මුදලට තරග පාවාදෙන තුන්කට්ටුව - විශේෂ හෙලිදරව්ව / Called big money matches - special exposure Lanka Cricket News අනූෂ සමරනායක / ගයාන් විශ්වජිත් සහ ක්‍රිෂ් නැමැත්තකු මෙරට මුදලට තරග පාවාදීම සදහා ක්‍රීඩකයින් පොළබවා ගන්නා අය අතර සිටින බව විශ්වාස කටයුතු ආරංචි තහවුරු කරනවාලු. මේ අතරින් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ අනූෂ සහ ගයාන් පිලිබදවලු. එහිදී නෙට් පන්දු යවන්නකු ලෙස හදුන්වා දී ඇත්තේ ගයාන්වලු. ක්‍රිකට් පුහුණුකරුවන් අතර වේග පන්දු පුහුණුකරුවකු වන අනූෂ මාධ්‍ය අතර බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයකු වන්නේ තොරතුරු ...
රණතුංගලාට මොකද වුනේ ? Thilanga Sumathipala elected SLC president Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් ජන්ද 88 ක් ලබා ගනිමින් ජය වාර්තා කිරීමට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සමත්වුණා. ප්‍රතිවාදී අපේක්ෂක නිෂාන්ත රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ජන්ද 56 ක් පමණයි. මෙම ප්‍රතිපලය පිලිබද අප සියළු දෙනාටම පෙර නිවරදිවම ප්‍රකාශ කළා ඔබට මතක ඇති. මේ අනුව නිලවරණයේදී පරාජයට පත්වන බව තහවුරු විම හේතුවෙන් නිෂාන්ත පාර්ශ්වයෙන් ලේකම් තරගයට ඉදිරිපත්ව සිටි හිරන්ත පෙරේරා ...
ජයන්ත ධර්මදාස ඉල්ලා අස්වෙයි / Jayantha resigns Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති තනතුර සදහා නාමයෝජනා ලබාදී තිබූ හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතා ඉල්ලා අස්වී තිබෙනවා. හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති අපේක්ෂකත්වය සදහා පමණක් ඔහු තරග වැදීමට නියමිතයි. මේ අනුව ක්‍රිකට් නිලවරණයේ සභාපති සටන නිෂාන්ත රණතුංග සහ තිලංග සුමතිපාල අතර උණුසුම් ලෙස මේ වන විටත් පැවැත්වෙනවා. දෙදෙනාම ජන්ද දායකයන් සමග මේ වන විටත් අදහස් හුවමාරු කරගනිමින් ...
අර්ජුන රහසක් හෙලි කරයි / Arjuna reveals secret Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් තිලංග සුමතිපාල මහතා ජයග්‍රහණය කලහොත් එය තරග පාවාදීම් සදහා කණ්ඩායම තුල ඇති නැඹුරුව ඉහළ නංවන්නක් වියහැකි බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. තිලංග සුමතිපාල මහතා ඔට්ටු තැබීමේ පවුලේ ව්‍යාපාරයෙන් ඉවත්වී ඇති බව පසුගියදා ප්‍රකාශ කළා. ඕනෑම අයකුට නම ඉවත්කර ගත හැකිවුවත් ව්‍යාපාරයේ මුදල් පරිහරණය කරන්නේ කවුරුන්ද යන්න පිලිබද සොයාබැලිය යුතු බවයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ...
ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු අභිමානය / Sri Lanka dropped pride Lanka Cricket News නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී මෙන්ම එක්දින තරගාවලියේ පළමු තරග දෙකේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දක්ෂතා පිලිබද සෑහීමට පත්වීමට හැකිවූයේ නැහැ. කෙසේ වෙතත් පුහුණුකරුවකු නොමැතිව කණ්ඩායම එපමණ හෝ දක්ෂතා දැක්වීම පුදුම සහගත බව ඇතමුන් ප්‍රකාශ කළා. මේ අතර තුන්වන එක්දින තරගයේදී පිතිකරුවන් යලි ලකුණු අතරට පැමිණ ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක පෙරලියක් සිදුකල හැකි බව යලිත් තහවුරු කිරීමට සමත්වුණා. ඒ අනුව එක්දින ...
