ආච්චීට කට උත්තර නැත! - Running in the family? රසිකොලොජි - Rasikology මගේ මව ගේ පියා සහ මව වයසෙන් වෙනස් වූයේ වසර තුනකින් පමණකි. ඔවුන් දෙදෙනා ම වෘත්තියෙන් ගුරුවරු වූහ. ආච්චී පේෂකර්මය පිළිබඳ ගුරුවරියක් ලෙස සේවය අරඹා ඒ සේවයේම විශ්‍රාම ගියාය. ඇය සේවය කළේ පළාතේ පිහිටුවා තිබූ මධ්‍යම විිද්‍යාලය හෙවත් සෙන්ට්‍රල් කොලීජියේ ය. ආතා, උප ගුරුවරයෙකු ලෙස සේවය අරඹා, කුඩා පාසලක මුල් ගුරුවරයා, එනම් ඒ දිනවල හැඳින්වුණු ආකාරයට ලොකු මහත්තයා, ලෙස කලක් ...
මගේ ජංගම දුරකථන ඉතිහාසය - Chapter zero රසිකොලොජි - Rasikology කාලයක් තිස්සේ පාවිච්චි කළ නිසා දෝ තරමක් කිලුටු වී තිබුණු මගේ සැම්සුන් ගැලක්සි ජංගම දුරකථනය ඩෙනිම් කලිසමක සාක්කුවේ දමා සෝදා මා එයට "නිවන් පුර රුවන් දොර" හැර දුන්නේ ගිය සති අන්තයේ ය. එතැන් සිට හද්දා පරණ නෝකියා කට්ටක සිම් පත දමාගෙන දැන් සතියක් පමණ ගත වී ඇති අතර, කලක් තිස්සේ හුරු පුරුදු වුණු ඉන්ටර්නෙට් ස්මාට් වැඩ කෑලි තියා හදිසියකට ඡායාරූපයක්වත් ...
සැප්තැම්බර් කිට්ටු කිට්ටු - It is that time of the year again රසිකොලොජි - Rasikology මදර්ස් ඩේ හෙවත් මව්වරුන් ගේ දිනය, ෆාදර්ස් ඩේ හෙවත් පියවරුන් ගේ දිනය, වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයින් ගේ දිනය වැනි බටහිර සංකල්පවලට විරුද්ධව පොර ටෝක් දෙන සුනිල් ආරියරත්නලා(*) වැනි පිරිස් පතුරවා හරින පසුගාමී මතවාදය නම්, අපි සැම දිනම අපේ මවට ආදරය කරමු, සැම දිනම අපේ පියාට ආදරය කරමු, සැම දිනම ලෝ වැසි සියලු දෙනාට ආදරය කරමු (ඒ විතරක් යැ, මෛත්‍රී ද ...
ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය - A challange to Premakumar Gunaratnam රසිකොලොජි - Rasikology අද ලංකාවේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනයේ වැඩි බලය ඇතැයි සැලකෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානය විසින් විශ්ව විද්‍යාලවල නවක ශිෂ්‍යයින් සඳහා අමානුෂික ලෙස නවකවදය සංවිධානාත්මකව සිදු කරන බවට මතයක් අද සයිබර් අවකාශය සහ වෙනත් මාධ්‍ය හරහා පැතිර ගොස් ඇත.සමහර තැන්වල මේ දෝෂාරෝපණය ජනතා විමුක්ති පෙරමුණට ද එල්ල වේ.මට නම් මෙය පිළිගැනීමට අසීරු, තර්කානුකූල නොවන හතර බීරි කතාවකි. ඒ සමගම, ...
කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities? රසිකොලොජි - Rasikology මේ ලිපියේ මාතෘකාව සඳහා මා යොදාගත්තේ සිංහල නවකතාවක නමයි. "කන්දෙන් ලන්දට" ලියූ මිණිවන් පී. තිලකරත්න කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවී පසුව මිය පරලොව ගොස් දැන් කලක් ගතවී ඇත.මිණිවන් පී. තිලකරත්න උපහාස කතා කලාවේ ශූරයෙකු විය. මෙහි ලා සඳහන් කල යුතු ඔහුගේ "උසාවි සාවිය", "පුංචි එක්නැලිගොඩ" ආදී නවකතා ද, "මගෙ ගම සරිගම" ආදී කෙටිකතා සංග්‍රහ ...
