අඳ ගොවියෝ .....ජීවිතයෙන් බිඳක්...... පැළ සිටුවා හදා වඩා උදේ සවස වතුර දමා නිසි කාලෙට පොහොර යොදා අණ වින දොස් සැම පරදා කල දවසත් ගෙවී ගිහින් පුංචි පැළත් ලොකු ගස්වී මල්බරවී පිරිපුන්වී ඵලදාවෙන් අතු බරවී හදා වඩා රැකගත් ඒ මුල අමතකවූ ගස්වල දැන් හිමි කාරයෝ සැම වටවී තම රිසිසේ ඵල බුදිතේ ගහෙන් හැදුණු තව අංකුර පෙරදා මෙන් හදා වඩා අඳ කුඹුරට ආල වඩන මහමෙර ...
පට්ට කඳ .....ජීවිතයෙන් බිඳක්...... ගහක් කොළක් නැති කතරේ වේලිච්ච කාලේ ඉවරයි.. මේක පුදුම ගහක් පට්ට කඳ හරහට දාලා ඉරාගත්තනම් මරු.. තව තව අදහස් සැවොම පොරකති.. අඩෝ ඒක දිරච්ච එරඬු ගහක් එකෙක් මොරදෙයි.. ඒත් අනිත් උන්ට ඒ වගක්වත් නෑ * * මේ කිසිවක් නොඳන්න ගානට ගහ ඔහේ ඉන්න හැටි.. ...
අත්තම්මා .....ජීවිතයෙන් බිඳක්...... කුසට නොකා නුඹ අප සැනසු හැටි අප රැක ගන්නට දුක් වින්ඳ හැටි ලෙඩට දුකේදී ලඟින් සිටී හැටි යහ මඟ යන්නට පාර කිවූ හැටි ..................... ආසයි මට නුඹෙ ඉහ ඉද්දරින් ඇළවෙන්න නුඹේ කවියකින් සැනසෙන්න නුඹට කියා මගෙ හිස පිරිමැදගන්න නුඹේ උණුසුමෙ වැතිර සිටින්න ...................... අපි වෙනුවෙන් නුඹ පැතු ලෝකයට අපි අද යමින් සිටිනා අතරේ ඒ සතුට විඳගන්න නුඹ නැති මොහොතක ...
කිරි කලේට ගොම ටිකක් වැටිලා .....ජීවිතයෙන් බිඳක්...... නැවුම් බවෙන් පිරිපුන්වී රස පානය සැපයුම්කළ පුරුදු පරිදි අද උදයෙත් එකතු කළා කිරි කලයක්... ඇති නොකියා තව ඉල්ලූ කිරි ටිකටත් උන හදියක් එපා කියා යන්නට යයි වැටුන නිසා ගොම බිඳුවක්... කුස ගිනි ඇති තවත් එකෙක් ආවෝතින් කිරි ගන්නට රසකර කර බොන්නෙ නැතැයි දන්නේ නැතිව වැටුණ බවක් කිරි කලයට ගොම බිඳුවක්.... ...
යන්නට වරම් ලැබෙයිද .....ජීවිතයෙන් බිඳක්...... පමාවී පැමිණි දුම් රියේ පාපුවරුවේ යාන්තමට කකුල තියන් එල්ලී පැමිණි මේ දුර ගමනේ ටිකෙන් ටික සෙනඟ බැසගොසින් යාන්තමින් රිංගාගෙන අසුනකට වාරු දී සිටී මොහොතේ හදිසියේ බැසගිය කෙනාගේ අසුනේ පුරප්පාඩුව පිරවීමට වරම් ලදී සැප අසුනේ සුවපහසුව මැද අවට සිරි නරඹමින් සිහිල් සුළං රැල්ලක පහස විඳිමින් මටත් නොදැණුවත්වම සුව නින්දේ පසුවු මා හදිසියේ ඇහැරුණෙමි මම ටිකට් ගත්තෙ නැහැනෙ කමක් නෑ ඔන්න ...
