බෙහෙත් කෝ... ඩොකාගේ ඩයරිය... බොහෝ මිනිසුන් රෝහල් වෙත පැමිණෙන්නේ තම රෝගී තත්වය අතිශය උත්සන්න වූ විටයි. වෛද්‍යවරුන් උරණවනු ඇතැයි සිතනා ඔවුන් මුසා බස් තෙපලති. නමුත් බොහෝවිට එකී එක් එක් බොරුව පිටුපස සැඟවුණු අවාසනාවන්ත සත්‍ය කතාවක් ඇත."මහත්තයෝ මීට අවුරුදු විස්සකට විතර එපිටහින් මට මේ වකුගඩු අමාරුව හැදුනෙ. මං එකට ඉස්පිරිතාලේ ක්ලිනික් එකෙන් බෙහෙත් ගත්ත. දැන් මගේ අක්මාවත් නරක් වෙලා ලු." දිනක් මා හට History ගැනීමට ...
රූමත් ගැබිණිය අරක්කු ඉල්ලා කල ජරමරේ... ඩොකාගේ ඩයරිය... මේ දවස් වල මං private practice කරන තැනට ආපු ලෙඩෙක් ගැන මේ කතාව.තනියම ඇවිත් හිටපු මෙයා ඉල්ලුවෙ pregnant ද කියල බලන මුත්‍රා පරීක්ෂණේ කරල දෙන්නයි කියල. ඒ කීවේ urine hCG පරීක්ෂණේ...Report එක ආව. මෙයා pregnant. ඩොක්ටර් මං බබාව හදාගන්නවා. මං මුකුත් අහන්නත් කලින් එයා එහෙම කතාවක් කිව්ව. අරක්කු බීවම බබාට මුකුත් වෙනව ද මහත්තයෝ ? ඈ මී ළඟට ඇසුවේ මා ...
ඉංග්‍රීසි වෙදකමින් සිංහල බෙහෙත් තෙල් වලට... ඩොකාගේ ඩයරිය... ඔබ කෙදිනක හෝ අස්ථි බිඳී යාමක් හෝ සන්ධි පැනීමකින් පීඩා වින්ද තිබේද???මෙවන් රෝගාබාධ සඳහා ශ්‍රිලංකාවේ බොහෝ දෙනෙක් තවමත් සිංහල වෙදකම සඳහා නිතැතින්ම යොමු වේ. ඒ ඉංග්‍රීසි ප්‍රතිකාරවල දී මෙන් නොව සිංහල කැඩුම් බිඳුම් වෙදකමේ දී වරු තුන හතරකින් සුවය ලබා සුපුරුදු දින චර්යාවට ඉක්මනින් අනුගත විය හැකි බැවිණි.නමුත් තවත් සමහරුන් මෙවන් රෝගී තත්ත්ව වලදී බටහිර ප්‍රතිකාර සඳහා යොමු වෙති. "මෙච්චර ...
පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. ඩොකාගේ ඩයරිය... පහුගිය සතියේ දවසක මටත් රෝගියෙක් විදිහට ශල්‍ය වෛද්‍ය වාට්ටුවකට ඇතුලත් වෙලා ඉන්න සිදුවුණා. ඉතින් එහෙම ඉන්නකොට මගේ අල්ලපු ඇඳේ හිටපු රෝගියාගේ විස්තරේ තමයි අද කියන්න යන්නේ.මේ රෝගියාගේ ගම් පළාත අම්පාර. මොහු රෝහල් ගත වෙලා හිටියේ ගෙලෙහි කුද්දෙටි එකක් පමණක් විශාල වී තිබුණු නිසාවෙන්.මෙවන් කුද්දෙටි විශාල වීම් සඳහා හේතු බොහෝ ගණනක් තිබෙනවා. නමුත් මේ රෝගියා සතුව අම්පාර මහා රෝහලේදී සිදු කරපු ...
පරණ කතාවක් ඩොකාගේ ඩයරිය... Losartan නිසා බලෙන් වකුගඩු රෝගියෙක් වෙච්ච තවත් කෙනෙක් මට දවස් දෙක තුනකට කලින් මුණ ගැසුණා.ඉතින් මේ හදිස්සියේ බ්ලොග් එක පැත්තට ආවෙ Losartan වල Trade name ටිකක් කියල දාන්න. මොකද මං Losartan කිව්වට ඔබ එය නොදන්නවා වෙන්න පුළුවන්. ඔබ හෝ ඔබ අදුනන කෙනෙක් පෙෂර් එකට බොන ලස්සන නමක් තියෙන බෙහෙත Losartan වෙන්නත් පුළුවන්.ඉතින් තවත් වැල්වටාරම් ඕනි නෑ. පල්ලෙහා තියන Link එකට ...