අපේ ආච්චී ගේ දේශපාලන වීරයා - Old fox රසිකොලොජි - Rasikology ඡන්දෙට සති දෙකක්වත් නැත. වත්පොතේ, බ්ලොග් ලොවේ ඒ අත බැලුවත්, මේ අත බැලුවත්, පෙනෙන්නේ ඡන්දය ගැන කතන්දර ම ය. ඒ නිසා මගේ සිතට ද ඡන්ද කතන්දර එකක් පසුපස එකක් නැගේ.මේ මා දන්නා පැරණිතම ඡන්ද කතන්දරයයි.මගේ පිය පාර්ශවයේ මිත්තනිය හෙවත් ආච්චී ඉපදී ඇත්තේ 1903 දී ය. පසු කලෙක ඇස් දෙකේම සුද මතු වී ඇස් නොපෙනී යාම නිසා ඇගේ සිහිය මදක් වෙනස් ...
එළිසමය, මංගල සමරවීර සහ නන්දිකඩාල් - What a mix! රසිකොලොජි - Rasikology සිංහල කවියක් කියන්නැයි යමෙකු ඔබෙන් ඉල්ලා සිටියොත්, ඔබේ සිහියට එන්නේ කවරාකාරයේ කවියක් ද?ඔබ කුඩා කාලයේ මා වැනි හොඳ ළමයෙකුව සිටියා නම් එය බෝහෝ විට මෙවැනි කවියකි.සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්සත් හට වන බව දුකට වෙදාණන්තිත් ගණඳුුර දුරලන දිනිදාණන්සිත් සතොසින් නමදිම් මුනිදාණන්ඒ ලෝවැඩ සඟරාවේ එන කවියකි.කුඩා කාලයේ සිංහල සාහිත්‍යයට ආශාවක් තිබුණා නම්, මේ ආකාරයේ කවියක් සිහිවීමට ඉඩ ඇත.සුර රද සමන් ...
මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා - Jokes apart රසිකොලොජි - Rasikology සිංහල බ්ලොග් කියවන අප බොහෝ දෙනෙකු මෙන් විහිළු කතා කියවීමට, කාටූන් බැලීමට මම ද කුඩා කාලයේ සිටම ඇල්මක් දැක්වූයෙමි.අපේ අම්මා මාස් පතා මිලට ගත් සහ එකතු කර තිබුණු ශ්‍රී සඟරාවල ද, අම්මා ගේ අම්මා හෙවත් අපේ කලවානේ ආච්චී මිලට ගෙන එකතු කර තිබුණු රසවාහිනී සඟරාවල ද, අපේ තාත්තා ඒ දිනවල සති අන්තයට මිලට ගත් සිළුමිණ, ලංකාදීප සහ රිවිරුස පුවත්පත්වලද මේ ...
හතේ පන්තියේ ළමයා ගේ පොත් පිංච - Write a book, make a child and plant a tree! රසිකොලොජි - Rasikology මිනිසුන් වශයෙන් අප කළ යුතු හොඳම කර්තව්‍යයන් ත්‍රිත්වය වන්නේ "පොතක් ලිවීම, පුතෙක් හැදීම සහ ගසක් වැවීම" ය යනුවෙන් පඬිවදනක් ඇත. මෙය ප්‍රකාශ කළා යැයි සැලකෙන්නේ කියුබානු විප්ලවවාදී කවියෙකු වූ ජොසේ මාර්ටි නම් ලේඛකයා ය.මේ කියමනෙන් අදහස් කෙරෙන්නේ, පොතක්, ගසක් සහ පුතෙක් යන දේ, ඒවාට මුල් වූ පුද්ගලයා මිය ගිය පසුවද මෙලොව පැවතෙන නිසා, එ නයින් මේ අනිත්‍ය ලෝකයේ යම් අමරණීයත්වයක් ...
බ්ලොග් හේමන්තය උදා විය! - A note from down under රසිකොලොජි - Rasikology මා කුඩා කාලයේ තුනේ පන්තියේ සිට පහේ පන්තිය දක්වා පාසල් විෂයය නිර්දේශයේ චිත්‍ර කර්මය නම් අනිවාර්ය විෂයයක් තිබුණි. මේ සඳහා අපට පාට පැන්සල්වලින් හෝ පැස්ටල්වලින් ඇඳීමට නියම වූයේ, චිත්ත මෝස්තරයක්, මුහුදු වෙරළක දර්ශනයක්, වැසි දිනයක දර්ශනයක්, හිරු උදාව, පෙරහැරක් වැනි දේ ය.කොළඹ උතුර අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පිහිටි මා ඉගෙනුම ලැබූ පාසලේ සිටි හැම සිසුවෙකුම, සිසුවියකම හිරු උදාව ලෙස ඇන්දේ කන්දක් උඩින් ...
