ජාතියේ පොහොර ගස හෙවත් මී ගස මුදිත ඒකනායක රසායනික පොහොර, කෘමි නාශක අනවශ්‍ය ප්‍රමාණයට (අව)භාවිතා කිරීම නිසා අද වන විට අපේ ආහාර පිගානත් මහ පොලොවත් දෙකම වස වී තිබේ. අප දරුවන්ට ඉතා ආදරයෙන් වස කවමු. දිනෙන් දින අපට බත සපයන කෙතත් මහ පොලොවත් මරමින් සිටිමු. අතීතයේ අපට වැව හා බැඳුනු විශ්වාස කල නොහැකි තරම් සුන්දර හා විශ්වාසනීය සංස්කෘතියක් තිබුනා.ඒ මහා පාරිසරික පද්ධතිය තුල අපේ මහ වැව ගම් තුලානේ ...
ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ මුදිත ඒකනායක මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක් ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන්රැසක් හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්නට ලැබෙන මීයන් නො ව ලස්සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක් හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් ...
සිදුහත් උපතටත් පෙර මෙරට දියුණු අවමංගල්‍ය චාරිත්‍ර පැවැති බවට සාක්ෂි මුදිත ඒකනායක යාන්ඔය සුසාන භූමියක කැණීම්වලින් හෙළිකර ගනී අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සිදුහත් කුමාර උත්පත්තිය සිදුවීමට වසර දෙසීයකට ඉහත සිට එනම් ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ මෙරට ජනතාව සතුව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කළ දියුණු චාරිත්‍රයක් පැවැති බවට සාධක කහටගස්දිගිලිය කොක්ඇබේ ප්‍රදේශයේ යාන්ඔය නිම්නය ආශ්‍රිතව පිහිටි සුසාන භූමියක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුර විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ ...
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මුදිත ඒකනායක ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව මෙම කොමිසන් සභාව වසර දෙකක කාලයක් සඳහා පත් කර ඇති බව වාර්තා වෙයි.මාර්තු මස 03 වන දින සිට බලපැවැත්වෙන පරිදි පිහිටුවා ඇති ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 23ක් වෙයි.එම කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස K.L.L. විජේරත්න මහතා පත් ...
ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න මුදිත ඒකනායක වර්තමානයේ වෙළෙඳපොල තුළ ඇති බොහෝ ක්ෂණික ආහාර හේතුවෙන් පසුකාලීනව විවිධ රෝගාබාධා ඇතිවිය හැකි බව ලොවපුරා විද්‍යාඥයින් සහ පෝෂණවේදීන් ප්‍රකාශ කර තිබෙනවා. වර්තමාන තරුණ පරපුර ද බෝ නොවන රෝග රැසකින් පෙලීමට හේතුව වී ඇත්තේද ක්ෂණික ආහාරවල ඇති ශරීරයට අහිත කර විෂ රසායනික ද්‍රව්‍යයි. ඇතැම් රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, සුවඳ වර්ග සහ ඇසුරුමේ පවතින දෝෂ හේතුවෙන් ක්ෂණික ආහාරවලින් ශරීරයට අහිතකර විෂ ...
උතුරු දකුණු උසස් පෙළ ප්‍රතිඵල විෂමතාවට බලපෑවේ කුමක් ද? මුදිත ඒකනායක සිනේකා වීරක්කොඩිමෙවර (2015) උසස් පෙළ ප්‍රතිඵලවලින්, දිස්ත්‍රික්ක අනුව සලකන කල, ඉදිරියෙන් ම සිටින්නේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය ය. යාපනය දිස්ත්‍රික්කය 66.32%ක සාමර්ථ්‍ය ප්‍රතිශතයක් ඇති ව දිවයිනේ මුල් තැනට පැමිණෙද්දී එම පළාතෙහි ම මන්නාරම දිස්ත්‍රික්කය දෙවැනි තැනට පත් ව තිබෙයි. කිලිනොච්චි හා වව්නියාව යන දිස්ත්‍රික්ක පිළිවෙළින් පස්aවැනි හා අටවැනි ස්ථාන හිමි කරගනිද්දී සමස්ත උතුරු ...
