Monday, May 29, 2023

බුද්ධාගම රැකගන්න වරෙල්ලා



කලින් වෙන ආගමක් අදහන්නෙක් ලෙස ඉඳලා මෑත කාලෙක සිට බුදු දහම ඉගෙන ගන්න මට නම් හිතෙන්නේ බුදු හාමුදුරුවෝ කියපු එක වචනයකින්වත් ප්‍රයෝජන ගන්න අය උපතින් බෞද්ධයන් අතර විරලයි කියලයි. 

සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා  උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ක්ලේශ සහමුලින්ම ගලවල ඉවත් කරගන්න (අඩුම වශයෙන් කොටසක් හරි අඩු කරගන්න) පන යන්න ඉස්සෙල්ල ක්‍රියා කරන එකයි. 

ඔන්න ඔය ටික කරගන්න උත්සාහයක් නැතිව බුදු දහම රැක ගන්න පෙලපාලි යන්න, නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න උල්පන්දන් දෙන්න කියල ත්‍රිපිටකයේ කොහේවත් කියල නැහැ.

බුදු දහමේ තියෙන්නේ පරම සත්‍යය. ඒක කාගෙවත් බූදලයක් නෙවෙයි. ඒක ගෞතම බුදුහාමුදුරුවන්ගේ බූදලයකුත් නෙවෙයි. අවිද්‍යාවෙන් වැහිල තියෙන සත්‍යය පෘතග්ජන අයට පෙනෙන්නේ නැහැ. වෙන කෙනෙකුගේ උදව්වක් හෝ මඟ පෙන්වීමක් නැතිව ඒක හොයාගන්න පුළුවන් බුදු කෙනෙකුට හෝ පසේ බුදු කෙනෙකුට පමණයි.  එහෙම හොයාගත්තත් බුදු කෙනෙක් කරන්නේ තියෙන එහෙත් අන් අයට නොපෙනෙන දෙයක් හොයාගෙන අනික් අයට දේශණා කරන එක විත්‍රයි. ඒ වගේම අද වෙනකොට බුදු වරු 512,028 ක් පහල වෙලා තියෙනවා. බුද්ධ ධර්මය බුදු කෙනෙකුට අයිති නම් ඒක අයිති ඔය බුදුවරුන්ගෙන් කාටද? 

එතකොට ඒ විදිහට සත්‍යය හොයාගෙන දේශනා කරපු අයගෙන් එක් කෙනෙක් පමණක් වෙන ගෞතම බුදුන්ගේ උපත ගැන හාස්‍යයට යමක් කීවම ඒක බුදු දහමට අගෞරවයක් වෙන්නේ කොහොමද? ඒක කියපු කෙනාගෙ දැනීම අනුව එහෙම එකක් කිව්වා කියලා සත්‍යය කියන එක වෙනස් වෙන්නේ නැහැ. අනික ධර්මය කියන්නේ අපිට එතෙර වෙන්න තියෙන පාරුවක් විතරයි. රහත් වෙනකොට ඒ ධර්ම රාගයත් නැතිවෙනවා. එහෙව් එකේ ධර්මයට නොව එය මේ කාලයේ දේශනා කරපු කෙනා ගැන මොනවහරි හරි හෝ වැරදි දෙයක් කිව්වා කියලා අනික් අය කලබල වෙන්නේ මොන පදනමක් උඩද?

ගෞතම බුදුන් වැඩ ඉන්න කාලෙත් දහමට මෙන්ම ගෞතම බුදුන්ටත් අපහාස කරපු අය හිටිය බව දන්නවනේ. ඒ කාලේ රටේ රජවරු කීපදෙනෙක්ම  ගෞතම බුදුන්ගෙ ලඟම හිතවතුන් හෝ දායකයින්. බුදුන් කවදාවත් ඒ සම්බන්ධකම් යොදාගෙන අපහාස කරන අය හිරේ දාන්න ගියේ නැහැ. ඒකට හේතුව එතුමා බුදු බව ලබාගත්තේ ද්වේශය සහමුලින්ම නැති කරල නිසා. 

උන්වහන්සේ කියල තියෙන්නේ අපිට අන් අය කියන, කරන හෝ නොකරන දේවල් ගැන ද්වේශයක් ගන්න එපා කියලයි. එහෙම කිව්වෙ ද්වේශය කියන්නේ මහා සාවද්‍ය පාපයක් නිසා සහ නියත වශයෙන්ම අපායට ඇදගෙන යන්න පුලුවන් නිසා. 

