දියවන්නාවේ රිලා ගති Campus වලින් මතු වීම නයියාගේ නයි පෙරේදා පැවති SLIIT walk එක නිසා මේ දිනවල බුකිය තරමක් රත් වී ඇත.ඒ රත්වීම තුල private campus වල උන් හා රජයේ campus උන් අතර එකිනෙකාට මඩ ගසා ගැනීමේ ව්‍යාපාරයක් නැගලාම යමින් ඇත.මේ හදිසි සටහන ලියවෙන්නේ ඒ කාලකන්නි රිලා නාඩගම් දැක ඇතිවූ කලකිරීම නිසාය.මෙය පෞද්ගලික අධ්‍යාපන ක්‍රමය හෝ SAITM එක ගැන කෙරෙන විග්‍රහයක් නොවේ.ඒ පිලිබද නයියාගේ අදහස් මීට කලින් කීප විටකම ...
පොත් අස්සේ වල බහිමු... නයියාගේ නයි ලොකු අකුරු ප්‍රින්ට් කරපුරවුම් කර ඇති T එක ඇදලා පාට ගිය හිර ඩෙනිම කකුල් දෙකටම අන්දලාකන් දෙකට ඇබ ගහන්සින්දු ලෝකෙක හිරවෙමින්fb,viber chat තුල වල බහින ගමන්154ක නැගලාඇවිත් බහින්න...කකුල් කඩිත්තුව හැදෙනකල්ඇවිද ඇවිද බලන්නහැමදාම බලනලස්සන සූටි නන්ගිල දිහා නෙවීදහසක් අදහස්,මතවාදසිතුවිලි,කතන්දර හිර කරන් දිලිසෙමින් ඉන්න පොත් ගොන්න දිහාඑක පොතක්වත් ගන්නපිටු අතර සිරවන්නතවත් ඇත්තේ සතියයි..... ...
Sex ෆැන්ටසිය හා ජෙප්පෝ (18+) නයියාගේ නයි අද කථාව සුරේඛාගේ "මේ කතාව" ගැනය.නයියා මේ කතාව මිලදී ගත්තේ ගිය අවුරුද්දේ BMICHහීදී පැවති පොත් ප්‍රදර්ශනයේදීය.එහිදී ගත් පොත් සැට් එකෙන් පලවෙනියට කියවූයේ මේ කථාව වන අතර ඊයේ පෙරේදා දින දෙකේදී මේ කථාව යලි කියවන්නට සිත් වූයේ ඔය පොත කියවූ කිහිප දෙනෙක්ගේ ලගකදී නැවත කන වැකීමෙන් පසුවය.ඒ කිහිප දෙනාම පැවසුයේ මේ කථාව හෙන ජරා පොතක් බවය.එහිදී එක එක්කෙනා ජරා කිව්වේ අන්ශ ...
කලාව සදහා රාජ්‍යයේ මැදිහත්වීමක් ? නයියාගේ නයි කලාවසදහා දියුණු කිරීමට හා ප්‍රමිතිගත කිරීමට රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාව පසුගිය කාලය පුරාම අහන්න ලැබුණා.දෙරණ film awards හීදී වේදිකාවට පැමිණි බොහෝ දෙනා කටපාඩමෙන් වගේ කිව්වේ රජය මැදිහත් වෙලා චිත්‍රපටි කර්මාන්තය ගොඩ දාල දෙන්න වගේ කථාවක්.ඔය කථා වල, වඩා උත්සන්නතම අවස්ථාව මෑතක පැවැත්වුනු රාජ්‍ය නාට්‍ය උළෙලේදී දැකගන්න පුලුවන් උනා.ඒ රජය විසින් කලාව කෙරෙහි දක්වන අඩු සැලකිල්ල පිලිබද විවේචනය කරමින් එහි කලා ශිල්පීන් ...