කුසල්ගේ අකුසලය දොඩම් වීදුරුව ? Orange glass cup condoms? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක ශරීර ගතව ඇත්තේ පානය කල දොඩම් වීදුරුවක් හරහාදැයි මේ වන විට සැක මතුව තිබෙනවා. තරග පාවාදීමට එකග නොවීම සහ එය ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් කුසල්ගේ ක්‍රිකට් ජීවිතය විනාශ කිරීම සදහා තහනම් උත්තේජක ලබාදී ඇත්දැයි මේ වන විට සැක මතුව ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද පැවසුවා. තරග පාවාදීමට ආරාධනා කල අය ක්‍රීඩකයින් ...
මුදලට තරග පාවාදෙන්නට අනූෂ සහ බ්‍රයන්ගෙන් ආරාධනා ? Match Fixers With Anusha And Brayan ? Lanka Cricket News රංගන හේරත්ට සහ කුසල් ජනිත් පෙරේරාට තරග පාවාදීම සදහා නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී ආරාධනා ලැබී තිබෙනවා. එම ආරාධනාව සිදුකර ඇත්තේ ක්‍රිකට් කණ්ඩායමේ සහය කාර්ය මණ්ඩලයේ සේවය කරන්නන්ගෙන් වීම විශේෂත්වයක් බවයි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ. මේ පිලිබද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂයට පැමිණිලි කර ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළා. මෙලෙස තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනාට ආරාධනා කර ඇත්තේ වේග පන්දු ...
අර්ජුන ජනාධිපතිට යැවූ විශේෂ ලිපිය / Arjuna sent a letter to President Lanka Cricket News ක්‍රිකට් නිලවරණයේ උප සභාපති තනතුරට ඉදිරිපත්ව සිටින අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ජනාධිපතිවරයාට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. ඒ ක්‍රීඩා අධ්යක්ෂ ජනරල්වරයා පක්ෂක්ග්රාහීව කටයුතු කරන බව පවසමින්. පහත දැක්වෙන්නේ එම ලිපියයි.දයාසිරි ජයසේකර මැතිතුමා,ගරු ක්‍රීඩා අමාත්‍යතුමා,ක්‍රීඩා අමාත්‍යාංශය,නිදහස් චතුරස්‍රය,කොළඹ 07.ගරු ක්‍රීඩා අමාත්‍යතුමනි,ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙනිශ්රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව විසුරුවා හැර නිලවරණයක් කැඳවීම සම්බන්ධයෙ
නවසීලන්තයට එරහි ජයග්‍රහණයේ හේතුව / Because win against New Zealand Lanka Cricket News ඩූ ඔර් ඩයි කියන කියමන ඔබ අහල ඇති. කල යුතුයි නැත්නම් මිය යා යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරහිව තුන්වන එක්දින තරගය කඩුලු අටකින් ජයගැනීමට හේතුවද එයයි. මෙම තරගය පරාජය වූයේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ පිතිකරුවන්ට සිය ස්ථානය අහිමිවීමට නියමිතව තිබුණා. ඒ අතර ආරම්භක පිතිකරු ධනුෂ්ක බණ්ඩාරට හිමිවන්නේ ප්රමුඛස්ථානයක්.තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලබාගත්තේ කඩුලු අටක් දැවී ලකුණු ...
ඇමතිගේ නව වසරේ සුභ පැතුම් පණිවිඩය / Minister's message of good luck for the new year Lanka Cricket News මානව ඉතිහාසයේ සංවර්ධනයට මිනිසාගේ මානසික හා ශාරීරික සංවර්ධනය බෙහෙවින් ඉවහල් වී තිබේ. ඒ තුලින් මිනිසා ලබා ගත් ජයග්‍රහණ අති මහත්ය. මිනිසාගේ යහපත් ජීව ක්‍රියාවලිය මත ඔහුගේ පැවැත්ම රදා පවතී. ඒ සදහා යහපත් ශාරීරික හා සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත් වේ. මිනිසාගේ ජීව ක්‍රියාවලියේ සමබරතාවය, තුල්යත්වය,ක්‍රියාශීලීකම තුලින් යහපත් ජීවිත පැවැත්ම උදාකර ගත හැකිය.සමාජයක් ලෙසත් රටක් ලෙසත් මිනිස් සමාජය සංවර්ධනය කරා ගමන් කිරීමට ...