එතකොට උන්වහන්සේගෙ පියා සහ උන්වහන්සේ සම්බන්ධ කරගෙන කියපු දෙයක් නිසා උන්වහන්සේගේ අනුගාමිකයන් යැයි කියාගන්නා සමහර ගිහියන් සහ පැවැදි අය සමාජයෙත් සමාජ මාධ්‍යවලත් වලත් ද්වේශයෙන් පුපුර පුපුරා අන් අයටත් ද්වේශය වපුරනවා කියල දැක්කනම් ගෞතම බුදුහාමුදුරුවෝ මොනව හිතයිද? කියපු සහ හිනා වෙච්ච මිනිස්සු අත් අඩංගුවට ගන්න, හිරේ දාන්න, කථා කරන අය උන්වහන්සේගේ අනුගාමිකයො කියල උන්වහන්සේ පිලිගනීද? මගේ අදහස මේ වගේ දේවල් දිහා බලල අහල ද්වේශයක් නොගෙන මෛත්‍රී කරන්න පුළුවන් කෙනා තමයි සැබෑ බෞද්ධයා. මේ ධර්මයේ අයිතියත් පිහිටත් එයාට පමණයි, අනික් අයට ඒගැන කථා කරන්න කිසිම අයිතියක් නැහැ. 



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

37 comments:

  1. බුද්ධාගමට අපහාස වුනත් එකයි. නැතත් එකයි.
    නතාෂා කියන දේ නිසා මගේ හිත පෑරුනා. ඒ වගේම ඒකි නිසා ජනවාර්ගික අර්බුද ඇතිවෙන්න පුළුවන් බව මම අවංකව විශ්වාස කරනවා. ඒ නිසා ICCPR නීති අනුව ඇයට උපරිම දඬුවම් දිය යුතුයි.
    ඒ වගේම සතිෂ් නඩේෂන් නිසා ඊටත් වඩා හිත පෑරුනා. ICCPR නීති අනුව සතිෂ් නඩේෂන් නතාෂාට වඩා දරුණු අපරාධකාරයෙක්.

    ඔයා ඔයතරම් අවුල් නම් ICCPR පනතට විරුද්ධ වන්න.

    ඔයාවගේ කතෝලිකයන්ට ගැලපෙන්නේ “ගල්කන්දේ පොන්නාරාම“ වගේ හාමුදුරු කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ගල්කන්දේ පොන්නාරාම“ ? කවුද ඒ ඩයල් එක?

      Delete
    2. ද්වේශය, රාගය, මෝහය නැති කරන්න ඕන කියන එක හොයාගෙන දේශනා කලේ ඒ හාමුදුරුවොද? බොහොම ස්තූතියි ආරංචියට. රටේ පණත් වලට විරුද්ධ වෙන්න කියල ධර්මයේ නැහැනෙ. ධර්මයේ තියෙන්නේ ආයතන වලින් එන අරමුණු වලට නොඇලී සහ නොගැටී ඉන්න කියලනේ. ඒ නිසා ඔබ තුමාට ප්‍රෂ්ණයක් නැත්නම් මම එහෙම ඉන්නම්. කමෙන්ට් කලාට බොහොම ස්තූතියි.

      Delete
  2. අංක එක - ඒ වගේම අද වෙනකොට බුදු වරු 512,028 ක් පහල වෙලා තියෙනවා. - ඔයා මෙයා නතාෂා ට එහා. කොහොමද හරියටම ඔය නොම්මරේ හොයා ගත්තේ

    ReplyDelete
    Replies
    1. Ajith, ධර්මයේ තියෙන්නේ එහෙමයි. ගෞතම බුදුන්ට කලින් බුදුවරු 512,027 ක් සිට තීබෙනවා. ඔබ දන්න හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න.

      Delete
    2. ඉතින් ඒවා ඇත්තද කියල කියන්නේ කොහොමද ? ඒකත් හරියට සිදුහත් කුමාරයා ඉපදුනු ගමන් ඇවිද්ද වගේ කතාවක් තමයි

      Delete
  3. අංක දෙක - අපාය සංකල්පය හින්දු ආගමෙන් හෝ වෙනත් දහමකින් ගත්ත එක්ක කියල නේද කියන්නේ.

