චූටි කෑලි මල් කතාව 2- නිව්ටගෙ බත් එක නයියාගේ නයි <<පළවෙනි කොටසටනම්බරයක් ඉල්ලගන්න ?.....අප්පටසිරි ඔව් නේන්නම්. විද්‍යා පීඨයේ ශිෂ්‍යයෝ වෙච්ච අපේ සරසවි ඇරඹුම අදින් අවසන් වෙනවා. මොකද අපේ පීඨය හරියටම ආරම්භ කරන දිනයක් නෑ තවම. ඒ නිසා සතියක් පුරා පැවැත්වුනු නවක නම්ණීකරණය අදින් ඉවර උනාම විද්‍යා පීඨයේ අපි, හෙට ගෙදර යනවා. අනික් පීඨ හතරේ උදවිය තමන්ගේ විශ්ව විද්‍යාලයීය ජීවිතය නිල වශයෙන් අරඹනවා. ඒ නිසා අපේ faculty එකේ සින්නො කිව්වා ගෙදර ...
සංජයි සුප්පයි එක්ක කසුනඹර... නයියාගේ නයි මේ ඉරිදා නම් ගිය ඉරිදා වාගේ වෙන්නේ නැති බව සහතිකයි. ගිය ඉරිදා හැන්දෑව ගෙවුනේ යටාලතිස්ස සෑ රදුන්ට නුදුරුව කහ පාට මලින් බරවුනු ඇහැල ගස් පෙලක් යට කෙරුනු සාහිත්‍ය කයියක් එක්ක. ඒ කසුන් හේමන්තගේ අලුත් කවි පොත “කසුනඹර” දොරට වැඩුනු මොහොත. මේ ලියමන ලියන්න හිතුනෙ එදා සුප්පා සහ සංජා දක්වපු අදහස් කිහිපයක් හිත පහුරු ගාන මොහොතක. සුප්පා කිව්වේ මේ දිනවල සිරසෙ ...
සහෝදරයා පළමු පාඩම - හැන්ඩි පෙරින්පනායගම් නයියාගේ නයි සහෝදරයා යනු වත්මන් ටෙලි නාට්‍ය අවකාශයේ වේගයෙන්ම තරුණ පරපුරෙහි හදවත් ආකර්ෂණය කරගනිමින් ඇති නිර්මාණයක් බවට විවාදයක් නැත. නමුත් මේ තරුණ පරපුර යනු දේශපාලන සවිඥානිකත්වයෙන් ඉතා වේගයෙන් ඉවත්වේගෙන යන හෝ මේ වන විටත් ඉවත්ව ගොස් ඇති පිරිසක් බව ඒ පරපුරේම එකෙකු ලස මම ඉතා හොඳින් දනිමි. අපගේ පරම්පරාවත් ඊට පසු පරම්පරාවනුත් යනු දේශපාලනය වනාහී අපට අයිති රාජකාරියක් නොවන බවටත් එය ඔක්කාරය ...
අන්තරය තරාදියට දැමීම නයියාගේ නයි "අන්තරය" සහ "ශිෂ්‍ය අරගල" යනු මේ දවස් වල ඇති ජනප්‍රියම මාතෘකා වලින් එකකි.. ඉතින් වැස්සකට වගේ අපිත් කැම්පස් ගොඩවී ඇති නිසා මේ ගැන යමක් නොකියා ඉන්නට අමාරුය. හතරවටේ ඒ ගැන ලියවෙන, කියවෙන දෑ ඇසූ විය කට කසන්නට ගනී. ඉතින් ඒ කැසිල්ලට පිළියමක් ලෙස මේ කතන්දරය ලියවෙන්නේය.සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨය බිහි වන්නේ 1993 දීය. එය ආරම්භයේදී බුත්තල අනුබද්ධ විශ්ව විද්‍යාලය ...
චූටි කෑලි මල් කතාව - පූර්විකාව නයියාගේ නයි පහුගිය සති අන්තයේ උණවටුන පැත්තේ ගැසූ සවාරියෙන් ඉතුරු වී ගෙදර ගෙනා වොඩ්කා කොටය හිස් කරන්නට ඊයේ රාත්‍රිය වෙන් කර ගතිමි. පොඩියට කපා ගත් ඇපල් කෑලි කිහිපයත් සමග බයිට් එක පිරවීමට එක්කාසු උනේ වැඩ ඇරී එන ගමන් ගෙනා මුරුක්කු පැකට් එකය. වොඩ්කා කොටය පතුල කරා පල්ලම් තිබෙන යාමයේ, කරස් ගා හැපෙන මුරුක්කු සද්දයත් , සිරිස් ගා විසිරෙන ඇඹුල් ඇපල් පෙත්තේ ...