ඊයා හලෝ කුණුහබ්බත් කියනවා ද? - Me is a good boy! රසිකොලොජි - Rasikology මම කුණුහරුප ලෙස සැලකෙන සිංහල වචන සියල්ල ම පාහේ දනිමි. සියල්ල ම දනිමි යැයි නොකියා සියල්ලම පාහේ දනිමි යැයි සීමාවක් යෙදුවේ මා නොදන්නා කුණුහරුප ද පසුගිය කාලයේ ලංකාවේ අලුතෙන් බිහි වී තියෙන්නට ඉඩ ඇති නිසා ය.අප සියලු දෙනා මෙන් මා ද, මා දන්නා ඒ කුණුහරුප වචන ඉගෙන ගත්තේ ද අද ඊයේ වැඩිහිටියෙකු සේ නොව පාසල් යන කුඩා ළමයෙකු කාලයේ දී ...
මා කන හැටි මොකා දනී? - Eat like a king...! රසිකොලොජි - Rasikology අශෝක හඳගම ගේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ එක් දර්ශනයක (ජයලත් මනෝරත්න විසින් චරිතය නිරූපණය කරන ලද) විශ්ව විද්‍යාල දේශකයාට මත්පැන් පොදක් තොල ගෑමට ආරාධනාවක් ලැබෙයි. එය කාරුණිකව ප්‍රතික්ෂේප කරනු ලැබූ විට ඔහුගෙන් විමසනු ලබන්නේ "ඇයි සර් කවදාකවත් බීලා ම නැද්ද?" යනුවෙනි.එයට පිළිතුර ලෙස දේශකයා පවසන්නේ, "අපොයි නෑ ජීවිත කාලයේ ම අරක්කු කෝටා එක කලින් ම බීලා හමාර කළා!" යනුවෙනි.ජීවිතයෙන් අවුරුදු ...
ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life රසිකොලොජි - Rasikology මගේ තාත්තා අපූරු මිනිසෙක් විය. රැකියාවෙන් පාසල් ගුරුවරයෙකු වුවද, ඔහු තම දරුවන් ට ගෙදරදී ටියුෂන් පන්ති දැම්මේ නැත. ඔහු ගේ අදහස වූයේ අප නොදන්නා දෙයක් තිබේ නම් පමණක් ඔහුගෙන් අසා ඉගෙනගත යුතු බවයිි.ගමේ කණිෂ්ඨ පාසලෙන් ඇරඹුණු මගේ පාසල් දිවියේ ගමන් මග තීරණය වූයේ ද මා ඒ ඒ විභාග සමත් වූ ආකාරයට මිස, අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි තාත්තා ගේ මිතුරන් හෝ ගෝලයින් ...
ප්‍රංශ කොඩිය දැමීම නිසා හෙළිවන අපේ සමහර අයියලා ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවත - Nakedness exposed රසිකොලොජි - Rasikology මීට වසර තුනකට පමණ පෙර බාලචන්ද්‍රන් නම් ළමයා ගේ මරණයට පෙර සහ පසු ඡායාරූප මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුණු පසු අපේ සමහරුන් ගේ අමානුෂික ජුගුප්සාජනක නිරුවත හෙළිදරව් වූ හැටි ඔබට මතක ඇතැයි සිතමි.බාලචන්ද්‍රන් යනු සතුරෙකු ගේ දරුවෙකු නිසා, ඔහු මරා දැමීම සාධාරණීකරණය කරන්නට සමහරු වඳ පීදුණු කෙසෙල් ගස්වලින් එන කෙසෙල් මොටයි පවා කපා දමා විනාශ කළ යුතුයි ආදී විවිධ න්‍යායයන් ...
තේරෙන නොතේරෙන තේරවිල්ලක් (කුණුහරුපයක් නම් නොවේ!) - Can you solve this riddle? රසිකොලොජි - Rasikology පීටර් ගිබන්ස් යනු මා සමග එක ම ආයතනයේ, එක ම ඩිවිෂනයේ, එක ම දෙපාර්තමෙන්තුවේ, එක ම අංශයේ සේවය කරන මිතුරෙකි. මීට මාස හතකට කලින් අප දෙදෙනා සිටියේ කිලෝමීටර් තිහකට වඩා දුරින් පිහිටි කාර්යාල දෙකක ය. පසුගිය මැයි මාසයේ ඇති වූ සුවිශේෂී වෙනසට පසු දැන් අපේ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම එකම කාර්යාලයකට වාර්තා කරමු. එදා පීටර් සහ මා දිවා ආහාරය ගැනීමට අපේ ...
