යකඩ මුද්ද මලියගෙ සටහන ඔයා හැමදාම මට මොනවහරි අරන් එනවනේ.ඉතින් මං අද ඔයාට පොඩි බඩ්ඩක් ගෙනාවා..බඩුවක්ද? හිකිස්යනවා යන්න...කෝ අත දෙන්නකෝ.ම්ම්...ඔන්න දැන් හරි..ලස්සනද?මේ මොකක්ද මේ...යකඩ කෑල්ලක්නේමේක මුද්දක් අනේ..මුද්දක්!! කම්බියක් නමලනේ තියෙන්නේ.ඔයාද හැදුවේ..හික්ස් මේක මාව මතක් වෙන්න තියාගන්න.මාව බලන්න එන හැමදාම මේක දාගෙන එන්න ඕනි හරිද?හ්ම් හ්ම්...මං ඉතින් හැමෝටම පේන්න කම්බි කෑල්ල ඇගිල්ලේ දාගෙන හිටියා දවස් ගානක්ම.හැමදාව උදේට ඉස්කෝලෙ යන්න රෙඩි වෙලා මතක් කරනවා ගන්න ...
මැලේනා බඩුවක්ද? මලියගෙ සටහන කාලෙකට පස්සේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියක් රසවිදින්නට අත්දැකීමක් ලැබුනා.ඒ ඇසුරින් යන දෙයක් ගැන තමයි අද මං කතාකරන්න හිතුවේ.චිත්‍රපටයේ නම මැලේනා.මට මේක ලැබුනේ ලගකදි උනාට මේක බලපු කස්ටියනම් ඇති අනිවාර්යෙන්ම.මේක ඉස් ඉස්සෙල්ලම බලද්දි මට බලලා පුරුදු ගතියක් දැනුනා.පස්සෙයි මට මීටර් උනේ,මේ ෆිලුමේ වීඩියෝ එකක් එඩීට් කරලා ලස්සන සිංහල සින්දුවකට දාලා තිබුනා.මොකක්ද සින්දුවේ නම.....ආහ්..කැමීලියා මල් සුවදට.. මේක මැලේනා නම් සුරූපි යුවතියක් වටා ...
ගරිල්ලා මාකටින් නැවත කියවීමක්(ද?) මලියගෙ සටහන මේ දවස් ටිකේම වේලි වේලි හිටපු මට ටිකක් අමුතු දෙයක් ගැන කතාකරන්න හිතුනා.ඒක අමුත්තක් වෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි,සමාජයේ මේ ගැන කතාබහක්,කතිකාවක් සිදුවෙන්නේ නැති නිසා..හරිහමන් මාතෘකාවක් නැති මේ කතාවට පදනම් උනේ ගරිල්ලා මාකටින් සිනමාපටය...ම්...මෙහෙමයි,මං මෙහෙම පටන් ගන්නම්.අපි හැමෝටම ජීවිතයේ එක එක කාලවලදී විවිධ ප්‍රශ්න,ගැටලුවලට මුහුණදෙන්න සිදුවෙනවා.අධ්‍යාපනය,රැකියාව,පවුල් ජීවිතය,සල්ලි,අසනීප,අනතුරු,කරදර,.... වගේ ගොඩාක් දේවල්වලට මුහුණදෙන්න සිදුවෙනවා.එක අතකින් බැලුවොත් ජීවත් වෙනවා කියන්නෙත් ප්‍රශ්නවලට මුහුණදීම ..
දවසේ කරුමය හෙවත් පොලිස් පාට් මලියගෙ සටහන මං හා හා පුරා කියලා බයික් එකකින් පාරේ යන්න පටන් ගත්තේ 9වසරෙදි විතර .ඒ කාලෙ පියාගේ CD 90 න් ගම වටේම වගේම අහල ගම් 7ම රවුම් ගහල තියෙවා.ඒ වගේම වෙසක් එකට එහෙම විශේෂයෙන් වෙසක් ටුවර් ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන විදියටම ගිහින් තියෙනවා කිසිම ලයිසමක් නැතිව.මේ විදියට රවුම් ගහමු මගේ වාසනාවටද කොහේද ජීවිතේටම මාව පොලෝසියෙන් නවත්තලා නෑ.ඒ ලෙවල් කරන අන්තිම ...
