Nokiee Katha (http://nokieekatha.blogspot.com/2015/05/blog-post.html/) Latest Posts Most Popular Posts
සීතලෙන් උපන් ගින්දර..... Nokiee Katha (ගින්නෙන් උපන් සීතල චිත්‍රපට විචාරය) ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිත කතා පාදක කොටගෙන චිත්‍රපට බිහි වීම බොහෝ කලෙක සිටම ලෝක සිනමාවේ දක්නට ලැබෙන ප්රවණතාවකි. ක්‍රීඩකයින්, කලාකරුවන්, විද්‍යාඥයින්, නිරූපණ ශිල්පීන් ආදී වශයෙන් සමාජයේ කිසියම් කතාබහකට ලක් වූ සුවිශේෂී චරිත අභ්‍යන්තරය ඔවුනගේ ජීවන රටාව, පවුල සමඟ ඇති කරගන්නා බැඳීම්, තීරණාත්මක අවස්ථාවන්හිදී ඔවුන්ගේ හැසිරීම හා තීන්දු තීරණ ගැනීම් කිසියම් ආකාරයක නාටකීයක ආකාරයකින් රසවිඳින්නට මෙමඟින් ...
ලෙයින් කඳුලින් උපන් භීෂණයේ කවි Nokiee Katha 88-89 කියන්නෙ ධවල භීෂණය රජකළ යුගයක්. අපේ ජීවිත කාලෙටම මිනිස් ජීවිත වලට වටිනාකම් අහිමි වූ මෙවැනි යුගයක් තවත් තිබුණේ නැහැ. අතුරුදහන් වීම්, පැහැරගෙන යෑම්, ගංගා ඇල දොළෙහි පාවෙන තරුණ මළ සිරුරු, නිළ මෙන්ම නොනිළ වධ කඳවුරු වල අමානුෂික වධ බන්ධන, මහමග අද්දර ටයර් සෑයවල්. කොටින්ම තරුණයෙකු, තරුණියක ලෙස දිවි ගෙවන සිය දරුවන් කොයි මොහොතේ ඝ්‍රා, ප්‍රා, කහ බළල්ලු, කළු ...
කියලත් බැරි නොකියත් බැරි කක්ක ගල් වෙන කතා Nokiee Katha කරුණාරත්න වාසල මුදියන්සේලාගේ වික්‍රමබාහු බණ්ඩාර, පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් නෙරපා දමා අවුරුදු 37 ට පස්සෙ ඔහුව නැවත සේවයේ පිහිටුවමින් එකී කාලය සඳහා ඔහුට හිමි උසස්වීම් මෙන්ම හිඟ වැටුප ගෙවන්නට ගත් තීරණය ඇසුවාම බාහුට සම්බන්ධ වන මෙන්ම නොවන කාරණා කිහිපයක් ලියන්න සිතුවා.මුලින්ම කියන්න ඕනෙ මම කවුද කියලවත් බාහු දන්නෙ නැහැ. ඉංජිනේරු ගණිතය විෂයය ගැන වගේම දේශපාලන කරුණු ගැනත් ඔහු පැවැත්වූ දේශන වලට සරසවි ...
අනාදිමත් කාලයක පටන් සරසවි දිසාපාමොක්ලා පිළිබඳ අත්විඳි සත්‍යය Nokiee Katha සරසවි දිසාපාමොක්ලා පිළිබඳ කැත සත්‍ය නිරූපිත ගීතයක්________________________________________අද නොකී කතාව අප හිතමිත්‍ර කලාකරුවෙකු හා ජනමාධ්‍යවේදියෙකු වන කපිල එම්. ගමගේ ලියූ සටහනක්.සරසවි ශිෂ්‍යයෙකු මෙන්ම ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද අප අත් විඳ ඇති මේ කුජීත ක්‍රියාවලිය ගැන නිර්මාණශීලී ලේඛිකාවක වන යනූෂා ලක්මාලි 2010 දී පමණ කැලණිය සරසවියේ උපාධි අපේක්ෂිකාවක ලෙස සිටියදී ඇය ලියූ "පාර" නවකතාවකටද පාදක කොට ගත්තා. මා ඒ ගැන විචාරයක්ද පුවත්පතකට ...
