සාපේක්ෂ දෘෂ්ඨිය .....ජීවිතයෙන් බිඳක්...... නිරුවත් දෑසින් නොදැක යතාර්ථය පාට පාට කණ්ණාඩි තුලින් අපි දකිනා මිත්යාව * * *A: මචං ඒක සුදු පාටයි නේ??B: නෑ බන් ඒක කලු පාටයි බොරුනම් මේක දාගෙන බලපන්A: ඇත්තනේන්නම් ඒක කලු පාටයිනේ...A: මචං ඒක කලු පාටයි නේ??C: නෑ බං ඒක සුදු පාටයි බොරුනම් මේක දාගෙන බලපන්A: ඇත්තනේන්නම් ඒක සුදු පාටයිනේ.... ...
ඇතිවෙන්න තලපන් .....ජීවිතයෙන් බිඳක්...... උඩ පැන පැන උඹ තලපන් මං ඔහේ බලා ඉන්නම් මාව තැලෙද්දි උඹට හරි සතුටු ඇති ඒත් උඹ දන්නෙ නෑ උඹ තලන වාරයක් ගානේ මම මුවහත් වෙනව හීනෙන්වත් හිතන්නෙපා දවසක මම උඹේ ගෙල සිඳියි කියා, උඹ ඒ තරම් මෝඩයි උඹට පෙනේවි ඒ යකඩ මුවහතින් මම මගේ ජීවිතය නමැති කැටයම කපන හැටි අද වගේ ම හෙටත් තලපන් ඇතිවෙනකම් සතුටු වෙයන් මහන්සි ...
බොරළු පාර .....ජීවිතයෙන් බිඳක්...... දිනකට නොයෙක්වර ඔබමොබ ගමන්කළ ඒ බොරළු පාර අද කොන්ක්රීට් තට්ටුවක් දරා සිටින අන්දම... නිරුවත් දෙපා යුග විඳි කටුක වේදනා සීරීම් ලප කැලැල් ඇත තවම නොමැකිලා.... අතීතයේ බොරළු මතින් නැඟී ආ දෙපා යුග රෝද සතරක නැඟී ඉගිලයන අපූරුව... ...
උස් තැන් සහ මිටි තැන් .....ජීවිතයෙන් බිඳක්...... පරිවාර වාහන හත අටක් වටකර පොළිස් සයිරන් නළා හඬවමින් යයි හැටට හැටේ ප්රභූ මැතිදුන් හිස නමා ආචාර කරයි රාළහාමි සසරෙ පිං කර නොමැති එලෙසින් පොදු මහජනයා යති තනි කකුළෙන් එල්ලී පාපුවරුවේ දහදිය පෙරාගෙන පැය ගනන් හිර වෙවී තද බදේ නැවතුවා බස් රථය අපේ රාළහාමි බහිනව තමුසෙලා තුන් දෙනාව ම දාහ ගානේ හැම දෙනාට ම ලියුවා දඩ කොළේ... ...
ඈ අසරණයි .....ජීවිතයෙන් බිඳක්...... සොයයි නම්බූ නාම බලයි කුළ මළ යාන වාහන වතුපිටි යහමින් තිබේදැයි සහකරුවාට අතැඟිලි බඳිනට තම දියනියට ලන්සු තබති ගණුදෙනුකරුවන් වටවී ලොවට හොරා රහසේ ඉකිබිඳියි ඇය අතීතයේ දිනයක තම වටිනා දෑ සියල්ල පුද දී අවසන් වූ කල හොර රහසෙ සැඟවගිය සත්යප්රේම භෘංගරාජයා කළ හදිය සිහිවී... ...
හෘදසාක්ෂිය .....ජීවිතයෙන් බිඳක්...... ලොවට හොරෙන් කරන කෙරුම් රඟන රැඟුම් මේ ලොව දනී තවෙකෙක් දිනක් පැමිණෙයි විත්ති කූඩුවට නඟිනා මායාවේ දුහුල් සළුව ලිහී සියළු චෝදනාවලට වැරදිකරුවන සිතන වාරයක් පාසා බරපතල වැඩ සහිත දඩුවම් විඳිනා හෘද සාක්ෂියේ අධිකරණයේ ...
තණ්හාව .....ජීවිතයෙන් බිඳක්...... අත්හැරීම සංකල්පයක් ම වී බණමඩුවල කථා ඇතුලෙ පුස්කාපු තැටිවල පරණ වෑර්ලස් හඩින් කොතෙක් ඇහුනත් පිම්මෙ දුවන අපිට මොන අත්හැරීම් ද තව පොදි බඳිනව මිසක් කිනම් සංතුෂ්ඨියක්ද කිනම් නිවනක්ද ...