පිතිකරුවන්ගේ වගකීමත් පන්දු යවන්නන්ට / Obligation batting bowlers Lanka Cricket News නවසීලන්තය සමග පැවති පළමු එක්දින තරගයේදී කඩුලු හතක අමිහිරි පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. මෙම තරගය පුරා කිසිදු ඉදිරිප්ළෙ පිතිකරුවකු සාර්ථක නොවූ අතර පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වූවන්ට පිතිකරු වගකීම ඉටුකිරීමට සිදුවුණා. ඇන්ජලෝ මැතිව්ස් දක්වාම ඉදිරිපෙළ පිතිකරුවන් පස් දෙනාටම ලකුණු 10 සීමාව පසුකිරීමට හැකිවූයේ නැහැ. පළමු කඩුලු පහ මුලු ලකුණු පුවරුව 65 ක් වෙද්දී දැවී ගියා.අනතුරුව පිටියේ එක්වූ ...
මුරලි ලාරාට අභියෝග කරයි / Murali challenged Lara Lanka Cricket News ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව හොදම ක්‍රිකට් දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ලොව බිහිවූ හොදම ක්‍රිකට් පිතිකරු ලෙස සැලකෙන බ්‍රයන් ලාරාට අභියෝග කර තිබෙනවා. ඒ එළඹෙන විශ්‍රාමික ක්‍රිකට් තරු තරග වදින තරගාවලියේදී ලාරාගේ විකට්ටුව දවාගන්නා බව පවසමිනුයි. කෙසේ වෙතත් දෙදෙනා ටෙස්ට් තරග 20 කදී පමණ හමුවී ඇතත් මුරලි හමුවේ ලාරා දැවීගොස් ඇත්තේ එක් අවස්ථාවකදී පමණයි.මුරලි ටෙස්ට් කඩුලු 800 ක් දවාගත් ...
පාවාදීම අමතක කල පාකිස්ථානය / Pakistan forget betrayal Lanka Cricket News තරග පාවාදීම හේතුවෙන් පසුගිය කාලයේ තරග තහනමට ලක්ව සිටි අසාර් අලි සහ මොහොමඩ් හෆීස්ට යලි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය එරට ක්‍රිකට් ආයතනය පවසනවා. 2010 වසරේදී මොහොමඩ් අමීර් සමගින් තරග පාවාදීමේ සිදුවීමටයි මෙම ක්‍රීඩකයින් දෙදෙනාටද තරග තහනම පැනවුනේ. කෙසේ වෙතත් මේ වන විට ලාහෝර් හිදී පැවැත්වෙන ජාතික සංචිතයේ විශේෂ පුහුණු කදවුර සදහා ඔවුන් දෙදෙනාට ආරාධනා ...
වෙනස්කම් තුනක් - මාලිංග හැලෙයි / Three changes - dropped from Malinga Lanka Cricket News පාදයේ වලලුකර ආබාදයකට ලක්ව සිටින ලසිත් මාලිංග පළමු එක්දින තරග දෙකේදී විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ඔහුගේ ශරීර යෝග්‍යතාව මැන බැලීමෙන් අනතුරුවයි. මේ අනුව ඔහුගේ ස්ථානය තිසර පෙරේරාට හිමිවනු ඇති. එමෙන්ම තහනම් උත්තේජක ලබාගැනීම හේතුවෙන් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන කුසල් ජනිත්ට තරග තහනමක් පනවා ඇති නිසා ආරම්භක පිතිකරු ලෙස ලහිරු තිරිමාන්න කණ්ඩායමට එක්වීමේ වැඩි ...
කුසල්ට වසර හතරක තහනමක් - ක්‍රීඩා ඇමති / Kusal four years suspended - Sports Minister Lanka Cricket News තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට තහවුරු වූ කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරග තහනමක් ලබා දී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ පිලිබද අයිසීසීය දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. කෙසේ වෙතත් අයිසීසීය ඒ පිලිබද කිසිවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගෙන ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව බී සාම්පල පරීක්ෂාව වෙත යොමුවෙන බව ප්‍රකාශ කළා. එහිදීද ...
ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිපල මෙන්න / Here are the results SLC Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව එළඹෙන නිලවරණයේදී කිනම් අපේක්ෂකයින් ජයග්‍රහණය කරන්නේදැයි රහසිගත සමීක්ෂණයක් සිදුකර තිබෙනවා. ජන්දය හිමි ක්‍රීඩා සමාජ නියෝජිතයින්ගේ මතයන් ස්වාධීනව ලබා ගනිමින් සිදුකර ඇති මෙම සමීක්ෂණයට අනුව මෙවර නිලවරණයේදී සභාපති ලෙස තේරී පත්වීමට නියමිතව ඇත්තේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතායි. ඔහුට ජන්ද 91 ක් හිමිවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඔහුගේ ප්‍රතිවාදියා වන නිෂාන්ත රණතුංග මහතාට ලබාගත හැකිවන්නේ ජන්ද 54 ...
නවසීලන්ත නායකයා ක්‍රිකට් පිටියට සමුදෙයි / New Zealand captain retires Lanka Cricket News නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වට දරන බ්‍රෙන්ඩන් මැකලම් ලබන පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ටෙස්ට් / එක්දින සහ පන්දුවාර 20 යන සියළු තරගයන් සදහා එකවර සමුදීමටයි ඔහු තීරණය කර ඇත්තේ. මාර්තු මාසයේ සිට ඇරඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමටද ඔහු තීරණය කිරීම කැපීපෙනෙනවා.මැකලම්ගෙන් හිස්වන නායකත්වය කෙන් විලියම්සන්ට බොහෝවිට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. Brendon ...
ජයන්ත ක්‍රිකට් නිලවරණයෙන් ඉවතට ? Jayantha out Cricket elections? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුර සදහා නාමයෝජනා ලබාදී ඇති ජයන්ත ධර්මදාස මහතා නිලවරණයට පෙර ඉල්ලා අස්වනු ඇතැයි වාර්තා වනවා. ඔහු පසුගිය ක්‍රිකට් විධායක කමිටුවේ කටයුතු කළේ සභාපතිවරයා ලෙසයි. මෙවර නිලවරණයේ සභාපති අපේක්ෂක ලෙස තිලංග සුමතිපාල මහතා ඉදිරිපත්වීමත් සමග ජයන්ත ධර්මදාස මහතාද ඔහුගේ පාර්ශ්වය යටතේ කටයුතු කිරීමට ආරම්භ කළා. ඒ ඔහු සභාපති ලෙස කටයුතු කල සමයේ ලේකම් ලෙස කටයුතු ...
ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට සියල්ල සූදානම් / We are trying to change the constitution cricket Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව එළඹෙන නිලවරණයෙන් පසු වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා මූලික කෙටුම්පතක් ක්‍රිකට් අතරු කමිටුව මේ වන විටත් සකස්කර අවසන්. එම වාර්තාවට අනුව ක්‍රිකට් ආයතනයේ ජන්ද සංඛ්‍යාව 50 ක් දක්වා අඩුකිරීමට යෝජනා වී ඇතැයි සදහන්. මේ වන විට ක්‍රිකට් ආයතනයේ ජන්ද 143 ක් පවතිනවා. නාමික ක්‍රීඩා සමාජ ඉවත් කිරීම මෙහි මූලික අරමුණයි.ක්‍රිකට් ආයතනය ප්‍රතිපාදන වෙන් ...
ඉවසන්න බැරි ශ්‍රී ලංකාව / Sri Lanka can not wait Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්තයේදී දෙවන ටෙස්ට් පරාජයත් විද ගැනීමට සිදුවූයේ පිතිකරුවන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙනුයි. මෙම තරගයේ පළමු ඉනිමේදී සාර්ථක වූ පිතිකරුවන් දෙවන ඉනිමේදී අසාර්ථක වුනේ නොසිතූ ලෙසයි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු දෙසිය අනූ දෙකක් ලබා ගත්තා. පිලිතුරු ලෙස නවසීලන්තය ලබා ගත්තේ ලකුණු දෙසිය තිස් හතක් පමණයි. අනතුරුව යලිත් පිටියට පිවිසි ශ්‍රී ලංකාවට දෙවන ඉනිමට ලබාගත හැකිවූයේ ලකුණු ...