අද 1984 අවුරුද්දෙ අහවල් දවස... නේද??? ඩොකාගේ ඩයරිය... සතියක් ගෙවී ගිහින් ඇරඹෙන තවත් අලුත් සතියක නැවුම් ආලෝකය ගෙයි දොරකඩටම ඇවිත්. අලුත් සතියේ අලුත් රෝගියෙකුගේ විස්තරයක් ඔබට කියන්න තමයි මගේ මේ සුදානම...මේ මව සහ ඇගේ පුත්‍රයා මට මුණගැසෙන්නේ අපේ ශික්ෂණ රෝහලේ මානසික රෝග සායනයේදී. මං අද කියන්න යන්නේ නාවර පෙරාගත් මුරණ්ඩු කුඩා ගැටයෙක් අතින් අල්ලාගෙන ආපු අසරණ අම්මා කෙනෙක් ගැන කියල ඔබ හිතුව නම් ඔබට වැරදුණා... වයස අවු : ...
අපිත් Losartan බොමු... ඩොකාගේ ඩයරිය... එදා වැහි දවසක්. සීතලේ ගුලිවෙලා නිදාගෙන හිටපු මම එළාම් එක වදිනකොටම ඇඳෙන් බිමට පැන්නේ පරක්කුවෙලා වාට්ටුවට ගිහින් අපේ විශේෂඥ ශල්‍ය වෛද්‍යතුමාගෙන් බැනුම් අහන්න බැරි හින්ද මිසක් ආසාවකට නම් නෙවෙයි.ටිකක් වෙලගිහිල්ල හරි කොහොමින් කොහොම හරි මං එදා වාට්ටුවට ආව. එහෙම ආපු මම එදා දවසේ මට යොමුවෙලා හිටිය රෝගියා සොයා ඇඳක් ඇඳක් ගානේ ඇවිද්ද.ඇය පැත්තකට වෙලා ඔහේ බලන් හිටපු යන්තම් හැට පැනපු ...
මධු මේහය නොසළකා හැරි ඔහු... ඩොකාගේ ඩයරිය... මේක මට මුහුණ දෙන්න සිදුවුන අනුවේදනීය සිදුවීමක්... ඉරිදා දවස හැරෙන්න අනික් හැමදාම උදේම වාට්ටුවට යන අපි පැමිණිලා සිටින රෝගීන් ගෙන් රෝග විස්තර සටහන් කරගැනීමක් සිදු කරනවා. අපේ භාෂාවෙන් කියනවානම් history ගන්නවා.ඉතින් මට මේ සිදුවීමට මුහුණ දෙන්න සිදුවුනෙත් history එකක් ගන්න එක්තරා රෝගියෙකු ළඟට ගියපු වෙලාවක. අවුරුදු 60ක් විතර වයස ඔහුගේ කකුලේ තිබුන තුවාලයක් ගෝස් වලින් වෙලා තිබුණා. නම, ගම එහෙම ...
ඇරඹුම... ඩොකාගේ ඩයරිය... ඩොකාගේ ඩයරිය කියල නමක් දැම්මට තාම මම ඩොකෙක් නෙවෙයි කියල මුලින්ම කියන්න ඕනි. මම අද දවසට (07-01-2015) හතරවෙනි වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්. නොයෙකුත් රෝගාබාධ වලට ප්‍රතිකාර ගැනීමට ශික්ෂණ රෝහල් වෙත පැමිණෙන විවිධාකාරයේ රෝගීන් රැසක් වෙද සිසුවෝ වන අපට හැමදාමත් මුණගැසෙනවා. පොඩි හෙම්බිරිස්සාවක් වෙච්ච ගමන් සමහරු දුවගෙන එනවා. ඒ අතරේ තවත් සමහරු රෝහල වෙත එන්නේ ඔවුන්ගේ රෝගාබාධය උපරිමේටම වැඩි උනාට පස්සෙයි. ...
උපත් පාලනය ගැන ලුණු ඇඹුල් ඇතිව ඩොකාගේ ඩයරිය... මේක සාම්ප්‍රදායික ශ්‍රී ලාංකිකයා එළිපිට කතා කරන්න තරමක් අකමැති මාතෘකාවක්. පාසල්වල ඉගැන්වීම සඳහා නිර්දේශ කර තිබුනත් බොහෝ ගුරුවරු ලිස්සා යන මාතෘකාවක්.මිට වසර කිහිපයකට පෙර මෙන් නොව දැන් දැන් බොහෝ පෙම්වතුන් ඉතා ඉක්මනින් ලිංගික හැසිරීම් සඳහා යොමුවන ප්රවනතාවක් දක්නට ලැබෙනවා.මේ බොහොමයක් දෙනාට වගේ ම විවාහක අයට ද නිවැරදි උපත් පාලනය ගැන හරි අවබෝධයක් නැහැ. මේ නිසා ම ලංකාවේ දිනකට සිදුවන අනවසර ...
