Nokiee Katha (http://nokieekatha.blogspot.com/2015/05/blog-post.html/) Latest Posts Most Popular Posts
ගැඹුරු මුහුදේ දිය කෙළි Nokiee Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්."...නැංගුරම් දැමීම සඳහා නැව නොගැඹුරු මුහුදට ගෙන යනවා. නැවේ නැංගුරම් පිහිටා ඇත්තේ ඉදිරි පස (Bow) දෙපසිනුයි. නැංගුරම ඉහළ හා පහළ ඇදීම සිදු කෙරුණේ යන්ත්‍රානුසාරයෙන්. නැංගුරම නොහොත් ඇන්කර් (Anchor) එක විශාල දම්වැලක් මගින් මුහුදු පතුළට අතහරිනවා. දහවල් නැව සංචාරය කරද්දී නැංගුරම ඉදිරිපස බඳට ආසන්නයේ සිර කොට එල්ලෙමින් තියෙනවා. නැංගුරම්ලන්නට නැතහොත් ඇන්කර් කරන්නට තීරණය ...
විල්ලරවාඩියෙන් දඩ කඳවුරට Nokiee Katha විල්ලරවාඩියෙන් දඩ කඳවුරට පිම්මක් පනින්න සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වුණා. විදෙස් රටක ඉඳන් සෝදුපත් බලමින්, ලංකාවෙ ඉඳන් බලන සෝදුපත් එක්ක සංසන්ධනය කරමින් දත්ත සම්ප්‍රේෂණය කරන එක ලේසි වුණේ නැහැ. පෙන්වා දෙන වැරැදි අඩුපාඩු හදමින් නැවත නැවත සංස්කරණය කරන්න වෙද්දි මම හිතන්නෙ මං යම් තරමකට ඉවසීම ප්‍රගුණ කළා. නොකී කතා බ්ලොග් සටහන මාසයකින් යාවත්කාලීන වුණේ නැහැ වගේම බ්ලොග් ලෝකයට එබිකම් කරන්නත් ...
හොඳ ජේවීපීකාරයා-ආනන්ද ඉඩමේගම Nokiee Katha "හොඳ ජේවීපීකාරයා-ආනන්ද ඉඩමේගම" නමින් වන කතා පෙට්ටිය "කතා කෝච්චිය"ට අමුණා තියෙනවා. අපි විවිධ ජේවීපීකාරයින් ඇසුරු කොට තිබෙනවා. ඒ අතර ජවිපෙට සුවිශේෂ වුණත් නැතත් ඉඩමේගම මට සුවිශේෂයි. මගේ දේශපාලන ගමන් සගයා ගැන අමතක නොවන අත්දැකීම් මෙවර කතා කෝච්චියෙන්. "හොඳ ජේවීපීකාරයා-ආනන්ද ඉඩමේගම" අහන්න, බලන්න කතා කෝච්චියට ගොඩ වෙන්න. හොඳ ජේවීපීකාරයා-ආනන්ද ඉඩමේගම සෙස්ස පස්සට…හෙන්රි වර්ණකුලසූරිය ...
අභීත පත්තරකාරයෙකුවූ මානවවාදියා Nokiee Katha සුනිල් මාධව ප්‍රේමතිලක ගැන අටුවා ටීකා ලියන්න යන එක තේරුමක් නැහැ කියල හිතෙන්නෙ ඔහු ගැන බොහෝ දේ ලියැවිලා තියෙන නිසාත්, සමාජය ගැන සවිඥානිකව ඉන්න බොහෝ දෙනා ඔහු ගැන දන්නා නිසාත්.ඒත් සුනිල් මාධව ගැන මේ මොහොතෙ සඳහනක් නොකර ඉන්න මගෙ හිත දෙන්නෙ නැත්තෙ සුනිල් අයිය වෙනුවෙන් ඔහුගේ ජීවන අත්දැකීම් පොතක් විදිහට එළි දකින මොහොතක ඊට සහභාගි වීමේ වරම් අහිමි වීමේ කම්පාවත් ...
අනුරට එක් වතාවක් දීලා බලමු. Nokiee Katha 2019 අවුරුද්දේ පැවැත්වුණ ජනාධිපතිවරණයේදී වගේම 2024 අවුරුද්දේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මගේ අභිලාෂයන් සම්පාත වූ ආකාරය සහ වෙනස් වූ ආකාරය ගැන කෙටියෙන් ලියන්න හිතුවා. 2019 වසරේදී ඒ තරඟයේ ඉදිරියෙන්ම හිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසයි. අනුර කුමාර දිසානායක ඊට බොහෝ පසුපසින් තමයි හිටියේ. ඒ අවස්ථාවේ මම ගෝඨාභය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළා පමණක් නොව ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඊට ප්‍රධාන වශයෙන් හේතු ...
"එයා දැන් බැඳලා" පිස්සුවක් තමයි Nokiee Katha "දඬුබස්නාමානය", "දුන්හිඳ අද්දර", "ඇල්ල ළඟ වලව්ව", "කඩුල්ල" බලන්න රෑ වෙද්දි ටීවී එක ළඟ සැදී පැහැදී උන්න කාලයක් තිබුණා. ගමනක් බිමනක් ගියත් සෙනසුරාදා ඉරිදා රෑ වෙද්දි ගෙදර ආවෙ මේ අපූරු ටෙලි සිතුවම් (ටෙලිනාට්‍ය) මගහැරෙයි කියන බයට. ඊට පස්සෙ ටෙලි බඩකඩෙත්තු එපාම වුණා ටීවී බැලිල්ලත් අත හැරියා. ටෙලිනාට්‍ය වලින් කලාව කරන්න බෑ. වෙළඳ භාණ්ඩයක් විතරයි කියන මගේ අදහසට පෙර කී ටෙලිසිතුවම් ...
"බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද?" Nokiee Katha 2019 වසරේදී මා ලියූ "නාඳුනන තුවක්කුකරුවාගේ කතාව" ග්‍රන්ථය එළිදැක්වුණු අවස්ථාවේදී ප්‍රධාන දේශනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්වරයෙකු හා වර්තමානයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ලයනල් බෝපගේ සිදු කළ ප්‍රධාන දේශනය....බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද? - ලයනල් බෝපගේසෙස්ස පස්සට…හෙන්රි වර්ණකුලසූරිය ...
ජනවාරි 21-සිංහල සිනමාවේ හා සුමිත්‍රාගේ මළගම Nokiee Katha සිංහල සිනමාව නිල වශයෙන් ආරම්භ වූ බව සඳහන් වෙන්නේ "කඩවුණු පොරොන්දුව" තිරගත වූ 1947 ජනවාරි 21දා. (කුමන්ත්රණයකින් පළමු සිංහල චිත්‍රපටය විනාශ කොට "කඩවුණු පොරොන්දුව" අංක එක වීම වෙනම කතාවක්)දැන් ඇත්තටම සිංහල සිනමා කර් මාන්තයක් නැහැ. එලෙස ඇරඹි සිංහල සිනමාවේ මළගම සනිටුහන් කරමින් දෝ සිංහල සිනමාවේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂවරිය මෙන්ම දක්ෂ සංස්කරණ ශිල්පිනියක වූ සුමිත්‍රා පීරිස් මැතිණියගේ මළගම සිදුවන්නේද ජනවාරි 21 ...
හා...හා...බෑ කියල බෑ...මේව C.O. ගෙ ඕඩර්ස් Nokiee Katha සරසවි අධ්‍යාපනය හමාර කොට හරියටම වසරක කාලයක් පෞද්ගලික ඉංජිනේරු වැඩබිමකත් පසුව ඉගෙන ගත් කම්මලේත් රැකියාව කළ මා අවුරුදු 5 ක කොන්තරාත්තුවක් මත නාවික හමුදාවේ ඉංජිනේරු නිළධාරියකු ලෙස සේවයට බැඳුණා.මේ අහඹු මෙන්ම හදිසි තීරණය ගන්නට මා පෙළැඹවූ හේතු කාරණා වෙනත් නොකී කතාවකින් කියන්නට ඉඩ තබා නාවික හමුදා ජීවිතයේ මතක සටහන් ලියා තබන්නට කැමතියි.මා වැඩි කලක් පුහුණුව ලැබුවේත්, අධිකාරි ලත් පසුව අනුයුක්ත ...
