මැණිකේ... (මම මෝඩයෙක් තමයි බං, ආයේ මම ඔයාව නැතිකර ගන්නෑ...) ජෙමාගේ හතරවරං මේක පෝස්ට් එකකට වඩා මැණිකේගේ ආශාවක් ඉටු කිරීමක්. ජෙමාගේ අවුරුදු 27 ක ජිවිතයේ හම්බවෙච්ච මගේ අම්මි ඇරුණාම සොදුරුම, ආදරණියම, දයාබරම යුවතිය. (කෙටියෙන්ම කියනවා නම් මගේ හිටපු පෙම්වතියටත් වඩා) මට මැණිකේව හම්බවෙන්නේ අහම්බෙන්. කැම්පස් එකේ රැග් සීසන් එකේදි.දවසක් ජෙමයි, හොදයි උදේ එනකොටම ජ්‍යෙෂ්ඨ උත්තමයෝ දෙන්නෙක්ට අහු උනා. හරිනේ ඉතිං ටොපිය. හිත හදාගෙනම උන් දෙන්නා ලගට ගියා. ගියා විතරයි ඔන් පටං ...
හරිනේ දැන්..! හොදයිනේ පු* අමාරුව ජෙමාගේ හතරවරං ඔන්න අදත් අහක යන නයෙක්ගේ පයන්නක් බලන්ඩ ලෑස්තිය. ගහපියව් ගල්. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා කතාවක් අපිට ඉස්කෝලේ ගණිතය කරපු සර් කිවා මතකයි. එදා ඒ කතාව ආතල් එකට අරන් හිනා උනාට අද වෙනකොට නම් තේරෙනවා පොර එදා ඒ කියපු කතාව කොයි තරම් නම් ඇත්තක්ද කියලා.අපි සිංහලයෝ තරම් මුල මතක නැති, ඉක්මනටම දෙයක් අමතක වෙන, පඩයක් ගියත් ක්ලේමෝ එකක් බ්ලාස්ට් ...
PA Chaya හෙවත් පචයා ජෙමාගේ හතරවරං ඔන්න හා හා පුරා කියලා අද ලියන්ඩ හදන්නේ අපේ සෙට් එකේ ඉන්න සුපිරි බුවෙක් ගැන. සුපිරි කියන්නේ මේකා ගහේ බඩ්ඩක්. ඇත්ත නම කියන්ඩ නම් බෑ. මොකද ඒකා මේ පෝස්ට් එක දැක්කොත් මට බඩු බනිස්. දෙකක් නෑ. කෙසෙල් නැතිව බඩු බනිස්.මේකාගේ වාස භවන පිහිටලා තියෙන්නේ අම්පාරේ. අම්පාරේ කිවට අම්පාරෙනුත් එහා පට්ට ඩොටේ.මේකාගේ අම්මා මේකාට රංකිරි කටගාලා තියෙන්නේත් මුලටම බත් කවලා තියෙන්නේත් ...
ගෑණු හොදයි හිටං.. ජෙමාගේ හතරවරං ඔන්න පහුගිය දවසක ගෙදර ගිහිපු වෙලාවෙක ජෙම්ස් ගියා හවස් වෙලා පොඩි රවුමක් ගහන්න. ඉතිං යාලුවෝ එකක්ට සුට්ටක් සෙටාර් වෙලා ආයේ ගෙදර එද්දි බස් හෝල්ට් එකේ ඉන්නවා දැක්කා දැකලා පුරුදු කෙල්ලෙක්. අප්පටසිරි...!ඉස්කෝලේ අපේ පංතියේ හිටපු රුචිනි...!ඔන්න ඉතිං මටත් හොරා මගේ දකුණු කකුල බ්රේක් පැඩ්ල් එක උඩ.!දෙන්...රිවස් ගියර්.!කෙල්ලටත් මාව දැක්කා විතරයි අංඤ කොරොස්..... ඉතිං බැහැලා ගිහිං කෙල්ල එක්ක දැම්මා පොඩි චැටක්. ඇත්තටම ...
අද පාර්ටි....!!! ඩබල් හැපී ජෙමාගේ හතරවරං අද දවස මගේ ජීවිතේ ගොඩක්ම වැදගත් දවසක්. ඒකට එක වගේම හේතු දෙකක් තියනවා. මුල්ම හේතුව අවුරුදු 28 ක් තිස්සේ මාව අතක් පයක් නොකඩා රැකබලා ගත්ත ලෙඩක් දුකක් උන වෙලවාවල් වලදි නිදි නොලබා මාව සනීප කර ගත්ත, මාව වැටෙන්න යන හැම වෙලාවකම මාව නොවැටී ඉන්න ශක්තියක් වෙච්ච මගේ හෙවනැල්ල වගේ නෙවෙයි මගේ ජීවිතේ හුස්ම පොද වෙච්ච මාගේ ආදරණිය අම්මිගේ 58 ...
සිගරට් - පටං ගැනීම හා අවසානය ජෙමාගේ හතරවරං ජෙමා මුලිංම සිගරට් එකක් බොන්න සේට් උනේ කැම්පස් එකේ ෆ්රෙෂර්ස් නයිට් එකේ. මාස ගානක් ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙං රැග කාලා කාලා ඒ සේරම අවසානේ ඒ දවස උදා උනා. ජෙමා ඒ වෙනකොට හීනියට බියර් එකක් එහෙම අනුමත වෙනවා. ජෙමා, ගබ්බ, සිමෝ, පගලේ, වෙරියා තමයි සෙට් වෙලා හටියේ. ආවා ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්. ආහ් මල්ලිලා බියර් විතරද ගසන්නේ.. ඇදලා බලපකෝ මේක. කියලා දුන්නා මොකක්ද මංදා ...
ඇඩෙනවා තනි ඇහැට.. ජෙමාගේ හතරවරං මේ දවස් වල නං විවේකයක් නෑ අප්පා... මගුලේ චන්දයක් ඇවිත්. ඒ මදිවට එෆ්බි එක පැත්තේ වත් එන්න හිතෙන්නෑ... ඇයි යකෝ බලන බලන තැන චන්දේ... යකෝ මුංට වෙන වැඩක් නැතිද මංදා... බයියොයි, ගොයියොයි, ටොයියොයි කියාගෙන සාටක මාමාටයි, අර මොකක්ද අමුතු ඇදුමක් ඇන්ද මාමිටයි හුරේ කඩේ යනවා. තව රැවුල තියන මාමා කෙනෙකුත් ඉන්නවා දැක්කා. එකසියගානට දේශප්‍රේමියෝ. වැරදිලාවත් යුද්ධයක් ඇවිත් රට වෙනුවෙන් සටන් ...
බතාගේ කොත්තුව ජෙමාගේ හතරවරං හරි.. දැං කියන්න යන සීන් එක උනේ 2009 අවුරුද්දේ විතර. කතාවේ කතා නායකයා බතා (බේබදු ජෙමා පෝසට් එකේ බතා ගැන කියවුනා වගේ මතකයි) ඔන්න අපේ ගමේ හිටිය ලොක්කෙක් නැති උනා. පොර කූරියා ගැහුවේ බේබදු කම නිසා. බැළුවොත් ඇත්නම් කෂිප්පු සෙන්ට් එක ගහගෙන ඉන්නේ. මොනවා උනත් ලොක්කා ගමේ බැහැලා වැඩ කරපු කෙනෙක් නිසා ලොක්කාගේ මරණෙටත් සෑහෙන්න සෙනග හිටියා. ඉතිං අපි ...
රිටර්න්ස් ඔෆ් ජෙමා.. ජෙමාගේ හතරවරං ගොඩක් කාලෙකට පස්සේ. මාස 10 කට විතර පස්සේ. ගොඩක් දේවල් සිද්ධ උනා. අවුලක් නෑ. ලියනවා ආයේමත් හතරවරං. හිටං.
කුක් විත් ජෙම්ස් ජෙමාගේ හතරවරං හොදායියියියි.... අද මම ඔයාලට කියලා දෙන්ඩ යන්නේ රසම රස උදා ආහාර වට්ටෝරුවක් සාදා ගන්නා ආකාරය ගැන. ම්ම්ම්ම්...එහෙනම් අපි මුලින්ම බලමු අවශ්‍ය කරන්නේ මොනවද කියලා.මුං ඇට ග්‍රෑම් 250 (ඔබ සමෘද්ධි ලාභියෙකු නම් සහල් භාවිතා කරන්නත් පුලූවන්)පරිප්පු ග්‍රෑම් 100තම්බා ගත් අල ගෙඩි 2 හාල් මැස්සන් ග්‍රෑම් 250 (හාල් මැස්සෝ වෙනුවට ඔයාලට ටින් මාලූ යොදා ගන්නත් පුලූවන්)අවශ්‍ය ප්‍රමාණයට සුදු සීනිතෙම්පරාදුව සඳහා අවශ්‍ය ප්‍රමාණයට ...
