Saturday, January 6, 2024

18 ට වැඩි අයට බදු අංක (TIN) අනිවාර්‍ය කිරීම හෙලා දකිමු




අවුරුදු 18 ට වැඩි සියළු දෙනාටම Taxpayer Identification Number (TIN) අංකයක් ලබා ගැනීම අනිවාර්‍යය කිරීම ගැන චෝදනා කරන කථා සහ පෝස්ට් කීපයක් කියවන්න ලැබුණා.බොහෝ විට දැක්කේ නොමඟ යැවීම්. බදු කියන්නේ වයස මත පදනම් වන දෙයක් නෙවෙයි. TIN අංකයක් ලබා ගැනීම අනිවාර්‍යය කිරීම ඔවුන්ට බදු ගෙවීම අනිවාර්‍යය කිරීමක් නොවේ. එසේ TIN අංකයක් ලබා ගන්නාවුන් බදු ගෙවීමකට යටත් වන්නේ ඔවුන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 12 ඉක්මවූවොත් පමණමයි.

එහෙත් බැංකු ගිණුමක් විවෘත කිරීමකදී හෝ ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමකදී TIN අංකය ලබා දීම අනිවාර්‍යය වෙනවා. එලෙස එම අංකය ලබා ගත්තත් එම මිලදී ගැනීම කර ඇත්තේ බදු ගෙවූ අදායමකින් ලබා ගත් මුදලකින්ද ආදිය සොයා බැලීමට ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවෙනවා. 

තව ටික දිනකින් අදට විවෘතව ඇති බැංකු ගිණුම් වලටත් අයිති කරුවන්ගේ TIN අංකය ලබා දෙන ලෙසත් ඉල්ලාවි. වාහනවලට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී අංකය අනිවාර්‍යය වන බැවින් සියළුම වාහන හිමිකරුවන්ගේ වාහන අංකයක් සමඟ සම්බන්ධ කරාවි. ඉඩම් වල හිමි කරුවන්ටත් එසේ අංක ලබාදෙන ලෙස ඉල්ලීමට ඉඩ තියෙනවා. රජයේ අස්වැසුම/සමුර්ධි සහනාධාර ලබන අයගෙ අංකත් ලබාගෙන ඒවා බැංකු ශේශය සහ ඉඩම් අයිතිය වගේ එක්ක සැසඳුවම සහනාධාර හොරුත් අහුවෙයි. එසේ  වූවිට බදු පැහැර හරින /  සහනාධාර හොරාකන කෙනෙකුට කල හැකිවන්නේ එම මුදල් ගෙදර තියාගෙන වාහන සහ ඉඩම් හැර අන් දේවල් අත්පිට මුදලට පමණක් ලබා ගැනීමයි. 

ඊට පසු 1973 පමණ ලංකාවේ සහ 2015 ඉන්දියාවේ සිදුවුනාක් මෙන් අද භාවිතයේ ඇති නෝට්ටු අවලංගු කර නව නෝට්ටු වලට හුව මාරු කරගැනීමට සැලස්වූවොත් හංගගගෙන් සිටි මුදල් වලට වටිනාකමක් නැතිවේවි. ඒත් බය වෙන්න එපා. ගොඩක් හොර දේශපාලකයන්ගේ සල්ලිත් තියෙන්නේ සමහර විට නෝට්ටු වලින්. ඒ නිසා ඒක වෙන එකක් නැහැ. 

මෙම බදු අංක ක්‍රමය බොහෝ දියුණු රටවල තිබෙනවා. ඒ රටවල රැකියාවක් ලබා ගැනීමට, සිසුණයක් ලබා ගැනීමකට, ආදී සියල්ලන්ටම මෙම අංකය අවශ්‍යයි.

