නොස්ටලොජියාවක මතක | Memories of Nostalgia මලියගෙ සටහන මං වෙනදා වගේම ටෝච් එකයි වෙපන් එකයි අතේ තියාගෙන පොයින්ට් එකට වෙලා පාර දිහා බලාන ඉන්නවා. දවස පුරාම දුවලා පැනලා මහන්සිවෙලා ඇගට හරිම අමාරුයි, නිදිමතයි, ඊටත් වඩා බඩගිනියි. ඒත් මොනවා කරන්නද? මං හැමදාමත් වගේ මේ වෙලාවට කරන්නේ වෙපන් එක පරිස්සම් වෙන විදියට, කාටවත් ගන්න බැරි විදියට අතේ තියාගෙන ටෝච් එකත් සාක්කුවට දාගෙන ඈත අහස දිහා බලාගෙන කල්පනා කරන එක. ඒක ...
කළු වෙළඹ | Black Beauty මලියගෙ සටහන තවත් වැහිබර හැන්දෑවක්! කාලෙකට පස්සෙ වැටෙන ධාරාණිපාත වැහි බිංදු වලින් පරිසරය කුල්මත් කරද්දි වහලෙට කඩාන වැටෙන වැස්සෙ සද්දෙන් ඔෆිස් කාමරේ පිරිලා යද්දි මාත් සිව්මහල් ගොඩනැගිල්ලෙ ඉහලම මාලයෙ තිබුන මගේ ඔෆිස් එකෙන් එළියට ගිහින් කොරිඩෝවට වෙලා ඈත වැස්ස කඩාපාත් වෙන හැටි බලාන හිටියා. මං වැස්සට ආදරේ කරන්න අටෝරාසියක් හේතු තියෙනව. ඒත් ඒ අතරින් සමහරක් හරිම ප්‍රබලයි. නිස්කාන්සුවෙ වැස්සකට අහු උනාම මගේ ...
අනූට පිළිතුරක්! | Answer for Anu මලියගෙ සටහන දැරුවත් යත්නහදුනාදෙන්නට නුඹටරිදෙන බව මටවැරදි බව නුඹඉනි මිටක් විය එයගගට කැපූඒදා මෙන් අදත්සිදවූයේ ඒකම දෙයකිපිළිගත්තා පමණකිඅවසනවැරදි බව නුඹනමුදු, ඒදත් අදත්නොදැරුවත් යත්නගන්නට හරිමගටකරන්නට කැපකිරීමක්බැරිම තැනතවත් වදවෙන්නේ කුමටකැපකිරීමක් නොමැතිඅකුරකට පමණක් සීමා වූනුඹේ හිස්ආදරයට...Source: අනේ අපි මුණ නොගැසුනා නම්! ...
ඇසිල්ලක් | Just a moment මලියගෙ සටහන දන්නවද, මං කාගෙවත් ඔරලෝසුවක හිරවෙලා හිටිය කාලයක් තිබුනා. මං ඒ ඔරලෝසුවෙන් ඉල්ලුවා, මං වෙනුවෙන් වෙලාවක් දෙන්න කියලා. ඒත්, මොන කරුමයකද කියලා දන්නෙ නැ. මට හම්බුනෙ ඇබිංදං වෙලාවක විතරයි. ඒකත් දුන්න ගමන් මගෙන් ගන්නවා. ඒකෙන් වැඩ් වෙලාවක් වෙන්කරලා තිබුනෙ වෙන වෙන අය වෙනුවෙන්, වෙන වෙන දේවල් වෙනුවෙන්. ඉතිං, අන්තිමට මට සිද්දඋනා හිගාකන්න, වෙලාව වෙනුවෙන්. ඔව්, ඒත් මාව තඹ සතේකට ගනන් ගත්තෙ ...
(අ) සම්මතය | The Atypical මලියගෙ සටහන තවත් වැහිබර හවසක්. රාජකාරි අහවර කරලා සීතල වතුරින් ඇගපත තෙමාගෙන මං කැමතිම පුටුව අරගෙන ජනේලය ලගින් තියාගත්තේ එළියෙන් එන වැසි පුසුඹ ඉබින්න හිතාගෙනමයි. කෝපි කෝප්පයක් තොලගගා වීදුරු ජනේලයෙන් එලියෙ වැටෙන වැහිබිදු දිහා බලාන ඉදල ඉදල බැරිම තැන බුකිය පැත්තට ගොඩවැදුනෙ කම්මැලිකම යන්නත් එක්ක. වෝල් එක පුරාම පිරිලා ඉතිරිලා තිබුන දේශපාලන කලබගෑනි පහුකරගෙන මං පහලට ආවා. අතරින් පතර තිබුන ගෑනු ලමයින්ගෙ ...
රෝස මලට කියනවාද? මලියගෙ සටහන මං ඒක දැක්කෙ අහම්බෙන් වගේ... කවුරු හරි පාගලා, පොඩිකරලා, විසි කරලා දාලා තිබුන මලක්. ඔව්.. රතු රෝස මලක්. හැමතැනම තැලිලා, පොඩිවෙලා තිබුනෙ. ඒත් මට ඒක දැක්කට පස්සෙ අහක බලාගෙන යන්න හිතුනෙම නෑ. ඒ් කියලා මට ඒකට බෙහෙත් කරන්න වෙලාවක් තිබුනෙ නැති බවත් ඇත්ත. ඒත් මං හිතුවා, මොන වැඩේ තිබුනත් ඒ වෙනුවෙන් වෙලාවක් හදාගන්න. ලස්සනට සාත්තු සප්පායම් කරලා ආදරෙන් බලාගන්න. ඉතිං... ...
මේ නිශාන්තයේ... | Moment of a Nightmare මලියගෙ සටහන වෙලාව හැන්දෑවේ 7ත් පහුවෙලා. වෙනදා වගේම මං එයා එනකං බලාන ඉන්නවා. නෑ.. එයා එනකං මං තවත් බලාන ඉන්නෙ නෑ. ඒ කියන්නෙ තරහකටවත් වෙන මොකක් නිසාවත් නෙමෙයි. එයා දැන් කොහෙ ඉදීවිද, මොනව කරනවද, පරිස්සමින් ද කියලා හොයලා බලලම එයාට ඒක ඇති වෙලා. බාගදා එයාට ඒක කරදරයකුත් වෙන්න ඇති. අඩුගානෙ මං දැන් එන ගමන් ඉන්නෙ, බය නොවී ඉන්න කියලා චූටිම චූටි ටෙක්ස්ට් ...
නුවරඑළිය, ශාන්තිපුර හරහා බදුල්ලට රෝද දෙකෙන් | Ultra Mini Tour to Badulla Via Shanthipura මලියගෙ සටහන රූට් එක (දළ වශයෙන්)දවස අගෝස්තු 02, මාස දෙක තුනකට කලින් සේවා ස්ථානයෙන් මාරුවීමක් ලැබිලා පිටත් වෙලා ගිය බදුල්ලෙ සහෝදරයට පොරොන්දුවක් දීලා තිබුනා නිවාඩුවක් ලැබුන ගමන් අනිවා ඒ පැත්තට ගොඩවෙන්න එනවමයි කියලා. කොහොමින් කොහොමහරි ලැබුන හදිසි නිවාඩුවෙන් (ඇත්තටම කියනවනං නිවාඩුවක් නෙමෙයි රිලැක්ස් ටයිම් එකක්) ප්‍රයෝජනේ ගන්න හිතාන දවස් දෙක තුනකට කලින් චැට් එකක් දාලා ගමන යන්න දාගත්තා. මේ සැරේ නම් තනියම ...
මන්දාරම් අදුර මැදින්... මලියගෙ සටහන ඒක ඇවිල්ලා වැහි දවසක්. දවසක් කිව්වට දවසක්ම නෙමෙයි, වැහි හවසක්. ඇදිරි වැටිලා වටපිටාව ලස්සනට තිබුනා. මං හීන් සැරේ පාර දිගේ ඇවිදන් යන්න පටන් ගත්තෙ අහස හූරගෙන වැටෙන වැහි බිංදු තඹ සතේකට මායිම් නොකර. පාරේ යන අනිත් හැමෝම කුඩයක් යටින් ඇවිදන් යද්දි මං විතරක් කඩාහැලෙන වැස්සට නිරුවත් උනා. ඒක දැකපු අය කොහොම හිතුවද කියලා නං මම දන්නෙ නෑ ඒත් මං ආස ...
රෝද දෙකෙන් මව්බිම වටා | Motorcycle Diaries Around The Ceylon මලියගෙ සටහන රෝද දෙකෙන් මව්බිම වටාබයික් ටුවර් යන්න පටන් ගත්තට පස්සෙ, ලංකාවෙ ගොඩාක් තැන් කවර් කලාට පස්සෙ හිතේ ඇදුන ලොකුම හීනයක් උනේ ලංකාව වටේ බයික් ටුවර් එකක් යන එක. ඒ ගැන කතාබහ පොඩි පොඩියට ගියත් ඒ සදහා නිවාඩු ගන්න එකයි, සල්ලි හොයාගන්න එකයි, පාට්නර් කෙනෙක් හරි කීපදෙනෙක් හරි හොයාගන්න එකයි.... ඊටත් වඩා ඒ තුනම එකට මැච් කරගන්න එකයි තමයි ලොකුම පරහකට ...
අන්ටයිට්ල්ඩ් | Untitled මලියගෙ සටහන රාත්‍රී නිසසල පරිසරය සසල කරමින් පුපුරා ගිය වෙඩි හඩ ප්‍රදේශයම අවධි කලේ වෙඩි ශබ්දය පලාතින් වියැකී ගොස් වසර ගණනාවක්ම ගතවී තිබුන බැවිණි. වහාම ක්‍රියාත්මක වූ කර්මාන්තශාලාවේ සේවක පිරිස මුර කුටිය වෙත දිව අාවත් ඔවුන්ට දැකගත හැකි වූයේ හිස කුඩු වූ ඉන්දිකගේ නිසල සිරුර පමණි. කිසිදු සටහනක්වත් නොතබා මියගිය ඉන්දික ගැන ඔවුන්ට වගේ වගක් තිබුනේ නැත. එය එසේ වීම පුදුමයක් වන්නට ...
සෝෂල් මීඩියා බ්ලොක්ද? මලියගෙ සටහන මේ දවස්වල අැතිවෙලා තියෙන හුට්ටප්පරත් එක්ක බුකිය, වට්ස්අැප්, වයිබර් අැතුලු සෝෂල් මීඩියා අවහිර කරන්න රජය පියවරක් ගත්තා. එ් ගත්ත තීරණය ගැන වාද විවාද කොච්චර තිබුනත්, එ්කෙ සාර්ථකත්වය ගැන කොච්චර ගැටලු තිබුනත් අපිට සොෂල් මීඩියා නැතිව ජීවත් වෙන්න පුලුවන්ද මෙයා? බෑනේ.. බෑනේ... එහෙනං අටුවා ටීකා ටිප්පනි නැතිව වැඩට බහිමු. මං කියන්න යන්නෙ අැන්ඩ්‍රොයිඩ් ඩිවයිස් භාවිත කරන අයට කිසිම අවහිරයක් නැතිව මේ ...
ඔව් උඹට... | From her... මලියගෙ සටහන මටත් වඩා උඹමං ගැන හිතද්දිමාව පරිස්සම් කරද්දිජීවත් වෙන්නතව දවසකට හරිඅාසාවක්අැතිවෙනවා සත්තයිහිතටත් නොදැනීම...උඹේ අතින් අල්ලගෙනඋරපත්තට ඔළුව තියානමං අාසමමුළු දවසමකියවන්නඉර බහින හවසකඅෑත මුහුද දිහා බලානඋඹත් එක්ක ඉන්නමට හරි අාසයිගෙවෙන හැම තත්පරයක්මමට ඔින උඹෙ නමට ලියන්නයිමොහොතින් මොහොතජීවිතේ ගෙවෙද්දිමට බයක් දැනෙනවා!උඹව මට නැතිවෙයි කියලාඅැත්තමයි අැස්මානෙ තියානරකින්න බැරි එකත්වෙලාවකටඅසරණ හැගීමක්!මෙච්චරයි...මං උඹටමහ මෙරක් තරමට අාදරෙයි!නෑ...ඊටත් වඩා... - දෝණි - ...
අපිළිවෙල සටහන්, සිංහල සිනමාව සහ කලර් මලියගෙ සටහන කලාව කලාව උදෙසාද? කලාව මිනිසා උදෙසාද? මේක අැවිල්ලා අතීතයේ ඉදන්ම වාද විවාද වලට ලක් උන කාරණයක්.එ්කෙ හරි වැරැද්ද මොකක් උනත් මටත් හිතෙනව මේ ගැටලුවට තවත් මගේම පෞද්ගලික අර්ථකතනයක් දෙන්න. "කලාව අාත්මතෘප්තිය උදෙසාය" මං නිවැරදි නම්, හැම කලාකරුවෙක්ම එළියට විසිකරන්නෙ තමන්ගෙ හිතේ තෙරපෙන හැගීම්. දුක,සතුට, සිනහව, කදුල, විරහය, අාදරය, වෙෙරය, පළිගැනීම, අනුකම්පාව, කරුණාව, බය, කෝපය, ලිංගිකත්වය, ප්රචංඩත්වය, ඊර්ශ්‍යාව... වගේ මිනිස් ...
තවත් එක් චරිතයක් නොව... | Not Another Character... මලියගෙ සටහන මගෙ දෑසට අහුවුනේ හෙමි හෙමිහිට කැරකෙන විදුලි පංකාවේ පෙති පමණි, අප්‍රාණික බවක් පෙන්නුම් කරමින් නගන්නාවූ කෙදාරිලි හඩ එහි පෞරාණික බව මොනවට විදහා දැක්වීය. එදා මෙදා තුර වසර ගණනාවක් මුලුල්ලේ කී දෙනෙකුගෙ කදුලු කතාවන් ඔහු ඉදිරියේ දිගහැරෙන්නට ඇත්ද, කී දෙනෙකුන් ඔහු හමුවේ නිරුත්තර වන්නට ඇත්ද, කී දෙනෙකුන් ඔහු ඉදරියේ නිරුවත් වන්නට ඇත්ද? තවත් සුලු මොහොතකින් මා හට කාමරයේ වූ අබලන් වූ ...
එන්න, නැවත පියඹන්නට... මලියගෙ සටහන නොසිතුවෙමිකෙදිනකවත්හැකි වේ යැයිමෙමට වාරු දෙන්නටනැවත පියඹන්නටඉඩදෙන්නටලෝකය දකින්නටනැවතත්අත්තටු බිදුණකිරිල්ලියකටනමුදුවැටහුනෙමිමායාකරුවෙක් බවමෙමා කළ හැකි අැයවෆීනික්ස්අාදර යෂ්ටියෙන්නොදොඩා වදනකුත්නොපෙන්වා "ටියුටෝරියල්"නොඑල්වා "L" බෝර්ඩ්රැගෙන යන්නම්දුර අෑත අාකාහෙටඅල්වා සුසිනිදුතටුවකින්කියලා දෙන්නටනැවත පියඹන්නටපරිස්සමින්හැමදාමත්මාත් එක්කම... ...