හමුදාකාරයා Vs රණවිරුවා මලියගෙ සටහන ශ්‍රී ලංකාවේ දෙවන නිදහස් දිනය සැමරීමට කටයුතු ලහිලහියේ සූදානම් වෙමින් පවතින මෙවන් මොහොතක මෙරට ආරක්ෂක අංශ හා බැදුනු කතාවක් ඔබ බෙත ගෙනඒමට සිතුවෙමි.සොල්දාදුවා නැතිනම් හමුදාකාරයා කෙරෙහි මෙරට සමාජය තුල පැවතුනේ එතරම් ප්‍රසන්න හැගීමක් නෙමෙයි.ඒකට හේතු කීපයක්ම තිබුනා.පලවෙනි එක තමයි හමුදාකාරයන්ට ඇති අධ්‍යාපන සුදුසුකම් පිලිබදව ඇති හැගීම,සාමාන්‍යයෙන් බොහෝ පහල මට්ටමේ නිලධාරීන් නොවන සොල්ලාදුවන්ට ඇත්තේ 8 පාස් හෝ උපරිම සා/පෙ දක්වා ...
රැකියාව හා ජීවිතය මලියගෙ සටහන පොඩි කාලේ වැඩිහිටියෙක් හරි මොකෙක් හරි අපිව දැක්ක ගමන් අහන ප්‍රශ්නයක් තියෙනවා.ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා.මේ කතාව ලගින් යන කතාවක් මගේ පලවෙනි බ්ලොග් පෝස්ට් එක හැටියට පලඋනා සිහින කුලියට දීම යන නමින්.ඒ කතාව නම් ගොඩාක් දෙනෙකු අතරට ගියේ නෑ ඒ කාලේ මට සින්ඩිවල සහායක් තිබුනේ නැති නිසා.මෙතනින් ඒ කතාවට යන්න පුලුවන්.රැකියාව කියන දේ ජීවිතයට බොහෝ සෙයින් බද්ද වෙලා ...
කම්කරුවන් ගසා කෑම හා කම්කරු දිනය මලියගෙ සටහන කම්කරුවන් හා සේවකයන් පිලිබදව විශාල වශයෙන් කතාබහට ලක්වන දිනයකි අද.හේතුව ලොක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබීමයි.මැයි දිනයේ ආරම්භය පිලිබදව අටුවා ටීකා ටිප්පනි කීමට මා බලාපොරොත්තුවන්නේ නැත.මන්ද අද දිනයේ ඕනෑම ප්රවෘත්ති විකාශයක මේ ගැන ලොවෙත් මහා ලොකුවට ප්‍රචාරය වන බැවිනි.නමුත් ඒ පිලිබදව වැඩිදුර විස්තර අවශ්‍යනම් මේ ලින්කුවඔස්සේ යන්නට ඔබට හැකියාව ඇත.කම්කරුවන්..මේ කම්කරුවන් යනු කවුරුන්ද පිලිබදව විවිධ අර්ථකතන ...
වීරයෙක් උවමනාකර තිබේ මලියගෙ සටහන අද කතාවට පාදක වෙන්නේ දකුණු ඉන්දියානු සිනමාපට පිලිබදව.ඒත් මේක මුලු ලෝකෙම තියෙන සිනමාවට ඍජුව සම්බන්ද වෙනවා.සාමාන්‍යයෙන් දකුණු ඉන්දියානු,එහෙමත් නැතිනම් දමිල සිනමාව කිව්ව ගමන් අපට මතක් වෙන්නේ වලි.කඩු,පිහි,මන්නා ආදියෙන් පටන් අරන් තුවක්කු,රසායනික අවි දක්වා මේවා ප්‍රසාරණය වෙනවා.මේ සිනමාවේ දක්නට ලැබෙන කතාමාලාවල ප්‍රධාන දෙයක් තමයි අසාධාරණයට විරුද්ධව නැගීසිටීම කියන එක.සාමාන්‍යයෙන් ඉන්දියාව ලොකප්‍රසිද්ධ වන කාරණයක් තමයි ඉන්දියානු පොලීසියේ දූෂණ,අල්ලස් ආදිය නිසා.ලොකයේ අපකීර්තිමත්ම පොලීසිය ...