මධ්‍යම රාත්‍රියේ ගැඹුරු මුහුදේ මෙහෙයුමක් Nokiee Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. එක් දිනෙත රාත්‍රී ආහාරයෙන් පසු Ward Room එකේ සාමිචියේ යෙදෙමින් සිටි කපිතාන්වරයා “Get ready to go to the Sea” යනුවෙන් මට මුහුදට යන්නට සුදානම් වන්නැයි නියෝග කළා.එවිට වෙලාව රාත්‍රී 10 ට පමණ වුණා. මට කිසිවක් සිතා ගත නොහැකි වුණා. කොමාන්ඩර් රසී(Z)ක් පවසා සිටියේ අප ඒ වන විට නැංගුරම් ලා සිටි උතුරු ...
රස්සාවල ආදිනව Nokiee Katha මං රස්සා ගොඩක් කරපු කෙනෙක්. දැන් කරන්නෙ 15 වන ස්ථිර වැටුප් ලබන රස්සාව. ඊට අමතරව අන්තර්වාර කෙටි කාලවල තාවකාලික රස්සා 3 ක් කරලා තියෙනවා. අවුරුදු 40 ක සේවා කාලයෙන් අවුරුදු 12 ක් ඉංජිනේරු රැකියා 5 ක්. අවුරුදු 27 ක් මාධ්‍ය පරිපාලනය, සන්නිවේදනය වගේ රැකියා. ඉතිරි අවුරුද්ද වෙනත් කෙටි කාලීන වැඩ. මේ හැම එකකින්ම අවුරුදු 5/4/2/මාස 6 වගේ කාල වලින් ...
ගිලෙන්න ගියාම වැල්පොටවල් වලත් එල්ලෙනවා... Nokiee Katha කලකට පෙර තැබූ සටහනක් කෙටි කොට ආයෙම ලියන්න හිතුණේ කිසියම් කාරණයකට අප හිතවත් ඉංජිනේරු මහාචාර්යවරයෙක් අංජනමක් බලන්න කට්ටඬියෙක් හොයාගෙන යන බව කිව්වමයි. කොහොමටත් ගස්, ගල් වන්දනා කළේ නැති මං පුංචි කාලෙ දෙමාපියන් පුරුදු කරපු පිළිම වන්දනාවත් නැවැත්තුවා. ඒ එක්කම නැකැත්, වෙලාවල්, ලග්න පලාපල, අංජනම් බැලීම්, සාස්තර ඇසීම යනාදී විද්‍යාවෙන් අර්ථකථනය නොවන මිත්‍යා හුරුපුරුදු වලින් මිදුණා. කාර් එකක් ගත්තම දෙහි, ...
සුදු කළ නොහැකි කළු ජූලිය.... Nokiee Katha 1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්රහාරයක දී වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක් සහ ට්‍රක් රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ...
පස් ගෙබිමට සිමෙන්ති පොළොවක්.... Nokiee Katha සමාජ සත්කාරයකට ආරාධනා..!අපේ හිතවතෙක් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනකට දරුවන් හඳුන්වා දෙන්නැයි ඉල්ලා සිටියා. ඒ අනුව ඉගෙනීමේ දක්ෂ, ඉතා දුගී පවුලක දරුවන් තෝරාගත්තා. ඒ පවුලේ පියා හෘද රෝගියෙක්. රැකියාවක් නොකරන්නැයි වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇතත් සුළු වශයෙන් මහන්සි වී බ්ලොක් ගල් හදනවා. මව දවස් කුළී රස්සාවක් කරනවා. මේ පවුලේ දියණියන් තිදෙනයි. ඉගෙනගන්නේ 5, 9 හා 10 වසරවල. ඔවුන් ගැන දැන සිටියේ අමාරුවෙන් ...