සිඟිති සහ ගැරඬියා..... Nokiee Katha මට සහෝදරියො නැහැ. මල්ලිල දෙන්නයි..මමයි විතරයි.සිඟිති කියන්නෙ අපේ අක්කගෙ ලොකු කෙලී. අක්ක කියන්නෙ තාත්තගෙ ලොකු අයියගෙ දෙවෙනි දුව.අපිට දුව තාමත් සිඟිති වුණාට කෙල්ල විශ්වවිද්‍යාලෙත් ගිහින් උපාධියත් අරන් විවාහ වෙලා ටික කාලයක් රස්සාවකුත් කරල ළඟදි නවසීලන්තෙට ගියා වැඩිදුර අධ්‍යාපනයට.ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ අම්මගෙ අවුරුද්දෙ දානෙට ගියාම සිඟිති මුණ ගැසුණා කාලෙකට පස්සේ.ගැරඬියගෙ කතාව සිඟිති කිව්වෙ එදා දවල් කෑමෙන් පස්සෙ අතුරු පස විදිහටයි.සිඟිති ...
මැලේසියාවේදි සෙට් එක බේරන් ආ වගයි Nokiee Katha කලාත් මැලේසියාවෙ සයිබර්ජයා හි විශ්වවිද්‍යාලයක ත්‍රිමාන සජීවීකරණය හා දෘෂ්‍ය ප්‍රයෝග පිළිබඳ විශේෂ උපාධියක් හදාරන්න යවන්න හිත හදාගත්තෙ අමාරුවෙන්.අමාරුවෙන් හිත හදාගත්ත කියන්නෙ හේතු දෙකක් මත.ඒ වන විටත් ඔහුගෙ වයස අවුරුදු 19 යි. ඒත් පියෙකුට අවුරුදු 19 ක පුතෙක් දැනෙන්නෙ පොඩි ළමයෙක් විදිහට.අනෙක් කාරණේ එයා මගේ ජීවිතය බවට පත් වී තිබීම. තවමත් ඒ හැඟීමෙ වෙනසක් නැහැ.ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තුළ ඔහුගේ සහජ දක්ෂතා ...
බ්‍රා එකක් කළ හදියක් Nokiee Katha බ්‍රා එකක් කළ හදියක් මතක් වුණේ ඊයෙ පෙරේදා බ්‍රා එකක් හංද වෙච්චි අලකලංචියත් එක්කයි.විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරෙදී නේවාසික පහසුකම් අත්හිටුවන්න පටන් ගත්තෙ අපි විශ්වවිද්‍යාලයට ගිය අලුතමයි. පළමු වසරෙ පේරාදෙනියෙ අක්බාර්-නෙල් ශාලාවෙ නේවාසිකව උන්න අපට දෙවන වසරෙ පිටත නවාතැන් ගන්න වෙනව කියල කලින්ම දැනුම් දීල තිබුණ.මේ වෙද්දි ගොඩක් ජේෂ්ට උත්තමයො නවක වදයෙන් පස්සෙ ෆ්‍රෙෂාල වෙච්චි අපිත් එක්ක කුළුපග වෙලා උන්න නිසා ඒ ...
ඡන්ද කෙරුවාව ගැන මගේ අදහස් කෙටියෙන්. Nokiee Katha මගේ ජීවිත කාලයේ මේ දක්වා පළාත් පාලන, පළාත් සභා, ජනමත විචාරණ, මහ මැතිවරණ හා ජනාධිපතිවරණ ඡන්ද ගණනාවක් පැවැත්වෙනවා දැක තියෙනවා. මැතිවරණ දේශපාලනය ගැන ඒ තරම් විශ්වාසයක් නොතබන මාව ඡන්ද පොළට ගොස් ඇත්තේ තුන්වතාවක් පමණයි. සමහර කාලයන්හිදී මගේ නම ඡන්ද හිමි නාම ලේඛනයන්හි තිබුණෙත් නැහැ. ඉන් අදහස් වන්නේ මා ඒ පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වූ බවයි. මෙහි දී ප්‍රධාන වශයෙන් කිව යුත්තක් ...
