හරි අපි සයිටම් වහමු! ජාතික ගැටලුව ගැන කතාකරමුද? උඩුවාගේ සටහන් දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්රමුඛව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළුව වාමාංශික අදහස් දරන විශාල පිරිසක් මාලඹේ සයිටම් විශ්වවිද්‍යාලය වසාදැමීමේ දැවැන්ත අරගලයක යෙදෙන්නේ සයිටම් වසාදැමූ පසුව සමාජවාදය බිහිවෙන්නට නියමිත බව විශ්වාස කරන්නාක් මෙනි.සයිටම් විරෝධී අරගලයේ යෙදෙන තරුණයෝ හෙට සමාජවාදය උදාවේයැයි සිතති. සමහරුන් නම් අරගලයට එන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් බලහත්කාරයෙන් රැගෙන එන නිසාය. උතුරට තම ප්‍රශ්ණවලට විසඳුම් සොයා යන්නට වෙන්නේ දෙවියන් ...
පූස් ෆෝබියාව සහ තාත්තා උඩුවාගේ සටහන් ‘යකෝ ඔය පුසාව එලවලා දාපන්’’ තාත්තා නිතරම අපට බැණ වදින්නේ එසේය. තාත්තාට පුසන් යනු නයාට අඳු කොළ මෙන්ය. අම්මා සහ මා අතර බැඳීමෙහි ගණුදෙනුවක් මිස ආදරයක් නොතිබුණු පසුබිමක තාත්තා යනු මට ලෝකයක් විය. අම්මා ලංකාවේ සිටියේත් නැත. මට පමණක් නොව අක්කාටත් තාත්තා රජෙක් විය. එකල අප සිටියේ නාගරික නිවාස තිබුනු මාවතක කෙළවරේ තිබුණු නිවසකය.එහෙත් ඔහුට තිබුණු දරුණුම රෝගය පූස් ෆෝබියාවයි. ...
කසුන්ගෙ පොතයි තව පොත් දෙකකුයි! උඩුවාගේ සටහන් වැඩ ගොඩක් මැද්දෙ කසුන්ගෙ පොත කියවල ඉවරවුණේ ඊයේ හැන්දෑවෙ. රාවය සහ ඉරුදිනේ ඔහු ලිව්ව පුවත්පත් වාර්තාවලට එහා ගිහින් වෙහෙසවෙලා හොයාගත්ත කරුණු රැසක් වගේම ගවේෂණාත්මක වාර්තාකරණයක අනිවාර්ය අංගයක් වන චූදිතයාගේ පැත්තෙන් අදහස් විමසලා ඒක පල කිරීම වැලිකඩ පොත ලකුණු 10න් 10 ගන්නට හේතුවක්. කසුන් ඉදිරියටත් පුවත්පත් මාධ්‍ය වේදියෙක් විදියටම වැඩකරන්න ඕනෑය කියන කාරණය මම නිතර කියන එකක්. ෆේස්බුක් එකේ කරන ...
එම්.ජී. නිදහසේ පියඹා යා යුතුය උඩුවාගේ සටහන් ‘සංගීත ක්ෂේත්රයේ උඩට එන්න හරි අමාරුයි. රැඳී ඉන්න නම් යමක් කළ යුතුයි. මට ඕනෑ මේ ආදරේ හැමදාම මේ විදියට තියාගන්නයි. නිහතමානීව මිනිස්සුත් එක්ක එකතුවෙලා අඩුපාඩු හදාගෙන කල් පවතින, හැමෝටම ගැලපෙන අර්ථවත් ගීත නිර්මාණය කරන්නයි මං බලාපොරොත්තු වෙන්නේ.‘ මේ එම්.ජී. ධනුෂ්ක ඩ්‍රීම් ස්ටාර් වූ පසුව පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකි. එම්.ජී. ධනුෂ්කව බොහෝ දෙනෙක්ට මතක ඇතැයි සිතන්නෙමු. 2014 දී පමණ ධනුෂ්ක ...
