සාම්ප්‍රදායික රැඩිකලුන් (අ)සම්මත සටහන් රැඩිකල් සහ ප්‍රගතශීලී මතධාරීන් කියල හැඳින්වෙන ගොඩක් අයගෙ රැඩිකල් බවයි ප්‍රගතශීලී බවයි කියන්නෙ ආගම සහ සංස්කෘතියෙන් එහාට අතුරුදන් වෙන දෙයක්. ඒ රැඩිකල් සහ ප්‍රගතශීලී බව තියෙන්නෙ ආගමික සහ සංස්කෘතික කාරණා කියන සීමාව ඇතුලෙ විතරයි. ආගමික සහ සංස්කෘතික කාරණා වලදි තියුණු ලෙස රැඩිකල් වන අය මාතෘකාව ආර්ථික ක්‍රමය, සමාජ ක්‍රමය, ජීවිතය, පැවැත්ම වගේ දේවල් වලට මාරු වුන ගමන් පෙන්වන්නේ සෑහෙන වෙනස් ...
සෙබළා රණවිරුවාට ඇන්දවීම (අ)සම්මත සටහන් ‘සෙබළා’ නම් වචනය ලංකීය ජනවහරින් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කෙරෙමින් පවතියි. ඒ වෙනුවට ‘රණවිරුවා’ නම් වචනය පාවිච්චි කිරීමට පුහුණු කෙරෙමින් තිබේ. සෙබලාව රණවිරුවා කිරීම දේශපාලන ප්‍රොජෙක්ට් එකකි. එයින් ඉලක්ක කෙරෙන්නේ ‘සෙබලා’ නම් වචනය පසුපස ජීවත් වෙන මනුස්සයාට වඩා යම් පිරිසකගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සහ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කර ගැනීමයි. මේ දිනවල දිනපතාම වාගේ රූපවාහිනියේ පෙනී සිටින යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා ...
යක්ෂයාට තම ආත්මය විකුණපු මිනිස්සු (අ)සම්මත සටහන් යක්ෂයාට තම ආත්මය විකුණපු මිනිස්සු, කියන්නේ ප්‍රසිද්ධ වැකියක්. මොකක් හරි හේතුවකට චතුර, සංඛ, දිල්කා, සුදේව, රංගන, අශේන්, ඉරාජ්, දිලිත්, මහරාජා, රෙනෝ; සරලවම මීඩියා කාරයන්ව දකින දකින වාරයක් ගානෙ; ටීවී එක බලන බලන වාරයක් ගානෙ ඔලුවට එන්නෙ ඒ වචන කිහිපය. “යක්ෂයාට තම ආත්මය විකුණපු මිනිස්සු” කියන වචන ටික. යක්ෂයාට තම ආත්මය විකුණනවා (selling your soul to the devil) කියන සංකල්පයෙන් අදහස් ...
කලාව අනතුරු සහිතයි; ප්‍රවේශමෙන් පරිහරණය කරන්න (අ)සම්මත සටහන් මම ජාතිකවාදියෙක් නෙමෙයි. මගේ ශබ්දකෝෂයේ තියෙන්නෙ ‘සෙබළුන්’ කියන වචනය මිසක් මේ ළඟදි අපිට ඒ වචනය වෙනුවට භාවිතා කරන්න උගන්නපු ‘රණවිරුවො’ කියන වචනෙත් නෙමෙයි. ඒත් මම නොදන්න මොකක් හරි හේතුවකට සුනිල් එදිරිසිංහගේ මේ ගීතය ඇහෙද්දි ඇඟ හිරි වැටිලා යන්නේ නිතැතින්මයි. “රන් මලක් ලෙස දෙව් බඹුන්, දෝතින් පිදූ මේ පින් බිමේ පස් පිඬක් ගිලිහී නොයන්නට, රන් වැටක් ඇත සිව් කොනේ නෙත් පුරා ...
අපි පිරිමි… උන් ගෑණු…! (අ)සම්මත සටහන් පළවෙනි අත්දැකීම :- කාලයකට කලින්. මීට අවුරුදු අටකට දහයකට විතර කලින් මම හිතන්නෙ. යාලුවෙක්ගෙ වෙඩිම ළඟයි. ඌගෙ වෙඩිමෙ වැඩ වලට උදව් වෙන්න එහෙ මෙහෙ දුවන ගමන්, පණ දාගෙන වැඩ කරන ගමන්. මහ රෑ වැඩ වලට උදව් වෙවී හිටිය තව යාලුවෙක්ව ගෙදර බස්සලා එන ගමන් මග වාහනේ නැවැත්තුවා සිගරට් එකක් ගහන්න. ලයිට් කණුවක් ළඟ නවත්තලා උපරිම සැනසීමේ සිගරට් එක ගහන අතරෙ ...