ප්‍රධාන පුහුණුකරුවීමට ජෙරම් සුදුසුද ? Head Coach Jerome appropriate ? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා මේ වන විට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. එහෙත් ඔහුගේ පුහුණුව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අන්ත පරාජයකට ලක්වුණා. එමෙන්ම එක්දින තරගාවලියේදීද මේ වන විට අනපේක්ෂිත පරාජයකටයි ශ්‍රී ලංකාව ලක්ව සිටින්නේ. කණ්ඩායමේ මෙම අසාර්ථකවීමට ප්‍රධාන පුහුණුකරු සෘජුවම වගකිව යුතු වනවා.පසුගිය කාලයේ ජාතික කණ්ඩායමට ජෙරම් ...
කිරිකැට්වලට ආදරේ ඇමැත්තා සෙක්ස් වලට කෑදරේ / cricket love sex calls to greed Lanka Cricket News ශ්‍රී ලංකා කිරිකැට් වලට ආදරේ බව පවසන එක්තරා ඇමැත්තෙක් මේ දවස්වල මුහුදු යන දෙපාර්තමේන්තුවේ නිවාස පෙලකට හොරෙන් රිංගනවලු. ඒ තනියම නෙමෙයි. ඇහැට කණට පේන බවලතෙකුත් එක්කලු. දෙන්න ජයටම හොරෙන් මගුල් කනවලු. හැබැයි මේ කෑදර ආදරේ ඉවසන්න බැරි පොරක් මේ ලගදි ඇමැත්තගෙ අම්මට මේ ගැන කියලලු. මේක ආයෙත් යහ පාලනය යටතෙත් වැඩ පටන් අරන් කියල අම්මත් පුතාට බැනලලු. කෙහොම වුනත් ලංකාවට ...
නායකයා නොමැතිව නවසීලන්තය සටනට / New Zealand fight without leader Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන එක්දින තරගය සදහා නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රීඩා නොකරන බව නිවේදනය කර තිබෙනවා. ඒ ඔහුගේ මතුව ඇති ආබාදයක් හේතුවෙන්. මේ අනුව නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය කෙන් විලියම්සන්ට හිමිවනු ඇති. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කල දනුෂ්ක ගුණතිලක වෙනුවට මෙම තරගය සදහා කිත්රුවන් විතානගේ ආදේශ වනු ඇතැයි සදහන්. ඒ පසුගිය තරග ...
මහේලට සහ සංගාට මඩු වලිගෙන් තලයි ? Mahela and Sanga Madhu Agama thrash? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි දෝශ දර්ශනයට ලක්ව සිටිනවා. ඒ ඔවුන් දෙදෙනාගේ හිමිකාරීත්වය සහිත ලයිව් ඉවෙන්ට්ස් ආයතනය ලතින් ඇමරිකානු පොප් ගායකයකු ගෙන්වා මෙරට පැවැත්වූ සෙක්ස් ඇන්ඩ් ලව් ප්‍රසංගය හේතුවෙනුයි. ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ප්‍රසංගය සංවිධානය කල අයට මඩු වලිගෙන් තැලිය යුතු බවයි. රුපියල් පන්දහසේ සිට රුපියල් තිස් ...
අර්ජුනට විරුද්ධව ලිපියක් ඇමතිට / Letter minister against Arjuna Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස නිලවරණයට ඉදිරිපත්ව ඇති අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරහිව සේවකයින් ලිපියක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ලබා දී තිබෙනවා. ඒ අර්ජුන රණතුංග මහතා මාස 11 ක කාලයක් ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපතිවරයාව සිටියදී සිදුකල දෑ පිලිබදවයි. ක්‍රිකට් ආයතනයේ තනතුරකට ඔහු යලිත් පැමිණියහොත් සිදුවන්නේ පලිගැනීම් පමණක් විය හැකි බවයි සේවකයින් ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.මෙම ලිපිය ...