ගණනය කිරීම අනුව ලංකාවේ අවුරුදු 18 ට වඩා වයස ජනගහණයෙන් බදු ලිපිගොනුවක් තියෙන්නේ 2.5% ප්‍රමාණයකට. එතකොට ලංකාවේ තිබෙන පුද්ගලික වාහන සහ පුද්ගලික ඉඩම් සහ ගෙවල් අයිතිය ඇති ප්‍රමාණය ඒ 18 ට වැඩි ජනගහණයෙන් 2.5% ක් පමණක් සහ බදු රහිත ආදයම් ලබන හෝ ලැබූ රජයේ සේවකයන්ට  පමණක්ද?

නැහැ. එයින් පෙනෙන්නේ පුද්ගලික අංශයේ ලක්ෂ 12 ට වඩා පඩි ගන්නා අය සහ ව්‍යාපාර කර බදු ගෙවන අය 2.5% ක් හැර වත්කම් අයිති අන් සියළු දෙනාම ඔවුන්ගේ ආදායමට බදු නොගෙවන බව නොවේද? අන් රටවලත් බොහෝ කාලයකට පෙර සිට ක්‍රියාත්මක වෙන මෙම ක්‍රමයෙන් බදු ගෙවිය යුතු එහෙත් පැහැර හරින අය බදු දැලට හසු කරගැනීමෙන් අද වැඩි ප්‍රමාණයක් බදු ගෙවීමට සිදුවී ඇති අයගේ බර අඩුවීම නේද? 

ඒ නිසා එන්න අපි ඔක්කොම මේ 18 ට වැඩි අයට අංක අනිවාර්‍යය කිරීමට විරුද්ධ වෙමු. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

32 comments:

  1. කියෙව්වා. ආයෙ පස්සෙ එන්නං.😁

    ReplyDelete
  2. බ්‍රිතාන්‍යයේ තියෙනවා NI නනොම්මරය කියා එකක. අපි බදු ගෙවන්නේ මේකට. ඒ වගේම රාජ්‍ය පැන්ෂන් එකට සල්ලි යන්නෙත් නිදහස් සෞඛ්‍ය දෙවයට සල්ලි යන්නේ ත් ඒකෙන්. ඉතින් ඒක අත්‍යවශ්‍යයි. මගේ ලොකු දුව අවුරුදු 16 පන්න ගමන් පොඩි රැකියාවක් සොයා ගත්ත. NI නොම්මරේ ගත්ත. ඒක ඒ ගොල්ලන්ට ආඩම්බරයක්. හොරෙන් ඉඳල ඉඳල නයට කාලා කාල ලංකාවේ මිනිසුන්ට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. එකඟයි අජිත්. රටේ තත්ත්වය ගැන කථාකරන බදු විශේශඥයෝ කියනවා මේක නිසා රටේ බදු ගෙවී පැහැ හැරීම සෑහෙන්න අඩු වෙයි කියල.

      Delete
  3. වැඩ පිළිවෙල හොඳයි වාගේ අංකයෙ TIN
    ඉක්මනටම යාවිද මේ වැඩෙත් දොඹෙන්
    කී සැරයක් තහනං කෙරුවද පොලිතින්
    ගමන පයින්- කතාව නං දෝලාවෙන්!

    ReplyDelete
  4. හෙලා දකින්න කලබල වෙන්න එපා ඉයන්, තව ටික කාලෙකින් හඳුන්නෙත්ති ඇමතිතුමා කැබිනට් එකේ ඉන්න කාලෙක , මේ මචං අපි ටැක්ස් ගෙවන්නෙ අපිට පුළුවන් වෙලාවක, ඒත් අපිට ඕනෙනං කියල කියන එක විතරයි තියෙන්නෙ