    ReplyDelete
    Replies
    1. Ajith ඒක වෙන්න පුළුවන්. ඒත් ඒ ගැන නොහිතා ද්වේශය, රාගය, මෝහය නැති කරගන්න උත්සාහ කලොත් අපායක් තිබ්බද නැත්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ.

      Delete
    2. ඒ උනාට ඔයා අපාය ගැන ලියල් තියෙනවා. මෙම මම ලියපු එකක්. -මොන අපායට ද යන්නේ - https://kolambagamaya.blogspot.com/2014/06/blog-post_23.html

      Delete
  4. අද බුදු හිමියන්
    වැඩ විසුවා නං
    මොනව කියාවිද
    සඟ ගණ දිවමන්?

    ReplyDelete
    Replies
    1. අතේ නියපිටට ගත්ත පස් වගේ ප්‍රමාණයක් හැර පොල්වේ ඇති පස් ප්‍රමාණයට සමාන ගාණක් සතර අපායට යනවා කියල බුදු හාමුදුරුවො කිව්වෙ ඇයි කියල පැහැදිලි වේගෙන එනවා. ස්තූතියි නිදී මහත්මයා

      Delete
  5. බුදු දහමේ තියෙන්නේ පරම සත්‍ය නොවෙයි පරණ සත්‍ය, නිශාන්ත කමලදාස ලියලා තියන ඒකට /එන්න, අපි නතාෂා සංයමයකින් කියවා ගමු- / මම වඩා කැමතියි.
    https://nishanthakamaladasa.wordpress.com/2023/05/29/%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%82%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b6%ba%e0%b6%b8%e0%b6%ba%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/

    ReplyDelete
    Replies
    1. අැණයා

      Delete
    2. සත්‍යය කියන එක පරණ අළුත් කියල වෙනස් වෙන්න පුලුවන්ද? පසු කාලෙක ආපු බෞද්ධ සාහිත්‍යයෙන් ගැලවිලා දේශණා කරපෞ සත්‍යය ගැන හිතල ප්‍රයෝජනයක් ගමු ඇණයෝ

      Delete
  6. අපේ මිනිස්සු ඇයි වල්ගේ උස්සන් දගලන්නේ? කෙනෙක් පැමිනිල්ලක් දැම්මොත් පොලිසිය උසාවිය එක බලන්න ඕන නේද? රටේ නිතිය අනුව වැරදිනම් දඩුවම උසාවියෙන් ලැබෙයි. රටේ නිතිය කාටත් අදාලයි නේද, මිනිස්සු බල්ලෝ බුරනවා වැඩියි කියලත් පොලිසිය උසාවි යනවා නේද?

    මේවා පිටරට පැනගන්න කරන මැජික්, මීඩියා වලට රජ මගුල්
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔය කිසිවක් අදාල කරගන්න කියල නෙවෙයි ධර්මයේ තියෙන්නේ. ආයතන 6 න් දකින, අහන, දැනෙන, රස විඳින අරමුණු වලින් ද්වේශයක් හෝ රාගයක් ගන්න එපා කියලයි තියෙන්නේ. ඒ ගොල්ල කරල තියෙන දේවල් අනුව ඒ අයට හොඳ හෝ නරක වෙයි. ඒක අපේ ගමනට අදාල කරගෙන ද්වේශයක් ගැනීම සහ අනික් අයගේ හිතේ ද්වේශයක් ඇතිකිරීමට උත්සාහ කිරීම අකුසලයක් කියල තමයි ධර්මයේ තියෙන්නේ.

      Delete
    2. බුදු දහම හුඟක් දෙනාට තේරෙන්නේ නැ කියන එක සහ පිරිහෙනවා කියන එක දර්මයෙම තියනවා නේද?
      විජේබාහු

      Delete
    3. බුදු හාමුදුරුවො එහෙම හිතලා ධර්මය දේශණා නොකර ඉන්න බුදු වුනු අවස්ථාවේ හිතුවා කියල තියෙනවා. ඒක හැර ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කරගැනීම තමයි කරන්න කියල තියෙන්නේ. පිරිහෙන කාරණා පරාභව සූත්‍රයේ තියෙනවා. ද්වේශය, රාගය, අඩුකරගන්න කියල දෙන බණ දිගටම ඇසීමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එකයි මගේ වැටහීම. බොහොම ස්තූතියි විජේබාහු මහත්මයා.

