ලාංකික ජන මනසේ දිනපොත | Eyes of others; Thoughts of others (අ)සම්මත සටහන් කුමාරි අක්කා බඳිනවලු. අද හවස ලොකු අම්මා ඇවිත් වෙඩින් එක කියල ගියා. උත්සවය තියෙන්නේ 24 වෙනිදා. තව සති දෙකකට පොඩ්ඩක් වැඩියෙන් කල් තියෙන්නෙ. මාසෙ මුල වුනාට පඩියෙන් බාගෙකටත් වඩා ඉවරයි. ශික් ! මෙච්චර අමාරුවෙන් රෝල ගහගෙන ගෙනියන මාසෙ අස්සට ඔහොම එකක් ආවාම මාරම අමාරුයි. ඒත් මොනව කරන්නද, නොගිහින් බැහැ. “නොගියොත් නෑදෑයෝ මොනව නොකියයිද?” අඳින්න කියල හරිහමන් ඇඳුමකුත් නැහැ. කමක් ...
මම සහ අනුන් | The Responsible Sri Lankan Citizen (අ)සම්මත සටහන් සාමාන්‍යය ශ්‍රී ලාංකිකයාගේ චින්තනයට අනුව, තමා රාජකාරී කරනා ස්ථානයේ සේවකයෙක් වශයෙන් තමා අනුගමනය කල යුතු නීති රීති හැකි තරම් නොසලකා හැර තම හිතවතුන්ට ඒවා අතරින් රිංගා යෑමට උදව් කිරීම ඒ හිතවතුන් කෙරේ තම හිතවත්කම පෙන්වීමේ මාර්ගයකි. තමා කඩකරනා නීතියේ රීතියේ තරම අනුව තමාගේ හිතවතා කෙරේ ඇති හිතවත් කම වඩ වඩා පෙන්විය හැකිය. හිතවත් කම සාමාන්‍යය ප්‍රමාණයට ඇති හිතවතුන් වෙනුවෙන් ...
මම බෞද්ධයෙක් නොවෙමි. නමුත්… | Avoiding intellectual Suicide (අ)සම්මත සටහන් මගේ ලෝක දැක්ම වැඩියෙන්ම සමපාත වෙන්නේ බෞද්ධ දර්ශනය සමඟය. සිද්ධාර්ථ ගෞතම මා වැඩියෙන්ම ගරු කරන ආගමික නායකයාය. බෞද්ධාගම මා වැඩියෙන්ම එකඟ වෙන ආගමය. එහෙත් මම බෞද්ධයකු නොවෙමි. සිද්ධාර්ථ ගෞතම නැමති මිනිසා, බොහෝ දෙනා කියන ආකාරයට “බුද්ධත්වය” නම් තත්වයට පත් වුනාය කියා මම පිළිනොගනිමි. බුද්ධත්වය කියා තත්වයක් තිබේය කියාද මම නොසිතමි. මා සිතනා අන්දමට සිද්ධාර්ථ ගෞතම යනු මම, ඔබ වැනිම ...
ආදරය නිසා ජීවිතය විහින් අපායක් කරගැනීම (අ)සම්මත සටහන් අරවින්ද, තවත් එක් කාර්යබහුල දවසක සිය වැඩපල හමාර කොට විඩාව මැදින් සිය ඔරලෝසුව දෙස බලයි. “වෙලා නම් තියෙනවා. යනවද නැද්ද? යනවද නැද්ද?” ඔහු සිටින්නේ දෙගෙඩියාවෙනි. තම සහකාරියගේ මිතුරියගේ විවාහ මංගල උත්සවයයි, අද. එදින උදයේ වැඩට පිටත් වීමට කලින් බලාපොරොත්තු වූ ලෙසම ඇයගේ බලකිරීමය. “වැඩ ඇරිලා අනිවාර්යෙන්ම එන්න. පුළුවන් නම්, මහන්සි නැත්නම්, ඔයා අකමැති නැත්නම්…” ඇයගේ සැබෑ හැඟීම් නිරූපනය වන්නේ ...
බුදුන් මැරීම | Killing The Buddha (අ)සම්මත සටහන් “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි. නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය. “If You Meet ...
ඩිවෝස් එක හෙට නෙමේ අද | Unhappy Married Life (අ)සම්මත සටහන් “පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්‍රශ්න තමා.කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්න තියෙද්දිත්දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ” ….ගොඩක් වැඩිහිටියො අපට කියන කතාව ඕක. ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්‍රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ වැඩිහිටි පරපුර තම තමන්ගේ ජීවන සගයා එක්ක ...