කුහක භියසුල්ලෝ .....ජීවිතයෙන් බිඳක්...... සැබෑ ලෝකයේ ස්ත්‍රී දූෂණ මිනී මැරුම් කොල්ලකෑම් ළමා අපචාර නේකවිද අපරාද ඉවසා නොදැක්කාසේ ඉන්න අපි කාගෙහරි ප්රබන්ධයක, නිර්මාණයක ඒවා දකිද්දි නිර්මණකරුවාට එරෙහිව අවි අමෝරා නැඟී සිටින හැටි ...
සරාගී .....ජීවිතයෙන් බිඳක්...... ගිනියම් පොළොව අඟල් හතරෙ ගඩොලින් වෙන්වුනු ටකරන් වහලෙ ගෙවල් බීගෙන ආපු බේබද්දෙකුගෙ, බලු කුණුහරුප මැදින් ගෑණිට තඩිබාන සද්දෙ අඩ අඳුරෙ කෙල්ලෙක් තාප්පෙට හේත්තු කරන් කට කන කොල්ලෙක් ජංගි කොටයක් ඇඳගත් කැහැටු ළමයෙක් බඩගින්නෙ මොරදෙයි බලු බෙටි උඩින් පැන පැන අඩි දෙකේ පාරෙන් ඇදී එන සුර දෙව්දුව පාටකළ දෙතොල් සරාගී දෙණුවන් පිරුණු ලැම පැද්දෙන නිතඹ කාර් රථයක දොර ඇරෙයි.. පැය ...
මම දැන් හෙලයෙක් .....ජීවිතයෙන් බිඳක්...... අපි මුසෙල්මාණුවන්ගෙ කඩ වර්ජනය කරමුසිංහල කඩවලට ම යමුඅපේ අය අපිට ගොඩක් අඩුවට බඩු විකුණාවිමාසේ අන්තිමට හම්බෙන තුට්ටු දෙකෙන්කරන්න තියෙන වැඩ ගැන මුදලාලියා නොදන්නවයිඑතකොට අපේ සල්ලි අපේම අය ලඟලාබෙන් කොටසක්මුදලාලියා අපේ ජාතියේ සුභ සිද්ධියට වෙන්කරාවි.කොටසක් පන්සලටත් පූජා කරාවිපන්සලෙන් ඒවා දුප්පතුන්ට බෙදා දේවිඑතකොට තම්බිලා දුප්පත් වේවිඋන් පිරිහිලා යාවිමේ රට අපිට ඉතිරි වේවිසිංහලයෝ යහතින් වැජබේවිඒ කියන්නෙ මම දැන් හෙලයෙක් ...
වැටේ තරමට කඩුල්ල .....ජීවිතයෙන් බිඳක්...... වාරුවෙන් නැඟීසිටින අබලන්වූ දිරාපු ඉණි වැට වුනාට කම් නැත මොකටද කඩුල්ලක් ණයවෙලාහරි දමන්නෝන මහා පතරංග යකඩ ගේට්ටුවක් ලෝකෙට පෙනෙන්න ලස්සනට උජාරුවට......
වැරැද්ද .....ජීවිතයෙන් බිඳක්...... වැරදි කරන උන්ට තමන් කරන වැරැද්ද තවෙකෙක් පෙන්වාදුන්විට උන්, වැරැද්ද හදාගන්නවා වෙනුවට විලි ලැජ්ජාවක් නැතිව ඒ වැරැද්දම අනිත් උන්ටත් කරන්න යැයි කියන අපූරුව ...
යන්නම්.... .....ජීවිතයෙන් බිඳක්...... අතීතයේ දවසක හිත තුල තෙරපුණ ඒක පාර්ශ්වික ප්‍රේමයක් කියාපාන්නට සැරසුණ මොහොතක ලොවට හොරා සැඟවගිය නුඹ අහඹු මොහොතක දෑස් යාවී කල්පයක් බඳු ස්වල්ප මොහොතක මුවින් නොපැවසූ දහසක් දේවල් සිතාගන්නට ඉඩ තබා නාඳුනන කෙනෙකුගේ දෑතේ පැටලී යන්නම් කියා ගිය අපූරුව... ...