ක්‍රිකට් ආයතනයේ සුද්දයකට සැරසෙයි / Whites prepares SLC Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් අනතුරුව බලයට පැමිණෙන පාර්ශ්වය සිදුකරන ප්‍රතිසංස්කරණ පිලිබද මේ වන විටත් එකගතාවන්ට පැමිණ තිබෙනවා. විශේෂත්වය යන්නේ කුමන පාර්ශ්වය බලයට පැමිණියද ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ මාධ්‍ය කළමණාකරුව ඉවත් කිරීමට තීරණය කර තිබීමයි. මේ අතර නිෂාන්ත රණතුංග ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස පත්වුවහොත් හර්ෂ ගුණරත්න / ජෙරම් ජයරත්න සහ අනූෂ සමරනායක යන මහත්වරුන්ට ක්‍රිකට් ආයතනයේ නිලතල අහිමිවනු ...
රග්බි සංගමය බීරි වෙලා / Rugby Union has deaf Lanka Cricket News ශ්‍රී ලංකා රග්බි සංගමය බීරා අලියකු මෙන් වී ඇතැයි දෙමාපියන් චෝදනා කරනවා. යෙවුන් ඒෂියාඩ් රග්බි තරගාවලියේදී සිදුවූ කිසිදු සිදුවීමකට ක්‍රියාමාර්ග නොගැනීම ඊට හේතුවයි. සිංගප්පූරුවේ පැවති මෙම තරගාවලියට හොර පාස්පෝට් එකක් භාවිතා කර හසුවී පිටුවහල් කල ක්‍රීඩකයා සම්බන්ධයෙන්ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. එමෙන්ම තවත් ක්‍රීඩකයින් පස් දෙනෙකු බීමතින් නවාතැනට පැමිණ ප්‍රධාන පුහුණුකරු මාටින් විසින් දැඩිලෙස දෝෂාරෝපනයට ලක්කර ජාතික සංගමයට ඒ පිලිබද ...
හිටපු ජනපති පුත්‍රයින්ට දුන් මිලියන ගණනක් වටිනා ක්‍රිකට් බල්බ් අතුරුදන් / sons of former President use Millions worth of cricket bulbs missing Lanka Cricket News කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් ගලවා ඇති බල්බ් 100 ක් අවභාවිතා කර ඇතැයි හෙලිවී තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ අක්‍රමිකතා පිලිබද සොයාබැලූ ත්‍රිපුද්ගල කමිටුවයි මේ පිලිබද අනාවරණය කරගෙන ඇත්තේ. මෙම බල්බ් කාල්ටන් මෝටර් ක්‍රීඩා සමාජය / කැන්ඩි ස්පීඩ් ඇට් නයිට් 2013 / ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝට්ස් සහ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ පරිහරණයට ලබා දී තිබෙනවා. ක්‍රිකට් නොවන කටයුතු සදහා ...
මාලිංගගේ තැන චමීර ගනී / Malinga takes place Chameera Lanka Cricket News නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම නොසිතූ ලෙස බිද දැමීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වුණා. මෙහිදී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු එකසිය තිස් තුනක් පමණයි. ක්‍රීඩකයින් අට දෙනෙකු ලකුණු දහයේ සීමාවට ලංවිය නොහැකිව දැවී ගියා. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක් ඉනිමට එක්කළා. දිමුත් කරුණාරත්න ලකුණු 27 යි. මිලින්ද සිරිවර්ධන ලකුණු 26 යි.මේ අනුව ජයග්‍රහණය ...
ක්‍රිකට් දූෂණ ගැන සෙවූ ත්‍රිපුද්ගල වාර්තාව මෙන්න / Report Corruption member sought in here Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2012 වසරේ සිට 2015 වසර දක්වා සිදුවී ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා පිලිබද සොයාබැලීනමට නවීන් දිසානායක මහතා ක්‍රීඩා අමාත්යවරවයාව සිටියදී ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවා. නිතීඥයින් තුන්දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශය වෙත භාරදෙන විට අමාත්‍යවරයාව සිටින්නේ දයාසිරි ජයසේකර මහතායි. නීතිඥ රවී අල්ගම / නීතිඥ ජාලිය බෝදිනාගොඩ සහ නීතිඥ වරුණ මල්ලවාරච්චි යන මහත්වරුන් සකස්කල වාර්තාව ක්‍රීඩා ...