      Delete
  7. මේ රටේ ආර්ථිකය ඇරෙන්න අනිත් ඔක්කොම ෆුල් සීරියස් ගන්නව.

    ReplyDelete
    Replies
    1. Pra අඬන්න බලාගෙන ඉන්න නොදරුවො ටිකක් තමයි ඉන්නෙ කියලයි මට පේන්නේ.

      Delete
  8. පොනිලගේ පොල්කුඩු උරන පොන්නයෙක් නේද මේ

    ReplyDelete
  9. එකඟයි. බුද්ධාගමට අපහාස වුනා කියලා රෙද්ද උස්සන් යන්න බෞද්ධයන්ට බෑ. එක බුදුදහමට විරුද්ධයි. හැබයි අද ලංකාවෙ සැබෑ බෞද්ධයො ඉන්නවද මංදා !

    ReplyDelete
    Replies
    1. මනම් හිතන්නේ ඉන්නවා කියලයි. ඒ අය මේ වගේ දේවල් පස්සේ යන්නේ නැහැ කියලයි මගේ වැටහීම. මේ වගේ දේවල් දිහා ඔවුන් උපේක්ශා වෙන් බලනව ඇති. ඔවුන්ගේ සද්දය ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ මරපන් කොටපන් කියල කෑගහන අයගෙ සද්දෙ විතරයි. බොහොම ස්තූතියි සෙන්නා

      Delete
  10. මොඩබිමනය කියන මේ ප්‍රෝග්‍රෑම් එක කොමඩි වැඩසටහනක් කියල සමහර රෙද්ද උස්සන් එන උන් දන්නෙත් නෑ , උන් කියන්නේ ආගමට අපහස කරා කියල විතරයි,
    ඔයිට වඩා අපහාස කරපු කෙනෙක් තමා කැලණියේ පන්සලේ හැන්දුරුවෝ නාගලොකෙන් දතු ගේනවා කියල රටම ඇ න් දුවා ...

    ReplyDelete
    Replies
    1. මෝඩභිමානය කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ නම මේ අවස්ථාවට ගැලපෙනවා නේද? බොහෝ දෙනෙක් බෞද්ධ කියලා අහිමානයක් හෝ අධිමානයක් හදාගෙන ඉන්න එක නේද කරන්නේ. භාෂාව, ජාතිය ආදිය ගැනත් තියෙන්නේ එහෙම එකක. ඒක වීන්ත් ඇති ඒ නම දාන්න හේතුව. Thank you Lalith

      Delete
  11. පිංතූරෙන් කියැවෙන අදහස ගැන සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  12. https://www.facebook.com/733184817/videos/258192336868527/