නයි පැටියා දුටු ගාලු කොටුව නයියාගේ නයි නයියාත් නයි හාමිනේත් ( ශිවන්යා එහෙම නෙවි හොදේ) ඊයේ හෙන කාලෙකට පසු ගාලු කොටුව බලන්නට ගියෝය.කවදත් මෙන් ගාලු කොටුව සුන්දරව පැවතුණි.නමුත් ඉස්සර ඉස්කෝලෙ යන කාලේ මෙන් නොව ගාලු කොටුව පරිසරයත් එය නරඹන්නට එන පිරිසේත් යම් යම් වෙනස්කම් සිදුවෙලා තිබේ.කොහොම උනත් ඊයේ රෑ හීනෙන් නයියා, නයි පැටියෙකු වී ගාලු කොටුව බලන්නට නැවත ගියේය.ගාලු කොටුව බලලා ඉස්කෝලෙ ගිය ඊලග දවසේ නයි පැටියාගේ ...
අපේ කොම්පීතර් ලැබ් එක නයියාගේ නයි පසුගිය දවසක දෙවන වතාවටත් හෝගානා පොකුණ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබුණි.සින්හල චිත්‍රපටයක් ඉතින් දෙවතාවක් බලන්නට හිත දෙනවා කියන්නේ ඉතින් ලේසි පහසු දෙයක් නොවේය.ගොඩක් සින්හල ෆිලුම් බලලා අවසානයේ හිතෙන්නේ මොන රෙද්දට බලන්න ආවාදැයි කියන කාලකන්නි හැගීම පමණක් නිසාය.ඒ අතින් හෝගානා පොකුණ අති සාර්ථක නිර්මාණයක් බවට අමුතුවෙන් කියන්නට දෙයක් නැත්තේය.බඩ පැලෙනකල් හිනා වෙන්නට පුලුවන් දර්ශන මෙන්ම අපිටත් නොදැනී අපේ ඇසින් කදුලක් එලියට ගන්න ...
යහපාලනය හා රාජ්‍ය මාධ්‍යය නයියාගේ නයි ලගදීම මාධ්‍ය ආචාරධර්ම හෝ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් පනතක් එන්නට නියමිත බව බස් එකේ යන අතරතුර නයියාගේ කන වැකුණි.මේ පිලිබද මාධ්‍ය ප්ප්‍රධානීන් සමග කරන සාකච්ඡාවන්ද අවුලක් නැතිව යන බවත් එහිදී කියවුනි.කොහොමටත් ඉතින් මාධ්‍ය සම්බන්ධ නීති ගෙන ඒම යනු සෑම රජයකම කුප්‍රකට බලාපොරොත්තුවක් බව්නොකිවමනාය.මාධ්‍ය තමන්ගේ remote control එක යටතේ ඉන්නවානම් ඉතින් ඕනෑම රජයකට ඕනෑම ගේමක්, ගේමක් නැතුව ගසන්නට හැකි බැවිනි.ඒ උනාට මාධ්‍යකාරයෝ ...
SAITM නැවත නැවතත්.... නයියාගේ නයි SAITM කථන්දරේආයෙත් ත්‍රාසජනක අයුරින් රගදැක්වෙන්නට පටන්ගෙන ඇත්තේය.මේ හුට පටේ නිසා දැන් දැන් වැඩියෙන්ම අපහසුතාවට පත්වෙමින් සිටින්නේ මහජනතාවය.සරසවි සිසුන් මාසෙකට දෙපාර ගානේ පැමින කොටුව ඉස්ටේශම ඉස්සරහ පාර block කලවිට මහජනතාව ගමනක් බිමනක් යාගත නොහී එහෙන් තැලෙන්නේය.දොස්තරලාත් තම අරගලය වඩා තදින් කරන්නට යන්නේ බෙහෙත් දෙන එක වර්ජනේ කොරලා නිසා ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්නට යන උන් මෙහෙන් තැලෙන්නේය.අවුරුදු ගානක් තිස්සේ ඇදෙන මේ මෙගා නාට්ටිය ...