හතුරන්ද මිතුරන් වුන ක්‍රිකට් නිලවරණය / Friends enemy happened cricket contest Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය දිනෙන් දිනම උණුසුම් වෙමින් තිබෙනවා. ඒ ප්‍රධාන පාර්ශ්ව දෙක වන නිෂාන්ත රණතුංග මහතා සහ තිලංග සුමතිපාල මහතා නිලවරණය වෙනුවෙන් සිදුකර මෙහෙයුම් හේතුවෙනුයි. පසුගියදා තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ ප්‍රධානම අපේක්ෂකයින් කිහිපදෙනෙකුගේ සාකච්ජාවක් පැවැත්වී තිබෙනවා. ඊට ජයන්ත ධර්මදාස මහතාද සහභාගී වී තිබෙනවා. ජයන්ත ධර්මදාස මහතා නියෝජ්‍ය කථානායක සභාපති අපේක්ෂක තිලංග සුමතිපාල මහතාගේ නිවසට ගිය ...
ඉන්දියාව පන්දුවාර විස්සේදී ඔලුවෙන් හිටගනී / India standing head Lanka Cricket News එළඹෙන ඕස්ට්‍රේලියා පන්දුවාර 20 යි 20 තරගාවලිය සදහා නම්කල ඉන්දීය සංචිතයේ වෙනස්කම් හයක් සිදුකර තිබෙනවා. කලකට පසු යුවරාජ් සිංට යලිත් කණ්ඩායමේ දොරගුලු විවර වී ඇති අතර අශිෂ් නෙහෙරාටද සංචිතයේ ස්ථානයක් හිමිව තිබෙනවා. රවිචන්ද්‍ර ජඩේජා, මොහොමඩ් සාමි, උමේෂ් යාදේව් සහ හර්දික් පාන්ඩේ සෙසු සංචිතයේ ස්ථාන හිමි ක්‍රීඩකයින්.මේ අනුව සංචිතයේ ස්ථානයන් අහිමි වී ඇත්තේ එස් අරවින්ද්, ස්ටුවඩ් බිනී, අමිත් මිෂ්රා, ඇක්සර් පටෙල් ...
කුලසේකර සහ කිත්රුවන් එක්දින සංචිතයට / Kulasekara Kithruwan squad Lanka Cricket News ආබාධයකට ලක්වූ දම්මික ප්‍රසාද් වෙනුවට නුවන් කුලසේකරව එක්දින සංචිතයට කැදවා තිබෙනවා. එමෙන්ම තහනම් උත්තේජක චෝදනාවට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට සංචිතයට කැදවා ඇත්තේ කිත්රුවන් විතානගේවයි. මේ අතර ලසිත් මාලිංගද සංචිතයට එක්වීම අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ ඔහුගේ පාදයේ මතුව ඇති ආබාධ සහිත තත්වය හේතුවෙනුයි. කෙසේ වෙතත් ශරීර යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුව මාලිංගව සංචිතයට එක්කිරීම පිලිබද අවසන් තීරණය ගනු ...
ක්‍රිකට් මහත්වරු ගුටි කෙලියේ / Cricket also beat fight Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති අපේක්ෂක නිෂාන්ත රණතුංග සහ සුජීව ගොඩලියද්ද මහත්වරුන් අතර ක්‍රීඩා අමාත්‍යංශය තුල ගැටුමක් සිදුව තිබෙනවා. දෙපාර්ශ්වය ක්‍රීඩා අමාත්‍යංශයට ගොස් ඇත්තේ ක්‍රිකට් නිලවරණය සදහා ඉදිරිපත් කර ඇති විරෝධතාවක් පිලිබද සාකච්ජා කිරීම සදහායි. එහිදී නිෂාන්ත සහ සුජීව අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා. එහිදී නිෂාන්ත රණතුංග මහතා වැලමිටි පහරක් සුජීවට ලබාදී ඇත්තේ පරිස්සම් වන ලෙස ප්‍රකාශයක්ද කරමිනුයි. මෙහිදී ගුටිකෑමට ...
ක්‍රිකට් විරෝධතා හකුලන්න අධිකරණයෙන් නියෝග / Court orders Cricket protest Collapse Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බව අපේක්ෂකයින් හත් දෙනෙකුට ක්‍රීඩා අමාත්‍යංශය දැනුම් දෙනු ලැබුවා. ඒ පසුගිය වසර දෙකක කාලයක් ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකත්වය ලබා නොසිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මෙම නාමයෝජනා ප්‍රතික්ෂේපවීමට එරහිව කේ මතිවානන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණුකළා. ඒ පසුගිය වර තමන්ට ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදුන්නද මෙවර එය අත් හිටුවීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස දක්වමින්.ඉදිපත් ...