පාලිතට පිනා චාන්ස් / Chance surround controls Lanka Cricket News ජාතික මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජනරල් පාලිත ප්‍රනාන්දු මහතා මේ වන විට කිසිදු ක්‍රීඩා සංගමයක තනතුරක් දන්නේ නැහැ. ඔහු මලල ක්‍රීඩා සංගමයේ කටයුතු වලින්ද ඉවත්වයි සිටින්නේ. එහෙත් එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නිලධාරියකු ලෙස සහභාගී වීමට ඔහුට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ ආසියානු මලල ක්‍රීඩා කමිටුවේ නිලධාරියකු ලෙසයි.පාලිත ප්‍රනාන්දු මහතා සභාපති ලෙස කටයුතු කළ සමයේ ක්‍රීඩිකාවන්ට විවිධ බලපෑම් තිබූ ...
මංජුල සටනින් ජය ගනී / Manjula wins battle Lanka Cricket News දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මලල ක්‍රීඩක මංජුල කුමාරට ලබාදී තිබෙනවා. ජාතික ඔලිම්පික් කමිටුව පත්කළ අනු කමිටුවක නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. උප නායකත්වය බර ඉසිලීමේ ක්‍රීඩක සුදේශ් පීරිස්ට හිමිව තිබෙනවා.කෙසේ වෙතත් මෙවර නායකත්වය සුදේශ්ට ලබාදීමට ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා දැඩි උත්සාහයක නිරත වුණා. එය සාර්ථක වුණේ නැහැ. මේ ...
ක්‍රිකට් ආයතනයේ ට්‍රාන්ස්පෝට් සර්විස් / Service transforming SLC Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රවාහන පහසුකම් ලබාදෙන්නේ ආයතනික කාර්ය මණ්ඩලයට සහ විධායක කමිටු නිලධාරීන්ට පමණක් නොවන බව අනාවරණය වනවා. මේ වන විට ක්‍රිකට් ආයතනයේ තනතුරක් නොමැතිව සිටින නිලධාරීන් දෙදෙනෙකුටද ප්‍රවාහන පහසුකම් ලබාදීමට සත්ගුණවත් වී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස තනතුරක් නොමැතිව ක්‍රිකට් ආයතනය තුල කාලය කා දමන්නන් වී ඇත්තේ අනුර වීරසිංහ සහ ක්‍රිෂාන් ද සිල්වා යන මහත්වරුන්. ඔවුන් ක්‍රිකට් ආයතනයේ ...
අමාත්‍යාංශ නිලධාරීන් දඹදිව වන්දනාවේ / Sports Ministry officials pilgrims Lanka Cricket News දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැරඹීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් රැසකට අවස්ථාව හිමිව තිබෙනවා. මේ අනුව අසූ දෙනෙකු පමණ තරගාවලිය නැරඹීමට යන්නේ නිරීක්ෂකයින් ලෙසයි. මීට අමරතව ජාතික ඔලිම්පික් කමිටුව තවත් නිලධාරීන් හැත්තෑ දෙනෙකු නිරීක්ෂකයින් ලෙස නම්කර තිබෙනවා. ඒ අනුව එකසිය පනහක පමණ ප්‍රමාණයක් තරගාවලියේ නිරීක්ෂකයින් ලෙස එක්වන්නේ කිසිදු නිශ්චිත රාජකාරියකින් තොරවයි. එය නිරීක්ෂකයින් ලෙස මෙරටින් තරගාවලියක් සදහා එක්වන විශාලතම කණ්ඩායම බවයි ...
ඉන්දියාව එන්නේ මොකාටද ? India comes ? Lanka Cricket News ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා ඉන්දීය උප නායක විරාත් කෝලිව විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා. ඒ එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහායි. මෙම තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස සංවිධානය කර ඇති ඉන්දීය ශ්‍රී ලංකා තරගාවලියෙන් කෝලි විවේක ගැන්වීම ලෝක කුසලානයට පෙර කණ්ඩායම සකස්කර ගැනීමට ගත් පියවරක් ලෙසයි විචාරකයින් දක්වා ඇත්තේ.රිෂි ධවාන් / සිං මාන් සහ ...
වැඩකට නැති දෙන්නෙක් ක්‍රිකට් මුරට Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් පිලිබද සොයාබැලීමට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට කටයුතු කරමින් ඇතැයි වාර්තා වනවා. ක්‍රිකට් ආයතනයේ සේවකයින් පිලිබද සොයා බැලිය හැක්කේ එහි ඉහළ කළමණාකාරීත්වට සහ විධායක කමිටුවටයි. ක්‍රීඩා අමාත්‍යාංශයටද සිදුකළ හැක්කේ සීමිත මැදිහත්වීමක් පමණයි. එහෙත් මේ වනවිට ක්‍රිකට් ආයතනයේ කටයුතු පරීක්ෂාව සදහා කිසිදු පත්වීමක් නොමැති පුද්ගලයින් දෙදෙනෙකු කටයුතු කරමින් සිටිනවා. ඔවුන් සේවකයින්ට දෝෂාරෝපනය කරමින් ...
එංගලන්තයේ යන එල ගොනෙක් / England and Ela gores Lanka Cricket News එංගලන්තයේ තණතීරු පරීක්ෂාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාන්ඩාගාරික ශම්මි සිල්වා මහතා සහභාගී කරවීමට තීරණය කර තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ලබන මැයි මස පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලිය සදහා හිමිවන එංගලන්ත ක්‍රීඩාංගන නිරීක්ෂණයටයි ඔහු යන්නේ. කෙසේ වෙතත් මෙවැනි සංචාරයක් සදහා සහභාගී වන්නේ ක්‍රීඩාංගණවල තණතීරු පිලිබද දත්ත ජාතික කණ්ඩායමට ලබාදීම සදහායි. එවිට තරගාවලියට පෙර මෙරටදී එවැනි තණතිලි සකස්කර පුහුණු සැසි ...
ඇමති මගහරී - තිස් පහක් දොට්ට / Minister dodges - off thirty-five Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිෂාන්ත රණතුංග මහතාට සහය පළකල සේවකයින් තිස් පස්දෙනෙකු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මේ සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ලබාගැනීම සදහා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අමාත්‍යාංශයට ගොස් ඇතැයි සදහන්. එහෙත් අමාත්‍යවරයා නිලධාරීන්ව හමුවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.ක්‍රිකට් ආයතනයේ සුදු අලින් මෙන් සිටින සේවකයින් ඉවත්කළ යුතු බව අවිවාදාත්මකයි. ඒ අතර මාධ්‍ය ලේකම් සහ ප්‍රධාන ...
චන්ද්‍රපෝල් සමුගනී / Chanderpaul retires Lanka Cricket News දශක දෙකක් ක්‍රිකට් පිටියේ පිතිකරුවකු ලෙස දක්ෂතා දැක්වූ ශිවනරේන් චන්ද්‍රපෝල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ වන විට ඔහු හතලිස් එක්වන වියේ පසුවනවා. කෙසේ වෙතත් ඔහු ක්‍රිකට් පිටියෙන් උපයාගත් කීර්තියට අනුව සමුගැනීමක් සිදු නොවීම කණගාටුවට කරුණක්. පසුගිය මාස අට තුලම චන්ද්‍රපෝල් ජාතික කණ්ඩායම නියෝජනය කළේ නැහැ. තේරීම් කමිටු සභාපති ක්ලයිව් ලොයිඩ් කියා සිටියේ අසාර්ථක ජේෂ්ඨයින් තේරීමට වඩා ...
ක්‍රිකට් ආයතනයට අනංගයෙක් / Cricket Bee Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවිකාවන්ට යලිත් අනංගයෙක් හිරිහැර සිදුකරන බව වාර්තා වනවා. මෙම අනංගයා ක්‍රිකට් විධායක කමිටුවේම සාමාජිකයකු වීම කණගාටුවට කරුණයි. ඔහු රජයේ දුරකථන සමාගමක රාජකාරී සිදුකලද මේ දිනවල උදේ සිට රාත්‍රිය දක්වාම ක්‍රිකට් ආයතනයට මුර කරන බවයි වාර්තා වන්නේ. මෙම අනංගයා නැති වැරදි සොයමින් සේවිකාවන්ට බැන වදින බවත් සේවයෙන් පහ කරන බවට තර්ජනය කරන බවත් සේවිකාවක් අප සමග කියා ...
නායකත්වයෙන් සමුගැනීම / Farewell leadership Lanka Cricket News එල්ටන් චිකම්බුරා සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වයෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහෙත් ඔහු තවදුරටත් කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස කටයුතු කරනු ඇති. නිමාවූ බංග්ලාදේශ තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණ කරා කැදවාගෙන ගොස් ජයග්‍රාහී අවසානයක් සනිටුහන් කිරීමට ඔහු සමත්වුණා. මේ අනුව පෙරලිකාර කණ්ඩායමක් බවට පත්ව සිටින සිම්බාබ්වේ කණ්ඩායමට නව නායකයකු පත් කිරීම ඉදිරි දින කිහිපය තුල සිදුකරන බවයි එරට ක්‍රිකට් ආයතනය පවසන්නේ.සමුගැනීමට හොදම අවස්ථාව ජයග්‍රාහී උණුසුම ...
ක්‍රිකට් ආයතනයට යම පාලනය / Control any SLC Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ පරිපාලන තීන්දු හේතුවෙන් සේවකයින් දැඩි මානසික පීඩාවකට පත්ව තිබෙනවා. සේවකයකු අප සමග පැවසුවේ මේ වන විට ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් සේවයෙන් නෙරපන බවට සේවක මණ්ඩලයට උදේ සවස මතුරන බවයි. සිය මතයන්ට අනුව කටයුතු නොකරන්නේ නම් සේවා දීර්ඝ කිරීම් ලබා නොදෙන බවත් ඔවුන් පවසන බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම සේවකයින්ට මීට පෙර ලබා දී තිබූ කාර්යාල ...
චන්දිමාල්ගේ කරට කටු ඔටුන්න / Chandimal bear the crown of thorns Lanka Cricket News ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහායි. කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කරන ලසිත් මාලිංග පසුගිය දිනවල ආබාදයකට ලක්ව විවේක ගනිමින් සිටිනවා. ඔහුට මෙම තරගාවලියට ක්‍රීඩා කළ නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ. එළඹෙන පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සදහා තවදුරටත් මාලිංගව විවේක ගන්වා සෙසු ක්‍රීඩකයින්ගෙන් ...
චමින්ද වාස්ව උස්සයි / Chaminda Vaas Marathon Lanka Cricket News ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අයර්ලන්තයේ පන්දු යැවීමේ උපදේශකයකු ලෙස පත්කර තිබෙනවා. වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස 2013 වසරේ සිට 2015 වසර දක්වා කටයුතු කළා. එහෙත් පසුගිය වසරින් පසු චමින්ද වාස්ගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේ නැහැ. මීට පෙර වාස් නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු ...
අනූෂගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි / Anusha questions for four hours Lanka Cricket News මුදලට තරග පාවාදීමට වැඩ තහනමට ලක්ව සිටින අනූෂ සමරනායක මහතාගෙන් එෆ් සී අයි ඩී ය පැය හතරක් අද ප්‍රශ්න කළා. නිමාවූ බටහිර ඉන්දීය කෙදෙව් තරග සංචාරය අතරතුර කුසල් ජනිත් පෙරේරාට සහ රංගන හේරත්ට මුදලට තරග පාවාදීමට ආරාධනා කර තිබුනේ ගයාන් විශ්වජිත් නම් දැල් පන්දුයවන්නායි. ඔහු සමග සමීප ඇසුරක් පැවැත්වූ බවට චෝදනා කරමිනුයි ක්‍රිකට් ආයතනය අනූෂ සමරනායක මහතා වසර දෙකක් වැඩ ...
මැතිව්ස්ගේ කට උත්තරය Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මුදලට තරග පාවාදීම සදහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සදහා නායක ඇන්ජලෝ මැතිව්ස් FCID ය වෙත ගියා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පාවාදීම සදහා ක්‍රීඩකයින්ට ආරාධනා කළේදැයි තමන් නොදන්නා බවයි. ක්‍රීඩකයින් තමන්ට මේ පිලිබද දැනුම් දුන් බවත් ඒ අනුව කණ්ඩායම් කළමණාකරුව වහාම දැනුවත් කිරීමට තමන් පියවර ගත් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.ප්‍රකාශය ...
මුදලට පාවාදුන් ඉන්දියානුවන් දෙදෙනෙකුටත් තහනම් / Money-fixing ban, two Indians Lanka Cricket News මුදලට තරග පාවාදීමට සම්බන්ධ බවට තහවුරු වී ඇති අජිත් චන්දිලාට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තරග සදහා සියළුම ආකාරයෙන් සම්බන්ධවීම තහනමට ලක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලය තීරණය කර තිබෙනවා. ඔහු 2013 වසරේ පැවති අයි පී එල් තරගාවලියේදී මුදලට තරග පාවාදී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. හිටපු මුම්බායි පිතිකරු හිකේන් ෂාට මුදලට තරග පාවාදීම සදහා සම්බන්ධ වූ බවට ඇති සක්ෂි මත වසර ...
මුදල් වෙනුවෙන් තිසර ටෙස්ට් පිටියට සමුදෙයි / Test for money Thisara retires Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට අවසර ඉල්ලා තිබෙනවා. ලිපියක් යවමින් ක්‍රිකට් ආයතනයට මේ පිලිබද අවසර ