මිහිපිට ඇත්තටම යෝධයෝ ඉඳල තියෙනවද? පුදුම සමහර මිනිස්සුන්ව දැවැන්ත, යෝධ මිනිසුන් කියලා හඳුන්වන්නෙ කරුණු දෙකක් අනුවයි. එක්කෝ මිනිසුන්ට වඩා විශාල මිනිස් වර්ගයක්, එහෙමත් නැත්නම් ගොඩාක් උස මිනිස්සු කොට්ඨාශයක් කියන දෙයාකාරයටයි. අපිට දැනගැනීමට පුළුවන් විදිහට තවමත් ලොව පවතින සහ ඉතා දුර්ලභ ගණයේ රෝගයක් තමයි යෝධ බව (Gigantism) යනුවෙන් හඳුන්වන්නේ. ඇත්තටම අතීතයේ දී යෝධයෝ හිටියා කියන මෙම තත්වය ලේඛනගතව පවතින සහ කටින් කට පැවතගෙන ඇවිත් අහන්න ලැබිච්ච කටකතා හෝ ...
රැවුල ගිණි ගන්නෙ නැතිව රැවුලේ වටිනාකම දැන ගන්න. පුදුම 1860 වසරේ මැයි මාසයේදී ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිධූර අපේක්ෂකයා වෙත මේ අන්දමින් ලිපියක් ලැබී තිබුණි. ලින්කන් මැතිතුමණි, ඔබ ඇමරිකාවේ ජනාධිපති වීම ගැන කැමැත්තෙන් සිටින අය අතර මමත් සිටිනවා. මට වයස අවුරුදු එකොළහයි. මුහුණ ඇකිලිලා. හකු ඇතුලට ගිහින්. මම ඔබට එක් උපදෙසක් දෙන්නම්. ඔබ රැවුල වවන්න. එය මුහුණට අලුත් පෙනුමක් ගෙන දේවි. එවිට ඔබ ඡන්දයෙන් දිනයි. ඔබට ජය, මම ග්‍රේස් බෙඩල් ජනාධිපතිවරණයෙන් ...
මහනුවර කිරි මුහුද මැද සොඳුරු දූපත ජයතිලක මණ්ඩපය පුදුම මහනුවර නගරය සමග වූ අනන්‍යතාවය ගොඩ නැගෙන්නේ දළදා මාලිගාව සහ ඒ වටා දියරැළි නගන කිරි මුහුදු නිසාම බැව් රහසක් නොවේ. නගරයට සිසිලස සමග සුන්දරත්වය ගෙනෙන කිරිමුහුද සමග වූ අතුරු කතාවන් අසන්නට ලැබීම වැව් දියවර සිහිලස වගේම හිතට සැනසිලිදායක මිහිරක් කිව්වත් වරදක් නැහැ. දිනපතා පුරුද්දක් ලෙසින් අවට පරිසර සිරි විඳින ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා දිනක් අහම්බෙන් කිරි ඉබ්බෙක් දුටු අතර එතුමා ...
ඔබ පුදුම කරවන මිනිස්සුන්ට තියෙන අමුතු භීතිකා 10ක්. පුදුම මේ වගේ බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි. මේවායින් සමහරක් ඔබ අලුතෙන්ම අහන දේවල් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම සමහරුන්ට මේ වගේ භීතිකා තියෙන එක නම් ඇත්තම දෙයක්. 1. Ablutophobia – නාන්න තියෙන භීතිකාව මේ භීතිකාව නම් ගොඩක් අයට තියෙනවා කියලා අපි දන්නවනේ. Ablutophobia කියන්නෙ ඇඟ සෝදන්න හෝ නාන්න තියෙන බයටයි. මේක වැඩිහිටියන්ට වඩා ළමුන් අතරේ පොදු ...
සතුන් 10 දෙනෙක්ට අයිති මේ ලස්සන ඇස් ඔබට හඳුනාගත හැකිද? පුදුම ඔබ සහ මම Suren Manvelyan කියලා කෙනෙක් ගැන අහලවත් නැහැ නේද? ඔහු ඡායාරූප ශිල්පියෙක්. හැබැයි ටිකක් අමුතු ආකාරයේ කෙනෙක් කියලා හැඳින්වුවොත් නිවැරදියි. ඒකට හේතුව තමයි ඔහු ඡායාරූපයට නඟන්නේ ඇස් වීම. පළමුවෙන්ම, ඔහු ඡායාරූපගත කළේ මිනිස් ඇස්. නමුත් කාලයක් ගත වුණාම විවිධ සතුන්ගේ විවිධාකාර සහ විවිධ පරාසයන්ගේ අලංකාර ඇස් ඇති බව ඔහුට තේරුණා. ඉන්පසුව ඔහු සත්තුන්ගේ ඇස් බලන්නට සත්තු වත්තටත් ...
අන්තර්ජාලයේ ගැඹුරුම තැන ගැන ඔබ නොදත් රහස් – Deep Web පුදුම දැන් කාලෙ අපිට මොකක්හරි තොරතුරක් දැනගන්න ඕන වුණාම ‘ගූගල් දෙයියා’ සිහිපත් කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ කියන්නෙ අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සෙවුම් යන්ත්‍රයක පිහිට, ආධාරය ලබා ගැනීමට අපි පුරුදු වෙලා. ගැඹුරු අන්තර්ජාලය (the Deep Web) යන්න සාමාන්‍යයෙන් සැඟවුණු අන්තර්ජාලය (Hidden Web) හෝ අඳුරු අන්තර්ජාලය (Dark Web) හෝ අදෘෂ්‍යමාන අන්තර්ජාලය (Invisible Web) යන නම් වලින්ද හඳුන්වනවා. මොකක්ද මේ ...
වසර 200ක් පැරණි ‘පඩ යුද්ධය’ ජපන් සිතුවම ‘He-gassen’ පුදුම ගොඩක් දෙනා මේ පැරණි සිතුවම් දුටුවාම එක එක ජාතියෙ අදහස් ප්‍රකාශ කරනවා. ඇත්තටම වැසිකිලියක ඇඳ තිබූ වසර 200ක් පමණ පැරණි මේ සිතුවම් වල කාන්තාවන් සහ පිරිමින් ආයුධ භාවිතා නොකර සතුරා වෙත තම ගුද වාතය පිට කරමින් යුද්ධයක නිරත වන අයුරු දැක්වෙනවා. ඔය ගුද වාතය කියලා අතිශය සභ්‍ය විදිහට කියන එකට තමයි ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයේදි අපි පඩය කියා හඳුන්වන්නේ කියලා ඔබ ...
ඇමරිකාවේ “ධවල මන්දිරය” ගොඩනැංවුණේ මෙහෙමයි. පුදුම 1790-1800 අතර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙසින් පාලනය මෙහෙයවූ ජෝර්ජ් වොෂිංටන් ජනාධිපතිවරයා ෆිලඩෙල්ෆියා නගරයේ සිට පාලනය මෙහෙයවූ අතර මෙම නගරය තාවකාලික අගනුවර බවට පත් විය. 1790 වසරේ ජෝර්ජ් වොෂිංටන් ජනාධිපතිවරයා මෙම ජනපති මන්දිරය වෙනුවෙන් අර්ධ කවාකාර ගොඩනැගිල්ලක් එක් කරන ලද අතර ජනාධිපතිවරයා මෙම මන්දිරයේ විශේෂ කාමරයක පිහිටි ජනේල තුනකින් එපිට සිට මහජනතාව අමතන ලදී. 1797 වසරේ බලයට පත් ජෝන් ...