ගෑස්ටික් වැඩිවෙලා. හාර්ට් එක පුපුරලා... ! ඩොකාගේ ඩයරිය... Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?පොතේ නම් තියන්නේ පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන දැවිල්ලක් නොවන හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල.මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා.මේ හැර දාඩිය දැමීම, හුස්ම ගන්න බැරි ගතියක්, වමනේ ...
doctor ,Man dawasata 1000ka kudu bonawa. Meken berenna kramayak nadda? කීයක් ගියත් කමක් නෑ. Heroin saha wenath winasha kari mathdrawya walin galaweme maga ඩොකාගේ ඩයරිය... වයස අවුරුදු 60ක විතර තාත්තා කෙනෙක්. හොඳට ම වැහැරිලා ගිහින්. ගොඩක් දුක් විඳින කෙනෙක් වගේ. සමහර විට හරි හමන් රස්සාවක් නැතුව ඇති. දරුවො සළකන්නේ නැතුව ඇති. ඩොක්ටර් මගේ පුතා කුඩු බොනවා. දවසට රුපියල් 2000ක් විතර... අනේ දොස්තර මහත්තයෝ පින්සිද්ද වෙයි මට මේක නවත්තලා දෙන්න. කොල්ලත් කැමතියි මොනවහරි කරල මේක නවත්තගන්න. ඩොක්ටර් මං දවසට පැකට් තුනක් ගහනවා. ගැහුවෙ නැත්තම් මුලු ඇඟම ...
මගුලයි ! බබා හම්බුණාට පස්සේ periods නැවතිලා ! ඒ මදිවට ලූප් දාන්නේ නැතිව ගෙදර යන්ඩත් එපා ලු ! යකාගේ ආණ්ඩුවක් නේ මේක ! ඩොකාගේ ඩයරිය... ඔව්. බබාල ඉන්න ඔයාල මේ තත්වය අත්දැක ඇති.ගොඩක් වෙලාවට මාස 6ක් යනකන් ම dates හැදෙන්නේ නැහැ කියා ඔබ කියාවි. මෙසේ dates සෑදීම මාස 6ක් පමණ ප්‍රමාද වන්නේ ස්වභාවිකව ම සිදුවන උපත් පාලන ක්‍රියාවලියක අතුරු ඵලයක් ලෙසයි. දරුවන් අතර නිසි පරතරයක් පවත්වාගෙන ඊළග දරු උපත සිදු කිරීම අවශ්‍ය නිසා තමයි ස්වභාවිකව ම එසේ සිදුවන්නේ.දැන් ඔබ බලයි මොකට ද දරුවන් අතර නිසි ...
හදිසි උපත් පාලන ක්‍රම ඩොකාගේ ඩයරිය... මේ සටහන ලියන මා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු බව මුලින් ම කියන්න ඕනි.මොකට ද මේ හදිසි උපත් පාලන ක්‍රම ?* අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුන විටෙක දී* ලිංගික අතවරයක දී * දැනට භාවිත කරන උපත් පාලන ක්‍රමය දින කිහිපයක් මගහැරී ගිය විටෙක දී* කොන්ඩම සිදුරු වී යන අවස්ථා වල දී දරු ගැබක් ඇති වීම වැළක්වීම සඳහා හදිසි උපත් පාලන ක්‍රම භාවිත කිරීම කළ ...
Attention deficit hyperactive disorder ඩොකාගේ ඩයරිය... මං මේ ළඟදී පාර්ක් එකකට ගියා. අපේ නෝනා මහත්තයාත් එක්ක. පොඩි උන් හැම තැනම. නිදහසේ පෙම් සුව විදින්නත් බැහැ.එක තැනක ඉදගත්තා විතරයි අපි ළඟට ආවේ අවුරුදු 4ක විතර ගැහැණු දරුවෙක්. මනුස්සයා එහාට දුවනවා මෙහාට දුවනවා. හරිම දඟයි.තව පොඩ්ඩෙන් මෙයා අපි දෙන්නවත් පෙරළන් දුවනවා. මං මෙයාට කතා කළා. එතකොට තමයි තේරුනේ මෙයාට මොකක් නමුත් අවුලක් තියනවා කියල.මෙයා ඒ වයසේ වෙන පොඩි ...
අපි room එකකට ගියා... එයා pregnant... දැන් මොකද කරන්නේ... ඩොකාගේ ඩයරිය... මං මේ දවස් වල private practice කරන තැනට ආපු කපල් එකක් ගැන කතාවක් අද කියන්නම්... මේ දෙන්නට පෙනුමෙන් නම් අවුරුදු 20ක් වත් නැතිව ඇති. අර I'm his - He is Mine කියල ගහපු T - Shirt ඇඳගෙන උකුළු මුකුලු පාපු මේ දෙන්න දකිද්දි මට හිතුනෙ හරිම ආදරණීය couple එකක් කියල. Pregnancy test එකක් කරගන්න පුළුවන් ද? එයාල එහෙම ඇහුව.පුළුවන් කියපු ...
බෙහෙත් බීපං දෙයියො ! ඩොකාගේ ඩයරිය... ඩොක්ටර් මගේ ප්‍රෙශර් බලල දෙන්නකෝ. මේ දවස් වල මං private practice කරන තැනට ආපු අවුරුදු 55ක විතර කාන්තාවක&