    ඇමරිකාවේ SSN (Social Security Number), කැනඩාවේ SIN (Social Insurance Number) නොම්මරෙත් ඔය වගේමයි. ඕක ඉල්ලන්න පුළුවන් ආයතන තියෙනවා, ඉල්ලන්න බැරි එව්වත් තියෙනවා. ලොකුම ප්‍රශ්නෙ identity theft. ඔය නොම්මරේ හොරකං කළොත් සහ ඒක පාවිච්චි කරලා 'හොරා' ආදායමක් ඉපයුවොත් හෝ ඒක පාවිච්චි කරලා ක්‍රෙඩිට් කාඩ් හෝ ණය අරගෙන පොල්ල තිබ්බොත් කේස් එක එන්නෙ ඔරිජිනල් නොම්මරේ අයිතිකාරයටයි. ඒක නිවැරදි කරගන්න එක වෙනම ගේම් එකක්. අන්න එව්වත් මහජනතාව දැනුවත් කරල තියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං. අදටත් මේ ප්‍රශ්නෙ තියෙනවා. අනුන්ගේ හැඳුනුම් පත් යොදාගෙන සිම් කාඩ් ගන්නවගේ දේවල්. අදත් ක්‍රෙඩිට් කාඩ් නිකුත් වෙනවනේ. ඒකට තව උදව්වක් වෙයි මේක. ඒත් අද ගන්න සපෝට්ං ඩොකියුමන්ට්ස් නොගෙන බදු අංකෙට පමණක් ණය නිකුත් වෙයි කියල හිතන්න බැහැ. ඇමෙරිකාවෙනම් නීති විරෝධී සංක්‍රමනිකයන් අනුන්ගේ SSN වලින් වැඩ කරන බව අසා තියෙනවා. කොහොම වුනත් ඔබ කියනව වගේ මේ හා සම්බන්ධව අනිසි ක්‍රියාවන් සිදුවෙන්න පුළුවන් තමයි.

      Delete
  5. මෙච්චර කල් ලංකාවේ මිනිස්සුන්ට රජය වියදම් කරන්නෙ තමන්ගේ සල්ලි කියලා දැනුනේ නෑ...රජතුමා නිකං දෙනවයි කියලා තමයි හිතන් උන්නෙ ...ඒක හින්දා දේශපාලකයන්ට ඒ මුදල් ගසා කන්න, නාස්ති කරන්න දීලා මිනිස්සු ඔහේ හිටියා...තමන්ට නිකං මොනවද හම්බෙන්නෙ කියලා විතරයි බැළුවේ...

    දැන් ඇඟට දැන්නෙන්න ටැක්ස් වදින හින්දා, මිනිස්සු වෙනදට වඩා ආණ්ඩුව මොකද කරන්නෙ කියන එක ගැන සවිඥාණිකයයි....ඒක අනාගතයටත් , අනාගත දරු පරම්පරාවටයි හොදයි

    - Mayya

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙන්න ඕන ඒක. ඒත් ලංකාවේ කී දෙනෙක් ද Direct tax !ගෙවන්නෙ? වැඩි දෙනෙක් Indirect tax ගෙවන අය. ඒත් ඒ අය තමන් බදු ගෙවන බව දන්නෙ නෑ. ආරම්භයක් හැටියට එය බදු මුදල් වලින් හදන දෙයක් විවෘත කරන උත්සවයකට ගිය වියදම තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ඉල්ලගෙන ඒ නාස්තියට විරුද්ධ ව මහජන දැනුවත් කිරීමක් කරන්න පුළුවන්.

      Delete
    2. සමාන්‍යෙන් හොද රටක...ඩිරෙක්ට් ටැක්ස් 80% , ඉන්ඩිරෙක්ට් ටැක්ස් 20%...ඒක තමයි දියුණු රටවල මිනිස්සු දේශපාලකයාගේ වියදම . රජයේ පොලිසි ඩිසිශන් ගැන වඩා විවේචනාත්මකව උනන්දු...


      ලංකාවෙ නම් ඩිරෙක්ට් ටැක්ස් 15%ටත් වඩා අඩුයි..හැබැයි ඉන්ඩෙරෙක්ට් ටැක්ස් 85%...


      කොහොමත් මිනිස්සු හම්පු කරන එකෙන් වැඩි හරියක් රජය ගන්නවා....ඉන්ඩිරෙක්ට් ටැක්ස් හරහා...


      ලංකාවේඩිරෙක්ට් ටැක්ස් කරන්න බැරි අනෙක් හේතුව තමයි ලංකාවේ ගොඩක් ගණුදෙණු සිද්ද වෙන්නෙ බැංකු හරහා නොවීම. ගණුදෙනු ට්‍රේස් කරන එකේ ගැටලු තියෙනවා..


      - Mayya

      Delete
    3. ඔව් direct tax අඩු නිසා වියදම පියවගන්න බදු ප්‍රතිශතය වැඩියි. ඒකෙන් වෙන්නේ ආර්ථිකව පහල ස්ථර වල ඉන්න අයගෙන් කැම ආදියටත් බදු වැටෙන එක. ඒකට අනික් හේතුව තමයි ආදායම් මත පදනම් නොවී අධ්‍යාපනය ආදිය නිකන් දීම. පාරවල් පාවිච්චිය සඳහා අයකිරීම, දේපල බදු යාවත්කාලීන කිරීම, ගෙවිය හැකි අයගෙන් නොමිලේ දෙන සේවා සඳහා අයකිරීම වගේ දේවලින්, ඒ තත්ත්වය මඟ හරින්න පුලුවන්. ඒත් අවශ්‍යම දේ එනම් රජයේ ආදායමින් 80% ක් පමණ වියදම් වෙන රජයේ සේවක ප්‍රමාණය අඩු කිරීම නම් කවදාවත් වෙන එක නැහැ

      Delete
  6. දැන් යන්
    ටින් ගන්
    ගොන් උන්
    පන්නන්.....

    ජයවේවා !!!

    ReplyDelete
  7. ඇත්ත. නොදැන හැම දේයම විරැද්ධ වෙන එක බොරැ වැඩක්. ඒත් අපේ රටේ වංගු ගැහලි බහුල නිසා ඕකෙනුත් මහ හොඳක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.

    මෙහෙම ගියොත් කොහොමත් ටින් එකක් ග්නන වෙනව. ඒ කරල පෝයට, පෙරහැරදාකට වගේ ලොකුමහත්තුරැ එනතැන ගත්ත ටින් එක දික්කරාන ඉන්න තියෙන්නෙ... කීයක් හරි වැටෙනකං 😉

    ReplyDelete
  8. බලා ඉමු ඉතින් මොකද වෙන්නෙ කියල

    ReplyDelete
  9. ඉයන් බුකියේ මාලිමාවට සම්බන්ධ පවුලක පොඩි කොල්ලෙක් යු ටියුබ් එකෙන් බලාගෙන free energy ජෙනරේටර් එකක් හදලා විදුලිබල මණ්ඩලයට චැලේන්ජ් එකක් කියලා මාලිමාවට රෙදි නැතුව කඩේ යන වහල්ලුන්ව ෆෝම් කරලා පට්ට ආතල්, තැරිදාර පුන්නක්කු මරාගේ බයියෝ පරාදයි උන්ට 😅🤣😂 රියල්ම බත් කන මීහරක් ටිකක් කමෙන්ට් වල කියනවා ඔහොම එක පාරක් කරකෝලා දවසක් දුවා ගන්න පුළුවන් නම් රටම ගොඩ කියලා 😂

    මමත් කමෙන්ට් එකක් දැම්මා

    "මේ නරුම පාලකයො ඉන්නකල් උබල වගේ උන්ට අත දෙන්නෙ නෑ අපේ npp රජයක් යයතේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් ශක්ති සංස්ථිති නියමය තහනම් කරනව එතකොට රසදියෙන් හෙලිකොප්ටර් පදින උන්, තව වතුරෙන් කාර් පදින උන් ඔක්කොම ගොඩ"

    ඒකට ලයික්ම එක්දාස් ගානක් ඇවිත්... 🤣😂🤣 මාලුමාමාට ජයවේවා !

    🤣😂😅

    ReplyDelete
    Replies
    1. තමුසෙ මහ ශුක්‍රානුවෙක් ඕයි.... :-)

      Delete
  10. බදුනම් ගැහුවත් කමක් නෑ කියමුකො. මට පේන්න බැරි අවුරුද්ද අන්තිමට එවන අර මාගල පුරවලා අරින එක.. මලම වදයක් ඒක. ඇත්තටම මුන්ට මේවා මීට වැඩිය සරල කරන්න බැරිද?
    දැන් ලෝයර්ලා, ජජ්ලා, දොස්තරලා, මන්ත්‍රීලා, රජයේ සේවකයො බදු ගෙවන්න පටන් අරන්ද ? නෑ ගෙවන්නැත්නම් ඒකත් ගෙවන්න එපැයි. ඒකට වියදම පාලනය කරගන්නයි ඇහුවෙ.. හැක් හැක් හැක්..... :-)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සෙන්නා ලංකාවේ වටිනාකම ලක්ෂ පහට වැඩි සෑම සියලූම ගනුදෙනුවක්ම බැංකු හරහා විය යුතුයි කියල නීතියක් ගෙනත් හැඳුනුම්පත් අංකය අනුව සියලූම බැංකු ගනුදෙනුවක්ම ඔඩිට් වන ආකාරයට සහ සෑම කෙනෙකුගේම වත්කම් ඔටෝමැටිකලි ඩිටෙක්ට් වන ආකාරයට සිස්ටම් එකක් හදන්න ඕන

      ඔය ලංකාවේ ලබ්බේ රජයේ සේවයේ කුජීතම ආයතනයක් වන IRD වගේ ගෝත හොල්මන් අවතාර ආයතන ගැන කතා කරලත් වැඩක් නෑ ඇත්තටම ලංකාවේ ජනතාව අතර හොරකම කියන එක ජාන වලින් එන්නෙ,ඒ වගේම නිතරම බයනැතුව බොරු කරන එක, ලංකාවේ උන් දියුණු පද්ධති තියෙන සංවර්ධිත රටවල් වලට ගියා කියලත් ගතිගුණ දියුණු වෙලා නෑ වරක් Duct clean කරන්න කියල අපේ ගෙදරට ආපු ලන්කාවෙ එකෙක් නෝනගෙ jewellery ටිකට කෙලගෙන ගියා. තව ඔය Migration agentලා කියන පොරවල් ස්ටුඩන්ට් එන කොල්ලො කෙල්ලන්ව මරන් කනව. ලංකාවේ උන්ගේ රෙස්ටෝරන්ට් වගේ ඒවත් එහෙමයි අපට හුරුපුරුදු සිරිලක කෑම කන්න යනකොට සූරාකෑම හැමතැනම.

      අර ඉස්සර අපි පුංචි කාලේ රනිල් 2002/3 කාලේ කියපු ඔය ආයතන තුන එකතු කරලා ආදායම් අධිකාරියක් හදන බවට වූ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඔය අයිආර්ඩී කස්ටම් එක්සයිස් තුනම ඒකාබද්ධ කරලා කම්බයින් සිස්ටම් එකක් ඇඩ්වාන්ස් කරන්න පුළුවන් නම් තව දුරටත් රටේ ආදායම වැඩි කරගන්න පුළුවන් කියල මට හිතෙනව ඉයන් වගේ අය අපේ කමෙන්ට් වලට උත්තර දෙන්නේ නෑනේ...😪 අපි අඩුකුලේ කියල හිතාගෙන ඇති... ඒ නිසා ඕව කතා කරල වැඩක් නෑ මේ බ්ලොග් එකේ... 😪

      Delete
    2. ඔය ආදායම් කොමිසම හදන්න ඒ කියන්නේ සුරාබදු, දේශීය ආදායම්, සහ රේගුව ඒකාබද්ධ කරන්න උත්සාහ කරන හැම පාරකම සේවකයො කඩාකප්පල් කරනවා. ඒවා ඔක්කොම හොර ගුහා. සෙන්නා කියන එකත් ඇත්ත. ඔය ෆොර්ම්ස් ඔන්ලයින් පුරවන්න තිබ්බා නම් හොඳයි.

