සීසර් කරපුවාම හර්නියා එනවාද ? ඩොකාගේ ඩයරිය... සීසර් කරපුවාම හර්නියා එනවාද ? ගිය සතියෙ දාපු හර්නියා ගැන ලිපියෙන් පස්සෙ ගොඩක් අය එහෙම අහලා තිබුණා. ඔව්, එන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවල් වෙන්නත් පුළුවන්. අද කතාකරමු ඒ දේවල් ගැන.ඊට කලින් තව ලෙඩෙක් ගැන විස්තර ටිකක් කියල ඉන්නම්. මෙයා මට හමුවෙන්නේ මීට අවුරුදු දෙකතුනකට කලින් ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ වැඩ කරන කාලේ දී.මෙයා ඇවිත් හිටියේ ගර්භාෂය අයින් කරන ...
IHR ඩොකාගේ ඩයරිය... මගේ ලිපි කියවන ඔයාලා සමහරවිට දන්නේ නැතුව ඇති මං දැන් වැඩකරන්නේ ඔපරේෂන් වාට්ටුවක කියලා. ඉතින් අද කතාව මට වාට්ටුවෙදි හම්බවෙච්ච ලෙඩෙක් ගැන. මේ ලෙඩා ආවෙ හර්නියා අමාරුව කියාගෙන. ඒ කියන්නෙ කහිනකොට,තටමනකොට බඩේ ඉස්සරහින් ගුලියක් වගේ බඩවැල් එළියට පනිනවා... මේක ටිකක් විතර කරදරකාරී දෙයක්, කැක්කුම එන දෙයක්. සමහර වෙලාවට ඕකෙ බඩ වැල් ඇලුණාම ගෙඩිය වගේ එළියට නෙරලම තියෙනවා. කලාතුරකින් වෙලාවක ඕක ...
කොරෝනා සුවකිරීම සහ මැලේරියා බෙහෙත්... ඩොකාගේ ඩයරිය... මේ වනවිට අමෙරිකානු ඖෂ්ධායතනය US Food and Drug Administration (FDA) අනුමත කරන ලද කිසිදු ඖෂධයක් මේ වනවිට කොරෝනා සුව කිරීම සඳහා නොමැති බව මුලින් ම කියන්න ඕනි. එතකොට මොකද්ද මේ Hydroxychloroquine (HCQ) and Chloroquine මැලේරියා බෙහෙතෙ කතාව ? අද දැනගනිමු ඒ ගැන. මුලින් ම කියන්න plaquenil කියන්නෙත් Hydroxychloroquine ම තමා කියලා. ඒක brand name එකක්. හරියට අපි panadol කියන්නෙ paracetamol ...
corona update 21.03.2020 ඩොකාගේ ඩයරිය... මේ photo එක හොයාගත්තේ travel with wife facebook පිටුවේ තිබිලා... මුලින් ම එයාලාට ස්තූතියි මේක share කලාට...හැබැයි medscape web අඩවිය නම් පවසන්නේ තරමක වෙනස් කාලසීමාවන් ටිකක්. කවුරු හරි උනත් අපි හිතට ගන්න ඕනි කාරණය තමයි මේ COVID 19 වෛරසය මිනිස් සිරුරෙන් පරිබාහිරව එක එක පෘශ්ථවල සහ වාතයේ යම් කාලයක් සජීවී ව පවතිනවා කියන කාරණය. ඉතින් මේ කියන කෙටි කාලය ඇති ...
koroonaa koraunaa ඩොකාගේ ඩයරිය... ශ්‍රීලංකාවෙන් සොයාගත් ආසාදිතයා සම්පූර්ණයෙන් සුව අතටකොරෝනා කොර උනා.කොරෝනා මිනිසෙකු මරා දමන්නේ මෙහෙමයිමේ සටහන ලියැවෙන 02/02/2020 දින වන විට ලොවපුරා රටවල් 25ක් පුරා පැතිර ඇති කොරෝනා වසංගතය ආසාදනය වූවන් 14 300ක් පමණ වාර්තා වී ඇති අතර අවම වශයෙන් රෝගීන් 304 දෙනෙකු මරණයට පත් වී තිබෙනවා. එයට එක් පිලිපීන ජාතිකයෙකු ද ඇතුළත්.කොරෝනා මිනිසෙකු මරා දමන්නේ කොහොමද . ඔබට ගැටළුවක් ඇති.අද කතා ...
