ඇද පොළොව තනි තරුව (Thani Tharuwa) එක් පුරුෂයෙකුගෙන් මිදීතව'කෙක් සරණ යෑමෙන්පලක් නැතවිශ්වයට පැන සැඟවෙන්නපොළොව පැතලි නැතපෘථුවිය ගෝලාකාරය!
ඇත්ත තනි තරුව (Thani Tharuwa) විප්පයෝගයෙන් පෙලි පෙලිමගේ තුනී තුරුණු හදවතඋඹ එතැයි බල බලා ඉන්නකොටඋඹෙන් හිස්වුණ ඉඩටඌ ඇවිත් හෙමිහිටමා ලඟින් හිටියමඋඹ නැතිව මගේ හිතඌ වටා එතුණටඔව්, මම වැරදිකරු ස්වාමිනීඑල්ලා මරාපල්ලා මාව!ඌ ගියේ පෙම ගැනමගේ හැම හැඟුමක්ම අරගෙන,උඹට විතරක් තිබ්බ ටික නැතුව..දැන් ඉතින්..උඹ කොහොමටත් නැතුවඋන්නොත් එකයි මළොත් දාහයි මට..! ...
දැකීම තනි තරුව (Thani Tharuwa) ඔබට මා දකින්නට අවැසියමට ද ඔබ දකින්නට අවැසියඒ හැමටම වඩාමටම මා දකින්නට අවැසියසසර නිමා කරනට..
වීරයෝ තනි තරුව (Thani Tharuwa) ජාතක කළ දෙමව්පියන්ට ශාප කරන අළුත් පරපුර, ඉපිද හැදුණු වැඩුණු මව්බිමට ගරහන අළුත් පරපුර, ලැම්බොගිනි ඉල්ලා හඬාවැටෙන අළුත් පරපුර,රටට පලක් ඇති යමක් නොකොට බුල් කෙලින අළුත් පරපුරගණිකාවන්ට, කුඩ්ඩන්ට, බල්ලට ගිය අළුත් පරපුර..කොහොම හොටු හූරන් ඇඬුවත් තොපි වීරයෝ වෙන්නේ නෑ අපිට..!ඇවිද සැතපුම් සිය ගණන් දරන් බර අවි තොගයවෙහෙසට පියන්නට නොහෙන ඇසිපියක් මොහොතකටසිහිවුණත් අඹු දරු දුවන්නට නොහෙනතමා වෙනුවෙන් නොව රටක් වෙනුවෙන් නැසුණසටන ...
හැපී මැරී නොමැරී - 2 වෙනි කොටස (Happy-Marry-NoMarry) තනි තරුව (Thani Tharuwa) 1වෙනි කොටසට4වෙනි දර්ශනය------------------දිලිසෙන කැට කැට වැල් තිරයක් දැම්ම දොරකින් කැමරාව ඇතුල් වෙනවා.හැබැයි වටේ රූප පේන්නේ බොඳවෙලා..බොඳ වුණත් ඒවයි තියෙන රත්තරන් පාට තමයි ප්රමුඛ වෙන්නේ..මිනිස්සු කඩිනමින් එහා මෙහා දුවනවා පේනවා..ඒ සෙනග පීරගෙන ගිහින් නවතින්නේ සංගීත් රාත්‍රියක..නටන වයන සෙනඟ පීරගෙන ගිහින් කැමරාව නවතිනවා සුදු සරුවාලයක් ඇඳගත්තු කොණ්ඩේ වැක්ස් කරලා පස්සට පීරපු උස පිරිමි රූපයක් ලඟ..නැවතුණහම හරියට පිටට තට්ටු කලා වගේ ඒ රූපේ ...
Coming Soon.. තනි තරුව (Thani Tharuwa) හරි එහෙනම් තනියා නැවතත් කරළියේ කිව්වලු.අර කාලාන්තරේකට කලින් මම පිචෑර් එකක් කොරන්න පොරොන්දු වෙලා අයදුම්පත්‍රත් කැඳෙව්වා කට්ටියට මතක ඇති නේ? ඒත් ඉතින් මැක්රෝ එන්වයර්මන්ට් එකේ කචල් නිසා වැඩේ කල් ගියා.දැන් ඉතින් මැක්‍රෝවට වඩා මයික්‍රෝව ලොකු කරගන්න ඕන කියලා හිතිච්ච එකේ මම හිතුව පිචෑර් එකේ වැඩ පටන් ගන්න.සුපුරුදු ලෙස මේක බොලිවුඩ් ස්ටයිල් වේවි.ගිය සැරේ දිල් පීචං ක්යා හේ වගේ එක සීරුවට ...
හැඳිනීම තනි තරුව (Thani Tharuwa) ඔබ මා හඳුනා ගෙන නැත්තෙහියමම ඔබ හඳුනා ගනිමින් සිටිමිමෙතරම් ප්‍රමාද ව දැන් එහි කුමන නම් ඵලයක්ද
මඟුල් තනි තරුව (Thani Tharuwa) ඔවුහු පිරුවට ඇඳමල් ගවසවිලංගු ලන්නෝය රනින් කැටයම් කොට..ඉනික්බිත්තෙන්,කා බී රඟා වයාසමරන්නෝයකරගත් විපත..!
සුලඟ සහ පිස්සෝ තනි තරුව (Thani Tharuwa) කලකට පෙරාතුව කොළොම්තොට සමීපයෙහි එක්තරා මගක මානසික ව රෝගී වූ පුරුෂයෙක් වාසය කළේය.මේ පුරුෂ තෙමේ මෙලෝ සම්මත කිසිදු ක්‍රියා පිලිවෙතක් කෙරෙහි සංවේදී නොවන්නේ, හැටට හැටේ පාගා යන්නට හැකි, එකල අලි නෑ විල්වලින් බහුල වූ අතුරු මාවතෙහි විශාලතම මඩ විල අසල කළු පැහැති රෙද්දක් එලා මුණින් තලාව වැතිර හොත්තේ, දෙපතුල් ගුවනට හරවා ගෙන වනන්නේ, වැලමිටි බිම හොවා වාරු ගෙන 'හයිලන්ඩ්' යෝගට ...
කුවේණි තනි තරුව (Thani Tharuwa) මෙතන ඉඳන් ඈතට දිවෙන තද නිල් පාට මුහුදයි තඹ පාට වැල්ලයි ඊටත් උඩින් විසිරුණු සැහැල්ලු ලා නිල් අහසයි කුවේණි දකින්නේ අද ඊයෙක ඉඳන් නෙවෙයි..ඒත් ඒ මුහුදු නිලයි, අහස් නිලයි, තඹ පාටයි, ගස් ගොමුවේ කොළ පාටයි කවදාවත් ඈට එපා වුණේ නෑ.. කුවේණිට දැනෙන්නේ ඒ සේරම අයිති ඒත් අයිති කරගන්න බැරි, ලස්සන වුණත් වචන කරගන්න බැරි හීනයක් වගේ. ඈ සළුවක් වියන්න මෙතනම ...
නික්මන තනි තරුව (Thani Tharuwa) නුඹෙන් සමුගෙනසෙමෙන් පියමැනඉතින් මම යන්නම්..එකම වරකටනුඹේ නෙත් මතඇදුණු රුව දැකඉතින් මම යන්නම්...නුඹට පෙරදිනබැඳුණු සෙනෙහසසිතේ සිරකරසුසුම් නොහෙලාකඳුළු නොසලානුඹේ රුව නෙත් පතුලේ රඳවාඉඳින් පියමැනදුරස් වෙන්නම්..,එකම වරකටහැරී නොබලානුඹේ ප්‍රේමය රැගෙන දෝතින්ඉතින් මම යන්නම්... ...
නැතිවීම, නැතිවී ඇති බව දැනගැනීම සහ සෙවීම තනි තරුව (Thani Tharuwa) සාංසාර කාලයකට පස්සේ වගෙ දැනිච්ච දිග කාලයකට පස්සේ ලෙන්ගතු හැන්දෑවක් ගෙවන්නට ලැබීමේ හීනි සතුටක් එක්ක මට ආයෙමත් බ්ලොග් එක මතක් වුණා. ඒ 'සෙව්වා' නිසා. සමහර කාලවල අන්තරස්ත්දාන වෙලා හිටියත් ආයෙමත් පුරුදු හිනා කටහඬින්ම මට කතා කරලා මහ බැංකුව(ක්) කඩන්න තරමට හම්බෙන්න සැලසුම් ගහලා ඒත් හම්බෙන්න බැරිවෙච්ච අවුරුද්දකට විතර පස්සේ ආයිමත් 'සෙව්වා' මට හම්බුණා, තවත් ඒ වගෙම සුන්දර මිතුරියෙක් එක්ක.මම බ්ලොග් ...
කොටි දියණියකගේ පාපෝච්චාරණය (Tamil Tigress by Niromi de Soyza) - පරිවර්තනය සුනිලා විජේසිංහ තනි තරුව (Thani Tharuwa) සටහනනිරෝධායන කාලයේ උපරිම ප්‍රයෝජන ගනිමින් පොත් කිහිපයක්ම කියවා ඉවර කරන්න අවස්ථාව ලැබුණා. පොත් කියවන අය සමූහයේ පළ කල සටහන් කීපයක් බ්ලොග් එකේත් පළ කරන්න හිතුවා.මේ අදහස ලබාදුන් මනෝරම වීරසිංහට ස්තූතියි
බූවල්ලා! තනි තරුව (Thani Tharuwa) ඔව්, මම බූවල්ලෙක්..එක අඬුවකින් අතීතෙයිඅනෙක් අඬු හතකින්මඋඹවමයි විතරක්මබදාගෙන අල්ලගෙන ඉන්න..
වරද තනි තරුව (Thani Tharuwa) මගේ වරද විය හැකිද?ඔව් ඔබට ප්‍රේම කිරීම..?මගේ වරද විය හැකියි සැකයක් නැතුවාමඔබ වෙනස් වූ බව සිතීම..!තෙත් මැට්ට වියලුණු පසුවතවදුරටත් සුනම්‍ය නොවනබව..ඔව් ඒ මගේ ලොකුම වරද! ...
ෆිට්නස් රැල්ලේ නන්නත්තාරවීම! තනි තරුව (Thani Tharuwa) ලංකාවේ බහුතරයක් පුරුෂයෝ තමන්ගේ බිරින්දෑවරුන්ගේ රූපය පවත්වාගෙන යාමට තියෙන අලසකම ගැන විවිධාකාරයේ චෝදනා කරනවා. භාර්යාවෝ කියනවා එහෙම නෙවේය, අතීතයේ වාගේ තමන්ගේ හැඩ බලන්න තමන්ගේ පුරුෂයාගේ කිසිම උනන්දුවක් නැතිය කියලා. කොහොමවුණත් ඔය කතන්දරවල දෙපැත්තක් තියෙනවා. භාර්යාවන්ගෙන්ම පටන් ගනිමුකෝ. දැන් ඔය අද කාලේ ඉන්න භාර්යාවෝ බහුතරයක් පුරුෂයන්ගේ ඉළ ඇටයකින්ම මැවිච්ච එකේ ආනිශංස ඉහටත් උඩින් විඳවමින් ඉන්න බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. උදේ ...
සළු - 1වෙනි කොටස තනි තරුව (Thani Tharuwa) නේක වර්ණ කොණ්ඩ, මුහුණු පේන තරමට දිලිසෙන කළු සපත්තු, දිලිසෙන රිදි රත්රන් මුහුවෙච්ච අබරණ, කසුකුසු කතාවල්, විලවුන් සුවඳ, ඇරෙන පියෙන තද රතු තොල්, බැරෑඬි පිරිමි හඬවල්.,සියුම් සිලිං හඬක් නගමින් එකිනෙක ගැටෙන වීදුරු, පහන් එළිය වැදී දිලිසෙන රන් පැහැ දියර...හැමදෙනෙක්ම කාර්යබහුලයි...කතා කරන්න, හිනාවෙන්න, හොරැහින් එකිනෙකාගේ ඇඳුම් ආයිත්තම් මැනගන්න, හිනාවක් වශියක් ඉහිරන්න, ඇස් කොණකින් ඉඟියක් කරන්න..ඒත් ඔය හැමදේම සුපුරුදුයි..හිස නොහරවාම පිටුපසින් එල්ලවෙන ...
Turn of Mind by Alice LaPlante තනි තරුව (Thani Tharuwa) අල්සයිමර් රෝගය (Alzheimer's disease) පිළිබඳව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. මොළයේ සෛල මියයාම නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙසයි එය සැලකන්නේ. ඩිමෙන්ෂියාවට ප්‍රධානම හේතුව විදිහට ගැනෙනවා. මෙහිදී මොළයේ සෛල මියයාම නිසා ක්‍රම ක්‍රමයෙන් රෝගියාගේ මතකය අහිමිවීම සහ පාලනයෙන් තොර වීම නිසා අල්සයිමර් රෝගියෙකුට ස්වාධීනව ජීවත් වීම අපහසු වෙනවා. සාමාන්‍යයෙන් ඔවුන්ට දීර්ඝ ආයු කාලයක් අපේක්ෂා කෙරෙන්නේ නැහැ. මේ කතාව ලියැවී ඇත්තේ අල්සයිමර් ...
සාහිත්‍ය චක්රවර්තීලාගේ ලොජික්! තනි තරුව (Thani Tharuwa) තමිලිනී - කමල්උඹලා එකම කාසියක දෙපැත්තක්හැබැයි අපි නෝට්ටු!නිකං නෙවෙයි ඩොලර්!!තමිලිනී රත්තරංකමල් වැඩක් ඇත්තෙම නෑ!හෙළුව වනල ලිව්වනම්විශිෂ්ඨවෙන්න තිබ්බා!අනේ උඹලගේ කුහක ලොජික්වාඩිවෙයන් ඕක තියලා! ...