Nokiee Katha (http://nokieekatha.blogspot.com/2015/05/blog-post.html/) Latest Posts Most Popular Posts
අධිවේගී මාර්ගයක අංශක 180 ක් ආපස්සට Nokiee Katha පහු ගිය වතාවෙ ලංකාවට ගිහිං ආපසු එන්න දවසකට දෙකකට කලිං කුලී පදනමට ගත්ත කාර් එක සුළු පහේ අනතුරකට පත් වුණා.වාහනේ දුන්න නිලාට call කරල කිව්වම Viber එකෙන් photo එකක් එවන්න කිව්ව හැරෙන තැපෑලෙන්.Photo එක දැක්ක නිලා හිටු ගාල ආපස්සට call කරන්න ගත්ත. "ගොඩක් damage නේද...buffer එක පුපුරල නේද..light එකට damage නැද්ද..."Accident එක වුණේ පොද වැස්සෙ. ඒ වගේම වැදුණ විදිහෙන් මම ...
පොලිසිය ගැන බලු කතා Nokiee Katha මේ දවස් වල පොලීසිය ගැන එක එක විදිහෙ කතා ඇහෙද්දි පොලිසියට සම්බන්ධ නොකී කතා දෙක තුනක් මතක් වුණා. මේවා සමාජයෙ සිද්ධ වෙන, අහන දකින පත්තර වල යන විදිහෙ කතා වුණාට මට පෞද්ගලිකව ලැබුණු අත්දැකීම් නිසා කියල දාන්නම්.ලංකාවෙ පොලිසිය බලු නොවටී කියන්නෙ නිකම්ම නොවෙයි. බලු කතා කියන එක පොලිස් බල්ලන්ටත් අපහාසයක්.පොලිස් සුනඛයො තව හොඳයි. අඩුම ගානෙ කන්න දෙනවට, රැකබලා ගන්නවට හිලව්වට ...
පේරාදෙණි ගිහින් එන්න අනපේක්ෂිත නිවාඩුවක් Nokiee Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. නාවික හමුදාවට අධිකාරිලත් නිලයන් සදහා ඍජු බඳවා ගැනීම් යටතේ උපාධිධාරීන් හා අවසන් උපාධි පරීක්ෂණයට පෙනී සිට උපාධි පාඨමාලා අවසන් කොට තිබූ පිරිසක් අවශෝෂණය කර ගනිද්දී අප වෙත ඉදිරිපත් කොට තිබූ එක් ප්‍රධාන නියෝගයක් වූයේ පුහුණුව ලබන මාස 6 ඇතුළත කිසිසේත්ම නිවාඩු යා නොහැකි බවයි.පවුලේ සමීපතමයෙක්ගේ මළගමකදී හැරුණු කොට නිවාඩු යාමට වෙනත් ...
සී සික් හා ෂිකේ ෂික්…. Nokiee Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්.උරහිස් පළඳනාව මගිනුයි කිසියම් නිලධාරියෙකුගේ නිලය (Rank) හඳුනා ගත්තේ. උරහිස් පළඳනාවේ වූ හීන් පටි සංඛ්‍යාව අනුව නිලයත්, පටි අතර වර්ණය අනුව අයත් වන අංශයත් පිළිබිඹු වුණා.උප ලුතිනන්ට එක පටියක්ද, ලුතිනන්ට පටි දෙකක්ද ආදී වශයෙන් වෙන් වුණා. අප අතර උප ලුතිනන්ලා මෙන්ම ලුතිනන්ලාද සිටියේ මා වැනි සමහරු උපාධිය සම්පුර්ණ නොකොට හමුදාවට බැදී සිටි නිසයි. ...