ආදරයෙන් හැමිනෙමු | Making Love in Sinhalese (අ)සම්මත සටහන් ඉංග්‍රීසි භාෂාවේ එන “I slept with him/her” කියන අදහසට සමපාත වෙන කියමනක් විදියට සිංහලෙන් “මම ඇය/ඔහු එක්ක නිදාගත්තා” කියන යෙදුම තිබුනට ඉංග්‍රීසි භාෂාවේ එන “making love” කියන අදහසට හරියටම සමපාත වෙන සිංහල යෙදුමක් භාවිතයේ නැහැ. එකම විදියේ ක්‍රියාවක් හා සම්බන්ධව කතා කරනවා වගේ පෙනුනට I slept with him/her කියන එකෙයි I spent the night with him/her කියන එකෙයි we ...
සුමඩුර ඩර්ම දේශනා ! | Come and be Enlightened (අ)සම්මත සටහන් “අහවල් හාමුදුරුවන්ගේ සුමදුර ධර්ම දේශනාව අහන්න අහවල් දවසේ අහවල් පන්සලට අහවල් වෙලාවට එන්න”ගේ ඉස්සරහා තාප්පේ පෝස්ටරයක් අලවලාය. සුමදුර විදියට බණ කියන්නේ කොහොමද? පෝස්ටරය දුටු සැනින් බණ්ඩාට සිතුනේය. බුදුන්වහන්සේ දේශනා කල, සමස්ථයක් වශයෙන් ගත් කල පැවැත්ම දෙස සෘණාත්මකව බලන්නට උගන්වන දර්ශනයක් සුමදුර විදියට දෙසන්නේ කොහොමද? චතුරාර්ය සත්‍යය තාලෙට ගය ගයා නට නටා කියනවාවත්ද? එකත් අතකට සුමදුර ධර්ම දේශනා කිව්වාම බණ්ඩාට ...
ඩනින්-කෲගර් නැමියාව | Dunning–Kruger effect (අ)සම්මත සටහන් මම සිරස සුපර්ස්ටාර් පළවෙනි සීසන් එක බැලුවේ තරඟ කරන්න එන තරඟකරුවන්ගේ ගායන හැකියා වලින් තෘප්තියක් ලැබීමේ අරමුණින් විතරක්ම නෙමෙයි. ඉතා විශේෂ ගායන හැකියාවකින් යුත් තරඟකරුවන් වගේම සාමාන්‍යයෙන් මිහිරි ලෙස ගායනා කරන්න හැකියාවකින් යුත් තරඟකරුවන්ටත් අමතරව තව පිරිසක් හිටියා වැඩසටහන නරඹන්නන්ට මහත් විනෝදාශ්වාදයක් ලබල දීපු. ඒ තමා සින්දුවක් කියනවා තියා හිතන්නවත් බැරි, මලාට යකෙක්ටවත් අහන් ඉන්න බැරි විදියට සින්දු කියන ...
කොට සායේ මහා ගැටළුව | Freedom and Sexual objectification (අ)සම්මත සටහන් ප්‍රශ්න කරන්නා – ගැහැණු ළමයි කොටට අඳින එක, ඇඟ පේන්න අඳින එක වැරදියි කියලා අදහසක් තියෙනවද? කොටට අඳින එක වැරදි වෙන්නෙ කොහොමද? අසම්මත සටහන් – වැරදියි කියල කියනවට වඩා මගෙ අදහස හරියටම කියවෙන්නෙ ‘ඒක අධෛර්යමත් කරන්න ඕන හැසිරීමක්’ කියල කිව්වොත්. ඒකයි මගෙ මතය. ප්‍රශ්න කරන්නා – එහෙම කියන්න හේතුව මොකක්ද? අසම්මත සටහන් – දැන් කාලයේ කාන්තාව කියන කෙනාව සෙක්ෂුවල් ...
ප්‍රවේසම් වන්න, ඔබේ ප්‍රියයා මේ විදියේ කෙනෙක් විය හැකියි | You might be dating a Narcissist (අ)සම්මත සටහන් මගේ ළඟම මිතුරියක් වසර දෙකක කාලයකින් පසු ඇයගේ සැමියාගෙන් වෙන් වන්නට තීරණය කරලා. කාලයකට පසු හමුවූ ඇය මාත් සමඟ බෙදාගත් අත්දැකීම් වලට සවන් දුන් මට එකවරම සිහියට නැඟුනේ මා අසා, කියවා ඇති ‘නාසිසිස්ටික්’ (Narcissistic) නම් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් ගැනයි. මට හැඟී ගිය විදියට ඇයගේ සැමියාද එවන් ගති ලක්ෂණ ඇති අයෙක්. පොදුවේ Narcissistic personality disorder යනුවෙන් හැඳින්වුවත් මෙය රෝගයක් ...