ෆේස් මාස්ක් සහ බුර්කා (අ)සම්මත සටහන් පහත ඡායාරූපය සමඟ අපේ මිත්‍ර අනූප ප්‍රේමරත්න මේ ප්රශ්නය අහල තිබුනා “මාස කීපයකට පෙර මෙම දැන්වීම දමා තිබූ වෙළඳ සැල් හිමියන්ට තවමත් සිය පාරිභෝගිකයන් ගේ මුඛය සහ නාසය දැක බලා ගන්න ආස ඇතිද?” මම හිතන විදියට, බුර්කා විරෝධය ක්‍රියාත්මක වුනේ ආගමික සහ සංස්කෘතිකමය යමකට එල්ල වුන සංකේතීමය විරෝධයක් විදියටයි. ඒ කිව්වෙ බුර්කාව එක්ක තිබ්බ විරෝධය යමකට විරෝධය දක්වන්න පාවිච්චි කරපු ...
මරණය (අ)සම්මත සටහන් මම තවම මරණයට පත් වෙලා නැහැ. මගේ පැවැත්මේ ප්‍රධාන කොටස්කාරයන් වෙලා ඉන්න අයගෙන් කවුරුත් තවම මරණයට පත් වෙලත් නැහැ. ඒ නිසා මරණය සමඟ මම තවම අභිමුඛ වෙලා නැහැ. මට තවමත් මරණය ආගන්තුකයි. ඒ අන්තිම වාක්‍යය කිහිපයේ මම එකම වචනයක් කිහිප වතාවක්ම යොදාගෙන. ‘තවම’ කියන වචනය. ජීවිතයත් එක්ක ලැබෙන නිශ්චිතම දෙයයි මරණය. ඒ කියන්නෙ මම සහ මගේ පැවැත්මේ ප්‍රධාන කොටස් කාරයන් ...
සැබෑ ලෝකයේ Joker ලා සහ මම (අ)සම්මත සටහන් වසර 2007, ජූලි 23 දින උදෑසන වෘතිමය අපරාධකරුවන් දෙදෙනෙක් වූ ස්ටීවන් හේස් සහ ජෝෂුවා කොමිසවෙස්කි ඇමරිකාවේ පිහිටා ඇති නිස්කලංක නගරයක් වන චෙශර් ප්‍රදේශයේ දොස්තර විලියම්ස් සහ ඔහුගේ බිරිඳ ජෙනිෆර් පෙටීට් ගේ නිවසට ඇතුළු වෙයි. ඔවුන් නිවසට ඇතුල් වන විට දොස්තර විලියම් සිටින්නේ මැද සාලයේ සෝෆාව මත අඩ නින්දකය. ජෝෂුවා පසුව පාපොච්ඡාරණය කලේ තමා ඉදිරියේ නිදා සිටි දොස්තර විලියම් ළඟ විනාඩි ...
ආගම ගැන කතාබහක් (අ)සම්මත සටහන් මිත්‍රයෙක් එක්ක කතාබහක්…. මාතෘකාව ආගම ! ආගම කිව්වේ ලෝකෙ පවතින එකම පරම සත්‍යය ආගම හෙවත් එයාගෙ අම්මගෙයි තාත්තාගෙයි ආගම. මේ පුද්ගලයාට අදාලව නම් කතෝලික දහම… සුපුරුදු පරිදි මෙවන් කතාබහ වලදී ටික වේලාවකින් ආගමික පාර්ශවයෙන් දකින්න ලැබෙන හැසිරීම් වන වියළි කැස්ස ඇතිවීම, ගෙන එන තර්කයෙන් තර්කයට ඉඳගෙන ඉන්නා විදිය මාරු කිරීම, ආසනයේ ඉදිරියටම පැමිණීම.. ආයෙම අගට යාම.., අත තබා ගැනීමට හරි ...