කූඹියෝ ලොකු ද? නයියාගේ නයි "උඹ මොනවද බොන්නෙ ?""උඹ මොනව බිව්වත් මෙහෙ තියෙන්නේ ප්ලේන්ටී විතරයි"පසුගිය වසර 5,6ක් තිස්සේම ලාංකික ටෙලි නාට්‍ය රසික ප්‍රජාවට සිදුවූ තිබෙන්නේ මේ සන්තෑසිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපි කෙතරම් රස වර්ග වලට කැමැත්තෙන් සිටියද අපිට බොහෝ විට රහ බලන්නට ලැබුනේ සීනි නොදැමූ, කහට ගතියක් ගෑවිලාවත් නැති, නිවී ඇල්ව ගිය තේ කෝප්පයක් බඳුවූ ලාචෝරු , එදා වේල ටුවර්ස් ටෙලි කතා ගොන්නක්ය. අතරින් ...
චූටි කෑලි මල් කතාව -1 නයියාගේ නයි එක වරම ඇද හැලිච්ච කොහෙන්දෝ ආපු මහ වරුසාව නිසා නවකයන්ගේ ක්‍රීඩා උළෙල සේදිලා ගියා ලොවෙත් නැති වෙන්න. සබරගමුව විශ්ව විද්‍යාලයේ 14 වෙනි සිසුන් කණ්ඩායම වෙච්ච අපේ freshers meet එක අද උදේ පටන් ගත්තේ දියතලාව Military Academy එකේදී. අති මනරම් පරිසරයක පිහිටා තිබ්බ ඇකඩමිය අපි කාගෙත් සිත් සතන් සුවපත් කලේ පරිසරයේ සුන්දරත්වය නිසාද?, කරදර කරන්න සින්නො ටික ලඟ නැති නිසාද කියල ...
පෙම්වත් දිනපොත - කෙටි කතාව නයියාගේ නයි ආදිපාද මාලිගයේ දැවැන්ත ගේට්ටුපලු දෙක මහ හඬක් නංවමින් පෙරලුනා විය යුතුය. කැරලිකරුවන්ගේ හඬ ක්‍රම ක්‍රමයෙන් ලංවෙමින් ඇසෙන්නේ ඔවුන් මාලිගය තුලට කඩා වැදීමට ආසන්න නිසා විය යුතුය. මම ඉක්මනින් ඉහළමාලයේ තරප්පුව දෙසට පියමනින්නට වීමි. තවත් හෝරා කිහිපයක් ඇතුලත මේ මාළිගය සුන් බුන් ගොඩක් බවටත් , අලු ගොඩක් බවටත් පත්වනු නියතය. මගේ හදවටත නොසන්සුන්ය, එය වේගයෙන් ගැහෙන්නේ කැරලිකරුවන්ගේ මහා ඝෝෂාවට බියකින් නොව ...
සමාජ ජාල පිළිලයේ මුහුණුවර නයියාගේ නයි පසුගිය සතියේ අපේ කතාවට ලක්වුනේ සමාජ ජාල ප්රමුඛ වෙබ් අඩවි හරහා ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු නිසි විමසීමකින් තොරව විශ්වාස කිරීමටත් ඒවා ප්‍රචාරය කිරීමටත් අපේ ඇති පෙලඹීමයි.මෙවැනි අසත්‍ය තොරතුරු ව්‍යාප්තිය රටේ ජන ජීවිතයේ අනවශ්‍ය කැලඹීම් ඇතිකරලීමටත් පුද්ගල චරිත ඝාතනය කිරීමටත් හේතු වෙනවා.පසු ගිය මාසය-දෙක තිස්සේම රජයේ පාර්ශවයෙනුත්, සමාජ ජාල සම්න්ධ තොරතුරු ප්‍රචාර සම්බන්ධයෙන් පාලනයක් අවශ්‍ය බවටත් අපහාස කිරීම් වලට එරෙහිව දැඩි ...
රස්තියාදුවක් ???? නයියාගේ නයි අපේ රටේ කාලෙන් කාලෙට මුහුණු පොත උණුසුම් කරන සංවාද හෝ ප්රවෘත්ති පැතිරෙනවා. ගොඩක් වෙලාවට මේවා එතරම් වැඩකට නැති අපහාස උපහාස වලින් හෝ බොරු ප්‍රචාර වලින් සමන්විත ඕපදූප. ඒ අතර ප්රමුඛ වෙන්නේ දේශපාලකයන්ගේ වාචාල ප්‍රකාශ, කාන්තාවන්ට කරන අපහාස හෝ ජාතිවාදී , ආගම්වාදී සිදුවීම්. මේ ඕපයන් අතර පොතක් පතක් ගැන කතාවීමක් නම් කවදාවත් සිදුවෙන දෙයක් නෙවී. ඒත් මේ දවස් වල කවදාවත් නැති ...
ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම නයියාගේ නයි කාශ්‍යප රජතුමා නැවත මහ වන මධ්‍යයට පිවිසුනේය.මීට ටික කලකට පෙර තමා කිසියම් කාල දොරටුවක් (something like stargate) හරහා වසර දහස් ගනනාවක් පසු කර අනාගත ලෝකයකට පිවිස ඇතිබව ඔහුට වැටහෙන්නට ගත්තේ සති කිහිපයකට පෙර සිටය.මේ 2016 වසරයි. "කසුන්"...ඒ ඔහුගේ වර්ථමාන නම.තමා සැබවින්ම කසුන් ද? නැතිනම් කාශ්‍යප ද? යන පැටලුම ලිහා ගැනීමේ දැඩි මානසික අර්බුධයක හෙතෙම පසුගිය සති කිහිපය පුරා පැටලී සිටියේය.නමුත් ...
හිංසනය ?..එහෙම එකක් තියනවද ? නයියාගේ නයි ඊයේ සවස පැරාගේ (අජිත් පැරකුම් ජයසිංහ ) අලුත් නවකතාව වුනු "K පොයින්ට්" අලලා කතාබහක් පැවැත්වුනා. එහිදී තිබූ දේශන වලින් අනතුරුව එළඹුණු මිනිත්තු කිහිපය තරමක් උණුසුම් ප්‍රශ්න කිහිපයකට අවකාශයක් විවර කලා. ඒ සියලුම ප්‍රශ්න ගොනුවී තිබුනේ එක් කරුණක් වටා. ඒ තමයි හිංසනය. පැරාගේ නවකතාව වුනත් ලියවෙන්නේ එලියකන්ද වද කඳවුර ආශ්රිත සිදුවීම් වලින්. පොත කියවූ අයගෙන් කියවුනු අදහස් අනුව කේ පොයින්ට් පිටු ...
චූටි කෑලි මල් කතාව 4 - ආයෙත් ගෙදර නයියාගේ නයි <<තුන්වෙනි කොටසට"සුබ උදෑසනක් ජේෂ්ඨ උත්තමයා...."මම ඇඳෙන් උඩට විසි වෙන ගමන් කිව්වා."මොන උත්තමයා....මේ campus එක නෙවී කොල්ලො".........අම්ම හොඳටම හිනා වෙන ගමන් කිව්වා. ඔව් නේන්නම් මේ campus එක නෙවී, මේ ගෙදර. සති දෙකක කෙටි නම්නීකරණ කාලයෙන් පස්සෙ ආයෙත් මම ගෙදර ඇඳ උඩ. පහුගිය සති දෙකේම උදේ පාන්දර ඇහැරුනේ ජේෂ්ඨ උත්තමයන් අපේ යකඩ ඇඳට තඩි බාන පොලු පාරක මිහිරි නාදයෙන්. යකඩ ඇඳ ඒ ...
නයි පැටියා දුටු ගාලු කොටුව නයියාගේ නයි නයියාත් නයි හාමිනේත් ( ශිවන්යා එහෙම නෙවි හොදේ) ඊයේ හෙන කාලෙකට පසු ගාලු කොටුව බලන්නට ගියෝය.කවදත් මෙන් ගාලු කොටුව සුන්දරව පැවතුණි.නමුත් ඉස්සර ඉස්කෝලෙ යන කාලේ මෙන් නොව ගාලු කොටුව පරිසරයත් එය නරඹන්නට එන පිරිසේත් යම් යම් වෙනස්කම් සිදුවෙලා තිබේ.කොහොම උනත් ඊයේ රෑ හීනෙන් නයියා, නයි පැටියෙකු වී ගාලු කොටුව බලන්නට නැවත ගියේය.ගාලු කොටුව බලලා ඉස්කෝලෙ ගිය ඊලග දවසේ නයි පැටියාගේ ...
කවිය නුබ දුර ගිහින් නයියාගේ නයි වැඩට යන්නට කලින් මගෙ මුහුන සිබලාකොට රැවුල් ඇනී සිතම කිති කැවුනාහිරු හැරෙයි අවරගිර සැගවෙන්න කියලාමගේ රන්කද එන්න සද ඔට්ටු තියලාඅපි වැඩට යන්නට කලින් රැවුල නම් කවදාවත් කපන්නේ නැත.මන්ද අපේ බෝඩිමේ එකේ wash room එකේඑලිය මදි බැවිනි.ඒකට දාලා තියෙන්නේ අඩ අදුර ඇති රාගය දනවන light set එකක් නිසා ඒ එක හරියන්නේ වෙන වෙන වැඩවලට මිස රැවුල කැපීම වැනි මෙලෝ රහක් නැති ...