සයිබරීය කලාකරුවා ප්‍රසාද් අලුත්වත්ත උඩුවාගේ සටහන් රාවයේ පලවීම නිසා ආන්දෝලනයකට ලක්වූ නිර්මාණයක්. ප්‍රසාද් අලුත්වත්ත කියන්නෙ ජනප්‍රිය ඩිජිටල් කොලාජ් කිහිපයකම හිමිකරුවා. පහුගිය සතියක රාවයේ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් පළවුණා. ඒ සම්මුඛ සාකච්ඡාව ගැන සඳහන් කරමින් කවුද නීතීඥයෙක් කියලා කෙනෙක් ෆේස්බුක් එකේ දාලා තිබුණේ ප්‍රසාද්ගෙ නිර්මාණවලින් ආගමට අපහාස කරන හින්දා ඔහුගේ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ මොහොතෙ මම ඔහුගෙන් ආදරයෙන් ඉල්ලුවා පැමිණිල්ලක් දාන්න ...
මම රෙස්ලින් බලන්නෙ ඇයි? උඩුවාගේ සටහන් ‘ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා.‘ අපි ඉස්කෝලෙ යන කාලෙ ඔන්න ඔහොම සිංදුවක් ජනප්‍රිය වුණා. ඒ ලංකාවේ වැඩියෙන්ම රෙස්ලින් ජනප්‍රිය වුණ කාලයක්. හැබැයි ඔය ලෝකයෙ ගත්තම රෙස්ලින්වල ජනප්‍රියත්වය බහිමින් තිබුණු කාලයක්. මං මේ කියන්නේ ඔලිම්පික් යන රෙස්ලින් ගැන නෙවෙයි, ප්‍රොෆෙෂනල් රෙස්ලින් හෙවත් ප්‍රෝ රෙස්ලින් ගැනයි. බොහෝ විට ඇමෙරිකාව, මෙක්සිකෝව, ජපානය සහ මේ වෙද්දී ඉන්දියාව ඉලක්ක කරගත්ත විනෝදාස්වාදය වෙනුවෙන් ...
කාන්දන්ගේ කතාව උඩුවාගේ සටහන් තෝමස් කාන්දන් මහත්තයාව කිලිනොච්චියේදියි මට මුණගැහුණෙ. මේ ඔහු මා එක්ක කී කතාව.කාන්දන් මහත්තයා‘කොතැනින්ද පටන්ගන්නේ. ම්ම්.. මගේ ගම මම කිව්ව නේද? දෙහිවල. හැත්තෑහතේ කලබල නිසා තමයි මමයි පවුලයි දෙහිවල අතහැරලා මෙහේට ආවේ. දෙමළෙන් බයන්නක් නෑනේ. බාබු කියලා සිංහලෙන් කිව්වාට දෙමළෙන් කියන්න පුළුවන් පාපු තමයි. ඉතින් දෙමළුන්ව අල්ලගන්න පාවිච්චි කළේ ඕක. කොච්චර සිංහල කතාකරන දෙමළෙක් වුණත් බයන්න කියන්නෙ නෑ කියල තමයි සිංහලයො ...
බ්ලොග් විවාහය උඩුවාගේ සටහන් විවාහයක් කියන්නෙ මොකක්ද කියල සැබෑ පැහැදිළි කිරීමකුත් නෑනේ. කොහොම වුණත් විවාහයකින් පස්සේ දෙන්නෙක් එක වහලක් යටට එනවා.ඉතින් මේ මොහොත බ්ලොග් දෙකක් අතර විවාහයක් කියල කියන්න පුළුවන්.රේඛා නිලුක්ෂිගේ ලිප්ස්ටික් බ්ලොග් අඩවිය මෙතැන් පටන් උඩුවාගේ සටහන් බ්ලොග් අඩවිය සමඟ විවාහ වෙනවා. මේ බ්ලොග් දෙකම සැමියාගේ නිවස වන uduwaage.blogspot.com ලිපිනයෙහි පදිංචි වනු ඇති.මේ දෙදෙනාගෙන් කාව මුණගැහෙන්න වුණත් මේ ලිපිනයට ඇවිත් පුළුවන්.ස්තූතියි.......!අමුතු විවාහයක් ගැන ...