ඔන්න තෝරනවා නං ඈ. (තේරවිලි ඉවරයි) ජෙමාගේ හතරවරං ඔන්න ජෙමා පටං ගත්ත තේරවිලි සෙෂන් එක මේ පෝස්ට් එකෙං අවසන් කරන්න කියලා හිතුවා. ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනෙම නෑ කියලා කියනවානේ.මේ තේරවිලි සෙෂන් එකේ අවසාන වෙන්නේ අන්දරේ ඒක්ක...ඕං එහෙනං ඈ.... ප්‍රශ්ණ කවිය 01 දාර දෙකයි එක නම මුල්කර තැනුවාපාර තිහක් ගැහුවට බයකුත් නැතුවාකොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවාතෝරාපන් ඊයේ මගදී දුටුවා(මේ කවිය අන්දරේගේ රජතුමා අන්දරේට කොචොක් එකක් කරන්න කියලා ...
අපේ පරම්පරාවේ ලොක්කි... ජෙමාගේ හතරවරං කාලේ ගෙවිලා යන්නේ පුදුම ඉක්මනට කියන්ඩකෝ. සික් මගේ අසරණ බ්ලොග් එකත් වල් වැදිලා කියන්ඩකෝ.ඇත්තටම සමහර වෙලාවට මේ වෙන දේවල් හැබෑ ජිවිතේ වෙන්ඩ පුළුවන් දේවල්ද කිලයත් හිතෙනවා. මම හීනෙක ඉන්නා වත්ද කියලා හිතෙනවා. පොඩ්ඩක් කොනිත්තාගෙන බලමු... නෑ නෑ මම හිනෙක නෙවෙයි. මේ පෝස්ට් එකේ කතා නායිකාව නිම්නියා අක්කා (අපේ නැතිඋන ලොකු අප්පුගේ වෙන්ඩ බාරි). ගිය සතියේ 11 වෙනිදා මට කොල් ...
දෝනි.. ඔයාගේ අම්මි ඉක්මන් උනේ නැතිනම් ? ජෙමාගේ හතරවරං ආසාවටත් එක්ක පොඩි වලක් බහින්න කියලා හිතාගෙන ගියා බස් ස්ටෑන්ඩ් එක පැත්තට. පට්ට විදියට වෙනස් වෙලා හැමදෙයක්ම. ඉස්කෝලේ යන කාලේ මොන තරම් නං වල බහින්න ඇත්ද. කොල්ලෝ එක්ක සෙට් වෙලා කොච්චරක් නං කුප්ප වැඩ කරන්න ඇත්ද.. අනං මනං හිත හිත ඇවිද්දා ස්ටෑන්ඩ් එක පුරාම. හ්ම්ම්... දැකලා පුරුදු මූණක්.අම්මා ගහයි. චමෝදි..!මගේ කුළුදුල් පාසල් ප්‍රේමය.අතේ එකයි.. එන්න බලාගෙන එකයි.ගැනි පට්ට විදියට ලස්සන ...
උඹට දැන් සතුටුද..? ජෙමාගේ හතරවරං උඹ මට වඩා වැඩිමහල් උනේ මාස දෙකකට උඹයි මමයි හිටියෙත් ගහට පොත්ත වගේ..ඉස්කෝලේ ගියේ වල බැස්සේ කෙල්ලෝ පස්සේ ගියේ කොල්ලෝ එකක්ක වලි දාගත්තේගෙදර හොරා අඩියක් පුඩියක් ගැහුවේඅපි එකට...ලොකු අප්පු...කොහොමද ලොකු අයියේ..උඹ අපි සේරටම හොරෙන් යන්න ගියේ...උඹ..!!මාව...ලොකු තාත්තා, ලොකු අම්මා...අපේ් අම්මා...අපේ සෙට් එකේ කොල්ලො...උඹට පේන්නැද්ද බං අඩනවා...උඹේ සුරංගනාවි නිමිනියා...ඇඩෙව්වා...අපි සේරම අඩන අතරේ උඹ ලස්සනට නිදි...!!කමක් නෑ...උඹට හොදයි කියලා හිතෙනවා නම්..උඹ දෙව් ...
මහ ගහෙංම කෙලවිය...! ජෙමාගේ හතරවරං ජීවිතේ යාලුවෙක් කියලා ඉදපු එකෙක් නිසා ආයෙමත් මහ ගහෙංම කෙල උනා. ඒකාගේ නම රවීන්ද්‍ර. මිට අවුරුද්දකට විතර කලිං මේකාගේ මගුලට සල්ලි ටිකක් ඕනි කියලා මගෙං ලක්ෂ දෙකක් ඉල්ලුවා. සුටුස් ගාලා දෙනවා කියලා. එකටම ඉදපු බොක්කක් නිසා ළග තිබිච්චි සල්ලි ටිකකුයි, අඩු පාඩුවට අම්මි අරං දුන්නු චේන් එක උකස් තියලා ගත්ත සල්ලියි සෙට් කරලා ලක්ෂ දෙකක් මම ඒකාට දුන්නා. මම ...
