වැවකින් වතුර යන ගානයි පිටවානේ... Dawasin Dawasata වැවකින් වතුර යන ගානයි පිටවානේ...මටවත් මගේ නෙතු යුග අවනත නැහැනේ..සෙවනැලි හොයනවා වාගෙයි තරු පානේ..මා දුක් වන තරම් නුඹ දන්නේ නැහැනේ..සඳුට අහිමි තරු නැත රෑ ආකාසේ..හිරුට හොරෙන් මල් පිපුනිද හොර රහසේ..මෙතුවක් දිවි කවෙහි එලි වැට වූවාසේ..යලිපායන්න දේ දුන්නක් වී අහසේ..ඔබ යලි නො එන බව මගෙ සිත පවසන්නේ..හදවත කොහොමවත් එය නැත පිලිගන්නේ..කොතැනින් කොහොම යලි දිවි මඟ අරඹන්නේ..සහතික ලෙසම එය නම් මම නැහැ ...
ජීවිතය සහ තනිකම... Dawasin Dawasata ජීවිතය ක්ෂිතිජයේ මායිම්ටම ගෙනත් අත ඇරපුවාම..සයුර කොයිබද අහස කොයිබද සොයා ගන්නට කියපුවාම..දැනෙනවා අසරණ කමක්.. කවුරුවත් නැති තනි බවක්...පාට දේදුනු මාවතක එක්කරන් ගෙනිහින් බෝ දුරක්...හිරු කුමරු හැංගුවා ගානයි නොපෙනෙන්න යායුතු මඟක්...මේ තරම් ජීවිතය අසරණ කරන්නට පුලුවන් උනේ..අහසටත් පොලවටත් වැඩියෙන් බැඳි නිසා නොවෙදෝ සෙනේ..නිමක් නැති ස්නේහයෙන් සුන්දර ලොවක් සිත්තම් කරපුවාම..අකාලෙට වට වියෝගයෙ වරුසාව සිත්තම් බොඳ කලාම..කොටු උනා ගානයි හීනයක නැති කිසිම මට ...
තරු එලියෙන් පාර හොයන්.. Dawasin Dawasata තරු එලියෙන් පාර හොයන්..රෑ බෝවී මම එනකොට..සියුමැලියේ නුඹෙ සිනාව සඳක් වටිනවා...මගෙ හිත කියවන නිසාම..මා එන පෙර මඟට ඇවිත්..ලෙන්ගතු බව උතුරා ගිය නෙතින් බලනවා...මා සිත විඩා නිවෙනවා...පුංචි පුතා කෝ අහන්න...කලින් හොරෙන් හොරෙන් ඇවිත්...පිටි පස්සෙන් කෑ ගහගෙන කරට පනිනවා...ගත විඩාව නුඹෙ හුරතල්...වචන ඇවිත් අරන් ගිහින්...දූ අරගෙන ගේ වටේම ලුණු ගෙනියනවා...එය දැක නුඹ හිනැහෙනවා...අතීතයේ දුටු හීනය...නෙතු අබියස සැබෑ වෙලා...ඒ බැව් ඔබ හට කියන්න ...
නැහැ මට දුකක් හිටියත් පුටුවේ රෝද... Dawasin Dawasata නැහැ මට දුකක් හිටියත් පුටුවේ රෝද..ඔබ බය නැතිව ජීවත් වෙනවා නේද..කීවත් කැනහිලුන් එක එක අවලාද..ඔබගේ සිතින් අප අමතක වෙනවාද..අප විඳි දුක් ගැහැට ලක් මෑණියෝ දනී...වෙසතුරු රජු වගේ අත පයත් දන් දුනී...ඒ හැම දේම රට වෙනුවෙන්ම ඉවසමී...මිය යන තුරුම මම මගෙ ලක් මව රකිමි...අපෙ පොඩි එවුන් පෙති ගහලා කපන කොට...බසයේ දුම් රියේ ගිනිදැල් නැගුනු විට...දැන් යුද්ධයේ දිනුමක් නැහැ කියන කොට..තරහක් නෙමෙයි ...
තාමත් මගෙ හිත කියන්නෙ නුඹ ආපහු ඒවි කියල.. Dawasin Dawasata තාමත් මගෙ හිත කියන්නෙ නුඹ ආපහු ඒවි කියල...මං ආයෙත් නුඹේ ලඟට එක්කරගෙන යාවි කියල...නුඹෙ කට හඬ විහිළු තහලු නැති හින්දා හරි පාලුයි...මෙතැන ඉන්න හැමෝම මා එක්කල නම් හරි යාලුයි...මෙහෙ අයනම් මට කියන්නෙ නුඹ ආපහු එන්නෙ නෑලු...මට ආයේ කවදාවත් නුඹ දකින්න වෙන්නෙ නෑලු...ඒ උනාට මගේ උකුලෙ හිස තියාන උන්නු වේලෙ...මතක් වෙනව ආදරයෙන් මම හිස අත ගාපු තාලෙ...එක්කරගෙන එනවට එහෙ අය අකමැති ...