දන්තුරේ සටනට 421යි මුදිත ඒකනායක ඔක්තෝබර් 6 වැනිදාට ඵෙතිහාසික දන්තුරේ සටන සිදුවී වසර 421 ක් සපිරෙයි. පෘතුගීසින් 1505 දී ලංකාවේ කොලොම්තොටට ගොඩ බැස්සේ ලොරෙන්සෝද අල්මේදා, සෙම්පතියකු සහ සන්නද්ධ හමුදාවක්ද සමගය. එවකට කෝට්ටේ රාජ්‍ය පාලනය කළ සීතාවක රාජසිංහ රජු අති දක්ෂ උපාය ශීලි රණශුරයෙකු බව ප්රකටය. සිතාවක රාජසිංහ උඩරට රාජධානියද තම පාලනයට ගැනීමට සැරසෙද්දී එහි පාලකයාව සිටි කරල්ලියද්දේ බණ්ඩාර සිතාවක රජුගේ තරම දැනගෙන සිටි නිසා සිය ...
මධ්‍යම කඳුකර ලෝක උරුමය මුදිත ඒකනායක පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කැර ඇත. බ්‍රසීලයේ බ්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ. ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ ...
කුණ්ඩලීණි චක්‍ර භාවනාව මග පෙන්වීම් මුදිත ඒකනායක චක්‍ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක්1. ප්රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප්රණ ශක්තිය පාතනය කරන්න කියලා ...
ගම්මඩුව 2 මුදිත ඒකනායක වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී ...
පුරාණ හත්ථිකුච්චි විහාරය මුදිත ඒකනායක රාජාංගනය ලෙස ව්‍යවහාරයේ පැවැති පුරාණ හත්ථිකුච්චි විහාර සංකීර්ණය සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතා පවසා ඇත. කි‍්‍රස්තු වර්ෂ 247 සිට වසර දෙකක් අනුරාධපුරයේ රජකම් කළ සිරිසගබෝ රජතුමා රාජ්‍යත්වය හැරදමා දහවල පසුවී පිටත්ව අනුරාධපුරයේ ඉස්සරමණ විහාරයෙන් දකුණු දිශාවට පැමිණ රාතී‍්‍ර එළඹෙද්දී පැමිණි ස්ථානයක ...
ගම්මඩුව ශාන්තිකර්මය මුදිත ඒකනායක සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප්‍රදායික හා චූල සාම්ප්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ ...
මුහුණ සුදු කිරීමට ආලේප කරන ඇතැම් ක්‍රීම් වර්ගවල ඊයම් හා රසදිය අඩංගුයි මුදිත ඒකනායක "කාන්තාවන් මුහුණ සුදු වෙන්න ආලේප කරන ක්‍රීම්වල රසදිය වැඩියෙන් අඩංගු බැව් චීනයේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වුණා. මේ ආකාරයේ ක්‍රීම් වර්ග ශ්‍රී ලංකාවේ ද භාවිත වන නිසා අපටත් අවශ්‍ය වුණා මේ ද්‍රව්‍ය වෙළෙඳ පොළෙන් මිල දී ගෙන පරීක්ෂාවට ලක් කරන්න. අපි මෙවැනි ක්‍රීම් වර්ග 32ක් පරීක්ෂාවකට ලක් කළා. මෙහි දී අනාවරණය වුණු දෙයක් තමයි ඊයම් තිබිය යුතු ප්‍රමාණයට වඩා උපරිම ...
සිරිපා සිරිත මුදිත ඒකනායක නව වසරේ වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය අද (27) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වෙයි. වාර්ෂික ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා වන මූලික ආගමික වතාවත් හා චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ පැල්මඩුල්ල ගල්‍පොත්වෙල ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේදීය. එයට හේතුව ශ්‍රී පාදස්ථාන උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව ඓතිහාසික සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු ජූජා වස්තූන් ශ්‍රී පාද ...
එඞ්ගාර් කේසි - වර්ජිනියා වෙරළේ ප්රාතිහාර්යකාරයා මුදිත ඒකනායක බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත. (එඞ්ගාර් කේසි) එවන් ලෝකයක යළි යළිත් ඉපදීම පිළිබඳ මහත් වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් විස්තර කරන්නෙකි එඞ්ගාර් කේසි. එඞ්ගාර් කේසි මෙලොව එළිය දුටුවේ 1877 දී කෙන්ටකිහි හොප්කින්ස්විල් නම් ගම්මානයේය. දුප්පත් ගොවි ...