මිහිඳු හාමුදුරුවො ආපු හෙලිකොප්ටරේ (අ)සම්මත සටහන් “මිහිඳු හාමුදුරුවෝ බස්සලා හෙලිකොප්ටරේ ආපහු යනවා” විලංගු නොදැමූ අවංක ඇස් වලින් ලෝකය දිහා බලද්දි යථාර්තය පේන විදියට හොඳම උදාහරණයක් මේ පුංචි දරුවාගේ චිත්‍රය. පොඩි දරුවන් ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට අවනත වෙන්න සහ ඔවුන් කියනා දේ පිළිගන්න. තමාට සමීප වැඩිහිටියන් කියන දේ ඔවුන් විශ්වාස කරන්නේ දිගින් දිගටම විචාරාත්මකව ප්‍රශ්න කරන්නට ඔවුන්ගේ මනස ඒ වයසේදී වර්ධනය වෙලා නැති නිසා. දරුවෙක්ගේ මනසට ...
දරු කට්ට කෑම සහ දරුවන්ට කට්ට දීම (අ)සම්මත සටහන් පාසැල් කාලයේ යාලු මිත්‍රයන් යුවලක් කාලයකට පසු අහම්බෙන් මුණගැසුනි. කතාබහ අරඹා සුළු මොහොතකින්ම අනෙක් හැම අලුත් දෙමාපියන් යුවලක් වාගේම ඔවුන්ද කතා කිරීමට පටන් ගත්තේ තම දරුවන් ගැනයි. පළමු දරුවාට අවුරුදු තුනයිලු. දෙවන දරුවාට මාස ගාණක්ලු. සතියේ දවස් හතට අමතරව තව දවසක් තිබ්බා නම් හොඳයි කියා හිතෙනවාලු. ජීවිතේ හරිම කාර්යබහුලයිලු. අපිට අපි ගැන බලන්න වෙලාවක් නැහැලු. මෑතකදී දෙමාපියන් බවට පත් වුන ...
සිය කැමැත්තෙන් පැවැත්ම අහෝසි කරගැනීම ගැන (අ)සම්මත සටහන් කැමැත්තෙන් තමන්ගෙ ජීවිතය අවසන් කරගන්න එක ගැන සමහර වෙලාවට අපි හරි සැහැල්ලුවෙන් කතා කරනවා. ඒත් මැරෙනවා කියන එක, ඒ කියන්නෙ අපේම ජීවිතය අපි විසින්ම අවසන් කරගන්නවා කියන එක අපි ඉස්සරහා තියෙන ස්විච් එකක් ඕෆ් කරනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි… මැරුන කෙනෙක් දන්නෙ නෑ තමා මැරිලා ඉන්නෙ කියලා. ඒක හරි. මරණයේ අවුල විඳින්න පුද්ගලයෙක් තව දුරටත් පවතින්නෙ නෑ. ඒකත් ...
මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන් (අ)සම්මත සටහන් සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන ප්‍රගතශීලී මතදාරීන්ගේ තෝතැන්නක්. ඒත් මේ සමහර ප්‍රගතශීලී මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය. බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු ...
දේශපාලකයෝ වැරදි කරති…එතකොට අපි? (අ)සම්මත සටහන් කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අපි. මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අපි. “ඉස්සර නම් රුපියල් පන්සීයක් දාහක් දීලා ශේප් කරගන්නවා. දැන් මුංට සල්ලි කීයක් හරි දීලාවත් ශේප් කරගන්න බෑනෙ. දීලා තියෙන ටාර්ගට් ...
තමන්ගේ සහකාරියව පෑගීම පිරිමිකම බව සිතන අම්මලාගේ පුත්තු (අ)සම්මත සටහන් එදිනෙදා ජීවිතයේදී මානුෂීය සම්බන්ධතා දකිද්දි, අහද්දි තේරෙන දෙයක් තමයි ගොඩක් පිරිමි අය තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන වගේ තදබල හැඟීමකින් ඉන්න බව. ඒ ආකල්පයෙන් ඉන්න අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න. තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ ...
සියදිවිනසා ගන්නෝ දඬු කඳේ ගැසීම | Condemning the Condemned (අ)සම්මත සටහන් මනුස්සයෙක් සියදිවිනසා ගත්ත ආරංචියක් ආපු ගමන් ගොඩක් දෙනෙක් මේ වගේ කතා කියනවා අහන්න ලැබිල ඇති.. “පොඩි කාලෙ ඉඳල දුක් විඳල හදපු දෙමව්පියොයි පව්..”, “මෙච්චර මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්න හදද්දි ජීවිතේ නැති කරගන්නෙ එහෙමත් කාලකණ්ණිම තමයි”, “කොණ්ද පණනැති කමනෙ.. පෞරෂයක් නැති කමනෙ..”, “මේ වගේ දෙයක් නිසා ජීවිතේ එපා වෙනව නම් මැරිලා ගිය එකමයි හොඳ…” ඒ වගේ කතා ගොඩ දෙනෙක් කිව්වත්, සියදිවිනසාගත්ත ...