සිරි ලන්කන් රූප රචනාව නයියාගේ නයි ගිය සතියේ ලියන්නට ගොස් මග හැරුනු සිරි ලන්කන් music video වරුනාව අද කොටසින් මෙසේ දිග හැරෙන වගයි....දෙසවන්පලා මොලයට යන සින්දු කැටීසින්දුවපාට කර මැවෙනා රූප පොදීඅකමැතිවුවත් දැක ඇසුමට මේ වැල් ගීබලයෙන්ඇතුලුවේ මොලයට මට දුකදීහැමසින්දුවෙම ගින්දර කෙල්ලෙක් ඉන්නේඒහැම කෙල්ල කොට ගවුමුයි ඇද ඉන්නේසුදුකකුලුයි පිරි ලමැදැයි පෙන්වන්නේසින්දුවචා උනත් කෙල්ලන් නම් දිලිසෙන්නේහැමකෙල්ලගේ ඇහි බැම ඇත උගුලාකොන්ඩය තඹ පාට නැත්නම් කහ වීලාතඹවන් කොන්ඩෙඇත නියමෙට straight ...
On the way to Sri lankan Music Video... නයියාගේ නයි මගුලකගොහින් යලි එන මග ගාල්ලටගොඩවුණිහනික semi luxury බසයකටබලලාහිස් ඉඩක් වීදුරුවක් ගාවඉදගත්තාවටපිට බලමින් යන්නගියේටික දුරයි හිත මගෙ සැනසිල්ලෙගින්දරකෑල්ලක් ඉදගති වම් පැත්තේදැන්නම්කිමට මග විසිතුරු නරබන්නේවිසිතුරුඇත්තෙ එලියේ නොව වම් පැත්තේබස්එක ගැස්සෙමින් ඉදිරියටම ඇදෙන්නාකඩාවදින සුලගින් සලු විසිරෙන්නාහන්සජෝඩුවක් ඉගිලෙන්නට තනන්නානෙත්කොන රිදේ උන්ගේ දග බලාලාබලමින්නෙත් කොනින් රැගුමක් හන්සවිදිමින්කියඹු වැල් ගෙනෙනා පහස මටනිදිබරබවින් මා වෙතටම වාරු වෙනසුරගනඑපා නුඹෙ නිදිබර බිදගන්නලියන්න උනේ සන්දේශයේ හරි අඩකිබස් එකෙ සින්ද
ඒ දෙතන ඇගේමද ? 18+ නයියාගේ නයි අපේරටේ පිරිමින්ට ගැහැණුන් සමග ලොකු ඇරියස් එකක් තිබෙන්නේය.එය අතීතයේ පටන්ම එසේය.කසාද බදින විට ගෑණුන්ගෙන් දෑවැද්දක් ගන්නේත් උන්ගේ කන්‍යා භාවය බලන්නේත් ගෑණුන් අපිට වඩා පහත් ජාතියක් ලෙස සැලකූ නිසාය.ගැහැනියක් තමන් කසාද බදින පිරිමියාගේ මට්ටමට ඒමට නම්, ඇගේ පෙට්ටිය කඩා නොගෙන තවත් ලක්ෂ ගනන් වටිනා දෑවැද්දක් සමග පැමිනියොත් පමණි ඇයට පිරිමියාට සමවිය හැකි වුනේ. ඇයට යම් ගෞරවයක් ලැබුණානම් ලැබුනේ ඇය මවක් වීමෙන් ...
මගේ ඇස මත නයියාගේ නයි අශෝකහදගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය, නයියාගේ ඇස මත චිත්රණය කලාවූ සිතුවම ගැනයි අද කථාව.මුලින්ම කියන්නට ඇත්තේ කාලෙකට පස්සෙ හොද film එකක් බැලීමේ අව්ස්ථාව හදයා අපිට උදාකර ඇති බවය.මොකද කියනවානම් අති බහුතරයක් සින්හල film බලා එකෙන් එලියට එද්දී දැනෙන කාලකන්නි මුස්පේන්තුකම,මොන රෙද්දකට මේක බැලුවද කියන හැගීම නයියාට let her cry බලා අවසන් කිරීමේදී ආවේ නැත.ඒ නිසාම ඒ ගැන වචනයක් දෙකක් ලියන්නට ...
නයියාගෙ කෙටි කථාව - වතුර බෝතලය නයියාගේ නයි සුදුපැහැති Honda FIT රථයක් බසය පසු කරන්නට තැත් කරන්නේ දැන් බොහෝ වෙලාවක සිටය.බම්බලපිටියේ පටන්ම ඇති දැඩි මාර්ග තදබදය තුල සෙමින් සෙමින් පැයක පමණ වේලාවක් තිස්සේ ගෑටූ රථයට දැන් ඇති ලොකුම අභිප්‍රාය මාතර කොළඹ බස් රථයට ඉස්සර කරගන්නා එකය.නමුත් බස් රියදුරා නොවේ එයට ඉඩ දෙන්නේ.ඉකමනින් ගමන් කිරීම සදහා ලක්ෂ ගානක් වැය කරලා හැමෝම ලොකු ලොකු කාර් ගත්තත්, පාරට දරන්න බැරි තරම් ...
දෙයියො ගැන කතා කරමු - 1 නයියාගේ නයි අදඅපේ කථාව දෙයියො ගැන.අපේ සමාජෙට ඉතින් දෙයියො කියන්නෙ නැතුවම බැරි subject එකක්නෙ.නයියා නම් දෙවියන් හෝ යකුන් ගැන මෙලෝ විස්වාසයක් නැත.මේ මුලු ජීවිතේටම නයියාට දෙවියන් සිහිවුනේ ඉස්කෝලෙ යන කාලෙ විතරයි.ඒ ඉස්කොලෙ යන්න තියෙන කම්මැලි කමට අනේ අද වැහැපන් දෙයියනේ, ඉස්කෝලෙ යන්න බැරි වෙනතරමටම වැහැපන් කියල ජනේලෙන් අහස බලන් වැහි දෙයියන්ට කන්නලව් කරනකොට.ඒත් ඉතින් වැහි දෙයියා නයියාට කන් දුන්නේ ඉස්කොලෙ ගිය අවුරුදු ...
රැග හෙවත් නෙල්ලි ගෙඩිය නයියාගේ නයි මේසටහන ලියවෙන්නේ නවකවදයේ ගුනදොස් විචාරය කිරීමට නොවේය.මේ දිනවල බුකිය පුරා නවකවදයේ අව්ශ්‍යතාව ගැන පිරිසක් සාධාරනීකරණය කරන අතර තවත් සැට් එකක් කැම්පස් එවුන්ගේ රෙදි ගලවන්නේ උන් මානසිකඅසහනකාරයන් ලෙස හුවා දක්වමින්ය.නයියාගේ කැම්පස් කාලය ගෙවුනේ මෙරට බිහිවූ කාලකන්නිම උසස් අධ්‍යාපන ඇමතියා වන SB ලොක්කා කැම්පස් දඩයම කරගෙන ගිය කාලයේ මෙන්ම සබරගමුව SBගේ හොදම හෙන්චයියෙක් විසින් නටවමින් තිබූ කාලයේය..ඒ අවුරුදු හතර පුරා මාසෙකට අඩුමගානේ ...
කාටද පිස්සු...? නයියාගේ නයි පසුගියදිනෙක පැවැත්වුනු සිරස සටන වැඩසටහනේදී වයිද්ය වරුන්ගේ වෘතීය සමිතියේ ලේඛම්තුමාහා සිරසේ මාධ්‍ය වේදියෙකු වන සුරන්ග සේනානායක අතර ඇතිවූ කතා බහ සම්බන්දයෙන් විවිධ අදහස් හා පින්තූරු share වෙමින් ඇත්තේය.ඒ හැම එකකම පාහේ ඇත්තේ සුරන්ග පිස්සෙක් බවත් දොස්තර මහත්තයා දෙවියෙක් බවත් වගේ දෙයකි. පසුගිය වසර දෙකක පමන කාලය තුල දේශපාලකයන්ගෙන්ද ඔවැනිපන්ඩිතකම් පාමින් අතපය විසි කරමින්, විටෙක දේශපාලකයින් කොර කරමින්ද විටෙක තමා පොර ...
