බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ.. Dawasin Dawasata බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේදෙනි පෙත හඬන හිරියා මල් පිපුණාවේමා ආදරය දුටු වග නොම හැඟුනාවේමා නැතිදා උන්නු සුවඳක් දැනුණාවේඉහත කවි පද පෙළ බොහෝ දෙනෙක් විවිධ අර්ථ ගැන්වීම සහිතව යොදාගන්නා සුන්දර කවි පෙලක්. මේ කවියෙන් තමයි පරසතු මල් චිත්‍රපටය අවසන් වෙන්නේ.ගම්පහ හග්ගල්ල ගමේ පී. කේ. ඩී. සෙනෙවිරත්න උපත ලබන්නේ 1917 මැයි 17 වන දාය. ඔහු ගුරුවරයෙකි, දක්ෂ කවියෙකි, ගුවන් විදුලි නාට්‍ය ...
අඩ අඳුරට කොයි දේවිත් සීදේවී... Dawasin Dawasata අඩ අඳුරට කොයි දේවිත් සීදේවී හින්දා...අම්මා වරුන්ටත් දරුවෝ මෙතැනදි පෙම් බැන්දා...පාට පාට ඇතුලේ අපෙ දුක හංගාගෙන...ඇකයෙන් ඇකයකට යනවා මුව සරසාගෙන...මා දුටුවොතින් අම්මා එය සිහිනයකට ගෙන...අප්පච්චීට පවසාවී දුටු සිහිනය ගැන...මධුවිත අකීකරු තරමට ඔබෙ හිත නෑ හීලෑ...සිඹිනව වගේ මගෙ හිස අප්පච්චී ලං වීලා..අම්මගෙ බෙහෙත් ටික ගන්නට තව දාහක් දීලා...රඟදෙනු මැනවි මම කරළිය ඔබ නළුවා වීලා... ...
රත්න ශ්‍රී විජේසිංහයන් ගේ ප්‍රථම කවිය... Dawasin Dawasata රත්න ශ්‍රී විජේසිංහයන්ට කවි ලියන්නට ගීතාංජලී කවි පත්‍රයද හේතූ වූවා විය හැක. එහි මුල් පිටුවේ චිත්‍ර පාදක කර ගනිමින් ඔහුට යන්තම් වයස අවුරුදු 14 වනවිට ලියූ පහත කවිපෙල තුන්වැනි ස්ථානය දිනා ගන්නා ලදී. ඔහුට රුපියල් 25 ක තෑගි මුදලක් ද ලැබුණි. මෙය ඔහුගේ නමින් පලවූ පලමු නිර්මාණය වීමද විශේෂයකි. මල් මල් චීත්තය තිත් හැට්ටයකි ගතබොල් මුතුපට ගෙලෙහි, හිල් කූඩයෙහි අතකොල්ලෑවට ...
තරු එලියෙන් පාර හොයන්.. Dawasin Dawasata තරු එලියෙන් පාර හොයන්..රෑ බෝවී මම එනකොට..සියුමැලියේ නුඹෙ සිනාව සඳක් වටිනවා...මගෙ හිත කියවන නිසාම..මා එන පෙර මඟට ඇවිත්..ලෙන්ගතු බව උතුරා ගිය නෙතින් බලනවා...මා සිත විඩා නිවෙනවා...පුංචි පුතා කෝ අහන්න...කලින් හොරෙන් හොරෙන් ඇවිත්...පිටි පස්සෙන් කෑ ගහගෙන කරට පනිනවා...ගත විඩාව නුඹෙ හුරතල්...වචන ඇවිත් අරන් ගිහින්...දූ අරගෙන ගේ වටේම ලුණු ගෙනියනවා...එය දැක නුඹ හිනැහෙනවා...අතීතයේ දුටු හීනය...නෙතු අබියස සැබෑ වෙලා...ඒ බැව් ඔබ හට කියන්න ...
වලසා සහ මිතුරන් දෙදෙනාගේ කතාව - New Version Dawasin Dawasata අප කුඩා කාලයේ වලසා ගැන අසා ඇත්තේ කැලේ ගිය මිතුරන් දෙදෙනාගේ කතාවෙන්. එහි ගහට නැඟ ගන්නට නොහැකි වූ මිතුරා මැරුණා සේ සිටි විට වලසා ඉව කර රහසක් ද කියා ගියා යැයි කියැවෙනවා. රහස තමයි විපතේ දී එකට සිටින මිතුරා අතහැර දුවන නුඹ වැනි මිතුරන්ගෙන් ප්‍රවේසම් වන ලෙසයි යනුවෙන්.ඉහත කතාවෙන් කියවෙන කරදරයක දී තමන් ගේ මිතුරන් අතහැරදා තමන්ගේ ආරක්ෂාව යහපත පමණක් ...
මීවිත නුඹයි මම ගී පොතකි සුගායන Dawasin Dawasata නුඹ මට මවක් මැයි ලෙන්ගතු බව පිරුනදුල පුන් සඳක් මැයි සිත් අහස සරසනසිහිලැල් ගඟක් මැයි දිවි කතරට ගලනසුන්දර කවක් මැයි දෙතොලග නිති රැඳෙනපින්බර සිහිනයකි දිවියෙහි සැබෑ වුනපහනකි හද අඳුර බිඳ සදා දැල්වෙනගීයට තනුවක්ය රස භාව පුබුදනමීවිත නුඹයි මම ගී පොතකි සුගායනආපසු ගන්න කාලය නුඹ හා ගෙවනයලි යලි විඳ ගන්න සුන්දර බව රැඳුනඅනුකම්පනය වන හද ස්වර නිසිව ගලපනනුඹ වීනාවී මා උර ...
දවසක් පැල නැති හේනේ.... Dawasin Dawasata හේනේ වැස්සට අසුව ගහක් යට හිටගෙනේමට උඩින් නැමීගෙන මාව නොතෙමෙන මෙනේඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුණනේඅම්මේ ඔබ නැති ලොවක මා කෙලෙස ලොකු වුණේඉහත කවිය 'දවසක් පැල නැති හේනේ' ගීතයේ ගේය පද රචක අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්නයන් විසින් තම මව සිහිකර ලියූවකි. ඉහත කවියේ සිදුවීම ඔහුගේ සත්‍ය අද්දැකීමක් බවත් ගීතයට පාදක වූයේ එය බවත් ඔහු තම මවගේ අභාවයෙන් පසුව 'ඉරිදා ලක්බිම' පුවත්පතට ...
අපේ රට... Dawasin Dawasata "තමන් විසින් ම මසාගත් ලොම් කබායකින් සැරසුණු 'ඉන්කමල්අපායි' ගුරුතුමිය සීතලයෙන් වෙවුලමින්, ළමුන්ට ඉන්දු සයුරේ පිහිටි ලංකාව නම් සුන්දර දිවයින ගැන කියා දුන්නාය. ලෝක සිතියමේ ලංකාව දිස්වූයේ ඉන්දියාව නැමති තන බුරුල්ල අග ඇඳුනු කිරි බිංදුවක් ලෙසිනි. ඒත් ගුරුතුමියගේ විස්තරය අනුව නම් එහි නැති දෙයක් ගැන සිතීම උගහටය. වඳුරන්, අලින්, කෙසෙල්ගෙඩි, ලෝකයේ ඉස්තරම් ම තේ,කෙලවරක් නැති ගස් කොලං, පළතුරු. ඒත් සියල්ලටම වඩා ...
කෙටි කසාදය Dawasin Dawasata සිතාසි ලියමන ලැබුනා ඊයේඅම්මා ලියමන අරගත්තේඅප්පච්චී කිව්වට පස්සෙයි මංඋසාවි දිනයත් දැනගත්තේදෑඟිලි එක්කල රන් හුය කොතැනදඅප දෙදෙනා මඟ හැරගත්තේඔබයි මමයි දරු පැටියයි නොවෙදෝඅන්තිමටම තනි වී ඇත්තේඔයාගෙ නැහැයයිමගේ ඇස් දෙකයිවාත්තු කරලා දූගෙ වතේකොහොමද දෝනිව බෙදාගන්නෙ අපිතාමත් මට වැටහෙන්නෙ නැතේඅම්මේ තාත්ත අදවත් ඒවිද?අසමින් දැවටෙන මගේ ගතේමෙච්චර හරියක් කොහොම කියන්නදදාහක් දේවල් මගේ හිතේඅවසන් වරටත් කතා කරන්නටඑන්නට සිතුනත් ඔබව සොයාමගෙ හිත හෙමීට මටම කියනවාඔබ මට ...
2009 - 2016 දක්වා රාජ්‍ය සාහිත්‍ය / ස්වර්ණ පුස්තක සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් Dawasin Dawasata ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට තව දින කීපයයි. පොත් ලයිස්තුවක් අතැතිව ගියොත් තෝරා ගන්න ගොඩක් ලේසි වෙයි. නමුත් හොඳ පොත් කොහොමද දැනගන්නේ කියන එකත් ප්‍රශ්ණයක්. ඒක නිසා පොඩි පොත් ලයිස්තුවක් හැදුවා. 2009 සිට 2016 දක්වා රාජ්‍ය සාහිත්‍ය සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් එමෙන්ම ස්වර්ණ පුස්තක සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් මේ ලයිස්තුවේ තියෙනවා. නිර්ණායක හරියටම හරි නැති වෙන්න ...
විමලරත්න කුමාරගම කවියා පිලිබඳ කෙටි සටහනක් Dawasin Dawasata බුද්ධදාස ගලප්පත්ති කවියාගේ සහෘද සටහන් පලමු කොටස කියවන විට එහි තිබූ විමලරත්න කුමාරගම කවියා පිලිබඳ ලියවුනු ලිපිය දැක ඔහු ගැන පොඩි සටහනක් තබන්නට සිතුනා. 1919 ජනවාරි 18 වෙනිදා නාරම්පනාවේ උපත ලැබූ කුමාරගම කොලඹ යුගයේ කවීන් අතර ඉහලින්ම කතා කරන කවියෙක්.කවි දහස් ගණනක් ලියූ කුමාරගම විසින් ලියා පළකරන ලද්දේ කවිපොත් දෙකක් පමනයි. ඒ 1942 දී පළකර “සංවේග වේදනා” සහ 1946 දී ...
