දෙවෙනි මනාපෙ දිනයිද? Ian\'s Den ඉයන්ගේ අඩවිය Anura, Ranil & Sajithජනමත සමීක්ෂණ (opnion polls) ලංකාවේ එතරම් ප්‍රචලිත දෙයක් නෙවෙයි. ඇමෙරිකාවේ සහ අනික් රටවල නම් මේවා දවස ගානේ වගේ වෙනවා. ඒ වගේම ඒ ප්‍රතිඵල ප්‍රසිද්ධ වෙනවා. Institute for Health Policy විසින් පවත්වන ලද එවන් ජන මත විචාරණයක් අනුව අද ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් චන්ද බෙදී යන්නේ පහත දැක්වෙන ප්‍රතිශත අනුව.අනුර කුමාර දිසානායක 39%සජිත් ප්‍රේමදාස 38%රනිල් වික්‍රමසිංහ 15%පොහොට්ටුව 7%මෙසේ චන්ද බෙදී ...
18 ට වැඩි අයට බදු අංක (TIN) අනිවාර්ය කිරීම හෙලා දකිමු Ian\'s Den ඉයන්ගේ අඩවිය අවුරුදු 18 ට වැඩි සියළු දෙනාටම Taxpayer Identification Number (TIN) අංකයක් ලබා ගැනීම අනිවාර්යය කිරීම ගැන චෝදනා කරන කථා සහ පෝස්ට් කීපයක් කියවන්න ලැබුණා.බොහෝ විට දැක්කේ නොමඟ යැවීම්. බදු කියන්නේ වයස මත පදනම් වන දෙයක් නෙවෙයි. TIN අංකයක් ලබා ගැනීම අනිවාර්යය කිරීම ඔවුන්ට බදු ගෙවීම අනිවාර්යය කිරීමක් නොවේ. එසේ TIN අංකයක් ලබා ගන්නාවුන් බදු ගෙවීමකට යටත් වන්නේ ඔවුන්ගේ වාර්ෂික ආදායම ...
කල දෙයින් සතුටුවීම Ian\'s Den ඉයන්ගේ අඩවිය අන්තවාදීව හිතන / ක්‍රියාකරන සුළුතරයක් හැරුනම බොහෝ දෙනෙක් කැමතියි හොඳ දේවල් කරන්න. වැඩකරන තැන, සමාජයේදී, වගේම පවුල තුලත් හොඳ දෙයක් කරන්න බොහෝ දෙනෙක් සිතනවා සහ උත්සාහ ගන්නවා. එහෙම වෙන්නේ ඇයි? හොඳ දෙයක් කලාම අපිට එන සතුටක් නිසාද? බොහෝවිට උත්තරය 'ඔව්' කියන එකයි. ඔබ ගැනම හිතා බලා මීලඟ ප්‍රශ්ණෙට උත්තරය ඔබටම දීගන්න. ඒ සතුට එන්නේ ඔබ හොඳ වැඩක් කල නිසාමද එහෙම ...
මගේ බලාපොරොත්තු කඩා දමා ජීවිතය හැරවූ ඔහු Ian\'s Den ඉයන්ගේ අඩවිය මගේ ජීවිතය හැරවූ ඔහුට මගේ ප්රණාමයපොකුරුවැහි ලියන වත්සලා මිනිසුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ ගැන ලියල තිබුන පෝස්ට් එක මගේ ජීවිතයට කථාවටත් සමාන නිසා මගේ කථාව බෙදාගන්නවා. වයසින් මගේ සමකාලීනයෙක් වන රවී වීරසිංහ මහත්මයත් ඔහුගේ උපන්දින අලලා මේ හා සමාන කථාවක් කියා තිබුණා. ඒකත් මගේ අත්දැකීම් වලට සමානයි.මේ කථාව අනික් කථාවලින් වෙනස් වන්නේ මෙය මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂයට පහසුකම් සැපයූ පුද්ගලයා ...
මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු Ian\'s Den ඉයන්ගේ අඩවිය ඊයේ අහම්බෙන් මගේ පරණ ආදර කථාවක් මතක් වුනා. ඒක සාර්ථක වෙච්ච ආදර කථාවක් නෙවෙයි. ඒක සාර්ථක වුනානම් අද වෙනකොට දික්කසාද වෙලා තියෙන්න පුළුවන් වුනත්, සාර්ථක නොවුන ඒවා ඒකාලයට ඝනීභවනය කරල තියෙන නිසා තාමත් හොඳ පැත්ත විතරක් හිතන්න පුළුවන්. සිංදු ලියන පිස්සුව තිබන කාලේ ඒ කථාව ගැන සිංදුවකුත් ලිව්වා. මීට කලින් වැඩි විස්තර නැතුව පෝස්ට් එකක මේ සිංදුව දැම්මා. ඒක ප්‍රතිචක්‍රීයකරන්නට ...
මිනිරන් කොපි කර ග්‍රැෆයිට් හැදීම Ian\'s Den ඉයන්ගේ අඩවිය අනුරගේ මිනිරන් කථාව ගැන බොහෝ විකට සංවාද වගේම ඒ කථාව සාධාරණීය කරන කථාත් ෆේස්බුක් එකේ යනවා. මේ ගැන මගේ මතය.පළමුවෙනි දේ තමයි මේක අනුන්ගේ අදහසක් කොපි කිරීමක් කියන එකයි. 2023 පෙබරවාරි මාසයේ 14 තිබුණ සමගි ජන බලවේගයේ ආර්ථික සමුළුවක ආචාර්ය හර්ෂ ද සිල්වා මිනිරන් ග්‍රැෆීන් ලෙස අගය එකතු කිරීම ගැන කරපු විස්තර කිරීමක් තමයි ඉහත වීඩියෝවේ 24.00 සිට 25.00 දක්වා ...
ජවිපෙට අනාගතයක් (නැවත පළ කිරීමකි) Ian\'s Den ඉයන්ගේ අඩවිය ජනතා විමුක්ති පෙරමුණේ ලාංජනයමෙම ලිපිය 2016 නොවැම්බර් මස පල කරන ලද ලිපියක් නැවත පළ කිරීමක් බව සලකන්න.ශ්‍රී ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම ...
ශනිදා දහයට මමත් ලියන හේතුව Ian\'s Den ඉයන්ගේ අඩවිය කස්ත්‍රෝ දියුණු කල කියුබාවමීට කලින් ලියපු පෝස්ට් එකේ කමියා ආයිමත් ලියනවට ස්තූති කරල තිබ්බා. මම ඒකෙදි කිව්ව සෙනසුරාදා පෝස්ට් දාන එකට මමත් සම්බන්ධ වෙච්ච හේතුව.නොදැක්ක අයට දැනගන්නත් එක්ක ඒක කියන්න හිතුව. ඇයි ඉතින් වෙන ලියන්න දෙයක් මතක් වෙන්නේ නැහැනෙ.මීට කලින් කීප දෙනෙක්ම ආයිමත් බ්ලොග් ලියන්න පටන් ගන්න උනන්දු කරන්න ඉදිරිපත් වුනා. ඒ මොකා කිව්වත් මම නම් ලියන්න ආවේ නැහැ. තට්ට ...
තට්ට මහත්තයාගේ ජැකා Ian\'s Den ඉයන්ගේ අඩවිය තට්ට මහත්තයාගෙ ශනිදා පෝස්ට් අදහස නම් මරු. බ්ලොග් නැවත සක්‍රිය කරවීමට විවිධ උත්සාහයන් මෑත කාලයේ සිදුවුණත් දවසක් සහ වෙලාවක් දීල කරපු දේ නම් හරිම නිර්මානාත්මකයි. ඒවගේම මේවගේ දෙයක් සාර්ථක වෙන්න තියෙන ඉඩත් වැඩියි. ඒක එහෙම වුනාට සුමානෙට සැරයක් ලියන්න අදහස් එන්නත් ඕනනේ. මට අද ලියන්න අදහසක් එන්නේ නැහැ. ඒ නිසා මම තට්ට මහත්මයා ලියල තියෙන ජැක්සන් ඇත්නනී ගේ අනතුර ...
යුක්රේන් උගුලේ හොඳම පරාජිතයා තෝරමු Ian\'s Den ඉයන්ගේ අඩවිය හැමෝම පෝස්ට් දාන්න පටන් ගෙන නිසා මගෙනුත් එකක්.මාස ගණනක් ඇදී යන රුසියානු-යුක්රේන් යුද්ධය ගැන මගේ අදහස. ලෝකෙ වෙන දේවල් ගැන තියා ඒ රටවල් කොහේ තියෙනවාද කියාවත් නොදන්නා එහෙත් මාධ්‍ය වලින් පමණක් ලෝකය දකින ඇතැම් බටහිර රටවල් වල අයට නම් බටහිර ලෝකයේ අධාර ඇතිව සාර්ථකව යුක්රේනය රුසියාව පරදවමින් සිටිනවා. ඒ ගැන විරුද්ධ අදහස් දරන අයගේ මතය නම් යුක්රේනය ඔවුන්ගේ පිරිමි ජනගහණයෙන් ...
අස්වැසුමෙන් අස්වැසීම Ian\'s Den ඉයන්ගේ අඩවිය 1989 සිට ,කෙරෙන දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන ජනසවිය, සමෘද්ධි, යන නම් වලින් සහ දැන් අස්වැසුම නමින් ක්‍රියාත්මක වෙනවා. අතිශයින් දේශපාලනකරණීය වෙච්ච මේ වැඩසටහනින් කීදෙනෙක් දිලිඳු කමින් මිදුනාද යන්න ගැන දත්ත මම දැකල නැහැ. මගේ නම් අනුමානය වෙනත් හේතු නිසා මෙම සහනාධාර ක්‍රමයෙන් අයින් වුන අය ඉන්නවා නම් හැර මෙම වැඩසටහන නිසාම එහෙම මිදුන කෙනෙක් නම් ඉන්න බැහැ. ඒකට ප්‍රධානම හේතුව ...
කල යුතුම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජවිපෙ ඒ ගැන කියන බොරු Ian\'s Den ඉයන්ගේ අඩවිය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ සුමානේ අන්තිමට වෙන බවත් ඒ සඳහා බැංකු සහ කොටස් වෙලඳපොල දවස් 5 ක් වසා තමන බවත් නිවේදනය කරල තියෙනවා. ජවිපෙ මේ ගැන ප්රවෘත්ති සාකච්චාවක් තියල කියන්නේ මේකෙන් බැංකුවල තැන්පත් කරුවන්ගේ තැන්පත් වලට හානියක වෙන බවත්, අර්ථසාධක අරමුදලෙන් රජය ගෙන තියෙන ණය කපා හැරීමෙන් සේවකයන් එහි තැන්පත් කර ඇති මුදල් නැවත ගැනීමේදී පාඩුවක් සිදුවෙන බවත්. මේ ගැන ...
ඇයි ලංකාවේ අයට මේ වගේ දේවල් වලට තරහ යන්නේ? Ian\'s Den ඉයන්ගේ අඩවිය කලින් ලියපු බුද්ධාගම රැකගන්න වරෙල්ලා පෝස්ට් එකට මා මිත්‍ර අජිත් ධර්මකීර්ති ප්‍රශ්ණ කීපයක් අසමින් කමෙන්ට් කරලා තිබ්බා. දිග උත්තරයක් දෙන්න වෙන නිසා සහ සංවාදය අනික් අයටත් විවෘත කරන්න ඔහුගේ අවසරය ඇතිව ඒ කමෙන්ට් එකට පිළිතුර පෝස්ට් එකක් වශයෙන් දානවා. අජිත් ධර්මකීර්ති මිතුරා කියා තිබ්බේ මෙහෙමඉයන් මම මේ ලියන දේට තරහ නොවේවි කියල හිතනවා.කොහොමත් ෆේස්බුක් එකේ නැති නිසා බ්ලොග් වලින් අයින් ...
බුද්ධාගම රැකගන්න වරෙල්ලා Ian\'s Den ඉයන්ගේ අඩවිය කලින් වෙන ආගමක් අදහන්නෙක් ලෙස ඉඳලා මෑත කාලෙක සිට බුදු දහම ඉගෙන ගන්න මට නම් හිතෙන්නේ බුදු හාමුදුරුවෝ කියපු එක වචනයකින්වත් ප්‍රයෝජන ගන්න අය උපතින් බෞද්ධයන් අතර විරලයි කියලයි. සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට ...
ලෝකයේ ප්‍රශස්තම ක්‍රියාවලිය - සජිත් ප්‍රේමදාස Ian\'s Den ඉයන්ගේ අඩවිය (ලංකා ඊ නිව්ස් -2023.මැයි.14, ප.ව.8.45) අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව සහ විපක්ෂය එක්ව යහපත් වැඩ පිළිවෙලක් දියත් කර තිබේ. විපක්ෂ නායකවරයා එය හැඳින්වූයේ ලෝකයේ ප්‍රශස්තම වැඩක් ලෙසයි. එය නම් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා රටේ තරුණ තරුණියන්ට සහභාගී වී තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමයි. මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් ...
සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ Ian\'s Den ඉයන්ගේ අඩවිය සමරිසි මිනිසුන්ට විරුද්ධව සමාජයේ එක්තරා කොටසකුත් පොලිසියත් දශක ගනනාවකට සිටම ක්‍රියාකරනවා. ඒකෙන් වෙන අසාධාරණය ගැන සහ ඒ ගැන කලකට පෙර මම ලිවූ ගීතයක් සමඟ 2016 ලියපු ලිපියක් තමයි මේ බ්ලොග් එකේ දෙවෙනියට වැඩිපුරම කියවල තියෙන ලිපිය. මගේ තර්කය වුනේ ඕනකමින්ම හදා නොගන්නා තත්ත්වයක් සහ ඕන නම් වෙනස් කරගන්න බැරි තත්ත්වයක් වන ලිංගික විෂමතා මත අන් අයට වෙනස් කම් කරන එක, ...
මහාචාර්යය විමල් වීරවංශ ගේ සුරංගනා කථා පොත Ian\'s Den ඉයන්ගේ අඩවිය ලෝක භූ දේශපාලනය ගැන නවතම විශේසඥයා බවට මහාචාර්යය විමල් වීරවංශ මහතා පත්ව සිටී. ඔහු කියන පරිදි අරගලයට හේතුව ඇමෙරිකාව සහ ඉන්දියාවට ගෝටාභය රාජපක්ෂගේ ආණ්ඩුව වට්ටා කථානායක යටතේ නව රජයක් පිහිටුවා එම රටවල් වලට පාලනය කල හැකි පඹයෙකුගේ ආණ්ඩුවක් බිහිකර ගැනීමට ඇමෙරිකාව සහ ඉන්දියාව ක්‍රියා කිරීම බවය. ඔහු මෙම අරගලය සමාන කරන්නේ මගේ කලින් පෝස්ට් එකේ පිළිතුරක සඳහන් කල පරිදි යුක්රේනයේ ...
ජවිපෙ /මාලිමාවේ සිහින නිෂ්පාදන ආර්ථිකය Ian\'s Den ඉයන්ගේ අඩවිය මීලඟ ජනපති අනුර කුමාරමාලිමාව වෙසින් එන ජවිපෙ දැන් කියන එකක් තමයි නිෂ්පාදන ආර්ථිකයක් හදනව කියන එක. ඊට අමතරව ණය ගන්නෙත් නිෂ්පාදනයන් කරන්න කියන එක. මහින්ද වගේ කිසිම වැඩක් නැති ව්‍යාපෘති වලට ණය නොගන්නව කියන්න එක අතකින් හොඳයි.ඒත් ඒ අයට නොතේරෙන එහෙම නැත්නම් තේරිලා වුනාට මෝඩ චන්දදායකයින්ව මුලා කරන කරුන නම් ලංකාව වගේ ඉතා කුඩා ජනගහණයක් ඉන්න රටවලට අපනයනය පදනම් වෙච්ච ...
සීසර්ගේ දේ සීසර්ට දෙන්න - (ගාමිණී වියන්ගොඩ) Ian\'s Den ඉයන්ගේ අඩවිය මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩඒමට මේ ආණ්ඩුව ගත් ප්රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත.ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම සූචියට අනුව, මෙවර ලංකාවට 112 වැනි ස්ථානය හිමිව ඇත. ගිය වසරේ අප සිටියේ 127 වැනි ස්ථානයේ ය. ඉතිං, ගත වූ වසර තුළ සිටියාට වඩා යම් ...