ගබ්සාව සහ නියම බෞද්ධයෝ (අ)සම්මත සටහන් මේ රටේ ගබ්සාව නීතිගත කිරීමට ඔබ එකඟද? “කිසිසේත්ම නැහැ. මම සැබෑ බෞද්ධයෙක්. බුදුදහමට අනුව ප්‍රාණඝාතය මහා අකුසල කර්මයක්” ඒ කියන්නේ විරුද්ධත්වයට හේතුව ඔබේ බෞද්ධකමද? “ඔව්, ඒක ප්‍රධානතම හේතුවක්…” එතකොට අබෞද්ධයෝ ගබ්සා කලාට කමක් නැද්ද? “එහෙම බෑ.. මේක බෞද්ධ රටක්… මේ රටේ නීති හැදෙන්න ඕන බුදුදහම මූලික කරගෙන, බෞද්ධ විශ්වාස වලට අනුව…” එතකොට ඉස්ලාම් ආගමිකයො අරාබිය වගේ රටවල තමාගේ ආගමික ...
ඔබේ ‘විල්සන්’ කවුරුන්ද? (අ)සම්මත සටහන් “ජීවිතය කියන එකේ තේරුම මොකක්ද?” මුහුණුපොතේ මිතුරෙක් ප්‍රශ්නයක් අහනවා. ජීවිතය එක්ක හැමදාම ඔට්ටු වෙන මිනිස්සු විදියට අපි හැමෝටම මේ ප්‍රශ්නයට දෙන්න මොකක් හරි උත්තරයක් ඇති. ලෝකයේ අහන දකින දේවල් සහ මිනිස්සු ගැන උනන්දු වෙන අපි.. කල්පනා කරන අපි..අපි ගැනම, අපේ ජීවිත ගැනම හිතල බලල තියෙනවද?උඳේ ඉඳල රෑ නිදි ඇඳට යන තුරාවට අපි කරන දේවල්, ඇයි අපි කරන්නෙ..? “ජීවත් වීම ...
පෙරළි පෙරළි වඳිමි. නැත්නම් පෙරළෙන්නටම ගසමි. (අ)සම්මත සටහන් ලංකාවේ අපට පෙරළි පෙරළි වඳින්නට කවුරුන් හෝ ඕනෑය. අනෙක් අතට පෙරළි පෙරළි ගහන්නටත් කවුරුන් හෝ ඕනෑය. අපේ චින්තනය හැඩ ගැසී ඇත්තේ ඒ අයුරිනි. අපේ ලෝකයේ සිටින්නේ එක්කෝ වීරයෝය, එක්කෝ දුෂ්ඨයෝය. එක්කෝ කළු චරිතය, එක්කෝ සුදු චරිතය. ආන්තික දැක්මකින් යුත් මිනිසුන් වන අපි මැදහත් සිතින් ලෝකය දැකීමට නොදනිමු. අපේ ලෝක වල වීරයන්ට නිරතුරු සුවඳ දුම් අල්ලමින් බිම පෙරළි පෙරළි වන්දනා ...
ෆැෂන් එකට ශොපින් යාම (අ)සම්මත සටහන් ප්රශ්නය – මට කල්පනා වෙනවා ඔබ කිව්ව යමක්.. මේ ගැන ඔබ ලියලත් තියෙනවා.. ප්රජාතන්ත්රවාදය ගැන අප කතා කරමින් ඉන්න කාරණයට සම්බන්ධ දෙයක්.. ඔබ සඳහන් කරල තියෙනවා මෙහෙම… තරුණ ගැහැණු ළමයින් තමන්ට විවේක වේලාවක් හම්බෙන සෙනසුරාදා හවස වගේ වෙලාවල් වල ෂොපින් මෝල් වල ඇවිදින්න කැමතියි පුස්තකාලයක් වගේ තැනකට යනවට වඩා කියල.. මම හිතනවා මේ කාරණය සිත්ගන්නාසුළු දෙයක් කියල. මොකද බොහෝමයක් ...