මම විදර්ශනට කැමති ඇයි?? උඩුවාගේ සටහන් විදර්ශන කන්නංගර කියන්නෙ සයිටම් විරෝධයේ, එහෙම නැත්නම් ලංකාව ඇතුලෙ මෑතකාලයේදී නව ලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි සටනේ ඉදිරිපෙල ප්‍රකාශකයෙක්. මම නව ලිබරල් ආර්ථිකයට එරෙහි සටනේ ඉන්න කෙනෙක් නෙවෙයි. සයිටම් ගැන ගත්තාම මම සයිටම් එකට පක්ෂව අදහස් දක්වන කෙනෙක් විදියටත් සමහරු අඳුනගන්නව. සයිටම් එකට පක්ෂව මම කතා නොකළත්.ගොඩක් අය විදර්ශන එක්ක සංවාදෙට යනව. සමහර විට එවන් සංවාද කියවනව. බලන් ඉන්නව. ඉතින් ...
ප්‍රඥාවන්ත අයිවන් ගේ ශීලාචාර තර්ක වින්‍යාසය හෙවත් ‘ප්‍රඥා-මඩ’ උඩුවාගේ සටහන් සනත් බාලසූරිය වික්ටර් අයිවන් ගේ ‘‘අශීලාචාර තැනක තිබෙන්නේ දේශපාලනය පමණක්ද?’’ ලිපියට මා ලියූ ප්‍රතිචාරයට දීර්ඝ ‘පිළිතුරු ලිපියක්’ අයිවන් ලියා තිබිණි.මා මගේ ලිපිය ආරම්භ කළේ අයිවන් හා වාද හෝ සංවාදකිරීමෙන් උපදින කිසිදු ධනාත්මක ඵලයක් වෙතැයි විශ්වාස කිරීමට තරම් මෑතකාලීන අත්දැකීම් මා නොපොළඹවන බව පවසමිනි. අයිවන් සිය දීර්ඝ ලිපියෙන් නැවතත් තහවුරු කරන්නේ මගේ මේ නිරීක්ෂණයේ නිරවද්‍යතාව යි.අයිවන් මතුකර තිබූ ප්රමුඛ කාරණා තුනක් ...
ඩ්‍රිෂ්‍යම් කතාවට විකල්ප වීරයෝ අටක් උඩුවාගේ සටහන් ඩ්‍රිෂ්‍යම් කතාව කියලා කිව්වම ලේසියි. මේ කියන්නේ ධර්මයුද්ධය සහ පාපනාසම් කියන නම්වලිනුත් හඳුන්වපු ඩෘෂ්‍යම් කියා කන්නඩ වලිනුත් ඩ්රිෂ්යා කියා තෙළිඟු වලිනුත් ඩ්‍රිෂ්‍යම් කියන නමින් හින්දි සහ මලයාලම් භාෂාවලිනුත් නිර්මාණය කෙරුණු කාගේ හෝ ජීනියස් ප්ලොට් එක ගැනයි. භාෂා හයකින් යළි නිර්මාණය වෙන්නට කතාවක් කොච්චර ජීනියස් වෙන්න ඕනද? මේක මීට කලින් දැකලා තියෙන්නේ නිර්මාණ කිහිපයක විතරයි. දෙදාහ දශකෙ මුලින් ප්‍රභූ සහ ...
පාසැලේ අභිමානය උඩුවාගේ සටහන් මේ ඩෑස් ස්මිත්ගේ ගිටාර් ගර්ල් ඡායාරූපයයි. බ්‍රිස්ටල් නගරයේ වීදියේ ගිටාර් වාදනය කරන්නියකි.සුජීව බටනලා වාදකයෙක්. චරිත්ගායකයෙක්. මේ දෙදෙනාවම මට හමුවුණේ බස් රියකදී. සුජීව හොඳම බටනලා වාදකයා නොවෙනවා මෙන්ම චරිත්හොඳම ගායකයාත් නෙවෙයි. එහෙත් එය ගැටලුවකුත් නෙවෙයි. මොකද ඔවුන් හිටියේ රියැලිටි තරඟයක හෝ සංගීත සංදර්ශනයක නොවන හින්දා. ඔවුන් හිටියේ රුපියල් දහයක් විස්සක් බලාපොරොත්තුවෙන් බස්රියක. ඔවුන් බස්රියට ගෙනාවේ එකිනෙකට වෙනස් කතා දෙකක් විසින්. ...