    ReplyDelete
  13. ඉයන් මම මේ ලියන දේට තරහ නොවේවි කියල හිතනවා.කොහොමත් ෆේස්බුක් එකේ නැති නිසා බ්ලොග් වලින් අයින් කරන එක විතරනේ ඉතුරු වෙන්නේ. 😀මට ඔයා ලියන දේවල් ටිකක් පරස්පර විරෝධියි. මම නතාෂාගේ වීඩියෝ එක බැලුව. ඇත්තටම ලන්ඩන් අපට ඒක අවුලක් නැහැ. මහා ලොකු දෙයක් කියන්නේ නැහැ. කොටින් ම දැනට මුදල් හදල් ඇතිව හොඳ ජිවිතයක් ගෙවන ඔයා, පිටරට සිටින බස්සා හෝ මම වගේ අයට මේවා පත්තියන්. ප්‍රශ්නය එහෙම නැති අය ගැන. ඒ අයට තමා තරහ යන්නේ. ඇයි ? ඇයි එංගලන්තේ මිනිස්සු සාමාන්‍ය අපි දන්නා බෞද්ධයන්ට වඩා හොඳ? හැමදේම ලැබිල හෝ ලොකු තරඟයක් ජිවත් වෙන්න නැති කොට ඉබේම දාන පාරමිතා පහල වෙනවා. මගේ ජර්මන් බිරිඳ පන්සල් යනවා. මම යන්නේ නැහැ. එයා යනව. මම එයාට මේ නතාෂා ගේ කතාව කීවම - එයා ඇහුව ඒ ගෑනිට පිස්සුද ඕක ලංකාවේ කියන්න කියල. මම කිව්ව එයාට නැත්ෂා කීවේ එයාගේ කට්ටියකට. අප්‍රේල් මාසේ. මේ මාසේ ඕක උස්සල උලුප්පල දැම්මේ වෙන කෙනෙක්? ඒ කවුද?මෙන්න මේ සන්දර්භය මත තමා මම මගේ ඇමෙරිකානු සම්බන්ධය ගැන ඉඟියක් දීල ලිපිය ලියන්නේ. දැන් මාව විමල් විරවංශ ගේ ගානට දාන්න එපා ප්ලීස්. ඔයාගේ සමහර ලිපි වල කියනවනේ ධනවාදයේ දියුණුව සහ අමෙරිකාවෙන් අපි ආධාර ලබා ගත යුතු බව. එකඟයි. කියුබාව වගේ නොවන්න නම් ලංකාව එතනට යන්න ඕනේ.
    හැබැයි මේ ලිපියේ කියනව අර අල්පේච්ච තාවය . අත හැරිම ගැන. ඔය දෙක පරස්පර විරෝධී නැත්ද?
    අරගල කරන්න, අලෙප්ච්ච තාවය සහ ලද දෙයින් සතුටුවීම සහ ධර්මයේ හැසිරීම ඕව ඔක්කොම එකට කරන්න බැහැ.
    //සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ක්ලේශ සහමුලින්ම ගලවල ඉවත් කරගන්න (අඩුම වශයෙන් කොටසක් හරි අඩු කරගන්න) පන යන්න ඉස්සෙල්ල ක්‍රියා කරන එකයි.
    ඔන්න ඔය ටික කරගන්න උත්සාහයක් නැතිව බුදු දහම රැක ගන්න පෙලපාලි යන්න, නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න උල්පන්දන් දෙන්න කියල ත්‍රිපිටකයේ කොහේවත් කියල නැහැ.// නිවන් යන්න ඕන එවුන්ට කැලේට ගිහින් භාවනා කරත හැකි. බුද්දාගම මැලේසියාවේ, ඇෆ්ගනිස්ථානයේ, බංග්ලාදේශයේ, ඉන්දුනීසියාවේ, මාල දිවයිනේ නැති වුනේ ඕන මගුලක් කරන්න ඇරලා හිටිය නිසා. ඉතින් පොඩි හරි දේකට ඔය ආර්ථිකයෙන් පහල මිනිස්සු ඇවිලෙන එක සාධාරණයි. ක්ලේශ අත හරින්නැයි, රටක් දියුණු කරගෙන සැපසේ ජිවත් වෙන්නයි ඔය දෙක එකට කරන්න බැහැ. එනිසා එක්කෝ ලංකාවේ මිනිස්සු ඔයපිරිසිදු බුදු දහම අත ඇරලා , ආමිස පුජාවක් කරගෙන වලියක් දාගෙන රට දියුණු කරන්න, ජිවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. නැත්නම් තමන්ගේ පාඩුවේ කොස් ගෙඩියක් තම්බා ගෙන කාල ඔයා කියන විධිහට ඉන්න ඕනේ.
    මගේ ප්‍රශ්නේ ඇයි මොකටද ඒ මිනිස්සු එහෙම ඉන්න ඕනේ?මොකද මුස්ලිම් ආගමට අනම් මනම් කියන්න ඉඩ දෙනවද? එංගලන්තේ උනත්? සික් ආගමට කියන්න ඉඩ දෙනවද එංගලන්තේ වුනත්? ක්‍රිස්තියානි ආගමේ ඔය වගේ පට්ට විකාර කතා , ජේසු ටෝස්ට් එකේ පේන ඒවා නැත්ද/ කවුරු හරි කියනවද ඒ අයට ජේසුස් වහන්සේ දුප්පතුන් වෙනුවෙන් කතා කලේ. උන්වහන්සේ ගේ ආගම වෙනස් කියල? (එංගලන්තේ පුළුවන්. thank you god I live here - pun intended - monty python gගහන්න ඒ කාලෙම ඉඩ දුන්න ) පල්ලි වල සල්ලි කඳු ගොඩ ගැහුවේ නැහැ කියල. ඇයි අර වැඩිපුර හිතන්නේ නැති මිනිසුන්ව අවුස්සන්නේ. ඔය මිනිස්සු පල්ලි වලට ගැහුවේ නැහැනේ ලඟකදී.