අාදරණීය තනි තරුව මලියගෙ සටහන අනන්තය තෙක් හුදකලා වූඅදුරු හිස් අහසටපැමිණයත්සුළි සුළංඅහස් කුණාටුවිදුලි අකුණුහෙණ හඩ නගමින්,පෑයූවත් ඉදහිටවල්ගා තරු,අැදී ගියත්රවුම් ගසමින්චන්ද්රිකාවන්,පෑයූ එකම තරුවඔබම වියඅැස් ගගහ දිලුණ,අහස්කුස තනිකම මකාලූහදවතේවේදනාවන් පිරියම් කළ හැකිනම් රැදෙන්නටහැමදාමත්දැල්වී නොනිමීඅවසන් බලාපොරාත්තුවඑයමයමියැදෙමින් පවතින"නපුරු" අහසට... ...
ඉස්කෝලෙ ගිය හැටි 1 මලියගෙ සටහන ඒ 2006 වර්ෂයේ මුල් භාගය.එතකොට මං ශිෂ්‍යත්වෙ මහ ඉහලින්ම සමත් වෙලා අලුත් ඉස්කෝලෙකට යන්න හදන කාලෙ.ලකුණු ගොඩක් තිබුන නිසා හිතපු විදයටම ගෙදරට මිනිත්තු 10ක දුරකින් පිහිටි ජාතික පාසලටම යන්න මාව තේරිලා තිබුනා.පාසල් තෝරන අයදුම්පත පුරවපු හැටිත් මට හොදටම මතකයි තාමත්.ඒකට පිළිවෙලින් තමන් යන්න කැමති පාසල් 10ක් දාන්න පුලුවන්, තමන් ලබා ඇති ලකුණු අනුව.ඉතිං මං ඒකෙ ඉස්සෙල්ලාම දැම්මේ අල්ලපු වැටේ ජාතික ...
අපිළිවෙල සටහන්, සිංහල සිනමාව සහ කලර් මලියගෙ සටහන කලාව කලාව උදෙසාද? කලාව මිනිසා උදෙසාද? මේක අැවිල්ලා අතීතයේ ඉදන්ම වාද විවාද වලට ලක් උන කාරණයක්.එ්කෙ හරි වැරැද්ද මොකක් උනත් මටත් හිතෙනව මේ ගැටලුවට තවත් මගේම පෞද්ගලික අර්ථකතනයක් දෙන්න. "කලාව අාත්මතෘප්තිය උදෙසාය" මං නිවැරදි නම්, හැම කලාකරුවෙක්ම එළියට විසිකරන්නෙ තමන්ගෙ හිතේ තෙරපෙන හැගීම්. දුක,සතුට, සිනහව, කදුල, විරහය, අාදරය, වෙෙරය, පළිගැනීම, අනුකම්පාව, කරුණාව, බය, කෝපය, ලිංගිකත්වය, ප්රචංඩත්වය, ඊර්ශ්‍යාව... වගේ මිනිස් ...
ප්‍රීති වෙසක්!!! මලියගෙ සටහන සොදුරු මිතු කැල සමගතුටු සිනා වගුරමින්වරා නිදි... රැයපුරාසිහින් දුම පතුරමින්රෑ දවල් නොම තකාපූජාකර කාසි මුදල්සොයා ආමිසයලබනු වෙනුවටනිරාමිස සුවය...ඇත්තේ අණකිසමරන ලෙසසම්බුදු උපතකළ යුතුය නිමාවමෙ ලෙස මේ.. ලෙසඔවුන්ගේ ආකෘතියටඔවුන්ගේ කලාවටඔවුන්ගේ කාලයටවෙනුවට නිරාමිස සතුටපවතින්නේ පමණකිප්රීති වෙසක්අම්මට හැමිනෙන... ප.ලි. - ගල් මුල් වලට විවෘතයි ...