මහාචාර්යවරයෙක් ප්‍රාණ ඇපයට ගත් පරාජිත ශිෂ්‍ය සටනක් Nokiee Katha (ප්‍රථම වරට ලිඛිතව හෙළිදරව් කරන සත්‍ය කතාවක්)80 දශකයේ මුල් භාගයේදී පේරාදෙනිය සරසවියේ පැවැතියේ අතිශය පීඩාකාරී පාලනයක්. විශේෂයෙන් ජේ.ආර්. ජයවර්ධනගේ විජයග්‍රාහී ආණ්ඩුව දැඩි ශිෂ්‍ය මර්දනයක් දියත් කොට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිස ඔසවන්නට ඉඩ නොදීමේ අරමුණින්. ජ.වි.පෙ. ගැන කවරාකාරයේ විවේචන තිබෙන අයෙකුට වුවත් ඒ යුගයේ සරසවිය තුළ වූ අමනෝඥ රාජ්‍ය මැදිහත් වීමට එරෙහිව නැගී සිටින්නට ශක්තියක් තිබුණේ ...
වළේ හූවෙන් අහිමි වුණ ජීවිත Nokiee Katha මේ සංගදිය වුණේ හන්තාන අඩවියේ උපාධියට කඹුරන කාලෙදියි ඕං.කොටින්ම කිව්වොත් ශිෂ්‍යයා කාලෙදි.ඒ කාලෙ සොකක්, ඩොකක් විතරක් නොවෙයි වළේ නාට්‍යයක් පෙන්නුවත් අපි එතැන ඇති. ඒ තරමටම ඇම්ම. ගාය.සොක කිව්වෙ film society එකෙන් පෙන්නන වෘතාන්ත චිත්‍රපටියකට. Society කියන වචනෙ තමයි සොක වෙලා සොකෙන් පෙන්නන චිත්‍රපටිවලට සොක කිව්වෙ.“අද සොක බලන්න යන්නෙ නැද්ද ?” කියල ඇහුවම ඕනෙ කෙනෙක් දන්නව කලාගාරෙ චිත්‍රපටයක් පෙන්නන බව. සොකට ...
ඡන්දෙන් කොරයි බම්බුවක්..... Nokiee Katha ඡන්දෙන් කොරයි බම්බුවක් රටට.මෙච්චර කාලෙකට කොරල තියෙනවද ?මම නං මේ දක්වා ගෙවී ගිය කාලෙදි කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකදි මගේ වටිනා ඡන්දය පාවිච්චි කරල නැහැ.අඩුම ගානෙ මහමැතිවරණයකදි ඡන්ද පොළට ගිහිල්ලවත් නැහැ.එක එක තක්කඩි පාර්ලිමේන්තු යවල පහුව දා ඉඳං උන්ගෙ ගොංපාට් බලනවට වඩා නරකද ඔය ප්‍රෝඩාවට හවුල් නොවී ඉන්න එක.හැබැයි විශේෂ හේතු මත ජනාධිපතිවරණ තුනකදි ඡන්දෙ දාල තියෙනව.එක - 1982 දී මගේ පළමු ...
සම්මාන උළෙලවල් අපට පංජංද.... Nokiee Katha 2015 සම්මාන උළෙල අහවර වෙලා ටික දවසකින් ලියන්න ගත්ත සටහන අතරමග නවතල තිබිල 2016 සම්මාන ගැන කොළඹ ගමය ලියල තියෙනව දැකල ආයෙම ලියන්න ගත්තා. නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015 අවසන් වෙලා එහි උණුසුම ටිකක් අඩු වෙන තුරු උන්නෙ එක පාරටම කට්ටියගෙ හිත් තලා පෙලා දාන්න හොඳ නෑ කියල හිතුණ නිසයි ලියන එක නවැත්තුවේ.හැබැයි කොළඹ ගමයලගෙ, කල්‍යාණ මිත්රලගෙ කැපවීම දැක්කම ...
