෙන දෙනෙත් දල්වා බලාසිටින කාන්තාවන් දෙදෙනාට මැදිවූ කුඩා දරුවෙකි.තමන් පසු පස එලවා එන අසරුවන්ට පහරදීමට මාන බලමින් ගැල අද්දර උක්කුටියෙන් සිටින්නේ බියෙන් තැතිගත් වළගම්බා රජතුමාය.සතුරු අසරුවන් සමූහය තමන්ට ලන් වෙද්දී සලිත වන හෙතෙම ඉක්මනින් රථය පදවන ලෙස තම සේවකයාට නියෝග කරයි.නමුත් ගැල බර වැඩි ...
සතර 4 (කෙටිකතාව) නයියාගේ නයි වේගයෙන් ඇදී ආ දුම්රිය දෙවන වේදිකාව දකිත්ම හති ලමින් තම ගමන් වේගය බාල කරන්නට විය. වේදිකාව හා සමාන්තර වෙත්ම එහි වේගය ඉතා බාල වූ මුත් තවමත් නතර නොවී ඉදිරියට ඇදේ. දුම්රිය නතර වෙන තෙක් ඉවසාසිටීමට නොහැකි පිරිමින් තම බෑග් මලු සමග සටන් කරමින් දිව ගොස් පාපුවරුවට පනී. ඔවුන්ගේ අරමුණ කෙසේ හෝ අසුනක් අල්ලා ගැනීමය. ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් කොළඹ දක්වාම සිටගෙන ...
ආශාවරී 3 - මේඝලතා මුනගැසීම නයියාගේ නයි ඉරාජ් රූගත කරන, නයියා ලියන යුගයේ අප්සට්ම ප්‍රේම වෘතාන්තයේ අලුත්ම කොටසයි මේ....පළමු කොටසට.....දෙවන කොටසට....වේලාව උදෑසන 10ටත් කිට්ටුය.පෙරදින මැදියම් රැයේ ඇරඹි ගමන මේවන තෙක් කිසිදු විඩාවකින් තොරව ගෙවී ඇත.ඇත්තටම විඩාවක් නැතිවා නොව, මේඝලතාගේ මතකයෙන් පිරී ඇති සිතටත් ගතටත් විඩාව නොදැනෙන්නේ වෙයි.මේ පැය ගනන තුල තමා මේ අලුත් ලෝකයට පුදුමාකර ලෙස අනුගත වී ඇති බව ඔහුට වැටහී තිබේ.තම කලිසම් සාක්කුවේ තිබෙන කුඩා ...
සමාජ ජාල - ඉදිරි දශකයේ පිළිලය ද? නයියාගේ නයි "සමාජ ජාලා වෙබ් අඩවි" අද වන විට මේක නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ ජාල අඩවි සහ අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවෙමින් පවතිනවා.මේවායින් සපයන වැධගත් සේවය ගැන අමුතුවෙන් කියන්නට යන්න ඕන නෑනෙ.කොහොම නමුත් සමාජ ජාල අඩවි අද වන විට ජනප්‍රියව භාවිත වන්නේ ඒවායෙන් ඉටුකරගැනීමට බලාපොරොත්තු උනු මූලික අරමුණු වලට පරිබාහිරව කියලා කියන්නටත් පුලුවන්. ආරම්භයේදී, භෞතිකව දුරස්ථව සිටින ...
දේශපාලන උත්කෘෂ්ටතාවයේ වියැකීම නයියාගේ නයි ලංකාවේ වර්ථමාන දේශපාලනය යනු උත්කෘෂ්ට භාවයන් වලින් තොර වූ තෙරක් නොපෙනෙන කතරක්. මෙහිදී උත්කෘෂ්ට යන වචනය යොදාගත්තේ ඉමානුඑල් කාන්ට්ගේ The Sublime එනම් උත්කෘෂ්ට දෙය පිළිබඳ අදහස පාදක කරගනිමින්. කාන්ට්ට අනුව එහිදී උත්කෘෂ්ට දෙය ලෙස හැඳින්වුනේ අපගේ මානසික ලෝකය තුල ග්‍රහණය කරගත නොහැකි සංකීර්ණ පැවැත්මවල් යන්නයි. අපට සිතා ගැනීමට අපහසු විශාල පැවැත්මවල් හමුවේ අපගේ කුඩා භාවය එහිදී හැඳින්වුනා විය යුතුයි. ඔහුට ...
මුහුණු සයකි, අත් දහයකි (කතාවක්) නයියාගේ නයි දහවල ගිනි ගහන මද්දහන කරනකොටගෙන යවට රත්වූ කලෙක මෙන් ගිනියම් වූ තාර පාර කෙමෙන් කෙමෙන් සිසිල් වන්නට පටන් ගෙන ඇත. කාර්යාලීය වැඩකිස නිමාවී නිවෙස් බලා ඇදෙන මහා ජනගඟ රැගත් වාහන ගොන්න නිසාදෝ තවමත් සිසිල් බවේ නියම සුවය තාර පාරට අහිමිව ඇත. එනිසා සිසිල් වන ගමන්ම එයින් රත්වූ දුම් පිටවෙන්නේ විටින් විටේ හමනා සැඳෑ සුලඟටත් මද තාප ශක්තියක් එක් කරමිනි. ඒ ...
Blog එක නෑති කාලෙ ඈරපු නයි - 2 (2015,April) නයියාගේ නයි කොහා ගේ දොරකඩ ලගටමවිත් අවුරුදු ගීතය ගයන්නට වී ඈත.ඒ අපූර්ව වූත් විචිත්‍ර වූත් නව වසර ලෑබීමට ඈත්තේ තව සතියක පමන් කාලයකි.මේ විචිත්‍රවත් යුගයේ ඈති අසීරුතම හා අපේ ඉවසීම පරීක්ශා කරන බයානකම දවසනම් ඈයත් සමග shopping යෑමේ දිනයයි.දින තුනක නිවාඩුවත් සමග ඒ දිනය සෑමරීමට මම පසුගියදා දෙහිවල හා වෑල්ලවත්තේ කරක් ගෑසීමි.විනාඩි 40ක් පුරා දෙහිවල හන්දියේ ඈය එන තුරු charter කෑ මම ...
ආශාවරී 5 - පියුමි හෙවත් ආරියවතී නයියාගේ නයි < 4වන කොටසටදවස පුරාම බුම්මාගත්වනම සිටි අහස සවස් භාගය එළඹෙත්ම ගුගුරා හැලෙමින් පොළව තෙමන්නට ගත්තේ කිසිදු අනුකම්පාවකින් තොරවය. අනෝරා වැස්සේ වූ චණ්ඩ බවිනුත් තම විසල් නිවස අරක්ගත් මහා පාලුවෙනුත් පෙලනු ලැබූ ඒබරන් තම වයලීනය අතට ගත්තේය. ඔහු වයලීනය අතට ගත්තේ වසර 5කට පමණ පසුය. මදක් නුහුරට මෙන් ඔහු වයලීනයේ තත් එකින් එක හැඬවීය. ඉන් නැගුණු ලයාන්විත නාදය ඔහුට දැනුනේ වසර ...