පෝස්ට් මෝටම් මලියගෙ සටහන ආහ්හ්...අයියෝ... මං දත්මිටි කාගෙන කෙදිගාන්නට ගත්තේ දැනුනු දැඩි වේදනාව හඩා පිටකරන්නට විදියක් නැති හින්දා..කඩියෙක් කනවා වගේ දැනෙයි,..මිසී කිව්වේ නම් එහෙම.යකෝ කඩි කනකොට දැනෙන වේදනාව මුන් විදලා නැද්ද? ඒක සැපයි දෙයියනේ.වයස කීයද දැන්,ඒක ඇහුවේ ලේඩි ඩොක්ටර්.20යි, මං හිමීට මිම්ණුවා.ආහ් එහෙනම් ඕක මොකක්ද? ලොකු ලමයෙක්නේ! ආච්චිගේ රෙද්ද,ඇයි වයස වැඩිවෙන්න වැඩිවෙන්න "සෙන්සිටිව්" එක නැතිවෙනවද...මං තරහෙන් උනත් කට වහගෙන හිටියා.ආහ්! දැන් හරි...දොස්තර නෝනා කිව්වෙ ...
දුර්වලයෙකුගේ ආත්මකථනය මලියගෙ සටහන ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...සුපුරුදු එලාම් හඩින් අවදි වූ මා නින්දෙන්ම එය ක්‍රියාවිරහිත කොට දෑස් විවර කරන්නට විය.වෙනදා තරම් ප්‍රබෝධමත් ගතියක් නොතිබුනද,කාලයට ඉඩදී ලකලෑස්ති වී දුම් රිය නැවතුම්පලට පැමිනියේ හිස් හැගීමකිනි.ඕනෑවට එපාවට මෙන් සෙනග මැදින් කෝච්චියේ එල්ලුන මා දුවන ගස් පහුකරන් යන දිහා ඔහේ බලා සිටියෙමි...මොහොතකින් පියවි ලෝකයෙන් නික්මුන මගේ සිත ස්වයං සංවාදයක යෙදෙන්නට විය.********************************************මං සිදාදියට ආවේ කාසි විතරක් හොයාගෙන ...
රේඩියෝවයි මමයි! මලියගෙ සටහන ටීවී එකේ දෙමල ෆිලුමක් බල බල ඉන්නකොට ම දැක්කා රේඩියෝ චැනල් එකක ඇඩ් එකක් යනවා.ඒකේ ෆ්‍රීක්වන්සි දෙකක් තිබුනා.ඒක දැක්කම මට ලස්සන කතා වගයක් මතක් උනා.ඉතිං ෆිලුම බලන එක පැත්තකට දාලා ලියන්න හිතුවා ඒ ගැන.මගේ ජීවිතේ ඉස්සෙල්ලම වගේ රේඩියෝ සම්බන්ධ අත්දැකීමක් තියෙන්නෙ පොඩිකාලෙ..ම්ම්..මං එතකොට 4වසරෙ විතර ඇති.ඒ දවස්වල අපේ නැන්දා(කෙනෙක්) හිටියෙ එහා ගෙදර.ඉතිං හැම ඉරිදම එහෙට සිංහල පත්තරෙයි,ඉංග්‍රීසි පත්තරෙයි ගන්නවා.සිංහල එක ...
කාලගුණයාගේ කැරැට්ටුව මලියගෙ සටහන කාලගුණයා හා දේශගුණයා යනුවෙන් පොරවල් දෙකකි.මං සූට්ටං කාලේ නං හිතුවේ උන් දෙන්නා නිවුන්නු කියාලාය.පස්සෙන් පහු එකම පියාට දාව ඉපදුනාට මුන් දෙන්නාගේ කිසිම ඇයි හොදයියක් එතරම් නැතිබැව් වැටහුනාය.දේසගුණයා යනු පලාතෙන් පලාතට වෙනස් ගුණ දරන පොරකි.ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌට හිතුන දේ කරන කිසිම "අංගපුලාවකට නැති" එකෙකි.මේ හදිසියේ මට ඕකාව මතක් උනේ මේකය.මේ දවස්වල පාරට බැස්සොත් ජහමනයා කතා කොරන්නේ ඕකා ...
ෆීලිං ඩිසැපොයින්ටඩ්! මලියගෙ සටහන ඉස්සර ඉස්කෝලේ යන කාලේ...ඉන්ටර්වල් එකට කැන්ටිම ඉස්සරහට වෙලා ඉදගෙන,ඒකට එන අදුරන උන්ගෙන් මුරුක්කු ටිකක් හිගාකෑවේ ආතල් එකට නෙමෙයි.ආසව තිබ්බට ගන්න සල්ලි නැතිනිසා...පස්සෙ කාලෙක සිස්සත්වෙන් පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට ගිහිං පරණ පුරුද්දම කලාම අහගන්න උනේ "නොදකින් පෙරේතය" කියලා විතරයි..ඒත් සමහරු ජුන්ඩක් දීල ගියා.ටික ටික ලොකුවෙද්දි..ලමයි බාලදක්ෂ,කැඩේට්,ගායන තරගවට යද්දි මං ඒවාට ගියෙ නැත්තේ ආස නැතිව නෙමෙයි.ඒවාට සල්ලි නැති නිසා...පන්ති යන කාලේ...කොල්ලො කෙල්ලො ...
මං මොකුත් කියන්නෙම නෑමයි! මලියගෙ සටහන මං මොකුත් කියන්නෙම නෑමයි...අර පොඩි කෙල්ල දූෂණය කරපු එක ගැන,ඒකිව ආයේ ආයෙත් දූෂණය කරපු වේස මාධ්‍ය ගැන,අපරාධකාරයෝ "එල්ලා මරන්නැයි" බෙරිහන්දෙන "කුරා කූඹියෙකුට වරදක් නොකල" මිනිසුන් ගැන,"අසභ්‍ය" දෑ නැරඹූ වල් කොල්ලෙක්ගේ ජීවිතය හපකරන "සභ්‍ය නපුංසකයන්" ගැන,නෑ...මං මොකුත් කියන්නෙ නෑ...මොකටද නිකං ලේ පුච්චගන්නේ! ...
මතක සුවද මලියගෙ සටහන බුද්ධි...ගොඩක් අය එයාට කතාකරන්නේ එහෙම.ඒත් මං එයාට කතාකරන්නේ "මේධා" කියලා.ඔව් එයා ලස්සනයි ගොඩක්.ඉගෙනගන්නේ අගනුවර ප්‍රසිද්ධ පාසලක.නෑ..එයා මගේ ගෑල්ලමයා නෙමෙයි.එහෙම වෙනවට අකමැත්තකුත් නෑ හැබයි...ඒත්,එයා තාම චූටි ලමයෙක්.ඉන්නේ 9 වසරේ.හැබැයි පෙනුමින් නම් ඕ ලෙවල් කරලත් ඉවරයි වගේ.මොකද මේ හදිස්සියේ කෙල්ලෙක්ව මතක් උනේ.මට එයාව සෙට් උනේ ලගදි..ම්ම්..සති 3ක් ඇති උපරිම.හරි හොද අහිංසක කෙල්ලෙක්.ඇත්ත කියන්න එපැයි,පොඩ්ඩක් මෝඩයි..හේතුව පොලොවට පය තියන්න අවස්ථාවක් නොලැබීම.අනුකම්පා කරනවා ඇරෙන්න ...
බයියෙක් කියූ කතාවක් මලියගෙ සටහන මැතිවරණයෙන් දින කීපයකට පසු මිතුරෙකු වන "බයියෙකු" අමතා කෝචෝක් පාරක් දැමීමට සිතුවෙමි.ඒ අනුව ඔහුට දුරකතන ඇමතුමක් ගතිමි.ඒ වනවිට සැදෑයාමය උදාවී තිබුන අතර මිතුරා වැඩඇරී නිවසට යාමට කොටුව දුම්රියපොලේ සිටිනබව පැවසීය.අප අතර වූ සංවාදය පහත පරිදිවිය.මචං අප්පච්චි මලා නේද බං?එහෙම කියන්න එපා.තාම මැරිලා නෑනේ.ඔය යස අගේට ඉන්නේ.බලහන්කො ඉතිං..කොච්චර ඩීසන් පිට හිටපු මිනිහෙක්ද අන්තිමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න උනානේ.උගෙ වැරදි තමයි බං ඔක්කොටම ...