විඳිනව නම් නුවර එලිය මෙහෙමයි ඇත්තටම ඔන්න.. Dawasin Dawasata කොලඹ රටේ මහත්වරුන් හිත ගින්දර නිවා ගන්න..අපෙ දුකින් හීතල වුනු නුවර එලියෙ එනවා..කොලඹ තියන කුණු කඳු උස මදි හින්දද මන්දා..අපෙ කරදර වලින් උපන් කඳු නගින්න යනවා..අඩියක් අඩියක් ගානේ ගලනා අපෙ දුක් කඳුලැළිඔබලා හරි ආසාවෙන් බලාන හිනැහෙනවා...අන්තිමේදි අපෙ හිනාව හිතේ තියන මනුස්සකමවිතරක් පින්තූර අරන් යලි යන්නට යනවා...දවසක නෝනල බේබිල අපෙ ලයිමට ඇවිත් යන්න..හීතල අඩු වෙන්න ඇහැකි උණු උණු රොටි හදා දෙන්න..ගෙදර ...
අඩ අඳුරට කොයි දේවිත් සීදේවී... Dawasin Dawasata අඩ අඳුරට කොයි දේවිත් සීදේවී හින්දා...අම්මා වරුන්ටත් දරුවෝ මෙතැනදි පෙම් බැන්දා...පාට පාට ඇතුලේ අපෙ දුක හංගාගෙන...ඇකයෙන් ඇකයකට යනවා මුව සරසාගෙන...මා දුටුවොතින් අම්මා එය සිහිනයකට ගෙන...අප්පච්චීට පවසාවී දුටු සිහිනය ගැන...මධුවිත අකීකරු තරමට ඔබෙ හිත නෑ හීලෑ...සිඹිනව වගේ මගෙ හිස අප්පච්චී ලං වීලා..අම්මගෙ බෙහෙත් ටික ගන්නට තව දාහක් දීලා...රඟදෙනු මැනවි මම කරළිය ඔබ නළුවා වීලා... ...
ලියමන - (හිරුත් හිම පියල්ලක - 2010) - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල Dawasin Dawasata මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ආදරණීය කලා කරුවාව ගොඩක් දෙනෙක් දන්නේ "සෙංකොට්ටං" කෘතිය තුලින්. නමුත් ඔහු කවියෙක්. ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වුනු "හිරුත් හිම පියල්ලක" කෘතිය 2011 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මාන ලබනවා. එහි ඇති "ලියමන" නම් කවි පංතිය නර්ථණ කණ්ඩායමක සිටින යුවතියක් ගැන ලියවූවක්. අප බාහිරින් නොදකින ඔවුන්ගේ ජීවිත වල ඇතුල් පැත්ත ඉතා සංවේදී ලෙස මෙයින් ඉදිරිපත් කර තිබෙනවා. නෙලුම් ...
මතකයි මමත් රැවටුනු හැටි මිරිඟුවට... Dawasin Dawasata ප්‍රේමය, විරහව, මේ සියල්ල අප තනිව විඳිනවාට වඩා අප සමඟ සියල්ල බෙදා ගන්නා සොබාදහමත් සමඟ බෙදාගත හැකිය.රතඹුරු හිනා වෙනකොට හිරු පායද්දී...තණ අග පිණි කඳුළු වැලපේ මියැදෙද්දී...මා හැර ගොසින් ඔබ ඔහු හා හිනැහෙද්දී...නෙතු වැලපේවි මතකය සිත පාරද්දී..සඳ සාවියට කඩුපුල පෙම් බැන්දාට...තරු හිනැහේද සඳු පායපු ඒ රෑට...මා හැර ගිහින් ඔබ සනහස වින්දාට...සිත හඬනවා නෙත අවනත වූවාට...ඉර පායලා මන්දාරම එකතු කොට..මොහොතක ජීවිතය දී ...
අපේ කසළ කන අපේ වන අලි... Dawasin Dawasata පහත ඡායාරූප පෙලින් දිස්වන්නේ කසළ ආහාරයට ගන්නා අලි රංචුවක්. කන්තලේ සිට සේරුනුවර දක්වා දිවෙන මාර්ගයේ යන බොහෝ දෙනෙක්ට මේ අලි රංචුව දැකගන්නට පුලුවන්. මෙතැන තමයි කන්තලේ ප්‍රාදේශීය සභාව කසල බැහැර කරන ස්ථානය. මෙසේ කසල ආහාරයට ගැනීමේන් මෙම සතුන් බොහෝවිට මරණයට පත්වෙන්න හැකියාවක් තියනව. මොකද මේ කසල සමඟ තියෙන පොලිතින් වැනි දේත් මේ අය ආහාරයට ගන්න නිසා. දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයෙන් ඉවත් ...
(අ)මතක... Dawasin Dawasata කිරිකැටියෙකුත් කර පින්නා, නුඹ බසයට ගොඩවුනේ... නොසිතුව වෙලාවක...මතකය සිත පුරා පිබිදිනි, මා පෙම් කල නුඹට, සුන්දර අතීතෙක....දෙනුවන් විකසිතව, ඔබ පුදුමින් බලා, හෙලු ලෙංගතු සිනාවක..සැඟවී තිබෙනු දුටුවෙමි දිවියේ, නොනිමෙන හිස් බව මම මනාවට...පුද දුන් අසුන පිලිගෙන දරුවා ඇකයේ තියා...පොඩ්ඩා හිනාවෙයි සෙනෙහස මේ යැයි මට කියා...නොවෙදෝ ඔබට දුන්නේ මා පෙම් හසුනක් ලියා...ඒ බැව් සිහිවෙලා මට තනියම සිනහා ගියා...මාගේ පුතුන් දෙදෙනත් බිරිඳත් නිවසෙහි ...
දයා අල්විස් රංගන ශිල්පියාණනි ඔබට නිවන් සුව...!!! Dawasin Dawasata 1944 දී පයාගල දී උපත ලැබූ දයා අල්විස් මහතා ඉගෙන ගත්තේ කළුතර විද්‍යාලයේ. ඔහු නළුවෙකුට අමතරව වාදකයෙක් හා ගායකයෙක්. ඔහු 1958 දී පමණ රාගධාරී සංගීතයෙන් ගාන්ධර්ව විභාගය සමත්වුණා. ඉන්පසු ඔහු හේවුඩ් එකේ මහාචාර්ය එච්.ජී.එස්. ජයසේකර ළඟට සංගීතය ඉගෙන ගන්න යනවා. එහිදි සනත් නන්දසිරි, වික්ටර්, මර්වින් පෙරේරා වැනි අය මිතුරන් බවට පත් වුනා. අනතුරුව ඔහු භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. ඔහුට මුල්ම ...
සිදාදියේ නුඹ... Dawasin Dawasata ගෙවුනු අතීතය කෙතරම් සුන්දර දැයි සිතන්න....නොදුටුව අනාවක වෙනුවෙන් මා හැරදා නොයන්න...සුන්දර මතක ගොන්නක් සින්නක්කර ගෙන විඳින්න....ඇත්තෙන් හිතට හරි මදි ඔබ ඔබෙ පංගුව ගන්න....ඔබ මා ඇවිද ගිය තැන්වල දූවිලි මල් පිපුනු...නොවැටී ගියා මතකයි මං මාවත් වල පොකුණු...ගිනියම් වැස්ස ඇද හැලෙනා විට දහවල දරුණු...ඔබ මට මුවා වෙයි එනමුදු ගත ඩහදිය පෙඟුනු... සිදාදියත් නුඹ වාගෙම අමුතුයි විසිතුරුයි....සැමදා අලුත්වෙයි දැකුමට ආසයි පියකරුයි...එනමුදු පිටට වැඩියෙන් ...
නොනගතය නිමාවිය.... Dawasin Dawasata අපි අද අලුත් අවුරුද්දට වැඩිහිටි නිවාසයකට දානයක් දුන්නා. මෙතන මේ වෙනකොට 21 දෙනෙක් නේවාසිකව ඉන්නව. එයින් 16 දෙනෙක් ම යම් යම් මානසික රෝග වලින් පෙලෙන අය. මේ අයව මෙතනට යොමු කරල තියෙන්නෙ අංගොඩ මානසික රෝහලෙන්. මොකද මේ අයගෙ භාර කාරයො මේ අයව ගෙනියන්න අකමැති නිසා සහ ඇතැම් අය ව්‍යාජ ලිපිනයන් යොදා ලෙඩුන් අතුලත් කරල නිසා තමයි මේ අයට මේ වගේ ...
අලුත් අවුරුදු..... Dawasin Dawasata නගරයටත් අවුරුදු ඇවිල්ලා...කොහාට අමතක වුනු අවුරුද්දේ... යකඩ කටින් මුදලාලි කෑගසා පවසයි අවුරුදු ආ බව සතුටින්...කැවිලි හදන්නට කරදර හන්දා... කැමති උනත් දන්නේ නැති හින්දා කඩෙන් අරන් එයි කැවිලි පිටින්...ගමේ යන්න වියදම් යන හින්දා... අතේ කාසි දැන් ඉවරත් හන්දා අවුරුදු සමරයි නගරෙ ඉඳන්...දුවල පුතාලා ඒ යැයි සිතලා... අරන් තියපු කජු ටික පුස්සාලා අම්ම හදයි රස කැවිලි ඉතින්....ගමෙත් අවුරුදු....කොහාට අමතක නෑ අවුරුදු බව ...