වැඳීම – ජාතියක නිවට බවේ සංකේතය | Kneel before Authority Babylon ! (අ)සම්මත සටහන් නූතන ලෝකය විසින් ක්‍රමයෙන් අතහරිමින් පවතින, නමුත් සංස්කෘතිය රැකීමේ නාමයෙන් අපි තවදුරටත් පවත්වාගෙන යන චාරිත්‍රයක් තමා ‘වැඳීම’ කියල කියන්නෙ. සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදුන වැඩුන බොහෝ දෙනෙක්ට වගේම බණ්ඩාටත් මේ වැඳීම කියන චාරිත්‍රය නුහුරු දෙයක් නෙමේ. අපේ රටේ ගොඩක් මව්වරු පියවරු සිංහල අලුත් අවුරුද්ද, උපන්දින වගේ දිනයන් වල වගේම ජීවිතයේ වැදගත්ය කියල සැලකෙන අවස්ථා වලට පිටත්වයාමට කලින් තමන්ට වඳින්න කුඩා දරුවන්ට පුරුදු ...
ඕන එකෙක්ගෙ නිරාගමික කතා මරණ බය දැනෙනකල් විතරයි ඕයි | Everyone’s an Atheist till the plane starts falling (අ)සම්මත සටහන් “හැම කෙනෙක්ගේම නිරාගමිකත්වය ගුවන්යානය හෙළවෙනකල් විතරයි” ආගමිකයන් අතරෙ හෙණ ප්‍රසිද්ධ විහිලුවක්නෙ ඔය. ලංකාවෙ විතරක් නෙමේ, මුළු ලෝකෙම. මට නම් පුද්ගලිකව ඔය කතාව විහිලුවක්. හරි හරි, ඒක කොහොමත් විහිලුවක් තමයි. මම කියන්නේ මට නම් ඔය විහිලුවෙන් කියන අදහසත් විහිලුවක්. මාවම උදාහරණයකට ගමු. හයිපතටිකල් සිටුවේෂන් එකක් ඈ. ඔන්න දැන් මම නයඟරා ඇල්ල බලන්න කැනඩාව කරා යන ගමන අතර මැද හෙල්ලෙනව ප්ලේන් එක ...
සර්වබලධාරී දෙවියන් මොන වගේද? | Morality of God explained (අ)සම්මත සටහන් මේ පසුගිය දිනකදී සිදුවුන සිදුවීමකි. අවුරුදු දහයකට අඩු කුඩා දැරියක් සිත් පිත් නැති නරුමයෙකු අතින් දූෂණයට ලක් වෙයි. කලක් තිස්සේ මේ අහිංසක කුඩා දරුවා දෙස ඇහැ ගහගෙනා සිටි මෘගයාගේ සැලසුම අවසනයේ සාර්ථක වේ. මුළු ජීවිත කාලය පුරාවටම වෙනස් කල නොහැකි ලෙස තැලී පෙළී ගිය සිතක් ශරීරයක් ඉතිරි කරමින්, තම සිතැඟි ඉටු කරගත් මෘගයා නිරුපද්‍රිතව නික්ම යයි. ඒ නික්මෙන්නේ කිසිදා කුමන ...
“පාසැල් මාතාව” නැමැති භයානක ගැහැණියගෙන් ඔබේ අහිංසක දරුවා ප්‍රවේශම් කරගන්න | Those Happy School Days (අ)සම්මත සටහන් අපේ ගෙදර ඉලෙක්ට්‍රිකල් කටයුත්තක් සම්බන්ධ අලුත් වැඩියාවකට දන්න කියන කවුරුන් හරි එවන්න කියල මම මගේ මිතුරෙකුගෙන් ඉල්ලීමක් කලේ සති කිහිපයකට උඩදි. කිහිපවතාවක් දුරකථයෙන් කතා කරලා අන්තිමේදී මගේ මිත්‍රයා කිව්වා පහුවදාට කෙනෙක් එන බව. මොකක් හරි හේතුවක් නිසා සාමාන්‍යයෙන් තරමක වැඩිහිටි කෙනෙක් ඔය වගේ වැඩකට එයි කියල අපේ ඔලුවෙ ඇඳිලා තිබ්බේ . නමුත් එදා උදෙන්ම මෝටර් සයිකලයකින් ඇවිත් බැහැපු අවුරුදු ...