    ReplyDelete
    Replies
    1. Ajith, මේකට පෝස්ට් එකකින් පිළිතුරු දුන්නට කමක් නැත්ද?

      Delete
  14. ලංකාවේ සිංහල ළමුන් බහුතරයකගේ කොන්ද පොඩි කාලේ ඉඳලාම කඩනවා. නිදහස්ව සිතන්නට ඉඩ දෙන්නේ නෑ. ඒ අය ලොකු වුණාම තමන්ගේ ළමුන්ගේ සහ, සමහරු ගුරුවරු වුණාම පාසල් දරුවන්ගේ කොඳු කඩනවා.

    මේක එන්න එන්නම දරුණු වෙලා. පොයින්ට් ඔෆ් නෝ රිටර්න් පන්නලා තනිකරම විෂම චක්‍රයක් වෙලා.

    ඒ අතර, ලිබරල් ය කියා සමහරු හිතපු වික්‍රමසිංහ, සමාජවාදී යැයි සිතපු ජවිපෙ ආදීන් පවා මෝඩයින්ගේ ඡන්දවලින් කොටසක් කඩා ගන්න ඇති කෑදරකම නිසා මුක පූට්ටු කරගෙන ඉන්නවා. රාජපක්ෂ, ප්‍රේමදාස වගෙ උං ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ!

    ReplyDelete
    Replies
    1. මමයි කවුෂි ( හිරු) නංගියි ෂෙහාන් නුයි නතාෂා ගේ ඒ වීඩියෝ එක ෂෙයාර් කළා . උවිඳු දාපු එක. මම නම් දැක්කේ නැහැ ඔයා ෂෙයාර් කරල තියනව ෆෙස්බුක් වෝල් එකේ. ඇයි ඒ ? වාමාංශික පක්ෂ වලට බනින වියන්ගොඩඅවගේ ගොඩක් ලිබරල් අය ඒ වීඩියෝ එක දාන්නේ නැහැ. ඩැන් ප්‍රියසාද් ගේ කට්ටිය දාන්නෙත් නැහැ. මොකද ඒ

      Delete
  15. චේතනාව කර්මයට මුල කියලයි බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ... නතාෂා චේතනාන්විතව බුදුරජානන් වහන්සේට අපහාසයක් කලානම් ඒ අකුසලය එයාගේ එකවුන්ට් එකට... ඒ වාක්‍ය ටික අල්ලාගෙන බුදුරජානන් වහන්සේ සහ ධර්මය උක්ත කරගෙන තමුන්ගේ දේශපාලන එදිරිවාදීන්ගෙන් පලිගන්න යනවානම් ඒකත් ඉතින් වැටෙන්නේ ධර්මයට සහ බුරුරජානන් වහන්සේට කරන නිග්‍රහයක් කියන තැනට තමා... ඔය දෙකම චේතනාව අනුව අකුසල්.... හැබැයි බුද්ධ ධර්මය හරි තැනින් අල්ලගත්තු මිනිස්සුන්ට නම් ඔව්වා ප්‍රශ්ණ නෙවෙයි... අපිට තියෙන්නේ ධර්මය ජීවමානව තියෙද්දී මේ සසරෙන් ගැලවෙන්න බැරි තැනට මේකට අලිච්ච ප්‍රශ්නය විතරයි... ඒක විසඳුන දවසට අපිත් මේකට ගුඩ් බායි කියලා සදහටම සමුගන්නවා නැවත ඉපදීමෙන්... කරේ තියන් යන අයට ඉතින් වෙන්නේ සසර පුරාම කරේ තියන් යන්න තමයි... චිංචි මානවිකාවටත් නිවන් දකින්න පාර කියපු ශාස්තෘවරයෙකුගේ අනුගාමිකයෝ අද පත්වෙලා ඉන්න තැන දැක්කාම උන් ගැන හරිම අනුකම්පාවයි... ඕකට තමයි බුදුරජානන් වහන්සේ දේශනා කරේ ධර්මය හරි තැනින් අල්ලාගන්න ඕන කියලා.... උපමා කරේ සර්පයෙක් අල්ලද්දී ඔලුවෙන් අල්ලා ගතයුතුයි කියන උපමාව.. අපේ කට්ටිය සර්පයාගේ වලිගයෙන් අල්ලාගෙන... දැන් සර්පයා ආපසු හැරිලා උන්ටම දෂ්ට කරමින් සිටිනවා..

    ReplyDelete