රැග හෙවත් නෙල්ලි ගෙඩිය නයියාගේ නයි මේසටහන ලියවෙන්නේ නවකවදයේ ගුනදොස් විචාරය කිරීමට නොවේය.මේ දිනවල බුකිය පුරා නවකවදයේ අව්ශ්‍යතාව ගැන පිරිසක් සාධාරනීකරණය කරන අතර තවත් සැට් එකක් කැම්පස් එවුන්ගේ රෙදි ගලවන්නේ උන් මානසිකඅසහනකාරයන් ලෙස හුවා දක්වමින්ය.නයියාගේ කැම්පස් කාලය ගෙවුනේ මෙරට බිහිවූ කාලකන්නිම උසස් අධ්‍යාපන ඇමතියා වන SB ලොක්කා කැම්පස් දඩයම කරගෙන ගිය කාලයේ මෙන්ම සබරගමුව SBගේ හොදම හෙන්චයියෙක් විසින් නටවමින් තිබූ කාලයේය..ඒ අවුරුදු හතර පුරා මාසෙකට අඩුමගානේ ...
දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය නයියාගේ නයි අප සෑම විටම ජීවත් වන්නේ බාහිර පරිසරයක් සමගය. මම කියා පුද්ගලයෙක් අර්ථ දැක්විය හැකි වන්නේම මගෙන් පරිබාහිර ලෝකයක් ඇත්නම් පමණි. ඒ නිසා අප සෑම විටම පවතින්නේ යම් ලෝකයක, පරිසරයක, කුලකයක හෝ රාමුවක අවයවයක් ලෙසය. ඒ ජීවත් වන ලෝකය තුල අපේ චින්තාවන් , බලාපොරොතු , අපේ වටහා ගැනීම් අපේ අර්ථ දැක්වීම් යනු අපේ කැමැත්ත මතම සිදුවන දේ නොවේ. එය තුල අපිට ...
තනි ගෑණියෙක්ගෙන් පිරෙන්න තරම්.... නයියාගේ නයි "තනි ගෑනියෙක්ගෙන් පිරෙන්න තරම් උඹේ හදවත පුංචි ද ? එහෙම උන්ට දේශපාලනේ කරන්න බෑ බං............"මේක සහෝදරයා ටෙලි නාට්‍යයේ ගිය වදන් පෙලක්. අද කතාකරන්න යන්නේ සහෝදරයා ගැනවත්, දේශපාලනය ගැනවත් නොවෙයි. ආදරය ගැන. ආදරය කියන්නේ මිනිස් ඉතිහාසය පුරාම වැඩියෙන්ම බාවිත වුනු , කලා නිර්මාණ බිහු වුනු, දේශනා පවත්වපු, අර්ථකතන බිහි කරපු සහ නොයෙක් ආකාර වලින් පට්ට ගහපු මාතෘකාවක්. එනමුත් තවමත් පරිපූර්ණ ලෙස ...
තත්වෙකට ඇවිදින්..... නයියාගේ නයි හන්දියේ පොත් කඩෙන්අරන් සව් කොලයකුත් පොඩි කතුරකුත්ඉතුරු සල්ලියෙන් ගත්තා ගම් බෝතලේකුත්වෙසක් මාසෙත් නොවේසරුංගල් මාසෙත් නොවේකඩේ නංගිගේ බැල්මේ, ප්‍රශ්නාර්තයකි මැවුනේකඩේ අයියාගේ දෙතොලේ,මද සිනහවකි ඇඳීයන්නේඒ ලබපු අස්වැසිල්ලෙන්,අපි හෙමින් මාරු වෙලා යන්නේකතුර හොඳටම පොඩියි, ඇඟිලි අපෙ ලොකු වැඩීරිදුම් දෙන ඇඟිලිවල වෙහෙස කතුරු තල දෙක මැදට ඇවිදින්සව් කොලය මත විසිරයයි.කටේ කෙල හිඳී ඇත,ගම් බෝතලේ ඒකටයි......නැත කිසිම ලේසියක්දල්වන්න අප අපේක්ෂාවන්හැකිද මෙතරම් චණ්ඩ වන්නටසිසිල රැඳි මද ...