ඉංග්‍රීසි ගැන අවංක කතාවක්... Nokiee Katha පාසල් අධ්‍යාපනයෙන් අපිට හරි ඉංග්‍රීසි දැනුමක් ලැබුණෙ නෑ. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙක් වුණත්, තාත්තගේ පංතියේ ඉඳගෙන උන්නත් 56 සිංහල පමණයි බයිලෙන් ඔද වැඩුණු අපිට ඉංග්‍රීසි අරහං වුණා. සා.පෙළ සම්මානයක් ගත්තත් එහෙමට ඉංග්‍රීසි දැනුමක් තිබුණෙ නෑ. නොසිතූ පරිදි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හදාරන්න තේරුණත් ඉංග්‍රීසියෙන් උගන්නන බව දැනන් උන්නෙත් නෑ. හුටා..! පළමු වසරේ එක් විෂයයක් හැර සියලුම අධ්‍යයන කටයුතු ඉංග්‍රීසියෙන් කරන්න ...
සරසවි ප්‍රේමය Nokiee Katha "අද සිතුවිල්ල" බලලා චැනල් ඒක subscribe කරලා බෙල් අයිකන් ඒක ඔබපල්ලා... අද සිතුවිල්ලසෙස්ස පස්සට…හෙන්රි වර්ණකුලසූරිය
නවීකරණය විය යුතු ප්රජාතන්ත්රවාදය Nokiee Katha මාස කීපයකට පෙර ප්රජාතන්ත්රවාදය ගැන ලිපියක් ලියන්නැයි කිසියම් ප්රකාශනයකින් මට ආරාධනාවක් ලැබුණා. එය මාර්තු මස වන විට පළ කරන බැවින් වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ නොකරන්නැයි ඉල්ලා තිබුණා.මේ වන විට මාර්තු පසු වී මාස 4ක් පසු වී ඇති හෙයින් මගේ ලිපිය පළ නොවන්නේ නම් මා එය ප්‍රසිද්ධ කිරීමට සූදානම් බවත්, ඒ ගැන මා දැනුම්වත් කරන ලෙසත් ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ...
අනූවේ පරපුරෙන් මාගේ දේශය අවදි කරනු මැන ! Nokiee Katha 80 දශකය අවසන් වන විට ශ්‍රී ලංකාව භීෂණයෙන් වෙලී තිබිණ. ආර්. ප්‍රේමදාස ජනාධිපති ලෙස පත්වන විටද රට දෙකොන ගිනි ගත් විලක්කුවක් බව පැවසුවේ ඔහුමය. ප්‍රේමදාස කළේ ඒ ගින්න නිවීම නොව එය තව තවත් ඇවිලවීමය. උතුරේ මෙන්ම දකුණේ තරුණයින්ද තිරශ්චීන ලෙස ඝාතනය වූ අතර අපි අනූනමයෙන් බේරුණු පරපුරක අහම්බෙන් ජීවත් වන්නට, නැතහොත් බෝනස් ජීවිත ගත කරන්නට වරම් ලද්දෝ වෙමු. "අනූවේ ...
සිරි ලංකාවේ ඡන්ද කෙරුවාව Nokiee Katha සිරිලංකාවේ ඡන්ද කෙරුවාව - 1 1947 සිට මෙතෙක් පැවැති පාර්.ලිමේන්තු හා ජනාධිපතිවරණ ඡන්ද දෙස සලකා බලමින් සිරි ලංකාවේ ඡන්ද කෙරුවාව ගැන කෙරෙන සමාලෝචනයක් මගේ "කතා කෝච්චිය" YouTube චැනලයේ ප්‍රචාරය වුණා.ඒ කතා මේ රූපපහළින් ඇති ලින්කු වලින් අසන්න. බලන්න. සිරිලංකාවේ ඡන්ද කෙරුවාව - 2හෙන්රි වර්ණකුලසූරිය ...
කතා කෝච්චිය ඇවිත් Nokiee Katha කතා කෝච්චිය යූටියුබ් චැනලය මෙතෙක් ලිව්වා...දැන් කියනවා.. සීමා බන්ධන නැති “කතා කෝච්චිය” යූටියුබ් එකෙන් අහන්න.. එදා කතා, මෙදා කතා, කී කතා, නොකී කතා, කී නොකී කතා, එකී මෙකී නොකී කතා, සීමා බන්ධන නැති කතා යනාදී කතා අරං කතා කෝච්චිය ආවා. ඔබත් subscribe කරන්න. ...