තාරකා විද්‍යාව තම ජීවිතයම කරගත් ටයිකෝ බ්‍රාහේ පුදුම 1546 වසරේ දෙසැම්බර් 14 වැනි දින ඩෙන්මාර්කයේ ස්විඩනයට අයත් ”ස්කේන්” ප්‍රදේශයේ ට්රයිකේ හෙවත් ටයිකෝ බ්‍රාහේ වංශවත් පවුලක කුළුඳුල් පිරිමි දරුවා ලෙසින් උපත ලැබුවේය. පියාට වඩා බාප්පා ට්රයිකේට ලෙන්ගතු වුයෙන් ඔහු තම දේපලද ට්රයිකේට පවරා දරු තනතුරේ හදා වඩා ගනිමින් අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය සියළු ප්‍රතිපාදන සලසා දුන්නේය. කෝලන්හේගන් සහ ලෙයිප්සින් විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබා එයින් පසුව ජර්මනියේ විටන්බර්ග්, රෝස්ටොක් සහ බසාල් යන ...
යළි ඉපදුණු ලොව ඉපැරණිම විශ්ව විද්‍යාලය – නාලන්දාව පුදුම පුරාණ ලෝකයේ අධ්‍යාපන ආයතන අතුරින් ප්රමුඛස්ථානයක් ගනු ලැබූ සහ බුද්ධිමතුන් රාශියක් ඒකරාශී කළ ස්ථානයක් වශයෙන් නාලන්දා විශ්වවිද්‍යාලය සැළකිය හැකියි. ක්‍රියාශීලී අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් බිහාර් ප්‍රාන්තයේ පැට්නා නගරයට කිලෝමීටර් 88ක් ගිණිකොණ දෙසින් පිහිටි නාලන්දාව අද වන විට නේපාල දේශසීමාවට නුදුරින් ඉන්දියාවේ දැකිය හැකි ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. ලොව නන් දෙසින් උපාධි අපේක්ෂකයින් දර්ශණය, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව සහ වෙනත් විෂයයන් ඉගෙනීමට මෙහි ...
ආකර්ශණීය ඇස් ඇති “යුද්ධයේ මොනාලිසා” – ෂර්බට් ගුලාබ් පුදුම 1984 වසරේ ඡායාරූප ශිල්පි ”ස්ටීව් මැක්කියුරි” විසින් ඇය හඳුන්වා දුන්නේ යුද්ධයේ මොනාලිසා යන විරුදාවලියෙන්ය. ඇෆ්ගනිස්ථානයේ පැවැති කුරිරු යුද්ධයෙන් හෙම්බත්ව සිටි මෙම පවුල සරණාගත කඳවුරක නැවාතැන් ගෙන සිටියදී ස්ටීච් මැකරිට ඇය නෙත ගැටුනේ ඉතා අහඹු ලෙසින්ය. ඇගේ දෙනත ඇත්තටම නිල්වන් පැහැ නොවුනත් එය ආකර්ශණීය කොළ පැහැයකින් දිස් විය. මේ නිසා ස්ටීච් මැකරි ඇය හඳුන්වන ලද්දේ යුද්ධයේ මොනාලිසා ලෙසින්ය. මේ නිසාම 1985 ...
ඔබේ ස්වයං නිර්මාණශීලී හැකියාවන් වැඩි දියුණු කර ගන්න. පුදුම නිර්මාණශීලී වෙනව කියන එකත් හිතල බලද්දි හරිම අමාරු දෙයක් වගේ පේන්නේ. අරයට වගේ මට ලස්සනට කවි ලියන්න බැහැනේ. අහවලාට වගේ ලස්සනට චිත්‍ර අඳින්න බැහැනේ ආදී වශයෙන් නිර්මාණකරණයේ යෙදෙන්නන් සමඟ තමාගේ හැකියාවන් සංසන්දනය කිරීමට යාමෙන් තමයි තමන්ගෙ නිර්මාණයක් කවදාවත් බිහි නොවෙන්නේ. සමහරවිට ඔබට චිත්‍ර අඳින්නට හෝ කවි ලියන්නට නොහැකි වේවි. නමුත් ඔබ ඔබේ දක්ෂතා නිසි පරිදි හඳුනාගත්තොත් මෙතෙක් නොදුටු ඔබගේ රංගන ...
බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස ඇත්තටම විසඳුනා ද? පුදුම බර්මියුඩා ත්‍රිකෝණයේ ගුවන්යානාවන් සහ නෞකාවන් අබිරහස් ලෙසින් අතුරුදහන් වීම ගැන අධ්‍යනයේ යෙදුන ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ කාලගුණ විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන්නේ මෙම කලාපයේ පවතින ෂඩාකාර වලාකුළු නිසා මෙම තත්වය ඇති වෙන බවයි. කාලාන්තරයක් පුරා හඳුනා ගත නොහැකිව තිබුණු බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස පිලිබඳ හේතුඵල සම්බන්ධතාවය දැන් අනාවරණය වෙන ලකුණු මේ නිසා පහල වෙමින් පවතිනවාය කිව්වත් වරදක් නැහැ. කාලගුණ විද්‍යාඥයන්ගේ ...
රට රටවල අලුත් අවුරුදු සමරන්නේ මෙහෙමයි. පුදුම සම්මත දින දර්ශනයට අනුව ජනවාරි පළමු වැනි දින සමග එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් මුළු මහත් ලෝකයම සතුටට පත්ව එය උත්සවාකාරයෙන් සමරනු ලබනවා. අවුරුද්ද මුල් කර ගෙන උත්සව සැමරීම බැබිලෝනියන්වරුන්ගේ සිරිතක්ව පැවැතුනා. ඔවුන් තමන්ගේ අවුරුද්ද සමරනු ලැබුවේ නයිල් ගංගාව පිටාර ගලන කාලයටයි. ”ඒමන් “දෙවියන් මුල් කර ගෙන ඊජිප්තු වැසියන් පුද පූජා පවත්වනු ලැබුවා. ඊජිප්තුවේ ජනවාරි පළමු වැනි දින නිවාඩු දිනයක් විදිහට ...
ඉන්දියානු ‘ගව විවාහ’ සහ තවත් පුදුම ගොන් වැඩ පුදුම ඉන්දියාවේ පූජණීය ගවයින් ගැන ඔබ අසා තිබෙනවාද? ඒ වගේම ඉන්දියානු ශිෂ්ඨාචාරයේ මව ලෙස සළකන සහ දෙවියන් විසින් ලබා දුන් ඉන්දියානු සංකේතය, ප්‍රධානතම ආගමික සහ සංස්කෘතිකමය සාධකය විදිහට ගවයා සැළකෙනවා. මේ අනුව ඉන්දියානු “ගවයින් සුරැකීමේ ව්‍යාපාරය” 1882 දී බිහිවිය. එයින් පසුව බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉන්දියාව තුළ ගවයින් ඝාතනය කිරීම නතර කිරීමටත් හැකිවුණා. මේ තරම් ගවයින් සම්මානයට පාත්‍ර වීමට මූලිකවම බලපාන්නේ මිනිසා ...
දිනේ කියන කැලැන්ඩරේ ලෝකෙට ආවේ මෙහෙමයි. පුදුම “මහත්තයා, මේ සැරේ කැලැන්ඩර් එහෙම නැද්ද? “ මේ දවස්වල ‘කැලැන්ඩර්’ කියාගත්තු ගමන් ගොඩ දෙනෙක් ඉන්නෙ ළඟ එන නව වසර පිළිගනිමින් තම නිවසේ දින දර්ශනයකින් සරසා ගැනීමටයි. අලුත් අවුරුද්දක් ලබන විට අලුත් විදිහට අලුත් අවුරුද්ද පිළිගැනීමට ලෝකයම සූදානම්. විශ්ව ව්‍යාප්ත විදිහට කාලය මනින ඒකකයක් විදිහට කැලැන්ඩරයක් පාවිච්චි කිරීම සාමාන්‍ය රටාවක්. මේ දිනවල හැම දෙනාගේම උනන්දුව තිබෙන්නේ කැලැන්ඩර එක්රැස් කරන්නයි. වෙලාවකට ...