බලය යනු කුමක්ද? | What is power? (අ)සම්මත සටහන් ලෝක ප්‍රකට විශිෂ්ඨ ගනයේ චිත්‍රපටයක් වන Schindler’s List චිත්‍රපටයේ එක් දර්ශනයකදී කථා නායකයා වන Oskar Schindler හා නාසි හමුදාවේ අණ දෙන නිළධාරියෙකු වන Amon Göth සංවාදයක යෙදී සිටිනවා. ඔවුන් දෙදෙනාගේ සංවාදයේ විෂය “බලය යනු කුමක්ද?” (What is power?) යන කාරණයයි. Amon Göth කියන්නේ උදේ පාන්දර අවදිව කම්මැලිකම යාමට සිය තුවක්කුව ගෙන ඉලක්කය ගනිමින් කුරුල්ලන් මරන්නා සේ යුදෙව්වන් ඝාතනය කරන ...
විවාහයද? විවාහ නොවී එකට ජීවත් වීමද? | Living Together ගැන (අ)සම්මත සටහන් “…මේ ලඟදි දවසක මගේ පරණ පෙම්වතියක් හමුවුනා අවුරුදු පහලවකට විතර පස්සේ.එයාට දැන් අවුරුදු හතලිහක් විතර ඇති… බැඳලා නෑ. බඳින එකකුත් නෑ. එයා තාමත් එදා වගේම ලස්සනයි.. වයස ගිහිල්ල කියල කියන්නවත් බෑ. හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. අපි තේකක් බොන ගමන් නිකං කතා කලා.එයා මගෙන් ඇහුවා ‘ඔයා අර බැන්ද ළමයට ඇත්තටම ආදරය කලාද’ කියලාමං ‘ඔවු’ කිව්වා ඊට පස්සෙ එයා ඇහුවා’ඉතින් ඇයි ...
මධ්‍යම පන්තියෙ කාර් (අ)සම්මත සටහන් ඔය “මධ්‍යම පන්තිය” කියන්නෙ මොක්කුද කියන්න මම දන්නෙ නෑ. අහල බලද්දි හැමෝම මධ්‍යම පන්තියෙ. හාකො. එනිවේ, ඉතිං මධ්‍යම පන්තියෙ නියම ලාංකික පිරිමියෙක් වුනාම අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ දෙයක් තමා කාර් එකක්. කාර් එකක් නැත්තං ඉතිං පුරුෂ නිමිත්ත අඟල් දෙකක් තුනක් විතර කෙටි වෙන සීන් එකක් තියෙනව. ලොකු කේස් එකක්. අඩු ගාණෙ ලදරං ඇල්ටො එකක්වත් ඕනෙ. සිංගපූරුව කියන්නෙ සෑහෙන නොදියුණු රටක්. ...
සිද්ධාර්ථගේ ජීවිතය ප්‍රශ්න කිරීමේ අයිතිය වෙනුවෙන්? (අ)සම්මත සටහන් 1988 වසරේ පළවුන සල්මන් රෂ්ඩිගේ Satanic Verses නවකතාව තුළ ඉස්ලාම් ආගමික නායක මහම්මද්ගේ ජීවිත කතාවේ යම් කොටස් ඇතුළත් වෙලා තිබුනා. නමුත් රෂ්ඩි විසින් තම නිර්මාණයට මහම්මද්ගේ ජීවිතය සහ එහි සිදුවීම් ඇතුළත් කරල තිබුනේ ඒවාට ඔහුගේම අර්ථකතනයන් ලබා දෙමින්. “සාම්ප්‍රදායික ආකල්ප හා විශ්වාස වලින් වෙනස් වෙච්චි විකල්ප දැක්මවල් ඉදිරිපත් වීම ඉතාම යුක්තියුක්ත දෙයක් විදියටයි මම දකින්නෙ. ඉස්ලාම් ආගම ගැන පමණක් ...
වන්දනාවේ යමු පෙවීලා තිසරණ සීලේ (අ)සම්මත සටහන් දිනක් මගේ මිතුරෙක් මා හමුවීමට පැමිණියේ වැදගත් කතාවක් මාත් සමඟ කීමට ඇතැයි පවසමිණි. වෙනදා මුහුණේ ඇති සැහැල්ලු විනෝදජනක ස්වභාවය වෙනුවට බැරෑරුම් බවක් ආරූඩ වුනු ඔහුගේ මුහුණ දුටු මම එවැනිම විලසකින් කාරණය කුමක්දැයි විමසා සිටියෙමි. “ශ්‍රී.. අපි හැම අවුරුද්දෙම අනුරාධපුරේ යනවනෙ, වන්දනාවට. එන කට්ටියගෙ නම් ලිස්ට් එක දැන්ම හදනවා. යන දින දවස් මම අද දවස ඇතුළත කියන්නම්. මොකද කියන්නෙ, එනවද ...