චන්දිමාල්ගෙන් උදුරාගත් නායකත්වය යලි හිමිවෙයි / Chandimal got the dreaded lead again Lanka Cricket News ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ දිනේෂ් චන්දිමාල්. එහෙත් පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ ජේෂ්ඨයින් දියත්කල කැරැල්ලක ප්‍රතිපලයක් ලෙස චන්දිමාල්ට නායකත්වය අහිමි වුණා. ඒ හේතුවෙන් අවසන් පූර්ව තරගය දක්වා කණ්ඩායම රැගෙන ආ චන්දි වෙනුවට අවසන් මහා තරගයේදී නායකත්වය ලසිත් මාලිංගට හිමිවුණා. චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයත් අහිමි වුණා.කෙසේ වෙතත් යලිත් චන්දිමාල්ට පන්දුවාර 20 ක්‍රිකට් නායකත්වය හිමිවන බව ක්‍රිකට් ආයතනය ...
හූ හඩ මැද්දේ සුමිත් පෙරේරා පැන දුවයි / Sumith Perera run away in the middle of Hu's voice Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්දයෙන් තීරණයක් ගැනීම සදහා කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය රැස්වී තිබෙනවා. මෙම රැස්වීමට සභාපති තරගයට ඉදිරිපත්ව සිටින සුමිත් පෙරේරා මහතාද එක්ව ඇත්තේ නිලවරණයේදී දිස්ත්‍රික්කය වෙනුවෙන් ජන්දය භාවිතා කරන පුද්ගලයා පිලිබද යෝජනාවක් ඉදිරිපත්කිරීමටයි. මෙවර නිලවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන්නේ තිලංග සුමතිපාල මහතා සහ නිෂාන්ත රණතුංග මහතායි. සුමිත් පෙරේරා මහතා සහ ජයන්ත ධර්මදාස මහතා සභාපති ලෙස නාමයෝජනා ලබා ...
තහනම් උත්තේජක යසීර්ගේ ගමනත් නවතයි / Yasir Shah tests positive for banned substance Lanka Cricket News පාකිස්ථාන දග පන්දු යවන ක්‍රීඩක යසීර් ෂා තහනම් උත්තේජක ලබාගෙන ඇතැයි තහවුරු වී ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසනවා. යසීර්ගෙන් පසුගිය නොවැම්බර් මස ලබාගත් මුත්‍රා සාම්පලයක තිබීයි මෙලෙස තහනම් උත්තේජක හමුව තිබෙන්නේ. ඒ එංගලන්තය සමග පැවති තරගාවලිය අතරතුරදී බවයි අයිසීසීය පසන්නේ.අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ හතරවන ස්ථානයේ සිටින යසීර්ට මේ අනුව තාවකාලික තරග තහනමක් ලබාදී තිබෙනවා. ඔහු ...
ශ්‍රී ලංකාවේ අවනම්බු සහගත පරාජයන්ට හේතුව / Because failure derogation Sri Lanka Lanka Cricket News නවසීලන්ත සංචාරයේ නිරත ශ්‍රී ලංකා පිතිකරුවන් සියළුදෙනාම එක්දින තරගාවලිය තුල ඉතා අසාර්ථක වී තිබෙනවා. පසුගිය කාලය තුල පිතිකරුවකු ලෙස සාර්ථක වූ නායක ඇන්ජලෝ මැතිව්ස්ද මේ වන විට ඉතා අසාර්ථක පිතිකරුවකු බවට පත්වීම කණගාටුවට කරුණක්. එමෙන්ම කණ්ඩායමේ නවක පිතිකරුවන් සියළුදෙනාද ඉවසීමෙන් තොරව පිතිකරණයේ යෙදීම කණ්ඩායමේ බිදවැටීමට හේතු වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවද කණ්ඩායම දිනෙන් දින වෙනස් කිරීම ...
කුසල්ගේ තහනම ඇමතිට වැරදිලා / Kusal Ban minister misled Lanka Cricket News කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරග තහනමක් ලබාදී ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා ඇමති දයසිරි ජයසේකර මහතා පවසනවා. කෙසේ වෙතත් ඊයේ කුසල්ට වසර හතරක් තහනම් කල බව ප්‍රකාශ කළේද අමාත්යවරයාමයි. තහනම් උත්තේජක ලබාගත් විට ක්රීඩකයකුට පැනවෙන උපරිම දඩුවම තීරණය කරන්නේ ලබාගත් උත්තේජකය අනුවයි. කුසල් ලබාගෙන ඇති උත්තේජකයට අනුව වසර හතරක තහනමක් යනු උපරිම කාලයයි. එලෙස උපරිම කාලය ක්රීඩකයකුට ලබාදීම ...