FB shared videos සහ මාධ්‍ය අම්බරුවෝ නයියාගේ නයි මේ ගෙවී යන කාලය ලන්කාවේ පොලෝසිය හා ජනමාධ්‍ය හත්පොලේ ගාගන්නා කාලයකි.පොලෝසිය සෙයාගේ ඝාතකයන් සමග හොරා පොලිස් සෙල්ලම් දමමින් දාන දාන වෙට්ටුව මාධ්‍යට කියන්නට යමින් හත්පොලේ ගාගනිති.පොලෝසිය කියන එව්වා මෙලෝ වගක් නැතුව කියා දමමින් මධ්‍ය, පොලෝසිය අඹරා දෙන අසූචි රටපුරා පතුරවමින් හත්පොලේ ගා ගනිති.ඊට අමතරව අපේ රටේ මාධ්‍ය පසු ගිය කාලය පුරා අලුත් සෙල්ලමක් සොයාගෙන ඇත.ඒ Fb පුරා share වන ගොන් ...
ආශාවරී 2 - සමහන් සොයාගැනීම නයියාගේ නයි පළමු කොටසට....තරමක් ඈතින් නොපැහැදිලි සන්ගීතයක් ඇසෙමින් ඇත.එය සැබෑවටම සන්ගීත නාදයක්ද නැතිනම් තම බමන හිස තුල කැරකෙමින් ඇති මායාවක්දැයි සුන්දර අප්පුට සිතාගත නොහේ.ඔහු යන්තමින් තම දෙනෙත් හැර වටපිට බැලුවේ, තමන්ට මදක් ඔබ්බෙන් පියවි සිහියට පත්වෙමින් සිටිනා තම ඇබේනිය හා සහෝදරයාව දුටුවේය.බොදවී ඇති දෙනෙත් යථා තත්වයට පත් කරගැන්මට ඔහු ඇගිලිවලින් තම දෙනෙත් කසන්නට ගති.කාල දොරටුව හරහා තමන් අනාගතය වෙත පැමිණ ඇති බව ...
කිරිහොද්දාගේ ප්‍රේමය නයියාගේ නයි කිරිහොද්දා මගේ යාලුවෙක් බවට පත් උනේ 8 වසරේදීය. එතැන් පටන් අද දක්වාම ඌ මගේ ලඟම මිතුරෙකි. කිරිහොද්දා උසය, සුදුය. හරියටම කියනවානම් ඌට ඒ දවස් වල තිබුනේMr.Bean ගේ පෙනුමමය. ඌ කරන වැඩත් Beanගේ වැඩ මෙන්ම පිලිවෙලක් නැති සිනහ උපදවන ඒවාය. කිරිහොද්දාගේ මේ විකාර වැඩ නිසා ඌට විනෝදපාල කියා නමක්ද පටබැඳුනි. මා කිරිහොද්දාඇතුලු මගේ ගමේ පාසලේ යහලුවන්ගෙන් වෙන්වී ගාල්ලේ ප්‍රධානතම පාසලකට ඇතුලුවූයේ ...
සොඳුරිය අවුරුදු කොතරම් නපුරුද ? නයියාගේ නයි "සොඳුරිය කාලය කොතරම් නපුරුද"......මං හිතන්නෙ සිංහල ආදර ගීත ඉතිහාසයේ තියන අති විශේෂතම ගීය මේක. අපි හැමදාම කරන , විඳින, විඳවන සහ අත්දකින ආදරයේ, වෙනම මානයක් ස්පර්ෂ කරපු ගීතය මේක. මට හිතෙන විදියට වෙන කිසිම ගීයකින් ආදරයේ මේ කලාපය කතා වෙලා නෑ. ඒ තමයි ආදරයේ පරණ වීම හෝ පරිණත වීම තුල අහිමි වී යන බොලඳ රසය. මේක මං හිතන්නේ අපි බොහෝ ...