මහමග කුජීතවීම මලියගෙ සටහන මේ ඊයේ පෙරේදා දිනයකි,ස්ථානය නිට්ටඹුව නගරයයි.පන්තියක් හමාර වී කොලඹ දිසාවේ සිට "දඩුමොනරයේ" පැමිනි මා අස්සෙන් අස්සෙන් දමා කලර් ලයිට් අසල නැවතුනි.නිව්ටල් එකේ සිටියදී එන්ජිමේ යම් නුහුරු හඩක් ඇසුනු බැවින් දෙතුන් විටක් රේස් කල මට "සෙට්ටපොච්චි" බව වැටහුනි.මිස් කිරිල්ලක් නිසා බයිකය එකවර නතරවිය.එසැනින් කොල එලිය දැල්වුන අතර කිසිවක් කරකියාගත නොහැකි හෙයින් මා පිටිපස හැරී පසෙක තිබූ සීටීබී බසයට "යන්නැයි" අතින් සන් ...
පුංචි වැල කතාවක් මලියගෙ සටහන පුංචි වැල කතාවක් මෙන්න මේ සිදුවීමනම් අපේ යාලුවෙකුට උන සීන් එකක්(කියමුකෝ...)සාමාන්‍යයෙන් කොල්ලො ඉතින් වැල වරකා වලට සෑහෙන්න කැමැත්තක් දක්වනවනේ.ඒ උනාට ඉතින් ගොඩක් උන් ඒ වෙලාවට හෝ දින කිහිපයක් පමනක් වැල වරකා අනුභව කරලා ඒවා විසික්කරනවා මිසක් කල්තබා ගන්නෙ නෑ.ඒ උනාට සමහරු ඉන්නවා තමන්ට කොහෙන්හරි ඒ වගේ රසවත් දෙයක් හම්බුනොත් අනාගත අභිවෘදිය පිණිස කල්තබාගන්න උදවිය.සෑම සෙට් එකකම පාහේ එහෙම එකෙක් අනිවාර්යයෙන් ...
චන්දෙ දෙන්නෙ කාටද? මගේ මතය හා කුහකත්වය මලියගෙ සටහන ඊයේ රෑ මොනවද බැලුවේ?රතුඉරආහ්..රෝසිගෙ බොරු අහන් හිටියා නේද?නෑ බන්දුල ඇත්ත කියනව අහන් හිටියා :Pමෙයා අලියෙක්ද?නෑ අලියෙක් නෙමෙයි හරකෙක්!ඔන්න ඕකයි මට අහන්න වුනේ..හු**.මට කියන්නනං වචන ආවා.වැඩිහිටියෙක් හින්දා සද්ද නැතිව හිටියා.එයා හිතන්නෙ එයා තමයි හැම දෙයක්ම දන්නෙ,එයා හිතන හැමදේම හරි,එයාට ඕනෙ විදියට තමයි අපි ජීවත් වෙන්න ඕනෙ කියල.ඔයා එක එකාට ඕනේ විදියට ජීවත්වෙන එක ගැනනම් මගේ පලවෙනි පෝස්ට් එකේ දාලා තියෙනවා සිහින ...
තලවාකැලේ ආතල් සමග සොදුරු මඩක් මලියගෙ සටහන සිකුරාදා හවස මං කෝච්චියට නැග්ගේ මොකටවත් නොව තලවාකැලේ යාමටය.හිතුවක්කාරී පැවසූ පරිදි හිමිදිරි පාන්දර 4ට පොට් එකට යාමට අපේ ගෙදර සිට එලුකොප්පරයක්වත් ඕන වෙනවාය.ඉතින් අපි එදා රෑ කමි අයියාගේ(වැඩිහිටියන්ට ගරු කරන්නත් එපැයි) වාඩියේ ලැගුම් ගන්නට සූදානම් වී සිටියෙමු.මං තාම බොග දාන්න අලුත්ය.ඉතින් බොගර්ස්ලා මොකෙක්වත් හැබැහින් දැක නැතිවාය.මගේ වාසනාවට රාගමින් රූපේ හා අලුපාට රනා සෙට් උනාය.ඉතින් පොඩි කයියක් එහෙම ගහගෙන කාරිය ඇවිත් ...