      Delete
  11. වැඩේ හොඳ අතට සිද්දඋනොත් හොඳයි.
    ඒත් තාමත් ලංකාවෙ වැඩි හරියක් රජය වියදං කරන්නෙ තමංගෙ සල්ලි කියල දැනුවත් නෑ.

    ReplyDelete
  12. හොඳ strategy එක ඉයන්. TIN එක ගන්නවට විරුද්ද අය ගෙන්න ගෙන ගානට කියලා දෙනවා ඇයි ඒකට විරුද්ධ වෙන්න ඕනි කියලා. මට හිතෙන්නේ ලක්ෂ 12 ක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳින් කාලා ඇඳලා ඉන්න පුළුවන් තරම් හොඳ ආදායමක්. මෙවගේ ආදායමක් ලැබෙන්නේ ලංකාවෙ ජනගහනයෙන් කීයෙන් කී දෙනාටද? නමුත් ඕස්ට්‍රේලියාවේ නම් වාර්ෂික ආදායම් $18,200 වැඩි හැමෝටම බදු ගහනවා. ඒකත් අවම 19% ක්. ඕස්ට්‍රේලියාව කියන්නේ ජීවන වියදම වැඩිම රටවල් වලින් එකක්. ඒ කියන්නේ මෙහෙ ඉන්න අති බහුතරයක් දෙනා බදු ගෙවනවා. දුප්පත්ම අයටත් බදු ගෙවන්න වෙනවා.
    ලංකාවේ අය අළුතෙන් ගැහුව ආදායම් බද්ද ගෙවාගන්න අමාරු වුනේ එයාලා මේ වන විටත් ගත්ත නොයෙක් ණය නිසා. ඉතින් එයාලට තව අමතර රැකියා කීපයක් කරන්න වෙලා තියෙනවා ජීවත් වෙන්න.

    ReplyDelete
  13. ගිය මාසයේ අග ඕස්ට්‍රේලියාවේ ඉඳල අපේ යහළුවෙක් ලංකාවට ආවා බිරියත් එක්ක- කෙටි නිවාඩුවකට. ඒ මිතුරාට උවමනා වුණා වුණා අපේ මිතුරු නඩයට ට්‍රීට් එකක් දෙන්න. එයට තැන විදිහට යෝජනා වුනේ අපේ ගෙදරයි. මොකද ඒ දවස්වල රටම ඒ නඩේ සෙට් වෙන්නේ අපේ ගෙදර.
    සාදයට උවමනා සේරම කෑම- බීම- අතුරුපස එයාගේ වියදමෙන් ගෙනාවේ. බෝතල්වල වියදම හැරෙන්නට අනිත් දේවලට 30,000/-කට ආසන්න වියදමක් ගියා. සාදය අතරේ කියවුණා මේ වතාවේ ගමනට රු.ලක්ෂ තිහකට වඩා වැය වෙන බව ගුවන් ටිකට්ස්වලට හැර.
    ඒ මිතුරා කරන්නේ සුදු කරපටි රැකියාවක් නෙවෙයි. මම දන්නා විදිහට ඔහු ලංකාවේ හිටිද්දී ලංගම මෝටර් කාර්මිකයෙක්...
    මට ඇති වුණු ප්‍රශ්නය මේකයි.
    ලංකාවේ සාමාන්‍ය කෙනෙකුටත් පුලුවනිද - මාසික වැටුපෙන් (බද්දකුත් ගෙවලා) ගණනක් ඉතිරි කරගෙන පිටරටක නෙවෙයි; ලන්කාවෙවත් සංචාරයක යන්න?

    ReplyDelete
    Replies
    1. සාදය තිබ්බේ පෙරේද රෑ. ඒකයි මේ විස්තර මුලින් නොලියවුනේ ...

      Delete
  14. මට කියා ලියන්නට දෙයක් ඉතිරිවී නැත!

    ReplyDelete