තෙල් ගොඩක් මැද ටයිටැනික් නයියාගේ නයි පොතේ ගුරා ; ඈත එපිට දුර ඇමරිකා නම් රටේ කාර් පැදි ධීමතා සතුරන්ගේ උවදුරු බෝ නිසා සිරි ලකට වඩින්නේ හනිකටා පෙම්වතිය අනෙක් පස හිඳුවලා පදවන්නේ කාරය හනිකටා මාගම්පුර වෙරළට ලංවෙනා වින් ඩීසල් සභයට පිවිසෙනා //අප වින් ඩීසලයාණෝ හීයක බඳු වේගයෙන් තම රථය බලු බල්ලෙක් නැති මාගම්පුර තාර පාරේ දක්කවයි. මාගම්පුර දුහුවිල්ලෙන් වින් ඩීසලයානන්ගේ කලු පැහැති මස්ටෑන්ග් රථය නැහැවී යයි. එහෙත් ...
වීරයා මැරිලා නයියාගේ නයි සහජ ජාති, කුල, ගොත් ආගම්ගනිමි කරටම, රකිමි මිරිකාඅනෙකාගේ බොටුවවෙන් කරන් කඳෙන් හිසතබන්නෙමි සීරුවෙන්උඩු යටිකුරු කර තනාගත්අනේකවාදී වහන්තරා මතආශිර්වාද ශ්ලෝකයන්, ස්තෝත්රයන්ඇසෙනු ඇත ගිගුම් දීසැම සවන් විනිවිදනු ඇතසීනු ඝණ්ටා නොනැවතීකෙසින් අල්වා ගෙන උගේ හිසකරන්නෙමි මස්තකප්රාප්තසදොස් පූජාසනය මත.....රුධිර දහරා නොනැවතීගලා යයි ඌ හිසින්අත් මගේ රතුම රතු බව දකින මම ගැස්සෙමීකාරි නැත විස්සෝප වීමටමේ ගලා යන රුධිර ගංගා,තිරිසනුන්ගේයනොවේ ඒවා මිනිස් රුධිරයවහන්සේලා ශපත කරත්බැතිමතුන් භක්තියෙන් ...
ඕවත් වෙසක් කූඩුද බං ? නයියාගේ නයි ලඟ ලඟම අවුරුද්ද එනවා කියලා මතක් වෙන්නේ කොහා හඬ තලන්න ගත්තම වගේ, ලඟ ලඟම වෙසක් එන බව ඒ කාලේ අපිට මතක් කලේ අපේ ගෙදර තිබ්බ උන බට පඳුර. වෙසක් එකට සති තුනක් විතර තියලා ගමේ කොලු කුරුට්ටො , අයියලා , මාමලා, අපේ ගෙදර පැත්තට එන්න ගන්නවා කූඩු හදන්න බට කපන් යන්න. වෙසක් ලඟ ලඟම එන බවට එන සංඥා තමයි ඒ ...
සීරුවෙන් සිටිමි නයියාගේ නයි ගැස්සුනත් හිටිගමන්නොහිතාපු තැනකදීමුලු ඇඟම ගල් කරන්සිටින්නෙමි සීරුවෙන්ඉසිඹුවක් දෙනු රිසින්බෙල්ල යන්තම් හැරව්වෙන්ඇස ගැටුනි ලෙලදෙනාසිංහ කොඩි දෙක තුනක්.තේජසින් ඔද වැඩි සිහරජු,අතේ ඇත කඩුවක්.සසර කලකිරී ඇති මගෙ,ඩෙනිමෙ ඇත කොපුවක්සිංහයා දෙස බලමි මම හොඳින්බැලින්නම් ඌ ඉන්නෙ එක පයක් උස්සමින්ඌත් මං වගේමයි ,මං ඉන්නේ තනි කකුලකින්,හැබැයි හොඳටම සීරුවෙන්.පහසුවෙන් ඉන්නට බොහො හිතයි මටඑහෙත් නැත ඉස්පාසුවක්වටේ ඉන්නා හතර පස්දෙන,ඇලී ඇඟටම නැත ඉඩක්.ගෙල මුලින් උත්පාදවීගලායයි ඩා බිඳක්පිට මැදදි ...