doctor ,Man dawasata 1000ka kudu bonawa. Meken berenna kramayak nadda? කීයක් ගියත් කමක් නෑ. Heroin saha wenath winasha kari mathdrawya walin galaweme maga ඩොකාගේ ඩයරිය... වයස අවුරුදු 60ක විතර තාත්තා කෙනෙක්. හොඳට ම වැහැරිලා ගිහින්. ගොඩක් දුක් විඳින කෙනෙක් වගේ. සමහර විට හරි හමන් රස්සාවක් නැතුව ඇති. දරුවො සළකන්නේ නැතුව ඇති. ඩොක්ටර් මගේ පුතා කුඩු බොනවා. දවසට රුපියල් 2000ක් විතර... අනේ දොස්තර මහත්තයෝ පින්සිද්ද වෙයි මට මේක නවත්තලා දෙන්න. කොල්ලත් කැමතියි මොනවහරි කරල මේක නවත්තගන්න. ඩොක්ටර් මං දවසට පැකට් තුනක් ගහනවා. ගැහුවෙ නැත්තම් මුලු ඇඟම ...
ගෑස්ටික් වැඩිවෙලා. හාර්ට් එක පුපුරලා... ! ඩොකාගේ ඩයරිය... Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?පොතේ නම් තියන්නේ පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන දැවිල්ලක් නොවන හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල.මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා.මේ හැර දාඩිය දැමීම, හුස්ම ගන්න බැරි ගතියක්, වමනේ ...
රූමත් ගැබිණිය අරක්කු ඉල්ලා කල ජරමරේ... ඩොකාගේ ඩයරිය... මේ දවස් වල මං private practice කරන තැනට ආපු ලෙඩෙක් ගැන මේ කතාව.තනියම ඇවිත් හිටපු මෙයා ඉල්ලුවෙ pregnant ද කියල බලන මුත්‍රා පරීක්ෂණේ කරල දෙන්නයි කියල. ඒ කීවේ urine hCG පරීක්ෂණේ...Report එක ආව. මෙයා pregnant. ඩොක්ටර් මං බබාව හදාගන්නවා. මං මුකුත් අහන්නත් කලින් එයා එහෙම කතාවක් කිව්ව. අරක්කු බීවම බබාට මුකුත් වෙනව ද මහත්තයෝ ? ඈ මී ළඟට ඇසුවේ මා ...
Untitled Post ඩොකාගේ ඩයරිය... හදවත් බද්ධය ඔව් එකම එක පාරක් සාර්ථකව කරපු දෙවැනි පාර කරන්ඩ ගිහින් දොස්තර මහතුන්ගේ කඹ ඇදිල්ලෙන් නතර කරන්ඩ සිදු වෙච්චි හදවත් බද්ධ ගැන අද අපි කතා කරමු.සාර්ථක හදවත් බද්ධයක් ලෝකයේ පළමු වරට සිදුවෙන්නේ 1967 වසරේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර දී ය. ඉන් අනතුරුව විවිධ සන්දිස්ඨාන රැසක් පසුකරමින් අද වන විට ලොව පුරා වසරකට හදවත් බද්ධ 5000ක් පමණ සිදුවනවා. හදවතක් ...
අද දසුන්. හෙට ඔබ ද? ඩොකාගේ ඩයරිය... උඹටත් මටත් ප්‍රශ්න අපි හැමෝටම ප්‍රශ්න යලි නොඑන ගමන් ගිය දස්සා ගැන හද පාරණ සටහන් පෙළක්අනේ චුට්ටක් ඇවිත් යන්න එන්න දසුන් අයියේමේ ඊයේ පෙරේදා. News එකක්.රූමත් සරසවි සිසුවිය කෝච්චියට පැනලා.ඒ මාස කිහිපයකට කලින්.දම් පැහැ සාරියකින් සැරසී සිටි ඇගේ මුහුණේ වූ අව්‍යාජ සිනාව සමහර විටෙක ඔබට තවමත් මතක ඇති. ඇය කෝච්චියට පැන සියදිවි නසාගෙන තිබුනේ පේරාදෙණිය සරසවියේ යකා පාළම අසල දී ...