ලස්සන කවි කීපයක් ඇහින්දෙමි.... Dawasin Dawasata පසුගිය පත්තර අතර සැරි සරද්දී අප ආදරණීය රත්න ශ්‍රී විජේසිංහ විසින් 1985 වසරේ ඔහු විසින් රචිත 'වස්සානේ' නම් කාව්‍ය සංග්‍රහයේ ඇතුලත් පහත කවිය ම සිත බැඳුනි. අජානේය ඉස්කූටර තුරඟු පිට..නැගී වාත වේගෙන් ඉගිළෙන කලට..බදා හිමි දෙවුර ඉස්සී බලන විට..වැටේ දැයි කිරුළ සිතුණි ය බිසවුන්ට..පසු කලෙක මෙයින් ගීතයක් පවා බිහිවිය. ඔහු තමන්ගේ 'වස්සානේ' කෘතිය තම ආදරණීය බිරිඳ වන හේමමාලී ට පුද ...
අපිත් ගියා.. Dawasin Dawasata අපිත් ගියා..ආචාර්ය ජයලත් මනෝරත්න ශූරීන් ගේ 'සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය' කෘතිය දොරට වැඩීමේ උත්සවයේ අවස්ථා කීපයක්.මෙය හුදෙක් පොතක් දොරට වැඩීමේ උත්සවයක් නොවී විචිත්‍රවත් උලෙලක් විය. මහාචාර්ය කෝලිත භානු දිසානායක උත්සවයේ ප්‍රථම අංගය ඉදිරිපත් කරමින්සමන් ආතාවුදහෙට්ටි සභාව අමතමින්මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මුක්ය දේශනය අතරතුර..උත්සවය අතර රඟ දැක්වූ 'අසම්මත' නාට්‍යයේ ජවනිකාවක්..ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න සභාව අමතමින්...අතරතුර වූ විසිතුර....ආචාර්ය මනෝරත්න ස්තුති කතාව කරමින්... ...
හැරගිය බිසව්... Dawasin Dawasata පිදුරු ගහෙත් එල්ලෙන මිනිසෙකු වන්න..පැදුර දිගැර තරු කැට ගැන ගැන ඉන්න..බිසවුන් අතැර ගිය මැදුරක තනි වෙන්න..තනිකම ඇවිත් මගෙ තනියට ලඟ ඉන්න..උලලේනියත් වැලපුනු සීතල රෑක..සඳ සාවියත් සඳ ඇසුරින් ගිය දාක...නිකිනි මස ගෙවී කළුවර වැඩි මහක..නිවසේ පහන නිවුනා මතකයි රෑක..කෑලි කපන අඳුරින් එළියයි නිවස..තනිකම සමඟ දොඩමලු වෙමි මුලු දවස..මාහට නිවා ගන්නට සෙනෙහස් පවස..ඉස්සර වගේ හමුවෙමු දොල ලඟ හවස..කහට කෝප්පය මට හදලා දෙන්න..ඇඳ ...
කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම.... Dawasin Dawasata කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම....(ගුරු තරුව වේදිකා නාට්‍යයේ ගීතයකි)සාහිත්‍ය ගුරුතුමා : -කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළුසෙවණැලි වැටී ඇත ගෙයි හැම තැනම ගොලුදොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළුමිදුලේ වියන ලදි සඳ රැස් පැදුරු මලුසංගීත ගුරුතුමිය : -වැටකොටු කුමට අලියෙකු හට වෙසෙන වනේමට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේසිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේවට ...
වාසනාවේ අවාසනාව.... Dawasin Dawasata ඇහැකි වුනොත් විකුණ ගන්නඔක්කොම වාසනා ගොන්නඑහෙම දාට රෑට වතුරඕනි නැහැ ගොඩක්පුංචි උන්ට රහ බලන්නකැවිලි ටිකක් අරන් යන්නගන්න මහතුනේ මගෙනුත්වාසනා පතක්පොඩි කෙලීට උගන්නන්නපුතාව ටියුෂන් යවන්නඔබට වගේ මගේ හිතෙත්හීන නම් ගොඩක්එකතැන් උනු අප්පොච්චගෙහුස්ම ඩිංග අරන් දෙන්නඋන්දැට තව හුස්ම ගන්නමාසයක් දෙකක්ඔඩෙල් මොන්ඩි ඉස්සරහත්දැකලත් ඇති මම ඉන්නවඅපේ එක්කෙනත් තවමතරුණයි හුඟක්කොටුවේ පේමන්ට් එකෙන්ගවුමක රෙදි අරන් දෙන්නඑතකොට මගෙ මැණිකෙ ලඟත්මල් ගවුම් තුනක්වාසනාව නැතෙයි කියලටිකට් එකක් නොගත්තාටමහත්තයෝ ...