මුහුද එක්ක මත්වෙමු නයියාගේ නයි අදඅපි කතා කරන්න යන්නේ මුහුද ගැන.මුහුදහරි ලොකුයි, වතුර මහ ගොඩයි කියල නෙවී.මුහුද සමග මත්වීම ගැන.ඒ කියන්නේ මහ මුහුද කියවීම නැත්නම් විදීම තුලින් මුහුදඑක්ක කතා කිරීම ගැන.මේ සටහන ලියන්න නයියාට ආසාව ඇතිවෙන්නේ පසන් ජයතිලකගෙ "pasan-notes" අඩවියේ තිබ්බ මත්වීම හා ජීවිත කියන සටහනෙන්.මේ සටහනෙ එක තැනක පසන් අපේ සන්ස්කෘතියෙ මුහුද කියන එක විදින ආකාරය කියල තිබ්බ.ඒකෙ තිබ්බ විදියටම ඇත්තටම අපිට මුහුද කියවීමේ ...
අපේ FB group chat එක නයියාගේ නයි හෙනකාලෙකට පසු අද නිදහසේ ගෙදරට වී ඉන්නට ලැබුනි.පහුගිය මාස කිහිපයේම අලුත කසාද බැදීමෙන් පසුව එලබෙන post wedding visit වලින් හා අවුරුදු නෑගම් වලින් පිරී තිබුණු අතර ඒ දූත සන්චාර වලින් මිදී ගෙදරට වී අලස සුවය විදින්නට ලැබුනු ඒ මහගු දවස අදය.ඒ දවසේත් ලල් එක කඩා ඉහිරවන්නට නයියාගේ ඉස්කෝලෙ කාලෙ මිතුරන් සැට් එක පැලෑන් කොරමින් සිටියේ හවස් ජාමයේ හීනියට whiskey shot ...
71 පවුල නයියාගේ නයි මාර්තුවේමැදක් වෙද්දි දෙසවනෙන් ඇතුල්වෙලා මුලු හදවතම අමුතු ප්‍රීතියකින් පුරවන්න පුලුවන් ඒ අපූරු හඩ, ගායකයෙක්ගෙ නෙවී කැතම කැත කුරුල්ලෙක්ගෙ.කොහෝ...කොහෝ... ඌ හඩ තැලුවා.තමන් නගන ශබ්ධයට ගැලපෙන නමක් තියන එකම කුරුල්ලා කොහාද මන්ද...... අහ්,.. කාක්කත් ඉන්න්වනෙ, කොහාගෙයි උගෙයි නෑදෑකමකුත් තියනවනෙ ඉතින්.කොහාගෙගීතයෙන් මත්වෙලා, සතුටු සිතින් පාසලේ පලවෙනි වාරෙ අහවර කරමින් ඉන්න අපිට දෙවට දිගේ පිපුනු රතුම රතු එරබදු මල් ගොන්න හිනාවෙවී කිව්වේ ලගදිම ලොකු ...
අපි හැමෝටම අවුරුදු නයියාගේ නයි අවුරුද්ද උදා වෙමින් තිබෙන්නේය.කොහා දැන් මාසයක් පමණ තිස්සේ හඩ තලමින් කියා සිටියේ පොකැට් එකට තට්ටු වන කාලය ලග ලග එමින් තිබෙනා බවය.කොහා ලබා දුන් warning එකත් සමග උදාවූයේ අවුරුද්දට නයි හාමිනේ සමග shopping දුවනා කාලයයි.අවුරුදු shopping යාම නයියා අතිශය ගවුරව කරන රාජකාරියකි.මන්ද මේ බ්ලොග දැමීමට ෆුල් ගැම්මක් දුන් පලමු post එක ලියවුනේ ගිය අවුරුද්දේ අවුරුදු shopping යෑමත් සමග නිසාය.ඒ නිසා ...