මේ තරම් සියුමැලිද කලුගල්... මලියගෙ සටහන දම්මි..අරමොකක්ද?අර බලනවකෝ..විනීතා පෙන්වූ දසුනින් දම්මිගේ ගත හිරිවැටී ගියේය.සුගත් තම යහලුවන්ද සමග රැස්වීම් බූමියට පැමිනෙමින් සිටියේය.මචන්..දම්මි ඉන්නවා.අර අරෙහෙ බන්.සුමිත් යහලුවාට පවසන්නට විය.කට වහගෙන වරෙන්.සුගත්ගේ පිලිතුර විය. මිතුරාට එසේ පැවසූ නමුත් සුගත් ඒ වනවිටත් ඇය දෙස හොරෙන් බලා අවසන්ය.හෙමිහිට ඇයව මගඇරෙන සේ රැස්වීම් පෝලිමට එකතු වූ සුගත් මිතුරන් සමග කතාවට වන්නට විය.ගතවූයේ විනාඩි කිහිපයකි.නිකමට මෙන් කතාබහ අතරතුර පසෙකට හැරුනු සුගත්ට දැකගත හැකිවූයේ ...
ඔව් සුබා..මේක ඔයා වෙනුවෙන්! මලියගෙ සටහන මං එදා හදිසි තීරනයක් ගත්තා.පහුවෙනිදම බණ්ඩාරවෙල යන්න.මං හිතුවා ඈත දුරකට ගියාම මට පොඩ්ඩක් හරි සැනසීමක් ලැබෙයි කියලා.ඉතින් පහුවෙනිදාම මං ගියා.ගිහින් සතියක් විතර හිටියට මොකද කිසිම වෙනසක් වුනේ නෑ.ඒ දවස්වල මරු චැට් සර්විස් එකක් මට සෙට් උනා.ඒකත් මට ඉන්ට්‍රොඩියුස් කලේ රුකායි,ශෙනියයි..ඔව්,උබලා තමයි.කාලකන්නි හැ**.ඉතින් ඒකට පිං සිද්දවෙන්න ටයිම් පාස් කරකර හිටපු මට අහම්බෙන් වගේ ඔයා මීට් උනා.විස්තර ටිකක් අහද්දි ඔයාත් බණ්ඩාරවෙල සයිඩ් ...
ඔබ මා හමුඋන..මේ ඉරහද යට.. මලියගෙ සටහන මං පොඩි කරදරයක වැටිලා ඉන්න වෙලාවක මං ටයිම් පාස් කරන්න පාර දිහා බලාගෙන හිටියා.මට එකඑක ඒවා මතක් උනා.ඔයාවත් මතක් නොවුනා නෙමෙයි.එක පාරටම පාරේ එහාපැත්තේ ඉදන් ඔයායි,තව මහත(තප්පදෝරු) කෙල්ලෙකුයි කහඉරින් පාර පනින්න ලැස්ති වෙනවා.මං එකපාරටම හිතුවේ ඒ ඔයාගේ අම්මා කියලා.ඇයි දෙයියනේ එච්චර සයිස්??? මට මොකුත් හිතාගන්න බැරිඋනා.මං ඔයා දිහා බලාගෙන හිටියා.ඔයා මාව දැක්කේ නෑ,යන්න හදපු ගමන වෙනස්කරලා ඔයාලා බස් එකට ...
කෝච්චි ආතල් හා ටික්කෝ මලියගෙ සටහන දුම්රිය,එහෙමත් නැතිනම් කටවචනෙට කියනවනම් කෝච්චියේ යනඑන එක අමුතුම අත්දැකීමක් නොවැ.උදේ හවා වැඩට යන්න,ක්ලාස් යන්න විතරක් නෙමෙයි,දුර බැහැරක,වන්දනාවක යන්න උනත් තමන්ගෙම කියලා වාහනයක් නැති උදවියට පිහිටට තියෙන්නේ මේක නොවැ.ඉතින් මං හිතුවා අද ඒ ගැන කතාවක් ලියන්න.ඔන්න එකෝමත් එක කාලෙක උදේ හවා හවා ට්‍රේන් එකෙන් ක්ලාස් ගිය මටයි,යාලුවෙකුටයි වෙනසකටත් එක්ක දුර බැහැර පොඩි ට්‍රිප් එකක් යන්න හිතුනාලු.ඒ දවස්වල බයික් එකක් තියා ...