වධකාගාර නොහොත් මස් කඩ Nokiee Katha රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....5වධකාගාර නොහොත් මස් කඩධවල භීෂණයේ අවසාන කාලයේ එනම් 1989/90 දී කොළඹ අවට වධකාගාර නොහොත් මස් කඩ කිහිපයක්ම තිබිණි. පරණ තුරඟ තරඟ පිටිය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, ජයවර්ධනපුර සරසවි නේවාසිකාගාරය, විලියම් ප්‍රේදිරිස් ක්‍රීඩාංගණය, කැලණිය බටලන්ද, කැලණි සරසවියේ කොටසක් ඒ අතර විය. ඉන් ප්රමුඛත්වයක් ගත් කොළඹ සරසවියේ නීති පීඨ රැඳවුම් කඳවුරේ නිල නොවන පරිපාලකයා වූයේද ස්වාධීන ශිෂ්‍ය ...
හොර ෆාදර් ගේ ලෝගුව ඔළුවෙන් ගලවයි... Nokiee Katha පළමු වසරේ සරසවි සිසුන් ලෙස ගත කළ විනෝදජනක ජීවිතයේ ලද අත්දැකීම් බොහොමයක් තියෙනවා.ඒවා විටින් විට "කතා කෝච්චියෙන්" කියන්න හිතාගෙන ඉන්නවා.මේ ඒ අතරින් කතා දෙකක් මෙවර ඉදිරිපත් කරනවා.. 1. හන්තාන කඳු පාමුළ හොට් බැලුමක් යවන්නට ගොස් සිද්ධ වුණ අලකලංචිය 2. අක්බාර්-නෙල් ශාලාවට ආ හොර ෆාදර් ගේ ලෝගුව ඔළුවෙන් ගැලවීමේ කතාව හොර ෆාදර් ගේ ලෝගුව ඔළුවෙන් ගලවයි... හෙන්රි වර්ණකුලසූරිය ...
අනූ නමයෙන් බේරුණ "අනූවේ පරපුර" Nokiee Katha "අනූවේ පරපුර" පිළිබඳ මතකය අලුත් වුණේ සුනිල් මාධව ප්‍රේමතිලක උපහාර උළෙල ගැන විවිධ කතාබහ කියැවීමත් එක්කයි.80 දශකයේ හෝ ඊට පසු ඉපදුණ පරම්පරාවට, නාමික නිදහසින් පසු මේ දක්වා රටේ ඇතිවූ භීෂණයන් ගැන අත්දැකීම් නැති වීම තේරුම් ගත හැකි වුවත්, බොහෝ අය හැසිරෙන්නේ සියල්ල දත් විලසින්.ඒ නිසාම මේ කතා බහට පෙර මතකයන් හාරා අවුස්සන්නට හිතුණා.83 දී දෙමළාට විරුද්ධව ජාත්‍යාල ප්‍රහාර එල්ල කළේ ...
බටලන්ද වධකාගාරයේ තරුණ ලතෝනි Nokiee Katha රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....2බටලන්ද වධකාගාරයේ තරුණ තරුණියෝ ලතෝනි.පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් පොලිස් නිලධාරීන් කාකි ඇඳුම පැළඳි කළ නීතිය ඔහු අතේ යෑයි සිතමින් කටයුතු කරන අවස්ථා අප කොතෙකුත් දැක ඇත. පොලිසියට ගොඩ වදින මිනිසුන් ඉදිරියේ අඩි පොළවේ ගසා තිරිසනුන් මෙන් හැසිරෙන පොලිස් රාළහාමිලා ඕනෑ තරම් පොලිසිවල සිටිති.අඟුලාන පොලිස් ස්ථානාධිපති නිව්ටන් ඇතුළු රාළහාමිලා අඟුලානේ අහිංසක නිරායුධ තරුණයන් දෙදෙනා ඝාතනය කළේ ද ...