අපේ ගමේ අවුරුදු ආතල් මලියගෙ සටහන ඔන්න තවත් අවුරුද්දක් නිමාවුනාය.නමුත් මේ අවුරුද්දේත් රසවත් අත්දැකීම් කිහිපයක් අපට ලැබුනාය.අද මං කියන්න හදන්නේ අවුරුදු උත්සව හා බැදුනු අපූරු සිදුවීම් කිහිපයක් ගැනය. අවුරුදු උත්සව යන වචනය ඇසනු විටම අපිට සිහියට එන්නේ බයික් රේස්ය.ආහ්..නෑ..බයිසිකල් රේස්ය.බයිසිකල් රේස් එකක් නැති අවුරැදු උත්සවයක් යනු පරිප්පු නැති හෝටලයක් වගේය.ඒ තරමට එය අදවනවිට අවුරැදු උත්සව හා සමග බැදී තිබේ.බයිසිකල් රේස් ගැන මතක් කරනවිට කියන්නට කතා ...
නිදි දෙව්දුවට ආදරයෙන්... මලියගෙ සටහන දන්නවද..ඉස්සර මං ඔයා ගැන දන්නෙවත් නෑ.දැනගන්න ඕනකමක් තිබුනෙත් නෑ.මොකද මට ඔයා ගැන හොයලා බලන්න,හිතන්න තරම් කාලයක් තිබුනෙ නැතිනිසා. සතුටින් කියලා කියන්නම බැරි උනාට මට දවස ගතකරන්න ගොඩාක් වැඩ තිබුනා.උදේම නැගිටලා ඉස්කෝලේ ගිහින් යාලුවොත් එක්ක පිස්සු කෙලින්න ගියාම වෙලාව ගතවෙනවා තේරෙන්නේවත් නෑ.ගෙදර ඇවිත් කාලා බීලා නාලා එහෙම ඉවර උනාම ටීවී බලල නිදාගන්නවා.ඒක තමයි ඒ කාලේ මගෙ සරලම කාලසටහන උනේ.පස්සේ කාලෙක ...
අප්‍රේල් 18 (#Black_April) මලියගෙ සටහන අලුත් අවුරුද්ද පහුවෙලා දවස් කීපයයි.අවුරුදු උණුසුමේම අපේ නෑදෑ අයියා කෙනෙක්ට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ.ශිෆ්ට් ක්‍රමේට එයා ලග ඉන්න මල්ලිලා ටික සෙට්උනා.එදා මගෙ දවස.උදේ පාන්දරම ඉස්පිරිතලෙට ගිහින් වැඩ බාරගත්තා.පැයෙන් පැයට මුත්‍රා ප්‍රමාණය මනින්නයි.ටෙස්ට් කරන්න සාම්පල් අරගෙන ලැබ් එකට දුවන්නයි,ආයෙත් රිපෝට් ගේන්නයි වැඩ ගොඩයි..මේ විදියටම උදේවරුව ගතවුනා..එකපාරටම ඔයාගෙන් මැසේජ් එකක්.මගේ ෆොටෝ එකක් එෆ්බී දැම්මා..බලන්න.. මට ඔයාගෙ ෆොටෝ එකක් දෙනවද? ඔයාට මාව මීට් ...
නොනගතයේ මගේ කරුමය මලියගෙ සටහන බ්ලොග් සමාජයේ සැරිසරන හැමෝටම වගේම ලක්වාසී හැමෝටමත් සිත් තුටින් බරවන පැතු පැතුම් ඉටුවන සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම අද සටහන ආරම්භ කරන්න හිතුවා ඕං... ඒ වගේමයි අවුරැද්දට අපි වැඩ අල්ලන නැකතටම නමෝ විත්තියෙන්ම මේ පෝස්ටුව පබිලිස් කොරන්න හිතුවා!!!ම්..දැන් මං කියන්න යන්නේ අද උදේ නොනගතය වෙලාවේ මට උන සීන් එකක්.හැමදාමත් වගේ අදත් උදේ ඉදන්ම මගේ කොම්පීටරේ දාගෙන ...