නත්තල් කාලෙට යුරෝපයේ සල්පිල් සවාරියක් යමු. පුදුම ළඟ එන නත්තල් කාලෙට බොහෝ දෙනෙක් සල්පිල් සවාරි යෑම පුරුද්දක් කරගෙන. සමහරු බඩු මිලට ගන්නේ නැතත් වෙළඳපොලේ තියෙන අසිරිය විඳගන්නත් යනවා දකින්න පුළුවන්. ලංකාවෙ නගර වල නත්තල් බලන්න ඇවිදින අපිට යුරෝපයේ නත්තල් බලන්න යන්න ලැබුණොත් මෙන්න මේ තැන්වල තමයි සුපිරිම නත්තල් සල්පිල් තියෙන්නෙ. ළඟ එන නත්තල් කාලෙට අලුත් ඇඳුම් විලාසිතා ලෝකයේ පැරණිතම නත්තල් වෙළඳපොල ලෙස සැළකෙන්නේ ප්‍රංශයේ නත්තල් Strasbourg සල්පිලයි. ...
රාජකීය සංගමයට එක් වූ පළමු ශ්‍රී ලාංකිකයා – මහාචාර්ය මලික් පීරිස් පුදුම ලාංකිකයන්ගෙ මතකයන් තුල සදා අමරණීය වෙන්න ඕන පුද්ගලයින් ඔවුන් විසින් අමතක කර දැමීම හරිම ඛේදවාචකයක්. දැන් කියන්න යන්නේත් එහෙම ගොඩ දෙනෙකුට අමතක වී ගිය තවත් සමහරක් අහලවත් නැති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ගැනයි. මේ පුද්ගලයා ලොව දිනූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයින් බහුතරයක් අතරින් අපගේ අවධානයට ලක් නොවූ, ලෝකයට නැතිවම බැරි සේවාවන් සිදු කළ අයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. එක්සත් රාජධානියේ රාජකීය සංගමයට එක් වූ ...
පරණ පෙම්වතියට ආයෙමත් මැසේජ් කරන්න හිතෙන හේතු පුදුම ඔබත් ප්‍රේමවන්තයෙක්, ප්‍රේමවන්තියක් නම් මේ ලිපිය අදාළ වෙනවා නිසැකයි. ඊටත් අමතරව ඔබ දැනට ඔබගේ දෙවන පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ඇසුරක් පවතිනවා නම් තවදුරටත් අදාළ වේවි. සමහරවිට පණට පණ දීගෙන ඉන්නවා වගේ ආදරේ පෙනුනත් හිත යටින් පරණ කෙනාගෙ ආදරේ මතක් වෙනවා වෙන්න පුළුවනි. එතකොට ඔබට තනිවම ඉන්න හිතේවි. මනස ව්‍යාකූල ගතියක් දැනේවි. නමුත් අලුත් කෙනා දැනගෙන හෝ නොදැන පරණ කෙනත් එක්ක ...
විප්ලවයෙන් උපන් දරුවෙක් – නැපෝලියන් බොනපාට් පුදුම නැපෝලියන් බොනපාට් පිලිබඳව ලෝකයා කථා කරන්නේ යුරෝපා සිතියම සහ ප්‍රජා පාලනයේ හැඩතල වෙනස් කරන ලද විප්ලවයෙන් උපන් දරුවෙක් ලෙසයි. ඔහු ඉතාලි සම්භවය සහිත පවුලක තවත් එක් පුරුකක් විය. අට දෙනෙකුගෙන් යුක්ත පවුලේ දෙවැනි දරුවා වූයේ නැපෝලියන්ය. දීප්තිමත් වූ ආකර්ශණීය දෙනෙත් යුගල නිසාම නැපෝලියන් මහත් කැපී පෙනන රූ සපුවකින් හෙබියේය. ඔහු හැදී වැඩුනේ අජැසියෝ නගරයේ සුවිසල් නිවසකය. පැරිසියේ හමුදා පාසලක අකුරු ...