Attention deficit hyperactive disorder ඩොකාගේ ඩයරිය... මං මේ ළඟදී පාර්ක් එකකට ගියා. අපේ නෝනා මහත්තයාත් එක්ක. පොඩි උන් හැම තැනම. නිදහසේ පෙම් සුව විදින්නත් බැහැ.එක තැනක ඉදගත්තා විතරයි අපි ළඟට ආවේ අවුරුදු 4ක විතර ගැහැණු දරුවෙක්. මනුස්සයා එහාට දුවනවා මෙහාට දුවනවා. හරිම දඟයි.තව පොඩ්ඩෙන් මෙයා අපි දෙන්නවත් පෙරළන් දුවනවා. මං මෙයාට කතා කළා. එතකොට තමයි තේරුනේ මෙයාට මොකක් නමුත් අවුලක් තියනවා කියල.මෙයා ඒ වයසේ වෙන පොඩි ...
මගුලයි ! බබා හම්බුණාට පස්සේ periods නැවතිලා ! ඒ මදිවට ලූප් දාන්නේ නැතිව ගෙදර යන්ඩත් එපා ලු ! යකාගේ ආණ්ඩුවක් නේ මේක ! ඩොකාගේ ඩයරිය... ඔව්. බබාල ඉන්න ඔයාල මේ තත්වය අත්දැක ඇති.ගොඩක් වෙලාවට මාස 6ක් යනකන් ම dates හැදෙන්නේ නැහැ කියා ඔබ කියාවි. මෙසේ dates සෑදීම මාස 6ක් පමණ ප්‍රමාද වන්නේ ස්වභාවිකව ම සිදුවන උපත් පාලන ක්‍රියාවලියක අතුරු ඵලයක් ලෙසයි. දරුවන් අතර නිසි පරතරයක් පවත්වාගෙන ඊළග දරු උපත සිදු කිරීම අවශ්‍ය නිසා තමයි ස්වභාවිකව ම එසේ සිදුවන්නේ.දැන් ඔබ බලයි මොකට ද දරුවන් අතර නිසි ...
වේලාව මහා රෑ 12යි. අවුරුද්දේ පොඩි එකාට Fit එකක් හැදිලා. මොකද මං දැන් කරන්නේ... ! ඩොකාගේ ඩයරිය... එහෙම උණොත් ඔබ කියාවි මේ ළමයව ඉක්මණට ඉස්පිරිතාලේ අරන් යන්න කියල.ඔබේ පිළිතුර ඒක නම් ඔබ වැරදියි කියල මං මුලින් ම කියන්නම්.ඇයි ඒ කියල අපි දැන් බලමු.මට මේ ගැන ලියන්න ඕනි කියල හිතුනේ ඊයේ පෙරේද දවසක අම්ම කෙනෙක් facebook එකේ දාල තිබ්බ post එකක් දැකල. එයාගේ ළමයට උණත් එක්ක ෆිට් එකක් හැදිලා. වෙලාව රෑ 12 ට විතර ඇතිලු. කලබල වෙච්ච අම්මට ...
බෙහෙත් බීපං දෙයියො ! ඩොකාගේ ඩයරිය... ඩොක්ටර් මගේ ප්‍රෙශර් බලල දෙන්නකෝ. මේ දවස් වල මං private practice කරන තැනට ආපු අවුරුදු 55ක විතර කාන්තාවක&
ගෙදර හිටපු අයියාට අලුතෙන් ගෙනා මල්ලී කරපු කැත වැඩේ එළිවෙයි ! ඩොකාගේ ඩයරිය... එදා මට night shift එකක් කරන්න තිබ්බ දවසක්. හොඳට ම වැස්ස. Patientsලා නැති වේවා කියල ප්‍රාර්ථනාවක් එහෙම කරල ඇඳට ගියා විතරයි, ඩොක්ටර් patient කෙනෙක් කියල වැඩ කරන අංකල් කාමරේට එබිල කිවුව. දනි පනි ගාල සරම ගලෝල formal kit එකට මාරුවෙච්චි මං ඉක්මනට එළියට ආව.අවුරුදු 7ක විතර පොඩි පැංචෙක්. ඇවිත් හිටියෙ එයාගෙ අම්මත් එක්ක. කොල්ලට තිබ්බෙ ටිකක් විතර මුරන්ඩු පෙනුමක්. ඩොක්ටර් ...