ඔය කුකුලා මට ෂුවර් නෑ මලියගෙ සටහන අද මං කියන්න යන්නේ මට මුහුණදෙන්න සිද්දඋන අපූරු සිද්ධියක් ගැන.මේක වෙනකොට මං3,4 වසරෙ වගේ ඇති.ඒ දවස්වල අපේ ගෙදරට එහාපැත්තේ කුකුල් ෆාම් එකක් තිබුනා.ඒකෙන් කරන්නේ කුකුල් පැටවු ගෙනත් කන්න දීලා ලොකුකරලා මසට විකුණන එක.කාලෙන් කාලෙට කුකුල්ලු අරන් යන්නයි,පැටවු ගෙනත් දාන්නයි ලොරියක් එනවා..ඉතින් ඔහොම කාලය ගෙවිලා යද්දි ෆාම් එකේ හිටපු කුකුල් පැටියෙක් කූඩුවලින් එලියට පැනගත්තා.ෆාම් එකේ කස්ටිය එකතුවෙලා මූව අල්ලන්න හැදුවත් ...
අප්රකාශිත ආදරය - The Unsaid Love මලියගෙ සටහන ප්‍රථම ප්‍රේමය ගැන ගොඩක් අය විවිධ කතා කියනවා.මං මේ හදන්නේ ඒ ගැන කියන්න නෙමෙයි.මගේ අප්රකාශිත ප්‍රේම වෘත්තාන්ත කීපයක් ගැන.ඔය කෙල්ලෙක් ගැන ඉස ඉසසෙල්ලම හිතට වදින(සුද්ද දිංහලෙන් කියනවනම් සික් ගහන) කාලයක් මට ආවේ මම 9 වසරෙ ඉද්දි.ඒ කතාව මෙහෙමයි.අපේ පන්තියේ හිටියා ...... කියලා ලස්සන කෙල්ලෙක්(නම කියන්න බෑ මොකද මේ වෙනකොට එයා මගේ යාලුවෙක්ට අයිතිවෙලා ඉවරයි). ඒ කාලේ අපේ පන්තිභාර සෑර් ...
දුරකතන සංවාද මලියගෙ සටහන බෙල් අයියගේ කාලයේ සිට විවිධාකාරයෙන් දියුණුවීම්වලට ලක්වූ දුරකතනය වර්තමානය වනවිට සියලු දෙනා අතැති මෙවලමක් බවට පත්ව තියෙනවා.එමෙන්ම කිසිදු ජාති,ආගම්,කුලමල,පන්ති භේදයකින් තොරව සියලුදෙනා භාවිතාකරන ජංගමේ සමග බැදුනු අපූරු සිදුවීමද සමාජයේ දක්නට ලැබෙනවා...මට පසුගිය බස්නාහිර පලාත් මැකිවරණ සමයේ අත්විදින්නට සිදුවූ යම් සිදුවීමක් කතාවට පූරුවිකාව කරගන්නට මට හිතෙනවා.එදා වේයන්ගොඩ ගුවන්පාලම විවෘත කරන දවස.ඒකට මහින්ද ලොක්කත් ඇව්ත් හිටියා.එදා මං පන්ති ඉවරවෙලා වේයන්ගොඩින් ට්‍රෙන් ...
පන්සල් වන්දනාව මලියගෙ සටහන කාලෙන් කාලෙට විවිධ වන්දනා චාරිකා සිදුවනවාය.පොසොන් වන්දනාව,දලඳා වන්දනාව,දඹදිව වන්දනාව ආදී මෙකී නොකී සියලු වන්දනා අතරට මෑතකදී එක්වී ඇති ජනප්‍රියම-නෑ නෑ,ප්‍රසිද්ධම වන්දනාව වනුයේ පන්සල් වන්දනාවය.මෙහිදී එය කොටස් කීපයකට දැක්විය හැක.බෝධි පූජා පිංකම්,මහා පහන් පූජා,හාමුදුරුවෝ බැහැදැකීම් ආදී සියල්ලක්ම මේ ගණයට අයිතිය.මේවා මහත් සේ ආනිසංස ලැබෙන ආකාරයේ පින්කම්ය.එබැවින් මේවා කලාට අපේ කිසිම විරෝධයක් ඇත්තේ නැත.මේ දවස්වල පන්සල් ආශ්‍රිතව වැඩිපුරම ගැවසෙන සත්ත්වයෙක් සිටින්නේය.(මිනිසාද ...