දිවියේ තිබෙන අනියත බව තේරෙනවා... Dawasin Dawasata ඊයෙ මහරගම පිලිකා රෝහලට ගියා ලෙඩෙක් බලන්න. ඒකත් අමුතුම ලෝකයක්. අපේ මිනිස්සු තවමත් අපේ සංස්කෘතියෙන් අපිට උගන්නපු හොඳ දේවල් පුරුදු පුහුණු කරන නිසාම එතනට ගොඩක් දාන නම් ලැබෙන බව දැනගන්න ලැබුනා. රෝගී වෙලා හිටපු ගොඩක් වැඩිමහලු අය අතරෙ බොහොම ලස්සන පාසැල් යන වයසෙ කියල හිතන්න පුලුවන් ගැහැනු ලමයෙකුත් හිටිය. මේ ලමය ඇඳ උඩ වාඩි වෙලා ඔලුවත් පහත් කරන් කකුල් දෙකේ ...
අපරාජිතෝ (The Unvanquished) Dawasin Dawasata සත්‍යජිත් රායි ගේ අති සාර්ථක "පාතර් පංචාලි" චිත්‍රපටියේ දෙවැනි කොටස ලෙස 1956 දී "අපරාජිතෝ" තිරගත වෙයි. "පාතර් පංචාලි" චිත්‍රපටියේ, අපූ ගේ සොයුරිය, දුර්ගා ගේ මරණයෙන් පසු ගම හැරදා යන තැනින් අවසන් වූ කතාව "අපරාජිතෝ" චිත්‍රපටිය ලෙසින් මෙතැන් සිට ඉදිරිපත් කරයි. මෙම චිත්‍ර පටියේ ඇතැම් අවස්ථා "පාතර් පංචාලි" චිත්‍රපටියටත් වඩා සංවේදී ලෙස ඉදිරිපත් කිරීම දැකිය හැක. තවමත් පවුලේ මුදල් තත්වය අඩමාන ...
පිලිකාව... Dawasin Dawasata ඔබ සිටින බව නොදන්නා තරමටම මාගේ සිත නිවී යයි....ජීවිතය හෙමි හෙමි ඔබ නතු කරගන්න බව නම් හැඟීයයි...ඔබට අවනත වනු නියා වෙන කිසිත් ඇති බව නොම පෙනීයයි...මා නිසා ජීවිතය ලද ඔබ මා පෙලන්නේ ඇයි නොතේරෙයි....මගේ දිවියම වෙනත් මඟකට ඔබ නිස අද යොමු වෙලා...එදා කල කී දෑ කරන්නට බැරිව ගත සිත ගොලු වෙලා....මගේ දුක දැක සිනාසෙන ඔබෙ දෙස මෙමා පුදුමෙන් බලා..සිටින්නෙමි මම ...
අබුද්දස්ස.... Dawasin Dawasata තුන් පිටකයම මතකින් කියවන්න ඇහැකි නොවරද්දා...පන්සල් දෙක තුනක් ගමකට ඇත පිටිසර වුව හද්දා...දන්සැල් දැනුත් ඇත වෙසඟෙට කරමින් හරියට සද්දා...කොතැනක නමුත් සිදු වී ඇති බව පෙනෙනව යම් වරදා...අප මහ සඟුන් නැතුවත් කම් නැත ලක් දිවයිනට...ඒ තරමටම ඇත ගිහියන් දෙසනා දම් රටට...පන්සිල් රැක ගන්න අපහසු මුත් ඔබ අප හැමට...අඩුවක් නැතේ සෝතාපන් රහතුන්ගෙන් එමට..සීවලි සමිඳු ඇත හැමතැන බත සරි කර ගන්න...කස්සප මොග්ගල්ලාන හිමිවරු ...
මීවිත සහ ජීවිත... Dawasin Dawasata විතක් හෙමි හෙමින් හිස් වන...සිතුම් දවන සිත පාරන...මතින් බමන ගතින් දැවෙන....හිරු සැඟවෙන අඳුර ගලන...ආයෙත් තව හැන්දෑවක්.... දවස ගෙනල්ලා....දෙනෙත් යදින යලි නොදකින...සඳුන් සුවඳ සිහිලස දෙන...සදාතනික ලෙසින් දැනෙන...එනමුදු කිසිදා නොලැබෙන...ඔබේ මතකයන් ආයෙත් හිතට ඇවිල්ලා....හීතල හඳ එලිය ගලන...සිනහව අඳුරට පැවරුන...විරහව හද දරන දවන...දිවියම එක තැන නවතන...මා හැර ගිය ඔබ ආයෙත්, මීවිත මට අරන් ඇවිල්ලා.... ...