වේලාව බලාගැනීම මලියගෙ සටහන වේලාවට වැඩකිරීම පිලිබදව මෙරට පුද්ගලයන්ට පුදුම හැකියාවක් තියෙනවාය.මං කියන්නට යන්නේ නම් ඒ ගැන නොවේය.මේක පොරජාතරන්තවාදී රටක්ලුයි.එහෙව් එකේ එක එකා උන්ට ඕනා විදියට,උන්ට ඕනෑ වෙලාවට වැඩ කලාට මගේ කිසිම ආරෝවක් නැත්තේය.මං මේ කියන්නට යන්නේ මෙරට ටැලිවිසොන් නාලිකා ජනතාවට වෙලාවට වැඩ කිරීමට ඉගැන්වීමට දක්වන්නා වූ උනන්දුව ගැන කියන්නටය.පසුගියකාලයේ ආණ්ඩුව විසින් පට්ට වැඩක් හදුන්වාදීමට පියවර ගත්තාය.මරාගේ ආණ්ඩුව කලා උවත් ඒ වැඩේ නම් ...
පමා නොවී වැඩකෙරුමට ඉස්කෝලෙන් පැන්නෙමි මලියගෙ සටහන මේක සිදුවුනේ අපි 13 වසරේ අන්තිම කාලේ ඉන්නකොට.ඒ දවස්වල තමයි ඒ ලෙවල් එක්සෑම් එකට ඇප්ලිකේෂන් සයින් කලේ.කොහොම කොහොමහරි අපේ පන්තියේ ඇරෙන්න සෙක්ෂන් එකේ හැම ක්ලාස් එකකම ඒවා සයින් කරලා ඉවර කරලා තිබුනේ.එදා තමයි අපේ පන්තියේ සයින් කරන දවස.ඉතින් හදිසියෙම අපේ ඕ ලෙවල් කරපු සෙට් එක එකතුවෙලා කතා කලා බීච් එකට යන්න,හුග කාලෙකින් සෙට් උනෙත් නැති නිසා.මොනවැඩ තිබුනත් මේ වගේ ...
බූට් කෑමේ කලාව මලියගෙ සටහන ලංකාවේ කාලෙන් කාලෙට එකඑක රැලි එනවා.විලාසිතා වේවා,ස්ටයිල්ස් වේවා(ආහ්..දෙකම එකයිනේ) මරු මරු අයිටම්ස් බහිනවා.ගීතය කියන එකත් ඒ ඒ කාලවලදි විවිධ රැලිවලට අහුඋනා.අතීතය බැලුවොත් උත්තරභාරතීය සංගීතය වගේ දකුණු ඉන්දියානු ශෛලින් ආශ්රයෙන් තමයි මෙරට සංගීතය ගොඩනැගිලා තිබුනේ.පස්සේ ජෝතිපාලලගේ කාලෙ වෙනකොටත් හින්දි තනුවලට පද ටිකක් එකලස් කරගෙන නොවැ ජනප්‍රිය සින්දු බිහිඋනේ.පොඩ්ඩක් මාතෘකාවෙන් පිට පනින්නම්.සාමාන්‍යයෙන් අපි ටිකක් සමාජය ඇසුරැ කරන්න ගන්නේ අපි ඉස්කෝලේ 8,9 කාලෙදි ...
කට්ට කාපු ජීවිතේ මලියගෙ සටහන ටික දවසක ඉදන් මට පොඩි කට්ටක් කන්න හම්බුන නිසා බොග පැත්තේ එන්නවත් බැරිඋනා. ඉදලා හිටලා මේ පැත්තේ ආවාමයි දැක්කේ හිට්ස් ටික හෙන ගහලා වගේ කඩාපාත්වෙලා තිබුන නිසා මගේ පපුව හෝස් ගාලා ගියා..(ප.ලි-මේක ලිව්වේ කලින්..ඩ්‍රාෆ්ට් එකේ තිබුනට මොකද පබ්ලිස් කොරේ නෑ නොවැ)අද මං කතාකරන්න හිතුවේ කට්ට ගැන.මේ ගැන තව කවුරුහරි ලියලා තියෙනවද කියන එක මං පොඩි සර්ච් පාරක් දාලා බැලුවට ...