මහවත්ත ගම්මානය වනසා දැමීම Nokiee Katha රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....6මහවත්ත ගම්මානය වනසා දැමීමඑක් අවස්ථාවකදී මහවත්ත ගමේ පිරිසක් පැහැරගෙන ගිය පසු දින ඔවුන් වෙඩි තබා ගම අසළ දමා ගොස් තිබිණි. එහි සිටි බොහෝ දෙනා උණු ලේ වගුරමින් තවමත් හුස්ම ගනිමින් සිටි බව භීතියෙන් අලලී සිරුරු වෙත ළගා වූ ගම්වාසින්ට දැක ගන්නට හැකි විය. එහි පැමිණි පුද්ගලයෙක් සිය සමීප ඥාතියකු බව හදුනාගත් අයකුගේ ගෙල ප්‍රදේශයෙන් ඇතුලු වූ ...
VVIP ලොක්කා දුටු පොලිස්කාරයා පැන දුවයි. Nokiee Katha කලකට පෙර සිදුවූ මේ කතාව මට කිව්වේ පොලිසියේ නිලධාරියෙක්මයි. මේ ඔහු කිව්ව ආකාරයමයි.ඒ දවස්වල කොළඹ පුත්තලම් පාරේ කොච්චිකඩේ මා ඔය පාලම ගාව පොලිස් බැරියර් එකක් තිබුණා. එතනින් යන බොහෝ වාහන පරීක්ෂා කළා. මොකෝ යුද්ධෙ කාලෙනෙ.(වාහන පරීක්ෂා නොකළත් බැරියරේ තවමත් තියෙනවා.) ඔතන රාලහාමිලා දෙතුන් දෙනෙක් රාජකාරි කරනවා. දවසක් මහ රෑ පුත්තලම පැත්තට යන කාර් එකකට නවත්තන්න එක රාලහාමි කෙනෙක් සංඥා ...
කුමාර් ගුණරත්නම් නිදහස් නරනු......! Nokiee Katha "කුමාර් ගුණරත්නම් නිදහස් කරනු....! "යනුවෙන් ලියා තබමින් කුමාර මහත්තයා නැතහොත් ගැමුණු මෙන්ම ගුණ්ඩා ලෙස අප දන්නා නොයෙල් නමින් පෙනී සිටි කුමාර් ගුණරත්නම් පිළිබඳ, පෞද්ගලික ඇසුරෙන් දුරස්ථ වූ එහෙත් එක් හෝ වෙනත් ආකාරයකින් සමීප මතකයන් සටහන් කරන්නේ දේශපාලන සිරකරුවෙකු ලෙස ඔහු සිරගත කොට දින 50 ක් ගෙවෙන මොහොතකයි. ********************************************************** කුමාර් ගුණරත්නම්මා මේ නොකීකතාව ලියන්නේ බොහෝ සීමා මායිම් හා ස්වයංවාරණ මධ්‍යයේයි. ඊට ...
"වැඩේ කෙරෙනවා නම් මේසන්ගේ බෙහෙතත් මොකද?" Nokiee Katha මෙරට තුළ නීත්‍යනුකූලව ක්‍රියාත්මක වන රජයේ අනුමැතිය ලත් වෛද්‍ය ක්රමරැසක් වේ. ඉන් වඩාත්ම ප්‍රචලිත වන්නේද වඩාත්ම ක්‍රමවත්ව ක්‍රියාත්මක වන්නේද බටහිර ඇලොපති වෛද්‍ය ක්‍රමයයි. එයට අයත් කාලයක් තිස්සේ දැඩි ශික්ෂණයක් යටතේ ගොඩනැගුණු රෝහල් ජාලයක්, පරිපාලන ව්‍යුහයක්, අධ්‍යාපනය ලබාදීමේ හා පුහුණු කිරීමේ ක්‍රමවේදයක්, ඖෂධ නිපදවීමේ හෝ සැපයීමේ ක්‍රමවේදයක්, ජාත්‍යන්තරව දැනුම් හුවමාරු කරගැනීමේ යාන්ත්‍රණයක් සහ ඒ සියල්ලටම වඩා වැදගත් මෙකී සියලු අංගයන්ගේ ...