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ් මුදිත ඒකනායක මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක් මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් පොලිසියට පැමිණිලි කොට තිබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්, එෆ්. ආර්. ලැම්බට් හා ජූඩ් පෙලිස්ටස් යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ ...
කිරි හා පිටිකිරි අතර වෙනස - - ආචර්ය ආනන්ද චන්ද්‍රසේකර සාකච්චාවක් අසුරිනි - දිවයින පත්‍රය මුදිත ඒකනායක - ආචර්ය ආනන්ද චන්ද්‍රසේකර මනුෂ්‍යයාද ඇතුළුව ලෝක සත්ත්ව සංහතියේ වර්ධනය හා පැවැත්ම සඳහා උපකාරි වන සියලු යහගුණ ඇතුළත් ආහාර වර්ග දෙකක් ලොව පවතී. ඒ දෙකෙන් එකක් * මවු කිරිය * අනෙක මී පැණිය. ස්වභාව දහම විසින් මේ දෙක නිමවා ඇත්තේ මනුෂ්‍යයකුගේ හෝ වේවා, ඒ ඒ සත්ත්ව කොට්ඨාසයක හෝ වේවා ඒ හැම කෙනෙකුගේම පැවැත්ම, කායික හා මානසික සංවර්ධනය, නිරෝගීභාවය ආදී සියල්ලට උපකාර ...
රඡ්ජුරු බණ්ඩාර දෙයියන්ගේ අඩවියට ගියෙමි මුදිත ඒකනායක වර්ෂ 1921 දී ලිවයිස් නමැති පුරාවිද්‍යාඥයා ඌරුමුත්ත ගල්ලෙන ආශ්‍රිතව කැණීමක් කළේය. එම කැණීමේදී හසු වූ මානව අවශේෂවලින් හෙළි වී ඇත්තේ ඌරුමුත්ත ප්‍රදේශය ප්රාග් ඓතිහාසික යුගයට අයත් වන බවයි. මෙම ලෙන ආශ්රිත හමුවූ මූල බ්රාහ්මීය සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව 1 වැනි සියවසට අයත් බව තහවුරු කරගෙන ඇත. මෙම ලෙන පිළිබඳව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියන්ද තොරතුරු අනාවරණය කර ඇත. එහි ඇති සමහර ලිපි ...
බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමට නම්... මුදිත ඒකනායක 2012-2013 වසරවල සිරිපා වන්දනා සමය මෙම උඳුවප් මස 27 වැනි දිනට යෙදෙන පුන් පොහොය දිනයෙන් ඇරඹේ. මෙවර සිරිපා කරුණා කරන බැතිමතුන් හට ශ්‍රී පාද පද්මය වන්දනාමාන කිරීමට අමතරව අලූතෙන් සොයා ගන්නා ලද දිවා ගුහාව හෙවත් ‘‘භගවා ලෙන’’ දැක බලා ගැනීමට ද හැකි වෙනු ඇත. වැඩි දුරක් පා ගමනින් පඩි පේලි නැග යමින් වන්දනාමාන කිරීමට ලෝකයේ ඇති එකම පූජා භූමිය ලෙස ...
හලාල් ප්රශ්නය දෙස මැදහත්ව බලන්න මුදිත ඒකනායක මෑතක සිට ඔබ මිලදී ගන්නා බොහෝ ආහාර, බෙහෙත් ආදී පාරිභෝගික ද්‍රව්‍යවල "හලාල්" නමින් ලාංඡනයක් දක්නට ඇත. එය කිරිපිටි, බිස්කට්, නූඩ්ලස්, බීම වර්ග ආදී සෑම ඇසුරුමකම පාහේ දක්නට ඇත. මේ හලාල් යනු මුස්ලිම් ආගමික පිළිවෙතකි. එයින් කියවෙන්නේ "පරිභෝජනයට සුදුසුයි. අල්ලා දෙවියන් වහන්සේට කැපයි" යන්නයි. මුස්ලිම් අයට ඌරුමස්, ඌරුතෙල් මිශ්‍ර ආහාර මිලදී ගැනීම ආගමෙන් තහනම්. එබඳු බෙහෙතක්වත් ගැනීම තහනම්. ...