මලගෙදර නැට්ටුක්කාරයෝ මලියගෙ සටහන මේ සිදුවීම උනේනම් මේ අවුරුද්දේ මුල වගේ.එදා අපේ යාලුවෙක්ගේ තාත්තාගෙ මලගෙදර.යාලුවෙක් කිව්වට ලගම යාලුවෙක් නෙමෙයි,අදුරන කෙනෙක්.අපි ඉතින් සාමාන්‍යයෙන් මලගෙවල්,දානෙගෙවල් අතඅරින්නේ නෑනේ.ඉතින් අපි කස්ටියක්(6ක විතර පොඩි ගැන්ග් එකක්) රෑ 7ට විතර සෙට් වෙලා මලගෙදර නයිට ගහන්න යන්න සෙට්උනා.අපේ ගෙවල්වල ඉදලා කි.මී.2ක් විතර දුර තිබුනේ මලගෙදර.ඉතිං කස්ටිය මගදිගට ගල් පැලෙන බොරු එහෙම කියකිය ගමනාන්තයට සැපත් උනා.ගිය වෙලාවේ ඉදං අපිට කරන්න වැඩද ...
බිල් අයියගෙ දන්දීම මලියගෙ සටහන අද කතාවට පාදක උනේ පරිගණක සගරාවෙන් දැක්ක පුවතක්.ඒකෙ සදහන් වන සාකාරයට මයික්‍රොසොෆ්ට් ආයතනය ඔවුන්ගේ වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ නිකුත්කිරීමට සැරසෙනවා.එහිදී එය වෙලඳ නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් නොකරන අතර අප්ග්‍රේඩ්(සිංහලෙන් කියන්න නම් දන්නේ නෑනේ) සංස්කරණයක් ලෙස ඉදිරිපත් කරනවා.එනම් වින්ඩෝස් පසුගිය සංස්කරණ භාවිතාකරන අයට(Vista,XP,8) එය 8 බවට යාවත්කාලීන කරගන්න පුලුවන්.මෙහිදී අපට එන ගැටලුවක් තමයි යකූ,අපි යූස් කරන්නේ හොරබඩුනේ කියන එක.නමුත් සතුටුදායක නිව්ස්එක ...
අවුරුදු මාකටින් මලියගෙ සටහන ඉස්සර අවුරුදු එනබව කීවේ කොහාය.දැන් ඒ බව කියන්නේ විද්‍යුත් නාලිකාවලින්ය.අපේ පැත්තටනම් තාම කොහා ආවේ නැත.බුකියේ නම් කියන්නේ මේ සැරේ ඌ දෙමලෙන්ද කොහෝ..කීමට පුරුදුවන නිසා ටිකක් ලේට් කියාය.ගිය වසරේදී බුකියේ කියවුනේ කොහාටත් උගේ ඩියුටිය කර එපාවී ඇති නිසා,ඌ විසින් එවා ඇති එම්.පී.ත්‍රී. එක බාගන්නා ලෙසය.කෙසේවුවද වර්තමානය වනවිට අවුරුද්දට අපටත් වඩා රෙඩි වන්නේ රූපවාහිනී නාලිකාය.අප්‍රෙල් මස ඇරඹිමත් සමගම තම තීමය වෙනස්කර ...
ඔබේ අත ගෙන පෙර සැඳෑවක... මලියගෙ සටහන අපි පුංචියි එතකොට.මං 10වසරෙ විතර ඇති.එදා ඉස්කෝලේ සිසු පොල.කොහද ඉතින්,අපි හිටියේ වෙළදාම් කරන මානසිකත්වයෙන් නෙමෙයි.ටික ටික වෙලාව ගතවෙලා ගියා.දැන් පොල ඉවරවෙන්නත් ලඟයි.මට ඔයත් එක්ක කතාකරන්න ඕනඋනා.විශේෂ හේතුවක් නිසාම නෙමෙයි.ඉතින් අපි දෙන්නා කතාකරකර ඉස්කෝලෙ 6වසර පැත්තට ගියා පාර දිගේ,හැප්පි හැප්පි..මතකද ඔයාට.එකපාරටම ඔයා මගේ අත බදාගත්තා..මාත් නොදැනුවත්වම වගේ ඔයාගේ අත තදකරා..ජීවිතයේ පලවෙනි වතාවට ගෑනු ළමයෙක්ගේ අතක් මාව අල්ලගෙන..මාව හිරිවැටුනා..ඇඟ දිගේ කරන්ට ...