රෙදි වැල නයියාගේ නයි මීට කලින් ලියමනේදී සුප්පා කිව්ව ස්විච් එකකින් ක්‍රියාත්මක වෙන රෙදි වැල ගැන ලියද්දි පොඩි අතීත සිදුවීම් ටිකක් මතකෙට ආවා වැල ගැන. වැල කිව්වේ රෙදි වැල. රෙදි වැල වටා බිහිවෙන සන්නිවේදන යන්ත්‍රණය , එදා සංජා කියපු මානව සම්බන්ධතා කෑල්ලටත් හේත්තු කරන්න පුලුවන් වගේ දැනුනු නිසා මේ ටික කුරුටු ගාන්න හිතුනා.ඉස්සර අපි පොඩි කාලේ අපේ වත්ත හතර මායිම තාප්පයකින් සලකුනු කරලා තිනුනේ ...
ගිරා රිලා හටන් ඉතිහාසය - 1 නයියාගේ නයි අද කියන්න යන්නේ මීට ගොඩාක් ගොඩාක් කලෙකට කලින් උනු කතාවක් ගැන. කොච්චර කාලෙකට කලින්ද කියනවනම් සත්තුන්ටත් කතා කරන්න පුලුවන් කාලේ කතාවක්. මිනිස්සු කියන සත්ව කොට්ටාශය ඒ තරම් දියුණු නෑ ඒ කාලේදී. මිනිස්සු වර්ග හිටියේ දෙකයි.එකක් තාපසයො අනික වැද්දො.ඒ කාලේ තිබුණා සිංහරාජ කියල මහ විසාල වනාන්තරයක්.සිංහරාජ කිව්වට එකේ හිටපු සින්හයෙක් නෑ. ඒ නිසා මේ කැලෑව පාලනේ කරේ වඳුරන් විසින්. කැලේ පාලනය ...
චතුර්සේන කතා වස්තුව නයියාගේ නයි යටගිය දවස බරණැස් නුවර ප්‍රේමදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කලේය. මේ රජ තෙමේ ඉතා භයානකය, අනුකම්පාවෙන් තොර වූයේය. ඔහුගේ සිත් පිත් නැති දන්ඩනයන්ගෙන් හා අනුකම්පා විරහිත රාජ්‍ය පාලනය නිසා බරණැස ජනයා කටුක දිවියක්ම ගෙවූහ. දන්ඩනයෙන්ද මර්දනයෙන්ද තැලුම් කෑ දුගී ජනයා වෙනුවෙන්, ප්‍රේමදත්තගේ හිංසාකාරී පාලනයට එරෙහිව පෙරට ආ විජය කුමාර් නම් කඩවසම් කුමරෙක්වූ අතර ඔහුගේ අභීත සෙන්පතියා වූයේ රජතසේන නම් තරුණ ...
සහෝදරයා දෙවන පාඩම - නුවරින් එන්න කළින් නයියාගේ නයි සහෝදරයා යනු වත්මන් ටෙලි නාට්‍ය අවකාශයේ වේගයෙන්ම තරුණ පරපුරෙහි හදවත් ආකර්ෂණය කරගනිමින් ඇති නිර්මාණයක් බවට විවාදයක් නැත. නමුත් මේ තරුණ පරපුර යනු දේශපාලන සවිඥානිකත්වයෙන් ඉතා වේගයෙන් ඉවත්වේගෙන යන හෝ මේ වන විටත් ඉවත්ව ගොස් ඇති පිරිසක් බව ඒ පරපුරේම එකෙකු ලස මම ඉතා හොඳින් දනිමි. අපගේ පරම්පරාවත් ඊට පසු පරම්පරාවනුත් යනු දේශපාලනය වනාහී අපට අයිති රාජකාරියක් නොවන බවටත් එය ඔක්කාරය ...