වර්ණපාල Method නොහොත් සරම ඔළුවෙ පුක එළියෙ Nokiee Katha දේශපාලන සංධානයක මහලේකම් විදිහට නම් කිරීමත් සමග මෙතෙක් ආ ගිය අතක් දකින්නට නැතිව සිටි මහාචාර්ය විශ්වා වර්ණපාල කරළියට ඇවිත්.ටයි කෝට් දාගෙන උසාවි ගානෙ බඩ ගාමින් මහලේකම් තනතුරේ අයිතිය ඉල්ලා දේශපාලන අපතයින් සමග ගාල් වෙලා ඉන්න මහාචාර්යවරයා දැක්කම දුකක් එක්කම හිනාවකුත් ඇති වුණා, පරණ කතා මතක් වෙලා.පරණ කතාවක් නිසා නොයෙක් අය මේ කතාව අහල ඇති. කියවල ඇති. ඒ නිසා නොඇසූ කතාවක් ...
චිච්චියට එරෙහි වන අංගජාතයෝ සහ අරාබියේ වහලියෝ Nokiee Katha අරාබිකරයේ විවිධ රට වල එක් එක් ආකාරයේ නීති ඇත්තේය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති ඕමානයේ වෙනස් ආකාරයක් ගනී. කුවේටයේ නීති කටාර් රාජ්‍යයට අදාළ නොවේ. සෞදියේ නීති බහරේන් රාජ්‍යයට ගව් ගාණක් දුරය.ඒ ගැන තේරුම් ගැනීම අසීරු නැත.ඒ ඒ රාජ්‍ය පාලකයාගේ රුචි අරුචිකම් මෙන්ම රටේ පැවැත්ම පිළිබඳ කොන්දේසිද නීති රීති සම්පාදනයේදී පදනම් වීම ස්වභාවිකය.මැදපෙරදිග රටවල වැඩි වශයෙන් පවතින්නේ රාජාණ්ඩුය. හොඳ පැත්තට රාජාණ්ඩු හොඳ ...
අසමජ්ජාතියෙකු දෙබරයකට ගල් ගැසීම Nokiee Katha හඳගම සුපුරුදු ලෙස සිංහල සිනමා දෙබරයට ගල් ගසා ඇත. ඒ ගල් පහර දරාගත නොහී විචාරකයන්ද, විචාරකයින් කියා ගන්නා අයද, බුද්ධිමතුන්ද, ප්‍රාමාණිකයන්ද නන් දොඩවන්නට පටන්ගෙන ඇත.අයෙකුට අනුව මේ චිත්‍රපටය චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයක කොපියකි. ඒ නම් අමුම අමුකෙප්පයකි. ඇස්, කන් විවර කොට නරඹන කිසිවෙකුටත් "Elegy" හොලිවුඩ් චිත්‍රපටය හා "ඇගේ ඇස අග" අතර කිසිදු සමානකමක් නොපෙනෙනු ඇත.තවත් අයෙකු පවසන්නේ චිත්‍රපටය නරඹද්දී තමන් නිරුවත් ...
මදැයි බැලුවා රජගෙදර පරෙවියෝ Nokiee Katha අපේ සුමිතුරු රසිකගේ රසිකලොජිස්ට් බ්ලොගයේ අලුත්ම ලියැවිල්ල කියවද්දි තමයි දශක ගණනාවකට පෙර පාසල් වියේ ටියුෂන් කතාවක් මතක් වුණේ.ටියුෂන් ගැන ලියූ රසිකගෙ බ්ලොගය මෙතැනින්.ටියුෂන් කතාවට එන්න පාසල් වියේ නොකී කතා මැද්දෙන්ම පියවර තියන්නම්කො.මම මුලින්ම ඉස්කෝලෙ ගියේ අපේ අල්ලපු ගමේ ප්‍රාථමික පාසලට. හලා/ කොට්ටරාමුල්ල රජයේ කණිෂ්ඨ පාසලට.තාත්ත තමයි ඉස්කෝලෙ ඉංග්‍රීසි සර්. ඉතිං ළමයි ඉස්සරහ පංතියෙදි මම තාත්තට කතා කළේ සර් කියල.මට double ...