VAT 69 ජෙමාගේ හතරවරං අසනිප වෙලා සනිප උනා විතරයි. සෙට් උනා පොඩි පාර්ටි එකක්..මාස 6 කට විතර පස්සේ සෙට් උනා යාලුවෝ එකක්බබර පදං.....හයියෝ එස්අයික්යිිු... චියර්ස් වැට් 69
මට උදවි කරපියෝ...! - Pls Help Meee...!!!!! ජෙමාගේ හතරවරං යාළුවනේ...! මට පොඩි උදව්වක් කරන්න....!!!ඇත්තම කීවොත් මට, මගේ ජීවිතේට ගොඩක් ලොකු උදව්වක...!!!ඇත්තමට කිවොත් උපදේශයක්..!! මේ බ්ලොග් වල උගත්, වැඩිහිටි අය ගොඩක් ඉන්නවා ජීවිතේට උපදෙසක් ගන්න පුළුවං. සර්...!!! විචාරක කර්නල් - ශ්‍රීලංසිරෙ, මම සර් වගේ කෙනෙක්ගෙන් ලැබෙන උපදෙස ගොඩක් වටිනවා....මේකයි පුරස්නේ...!මම මගේ ජීවිතේ අම්මි, අප්පච්චිට පස්සේ ගොඩක් ආදරේ කරපු එයා මම නොකල වරදක් නිසා මගෙන් ඈත් උනා (මගේ අම්මි දන්නෑ ...
එයා ලග තියන මගේ මාතෘකාව ජෙමාගේ හතරවරං ලියන්ඩ ඕනි. ඒ උනාට ගපල ගන්න තමයි අමාරු. එයා ආවා ලංකාවට. මමයි අම්මියි බන්ඩාරණායක එයාර්පෝට් එකට ගියේ එයාලා එන්න පැයකට විතර කලිං. ජීවිතේ ගෙවපු දිගම පැය. කොහොම හරි බට්ටිච්චිලා ආව ප්ලේන් එක ආවා. හිත හරිම නොසන්සුන්. ඊ ලගට උදාවෙන අවස්ථාවට කොහොම ෆේස් කරගන්නද කියලා හරිම චකිතෙකින් හිටියේ.ආව ගමන් බට්ටිච්චිව බදා ගන්නවද,නැත්නම් කිස් එකක් දෙනවාද, නැත්නම් මුලටම අම්මටයි තාත්තටයි වදිනවද, ...
වදින එකෙක්ට වදින්න...!! ජෙමාගේ හතරවරං මම කලිනුත් කිවනේ.. මම බ්ලොග් ලීවේ මම උ.පෙ කරන කාලේ ඉදන්. මට බ්ලොග් ලිවිල්ල එපා උනේ පිස්සු බල්ලෙක් පිස්සු තද උනා වගේ හැම තැනම කක්කා කර කර ගිය නිසා. ගද ගහන්න ගත්ත නිසා. ඉතිං විනෝදෙට ලියපු බ්ලොගේ නිසා හිතේ කේන්තිය ඕන නෑනේ කියන හැගිම ආව නිසා ඒක අයින් කරලා දාලා හිටියා. ඒත් කාලෙකට පස්සේ ආයෙමත් බ්ලොගයක් ලියන්න ඕනි කියලා ...
සිරාවටම ඒකි ෂෝක් කෙල්ල හෙවත් දැලි පිහියෙන් අයිස් කිරිං ජෙමාගේ හතරවරං ඒ සුන්දර රෑ යාමේදාහක් විදුලි පහන් මැද්දේඔයාගේතරු ඇස් දෙක දිලිහුනේහරියට අහසේ පායපු තරු කැට දෙකක් වගේඒ වගේම ඔයා හරිම දක්ෂයිකතා කරන්නඔයාගේ තරු ඇස් දෙකෙන්ඔයා මට මොන මොනවදෝ කීවා...ඒත් ඉතිංඔයා ගොඩක් ඉහල අත්තක පිපුණුලස්සන අරලියා මලක්.. .............. ජෙමා නිසදැස් ලියන්න දක්ෂ නෑ. මේක ලියවුනේ දවසක් බර්ත් ඩේ පාර්ටි එකකට අපේ ඔෆිසර් කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවේ අපේ මිත්තරයා බර්ත්ඩේ ගර්ල්ව හදුන්වලා ...