Ring cut හෙවත් Missed call නයියාගේ නයි බොහෝ දෙනා Blog ලියන නිසා උපන් තදියමට කාලයක් තිස්සේ Blog එකක්සෑදීමට බලා සිටි මා, මාස ගනනක් පෙරුම් පුරමින් සිට යාන්තම් Blogak අටවාගත්තත් අලුතෙන් ඈරීමට තරම් නයෙක් නොසිටි බෑවින් පරන නයින් ටික නෑවත නටවා Bloga පුරවාගත්තත්, Bloga කියවූ කීපදෙනෙක්ම දුරකතන ඈමතුම් දෙමින් තර්ජනය කලේ අලුතෙන් කිසිවක් ඒකේ පල නොවී ඈති බව කියවමිනි.වහාම අලුතෙන් නයෙක් යැවිය යුතු බව උන්ගේ මතය විය.සතියේ දවස් ...
පෙබරවාරි 11 වැනිදා උදෑසන නයියාගේ නයි අද , පෙබරවාරි 4, එනම් 70වෙනි නිදහස් දිනය ගෙවී යමින් ඇත. තව සතියකින් පෙබරවාරි 11වැනිදා උදා වනවිට මෙරට තවත් පළාත් පාලන මැතිවරණයක් අවසන්වී තිබෙනු ඇත. පෙබරවාරි 11වැනි දින අරුණලු උදාවීමට සතියකට මත්තෙන් අපි මේ ගෙවමින් සිටිනුයේ මෝහනීය කාලයකි. 2015 අගෝස්තුවෙන් පසු රජ පුටු ටික ඔවුන්ට භාරදී අපි ගේ මුල්ලේ පුටුවට වැටුනෙමු. එදායින් පසු මේ ගෙවී යමින් ඇත්තේ නැවතත් අපිට රජ ...
ජනබලය මොකටද ? නයියාගේ නයි ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට නම් ව්‍යයාමය පසුගිය පස් වෙනිදා රාත්රියේදී නිමාව දුටුවේය. එය ව්‍යායාමයක් ලෙස හැඳින්වූයේ එම ක්‍රියාව හඳුනාගත හැකි වෙනත් විශේෂ නමකින් නම් තබන්නට නොහැකි නිසාය. එය රැලියක්ද, පාගමනක්ද, විරෝධතවක්ද නැතිනම් වටලෑමක් ද කියා හරිහැටි හඳුනාගැනීම අසීරුය. පවැත්වුනේ ඉන් කුමක් වුවත් ඊට අති විශාල ජනතා සහභාගීත්වයක් ලැබී තිබුණි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනයාගේ සහභාගීත්වයෙන් බල නැංවුනු ...
චූටි කෑලි මල් කතාව 3 - phone නම්බරේ නයියාගේ නයි << දෙවනි කොටසටහවස් වේගෙන එන හින්ද දියතලාවේ සීතල වැඩිවෙන්මින් තිබුණා. මම සීතලෙන් ගැහි ගැහි එයත් එක්ක කතාව ඇරඹුවා. විනාඩි ගණනාවක් ගෙවී ගියත් මහ දෙයක් අපි අතර කතා වුනේ නෑ. වැඩි හරියක් තිබේ කතා නොකර ගෙවුණු හිස් තැන්. කතාව බෝරිං වේගෙන එන නිසා එයා දැන් යාලුවො ගාවට යන්න හදන බව මට තේරුණා. phone number එක ඉල්ලගන්නව නම් දැන්ම ඉල්ලපං බූරුවො නැත්නම් ...
ජවිපෙ , ඉතින් ඊට පස්සෙ නයියාගේ නයි පළාත් පාලන මැතිවරණය අවසන් විය. එම මැතිවරණය තුල කන්දක් උසට බලාපොරොත්තු තබා සිටි ජනතා විමුක්ති පෙරමුණ තවත් වරක් පහලට ඇද වැටී ඇත. පසුගිය මැතිවරණ කිහිපයකදීම ජවිපෙ ඉහළ ප්‍රතිඵල අපේක්ෂා කරගෙන සිටියද දිගින් දිගටම ඒවා බොඳවූ සිහින බවට පත්ව තිබේ. එසේ වන්නේ ඇයි?මට වැටහෙන පරිදි නම් ජවිපෙ දිගින් දිගට සහභාගී වෙමින් සිටින්නේ තමන්ට අදාළ නොවන තරඟයකටය. ධනවාදී ක්‍රමයක් තුල ගොඩනැගී ඇති ...