ආශාවරී - කාශ්‍යප රජුගේ නැවත ඉපදීම නයියාගේ නයි කාශ්‍යපගේ පළමු වික්‍රමය මෙතනින් කියවන්නඒ 1565 වසරයි.පරංගි සුවද තවරාගෙන හමනා ගොඩ සුළං රැල්ල සුන්දර අප්පුගේ නහය විනිවිද යන්නේ ඔහුට මහත් අපුලක් ගෙනදෙමිනි.ඔහුට මේ කිසිවක් සිතාගත නොහැක.අතීතයේ තම මුතුන් මිත්තන්ගෙ අනින් පමනකදු නොව තමන්ගේ අනසක යටතේත් විරාජමානවූ ලන්කාද්වීපය පරංගින් රැලක් විසින් යටත් කර ගනු ලැබුවේ කෙසේද ?...යම් තරමකට හෝ අස්වැසිල්ලක් ඇත්තේ තවමත් ඔවුන්ට යටත් කර ගන්නට හැකිවී ඇත්තේ මේ මුහුදුබඩ දනව්ව ...
රෙදි ගැලවූ විට දුටුමි කොන්දක් නොමැති බව උඹට නයියාගේ නයි ලංකාවේ music video කර්මාන්තය පහුගිය වසර කිහිපයක කාලය තුල ඉතා වේගයෙන් ප්‍රසාරණය වූ අංශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට වසර දෙකකට පමණ කලින් පැවති music video trend එක අද දවස වන විට වෙනමම ස්ථරයක් දක්වා විතැන් වී ඇති බව පැහැදිලිය. අවුරුදු දෙකකට පමණ කලින් හොටු පෙරන් අඬන කොල්ලන්ගෙන් හා චපල කෙල්ලන්ගෙන් පිරි අරාබි නිසොල්ලාසයක් බඳුවූ music video කලාව/කර්මාන්තය අද ...
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ.... නයියාගේ නයි YAMUlk එකේ කස්ටිය ඊයේ පෙරේදා සිට හොදට අසාගනිමින් සිටිති.ඒ අම්පිටියේ සුමනරතන හිමියන් අලලා YAMU සැට් එක සෑදූ video එකක් නිසාය.YAMU සැට් එකේ ඔවැනි videos කිහිපයක්ම නයියා මීට කලින් නරඹා ඇත.ඒවායේ සිත් ගත් දෙය වූයේ උන් කියනා දේවල් නොව උන් එය ඉදිරිපත් කල ආකාරයයි.කුමක් හෝ සිද්ධියක් අරඹයා ඒ ගැන අපි වගේ හෑල්ලක් ලියනවා හෝ ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරනවා වෙනුවට උන් ...
දේශපාලන හා ආගමික වහල්ලු නයියාගේ නයි අන්තවාදී ප්‍රචාරණ හා ක්‍රියාමාර්ග නැවත නැවත නැගී එමින් පවතින බව පෙනෙන්නේය.කස්ටියක් සිරීපාදේ අල්ලන් නටන්නට ගත්තේ එහි ඇති පාරිසරික වැධගත්කම සලකා නොව තම්බිත් එක්ක ඇරගැනීමේ පොටක් පාදාගන්නටය.තවත් උන් ටිකක් ඒකේ නම සින්හලෙන් දමන්නට වලිකති.ආබාධිත සෙබලු සැට් එකක් උසි ගන්වාගත් මහින්ද පිලේ කාලකන්නි ටික නැවත තම වල ඉහගන්නට තැත් කලේ සිවුරු පෙරවාගත් මදාවි රැලක්ද ඉස්සර කරගෙනය.ඒ අස්සේ තව්හිද් ජමාද් හෝ ඒ වගේ ...