දිරියක් නැති දැරියට දැරියක් .....ජීවිතයෙන් බිඳක්...... දවසක්දා මම යනකොට තඩි මල්ලත් උස්සාගෙන ඉස්කෝලෙට කෝච්චියෙන් මහ මෙරක බරක් හිතේ දරන් ඇය යනවා අම්මා හට වාරු තියන් අසීරුවෙන් දරු පැටියෙක් කුසේ දරන් සායනයට අසරණ මුහුනින් යුක්තව නෙතු සඟලම බිමට හොවා ලැජ්ජාවෙන් එක බංකුවෙ එකට ඉඳන් අකුරු කෙරුව පුංචි දැරිය ...
මනමාළියනේ හඩනු එපා .....ජීවිතයෙන් බිඳක්...... පින්තාරු මුහුණේ නේකවිද වත්සුනු දියවී යන්නට ඉඩ නොදී මංගල පෝරුවේ මනෝ පාරක් ගහන් ඉන්නට උපදෙස් දුන්නා සංවිධායක මනමාලිට රෙදි කච්චියක් දීලා බීපු කිරි වලට දෙකට නැමිලා යන්නම් අම්මෙ කියන්නට කඳුලු නොසලා හැඩට ඉන්නට පිංතූරෙට ලස්සනට ...
ගලන ගඟට නවතිනු බෑ .....ජීවිතයෙන් බිඳක්...... ගලන ගඟකි නුඹ වලකාලනු බෑ මගේ දෑතින් සැඬ පහරක්වී ගසාගෙනගොස් එකතුවී ඇත මහ මුහුදට උදුරාගෙන මා සතුවූ අවසන් හුස්ම පොද ද වගේ වගක් නැත මහ මුහුදට තවත් මුහුවීමක් පමණි ...
මිනිසත්කම වෙනුවෙන් .....ජීවිතයෙන් බිඳක්...... ජාති කුල වර්ණනන් විද බෙදුමින්බලවතුන්ගේ දෙපා ලඟතැලී පොඩිවූසුවහසක් මිනිසුන් හෙලූසෝ සුසුම් ලේ දාබිඳු වලටඅයදිමි සමාමනුසත්කම වෙනුවෙන්මිනිසුන්ට මිනිස්කමින් සලකනහෙට දවසක් වෙනුවෙන්මොහොතක් නැවතී දුරස්බව අත්හැරඇහුම්කන්දෙමු අනිකාගෙ හද ගැහෙන රාවයට ...
වමාරා කෑම .....ජීවිතයෙන් බිඳක්...... ඇයගේ අතීතයේ ඔහු ද ඔහුගෙ අතීතයේ ඇය ද නැත එනමුදු තව බොහේ අය සිට ඇත එහෙයින් ඔවුන්ට අනාගතයක් නැති ද?
ජීවන තරඟය .....ජීවිතයෙන් බිඳක්...... ඉඩ කඩම් යාන වාහනතව තවත් සැප පහසුකම්හඹායන අපේ ජීවිතදෙමව්පියන් දූ දරුවන්අඹු සැමියන්තවත් දේවල් අතහැරෙනවද ඉතින්හතිවැටුණ දවසක හැරී බැලුවම ලැබු දේට වඩාකොතෙක් නම් තව වටින දේවල්අහිමිවී ඇතිබවදැනෙයි නිසැකවලෙඩ ගොන්නක් කරපින්නාහිතේ සැනසුම අහිමි කරගෙනරැස්කරගත් සැප සම්පත්දමා යන්නට වෙනව සැමට මදිවීම මදකට නතරකොට අපිමදක් නැවතී ඉසිඹුවක් ගෙනහැරී බලමුද අතහැරුණෙ මොනවදෝ කියායන්නෙ කොතැනටදෝ කියා ...
තරු ඇස්දෙක .....ජීවිතයෙන් බිඳක්...... තරු කැට දිඳුලනඇස්දෙක අරගෙනයන්නම නුඹ පලයන්..දඩාවතේ ගිය ඇස්දෙක එක්කොටබැඳලා තියාගෙනමම ඉන්නම්....කිසිදා නොමැකෙන හදේ ඇඳුණු නෙතුමගේ ම කරගෙනසැමදා සිටින්නම්... ...