හදිසි උපත් පාලන ක්‍රම ඩොකාගේ ඩයරිය... මේ සටහන ලියන මා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු බව මුලින් ම කියන්න ඕනි.මොකට ද මේ හදිසි උපත් පාලන ක්‍රම ?* අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුන විටෙක දී* ලිංගික අතවරයක දී * දැනට භාවිත කරන උපත් පාලන ක්‍රමය දින කිහිපයක් මගහැරී ගිය විටෙක දී* කොන්ඩම සිදුරු වී යන අවස්ථා වල දී දරු ගැබක් ඇති වීම වැළක්වීම සඳහා හදිසි උපත් පාලන ක්‍රම භාවිත කිරීම කළ ...
උපත් පාලනය ගැන ලුණු ඇඹුල් ඇතිව ඩොකාගේ ඩයරිය... මේක සාම්ප්‍රදායික ශ්‍රී ලාංකිකයා එළිපිට කතා කරන්න තරමක් අකමැති මාතෘකාවක්. පාසල්වල ඉගැන්වීම සඳහා නිර්දේශ කර තිබුනත් බොහෝ ගුරුවරු ලිස්සා යන මාතෘකාවක්.මිට වසර කිහිපයකට පෙර මෙන් නොව දැන් දැන් බොහෝ පෙම්වතුන් ඉතා ඉක්මනින් ලිංගික හැසිරීම් සඳහා යොමුවන ප්රවනතාවක් දක්නට ලැබෙනවා.මේ බොහොමයක් දෙනාට වගේ ම විවාහක අයට ද නිවැරදි උපත් පාලනය ගැන හරි අවබෝධයක් නැහැ. මේ නිසා ම ලංකාවේ දිනකට සිදුවන අනවසර ...
අපි room එකකට ගියා... එයා pregnant... දැන් මොකද කරන්නේ... ඩොකාගේ ඩයරිය... මං මේ දවස් වල private practice කරන තැනට ආපු කපල් එකක් ගැන කතාවක් අද කියන්නම්... මේ දෙන්නට පෙනුමෙන් නම් අවුරුදු 20ක් වත් නැතිව ඇති. අර I'm his - He is Mine කියල ගහපු T - Shirt ඇඳගෙන උකුළු මුකුලු පාපු මේ දෙන්න දකිද්දි මට හිතුනෙ හරිම ආදරණීය couple එකක් කියල. Pregnancy test එකක් කරගන්න පුළුවන් ද? එයාල එහෙම ඇහුව.පුළුවන් කියපු ...
අලි බබා ඩොකාගේ ඩයරිය... ළමා රෝග සුව කිරීමෙහි ලා සුප්‍රකට පේරාදෙණිය මහ රෝහලේ දී මට මුණ ගැසෙනා ඇය අවුරුදු 9ක දැරිවියක්. හුරුබුහුටි හැබැයි ටිකක් විතර මහත මෙයා ඇවිත් හිටියෙ වව්නියාවෙ ඉඳල! කොර ගගහ ඇවිදපු මෙයාට දැන් මාස තුනක ඉඳල දණිස් කැක්කුමක් ලු. මෙහෙට එන්න කලින් අනුරාධපුරේ මහ ඉස්පිරිතාලෙත් මාස දෙකක් නැවතිලා හිටියලු. කරන කරන හැම පරීක්ෂණේ ම නෝමල් ලු. ඒත් දරුවගෙ දණිස් කැක්කුම වැඩි ...
තීරණය... ඩොකාගේ ඩයරිය... සමහර ලෙඩ්ඩු කොච්චර අමාරු වෙලා ආවත් හරි විස්තරයක් කියන්නේ නෑ. මං මේ කියන්න හදන්නේ සිහිසුන් ලෙඩ්ඩු ගැන වත් මානසික මට්ටම වෙනස් වෙච්ච ලෙඩ්ඩු ගැන වත් නොවෙයි. හොඳ සිහියෙන් ඉන්න ලෙඩ්ඩු ගැන...තමන්ගේ ම අනුවණ වැඩ හන්දය අසනීපෙ උපරිමේට ම වැඩි කර ගත්තු ගොඩක් ලෙඩ්ඩු බොහෝ වෙලාවට දොස්තර මහත්තයට තමන්ගේ ඇත්ත අසනීපෙ, ඇත්ත රෝග ලක්ෂණ මොකක්ද කියන එක කියන්නේ නෑ. කොහොම හරි ...