හෘද(ය) සාක්ෂියේ කතිර කතා Nokiee Katha මහ ඡන්දයක් අභිමුඛව සිටිමින් ඡන්ද කෙරුවාවෙ මතකය අතීතයට රැගෙන යද්දි නැවතුණේ 2005 ජනාධිපතිවරණයෙයි, මහමැතිවරණයෙයි.ස්වර්ණවාහිනියේ ඉන්දැද්දිම ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක අංශය එක්ක විවේක ලැබෙන පරිදි වැඩ කරමින් සිටි නිසා මේ ඡන්ද දෙකේදිම මට ප්රචාරක කමිටුවට සම්බන්ධ වන්නට ආරාධනා ලැබුණා.පක්ෂයේ මාධ්‍ය අංශය භාරව සිටි ගම්ලත් හරිම නිහතමානී, නම්‍යශීලී පුද්ගලයෙක් වුණ නිසා මගේ විෂයය වූ වීඩියෝ විශේෂාංග මෙන්ම දැන්වීම් නිර්මාණය කිරීමේදී මාදිවෙල මංත්‍රී ...
සරසවි කුරුටු කවි එක්ක වැඩිහිටි කවි Nokiee Katha පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙසත්, අධ්‍යයන කාර්ය මංඩල සාමාජිකයෙකු ලෙස අවස්ථා දෙකකදීත් ගත කළ දිවිය විටෙක කටුකයි වගේම ආශ්වාදජනකයි.ශිෂ්‍යයෙකු ලෙස වසර හතරක් ගත කොට ඉන්ටෙක් (Instructor) විදිහට ටික කාලයක් වැඩ කළේ 80 දශකයේ. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයට පිවිසුණාට පස්සෙ අවුරුදු 8 ක් සේවය කළා 90 දශකයේදී. ආයෙම 2010 දී සිනමාව පිළිබඳ දේශකයෙකු විදිහට වැඩ කරන ගමන් මහාචාර්ය මුනිදාස පී. රණවීර පිළිබඳත්, ඉංජිනේරු ...
බුදු අම්මෝ වදේ.......වදේ....... Nokiee Katha පට්ට ගහපු මාතෘකාවක් වුණත් රැග් එක ගැන මගේ අත්දැකීම් ලියන්න හිතුවේ මේවා නොකී කතා නිසාමයි. ඔන්න දැන් ඇනෝලා පටන් ගනීවි කුණුහරුපෙන් බනින්න. අපහාස කරන්න. තර්ජනය කරන්න.හැබැයි පුතෝ මේ කතාකාරය හොඳට කැම්පස් විතරක් නොවයි හමුදා රැග් එකත් කාල තියෙන නිසා සැලෙන්නෙ නම් නෑ.ඔන්න රැග් එකේ වටිනාකම.මේ කතා බහේදි "නවක වදය" කියන වචනෙ මා භාවිතා නොකරන්නෙ හිතාමතාමයි. ඊට හේතුව මේ සංකල්පයට "වදය" ...
ධම්මික පැණියේ ප්‍රෝඩාකාරී භ්‍රෂ්ටයා Nokiee Katha නෙත් එෆ්.එම්. "බැලුම්ගල" වැඩසටහනින් 2013 මාර්තු මාසයේ ප්‍රචාරය වූ ධනපාල කපුවාගේ පැටිකිරිය මෙන්න. පැණියාගේ පැටිකිරිය මෙවන් තවත් වැඩසටහනක් ප්‍රචාරය වී ඇත. ඒ වැඩසටහනේ තවත් ප්‍රෝඩාකාරී සෙල්ලම් ගැන කියා ඇත. 2020 දී ධමමික නමින් මතු වූයේ මේ භ්රෂ්ටයාය. රට කරවන ඇත්තන් රැවටුණේ මේ කපටියාටය. එපමණක් නොව මේ හාදයාට රැවටුණු අය අතර උගතුන්, වෛද්‍යවරුන් ඉංජිනේරුවන්, පරිපාලකයින් ඇතුළු විශාල පිරිසක් වේ.මේ හඬ ...