අසව්, අසව්, අසව්! - Hear ye, hear ye, hear ye! රසිකොලොජි - Rasikology රසිකොලොජි බ්ලොගය කියවන සියලුම පාඨකයින්ට කෙරෙන කාරුණික දැනුම් දීමයි.මා බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හතරකි. මේවන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමිකයෙකු ලෙස කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව සියලු දෙනා වෙත මෙයින් අවධාරණය කොට පවසා සිටිමි. ඒ ප්‍රතිපත්තිය මතු කිසි දිනයක වෙනස් කිරීමට ද ...
ඉන්ටර්වීව් ජය මග මෙන්න - නවක මහ පොලිස් පරීක්ෂක කියයි - IGPs secret of interview sucess is out...! රසිකොලොජි - Rasikology කාලයකට පෙර සන්ලයිට් සබන් අලෙවිය පිණිස ප්‍රචාරය වුණු රේඩියෝ වෙළඳ දැන්වීමක් මෙසේ විය.මෙය සුනිල් සහ නිමල් නම් මිතුරන් දෙදෙනෙකු අතර කවියෙන් කෙරෙන දෙබසකි.එන්න නිමල් වාඩි වෙන්නඑනතුරු අපි බලා උන්නේඔබේ උසස්වීමට සිදුවුයෙ මොනවාදැයි අහන්නඉන්ටර්වීව් ගියා තමයිහරි වැඩේනේ සිද්ධ වුණේලොක්ක කියපු කතා අහලමට හරි ලැජ්ජා හිතුණේමොකද, මොකද ලොක්ක කිවේ?දක්ෂකම ම විතරක් මදිඋසස් ම තනතුරු ලබන්නපිරිසිදු ඇඳුමත් ඕනෑසමාජයේ තැන ලබන්නඒ කතාව ඇත්ත තමයි!කතාව ...
ඕස්ට්‍රේලියාවේ පිස්සු ප්රශ්නය - හිනා ගොස් පණ යෑමට ඉඩ ඇත! : What a joke! රසිකොලොජි - Rasikology දැන් දින කිහිපයකට පෙර මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මහා භයානක ප්‍රශ්නයක් උද්ගත විය. මෙය මෙරට පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවලට අනුව අති බරපතල එකකි. ඔවුන්ට එය ප්රජාතන්ත්රවාදය නම් පර්වතය කඩා බිඳ දමන්නට හෙළන ලද කුළුගෙඩි පහරක් සේ පෙනෙනවා විය යුතුය. නමුත් අපට නම් මෙය පළමුවෙනි ලෝකයේ ප්‍රශ්න කැටගරියේ එකකි. එනම්, හිනා ගොස් පණ යන වර්ගයේ තවත් එක් කේස් එකක් පමණකි.මෙන්න අහගන්න.මෙරට ප්‍රධාන ...
වධකයා සහ උගේ බිරිඳ - James Bond with a licence to kill රසිකොලොජි - Rasikology මා කුඩා කාලයේ එක් දිනක්, අපේ බාප්පා "බුදු අම්මෝ!" යැයි මහ හඬින් කෑ ගසමින් තම කඩා වැටෙන සරම ද අතින් අල්ලාගෙන නිවසේ සිට වත්ත පහළට දිව යනු මට මතකය. අප මවිතයට පත්කළ ඔහු ගේ ඒ හැසීරීමට හේතුව ලෙස අපට පසුව අසන්නට ලැබුණේ, බාප්පා ගේ කාමරයේ මකුළුවෙකු සිට ඇති බවයි.සාමාන්‍යයෙන් කැරපොත්තන්, මකුළුවන් වැනි කෘමි සතුන්ට බියවන්නේ බහුතරයක් කාන්තාවන් ය. පිරිමින් අතර ...
රසික උපත නොහොත් පොඩි කතාවක් දෙකක් - In the beginning there was light....! රසිකොලොජි - Rasikology මගේ අම්මාට අවශ්‍ය වී ඇත්තේ තමන් මෙලොවට බිහිකළ සුපින්වත් පුත් කුමරුවා "රසන්ත" යනුවෙන් නම් කරන්නට ය. නමුත්, මගේ චූටි නැන්දා, එනම් තාත්තා ගේ බාල නැගෙණිය යෝජනා කර ඇත්තේ "රසික" යන නමයි.ඒ යෝජනා දෙක සලකා බලමින්, දරු උපත ලියාපදිංචි කිරීම සඳහා, දි සොයිසා රෝහලේ කාර්යාලයට ගිය තාත්තා කර ඇත්තේ අදාළ ෆෝර්මයේ ළමයා ගේ නම යන ස්ථානයේ "රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි" කියා ලිවීමයි. ...