කීර්තිරත්න පෙරේරා - මීතොටමුල්ලේ හෘදය සාක්ෂිය 2 උඩුවාගේ සටහන් මම කලින් පෝස්ටුවකින් කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නුවන් බෝපගේ කියූ කතාවක් ලීවෙමි.එතැනදී බෝපෙ මළමිනීත් විකුණන් කන බව කියන්නට ඇතැම්හු පෙළඹුනහ. හැබැයි නුවන් බෝපගේට විකුණන්නට දෙයක් තිබුනේ නැත. මීතොටමුල්ල අරගලය නුවන් බෝපගේ විකුණුවේ නැත. මීතොටමුල්ල බෝපෙ සහෝදරයාගේ ගමය. ඔහු සටන්කලේ ගම වෙනුවෙන්ය. ඔහුගේ මැදිහත්වීම අවංක නොවන ප්‍රශ්ණය වවාගෙන කන එකක්යැයි ඇතැම්හු කියති. එහෙත් කුඩා දරුවෙක් සිටින පියෙකු වන ...
මීතොටමුල්ලේ හෘද සාක්ෂිය - නීතීඥ නුවන් බෝපගේගේ අදහස් උඩුවාගේ සටහන් මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව කීර්ති සහෝදරයාගේ පවුලේ උදවියගේ අවසන් කටයුතුවලින් පසුව අපි කිහිපදෙනෙකු එක්ව දැන් කුමක් කරන්නේදැයි කෙටි සාකච්ඡාවක යෙදුණෙමු. ප්‍රථමයෙන් ශෝකය, විරෝධය හා පිළිකුල ප්‍රකාශ කළයුතුයැයි අපට සිතුණි. ඒ අනුව ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කරන්නට තීරණය කළෙමු. එ් අනුව සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී මිතුරන් කිහිපදෙනෙක්ද සමඟ අපි ඉටිපන්දම් විරෝධය කෙටි කාලයකින් සැලසුම් කළෙමු. නිදහස් චතුරස්රයට එක්වුණෙමු.ඉටිපන්දම් විරෝධයෙන් පසුව අපට ඕනෑ වුනේ ...
තවත් පාවාදීමක් සිදුකළ වගයි! උඩුවාගේ සටහන් පසුගිය සඳුදා (27) ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා, නිමල් සිරිපාල අමාත්‍යවරයා සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් තිබුණා. හවස හතරට ජනාධිපති ලේකම් කාර්යාලයේදි.වෙන වෙනම රට කෑවත් කෑම කන්නේ එක මේසයේ... (මෛත්‍රි, මහින්ද සහ රනිල්)මලික් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වී තිබුණා. මේ අයව ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමිනුයි කැඳවා තිබුණේ. මේකට ...
සේනකගෙ බිබිල හෙවත් පියවරුණ උඩුවාගේ සටහන් නෙළුම් යාය සම්මාන උත්සවය මෙහෙයවපු නිවේදක යුවල රාජිත සේනාරත්න ඇමතිවරයාව නුතන සේනක බිබිලේ විදියට හැඳින්වුවා.. පසුව ඔවුන් කියපු විදියට මෙහෙම හැඳින්වුවේ බ්ලොග් සංසදයේ හරි මොකක්හරි එකක සභාපතියැයි කියන කෙනෙක්ගේ වුවමනාව මතලු. මෙතැනදීම කතානායකවරයාව තොරතුරු පනතේ පියා කියල හැඳින්වුවා. ඒ හැඳින්වීමටත් හේතුව අර කෙනාගේම වුවමනාව වෙන්න ඇති.සේනක බිබිලේ සහ රාජිතකොහොම වුණත් මේ විරුදාවලි, හැඳින්වීම් අපට අලුත් දේවල් නෙවෙයි. ලංකාවේ හැමදාම පුද්ගලයන්ව ...