වෙද්දු Nokiee Katha අපේ ගම් වල විවිධාකාර වෙද්දු සිටියෝය. සිටින්නෝය. අපේ අත්තලා, මුත්තලා, අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා ඔය කොයි කවුරුත් එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් ගත්තෝය.මා කුඩා අවදියේ අල්ලපු ගමේ සිටි සර්පවෙදා සර්පයින් දෂ්ඨ කිරීමට බෙහෙත් කිරීම ගැන අතිශය ප්‍රසිද්ධය. සර්පයා අල්ලාගෙන එන්නැයි කියන සර්පවෙදා, රෝගියාට සර්පයාව දත් වලින් හපා ඉස්ම බොන්නයි නියෝග කරන බව මා අසා ඇත. එසේ පොළඟෙකු හැපූ පසු ලෙඩා ...
"නොකී කතා" බ්ලොග් එකටත් කෙළිය එහෙනං...අහුවෙද්ද ඔය කල්‍යාණ මිත්‍රයා Nokiee Katha කොළඹ ගමයා නොහොත් අජිත් ධර්මකීර්ති සමග වේදිකාවේ සීරුවෙන්...ඇටුවම් බැහැපු පට්ට බ්ලොග්කාරයො දෙන්නෙක් වන "රසිකොලොජිස්ට්"ලියන රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චිත්, "සැහැල්ලුව" ලියන ඉන්දික උපශාන්තත් නොවෙන්න මට "නොකී කතා" බ්ලොග් එකක් ලියන්න උත්තේජනය සැපයෙන්නෙ නෑ.බ්ලොග් ගැන මෙලෝ හසරක් නොදන්න කාලෙ ඉන්දික තමයි මගේ පළමු බ්ලොග් එක ලියන්න උනන්දු කළේ.ඒ බ්ලොග් එක ලිව්වෙ මම කියල දන්නෝ දනිති වගේම නොදන්නෝ සැක කරති කියල විතරක් දැනට සටහන් ...
දෙවරක් වැරදුණු කපුකම් Nokiee Katha මගේ ජීවිතයේ මා අරබයා වැරදුණු කපුකම් දෙකක් පිළිබඳ කතා කරන්න හිතුවේ ඒවායේ කිසියම් උපහාසාත්මක ස්වර තියෙන හංදා.විශ්වවිද්‍යාල කාලයේ පටන් දන්නා හඳුනන දන්ත වෛද්‍යවරියක් තමයි මේ කපුකම් දෙකම කරන්නට උත්සහ කළේ . ඇය අකාලයේ මිය ගිය නිසා ඈ පිළිබඳ විස්තර කරන්නේ නෑ.ඇය මට මුලින්ම ජෝඩු කරන්නට ගියේ පශු වෛද්‍ය ශිෂ්‍යාවක්. ඊට මා අකැමැති වුණේ ප්‍රතිපත්තිමය හේතුවක් කිසා.පසුව ජෝඩු කරන්නට ගියේ ...
ඈ යන්නම ගිහිං Nokiee Katha අද ලියන්නෙ වේදනාබර මතකයක්. අවුරුදු 50 ට එහා අතීත මතක සටහනක්. මා 5 ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තෙ ගෙදර ඉඳං පාගමනින් යන්න පුළුවන් තරම් ළඟින් තිබුණු අල්ලපු ගමේ ඉස්කෝලෙට. 6 ශ්‍රේණිය ඉඳං නාත්තන්ඩියේ ධම්මිස්සරේට ඇතුළු කළා. අපේ තාත්තත් ගුරුවරයෙක් වූ නිසා පාසලට දාගන්න අමාරු වුණේ නෑ. ඒ කාලෙ ප්‍රින්සිපල් සෝමරත්න සර්. මාව ඉස්කෝලෙට ඇතුළත් කරන්න ඩෙස්කයක් හා පුටුවක් අරං යන්න ...