ආදරෙයි මම නුඹට......! Nokiee Katha අම්මා අපෙන් සමුගෙන ගිහිං අදට වසර දෙකක්. මා නොකීකතා බ්ලොග් සටහන් ආරම්භ කළෙත් ඇය පිළිබඳ මතකය අවදි කරමින්. ඒක නිරායාසයෙන් ලියවුණ ලියවිල්ලක්.http://nokieekatha.blogspot.com/2015/05/blog-post_22.htmlඒත් අද ලියන්නෙ එදා තරම් නිදහසේ නෙවෙයි. අද මට අම්ම නැති අඩුව වැඩියෙන් දැනෙන දවසක් නිසා වෙන්න ඇති. පවුලෙ උදවිය දාන මාන දීල අම්ම වෙනුවෙන් පිං පමුණුවන අද දවසෙ ඊට සහභාගි වෙන්නව නොහැකි වීමේ ආත්මානුකම්පාවකුත් දැනෙනව.එක අතකට මැරෙන මොහොෙතෙ ...
කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා...... Nokiee Katha අවුරුදු කීපයකට කලින්, හරියටම කිව්වොත් අවුරුදු හතරකට මෙහා පැත්තෙ මම රස්සාව කරමින් උන්නෙ පුළතිසිපුර.ඒ කියන්නෙ පොළොන්නරුවෙ. පොළොන්නරුව-සෝමාවතී මාර්ගය සංවර්ධනය කරන්නට කැබිනට් එක ගත්තු තීරණය මත මේ ව්‍යාපෘතිය බාර වුණේ පෞද්ගලික ඉංජිනේරු ඉදිකිරීම් සමාගමකට.සදාචාරාත්මක හේතු මත සමාගමේ නම මෙතැන සටහන් කරන්නෙ නැති වුණාට දන්නෝ දනිති.මම ඒ දවස් වල ස්ථිර රැකියාවක් නැතිවයි උන්නෙ. සන්නිවේදනයට හා ප්රචාරාත්මක කටයුතු වලට සම්බන්ධ Free Lance වැඩ ...
ප්‍රේමදාස වෙනුවෙන් ඝාතන සිදු කළ "ප්‍රා" Nokiee Katha රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....4ප්‍රේමදාස වෙනුවෙන් ඝාතන සිදු කළ "ප්‍රා" එජාප ආණ්ඩුව මගින් ඒකේ 47 තුවක්කු, ටී 56 තුවක්කු, රිවෝල්වර 38, මූනිස්සම් තොගයක්, අත්බෝම්බ 1988 මාර්තු 25වැනිදා ශ්‍රී ලංකා මහජන පක්ෂයට භාර දුන් අතර එය චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් බාර ගත්තේ ලොකු අතුල නොහොත් නිමලසිරි ජයසිංහ විසිනි. චන්ද්‍රිකා කුමාරතුංග දරු දෙදෙනා සමඟ 1988 අප්‍රේල් මස රට හැර ගියේය. එජාප ආණ්ඩුව ලබා ...
වතුර එක්ක කොක කෝලා බීපු දවසක් Nokiee Katha (මීට පෙර ප්‍රසිද්ධ කළ පෝස්ට් එක පැය කීපයක් ඇතුළත ගලවා දැමුවේ එය නොකී කතාවක් නොව සිතුවිල්ලක් හෝ මත ප්‍රකාශයක් බවට උදේ පාන්දර පෙන්වා දීමත් සමගයි. දන්නෙම නැතිව වැරැදි පාරේ යන එක වළකන්න එහෙම බලපෑමක් සිද්ධ වෙන එකත් හොඳයි.එය කියැවූ කීප දෙනා බ්ලොග් සටහනට මොකද වුණේ කියා සිතන්නට ඉඩ ඇති නිසයි මෙතන සඳහන් කළේ. ඔන්න ඒ සිතුවිල්ල "වාලුකා සිතුවිලි" බ්ලොගය එල්ල ...