උපාධි හීනයක් උඩුවාගේ සටහන් මගේ අම්මා ගුරුවරියක්. පළමු පන්තියේ (එක වසරෙ නෙවෙයි ග්‍රේඩ් වන්) ගුරුවරියක්. පළමු පන්තියේ ගුරුවරියක් කියන්නේ ඉහළ තත්වයේ රැකියාවක්. මම වැටුපක් ගන්නා නිසා ඇගේ වැටුප වෙන්වෙලා තියෙන්නේ ගෙදර පවත්වාගෙන යන්න සහ නංගිගේ අධ්‍යාපනයට. නංගි උසස්පෙළ කළා. මැත්ස් කලේ.ඇයට ලොකු හීනයක් තිබුණා ඉංජිනේරුවරියක් වෙන්න. ඇගේ හීනයට ඇයව යවන්න අම්මා ලොකු වියදමක් දැරුවා. මාසයකට පංතිවලටම ලොකු වියදමක්. ඉංජිනේරු පීඨයට ලොකු තරඟයක් තිබුණා. ඒ ...
විල්පත්තු සහ මුස්ලිම් විවාහ - ඉස්ලාමෝෆෝබියා I උඩුවාගේ සටහන් රාවය ඉතා වැදගත් ලිපි දෙකක් ලිව්ව පහුගිය සතිවල. (මේ ලින්ක් එකෙන් කියවන්න.) ලිව්ව මාතෘකාව ගැන තිබුණු උනන්දුව හින්ද මමත් තොරතුරු සෙවීමේ වෙහෙසකර වැඩේට උදව් වුණා. පහල තියෙන්නේ ඒ ලිපි දෙක. 1. විල්පත්තුවේ ගෙවල් හදන්නේ මිනිසුන් අතැර ගිය ඉඩම්වලය2. සිංහල ජාතිවාදීන් හංගන විල්පත්තුවේ දුක්ඛ සත්යයවිල්පත්තු වන විනාශය කියන්නේ දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරන මිත්‍යාවක්. පරිසරවේදී තිලක් කාරියවසම් සහ රාවය මේ වෙද්දී ...
නොන්ඩි ඔටුවෙක් උඩුවාගේ සටහන් වාල්කේ ඔරු වොට්ටගොම් නොන්ඩි වොට්ටගොම් (ජීවිතේ එක ඔටුවෙක්, නොන්ඩි ඔටුවෙක්)වේලේ තර චක්කරෝ - රෙන්ඩ චක්කරෝ ( රස්සාවක් දෙන ලියුම් (චක්‍රලේඛන) - ලියුම් දෙක )මේ හරි තේරුමක් නැති සිංදුවෙන්ම කතාව පටන්ගන්න පුළුවන්. අනිව මේ සිංදුව බලන්න. පොඩි රහක් තියෙයි. කතාව පටන්ගන්න වෙන්නේ රාජ්කුමාර් හිරුණි නිෂ්පාදනය කරපු ඉරුදි සුත්තු චිත්‍රපටියෙන්. රිතිකා කොඩිතුවක්කු නෙවෙයි රිතිකා සිං මුණගැහෙන්න පුලුවන් එතැනින්. ක්‍රීඩාව ගැන බොලිවුඩ් සිනමාව ...
පොෂ් සෙරෙප්පු එක්ක ඇමති මුණගැහෙන්න ගිය හැටි උඩුවාගේ සටහන් මම හිතුවේ අලුත් අවුරුද්දෙදී බ්ලොගේ ටිකක් වැඩිපුර දේශපාලනය ගැන ලියන්න ඕන කියලා. සිනමාව ගැන ලියන පෝස්ට් වලට තරම් ප්‍රතිචාර නොලැබුණත්.ඒත් අවුරුද්ද පටන්ගනිද්දිම දේශපාලනය ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියා නම් දරා සිටින අජිත් පැරකුම් කියනවා දේශපාලනය ලියලා හරියන්නෑලු. ඔහු ලියලා සපත්තු ගැන සටහනක්. ඒක ලියන්නේ දේශපාලනය ගැන කියැවිල්ලෙනුත් රහක් සපයන්න සමත්වුණ මාතලන් ලියපු සෙරෙප්පු පෝස්ට්එකක් අනුව යමින්. හොඳයි! දේශපාලනය ගැන ලිවිල්ල ...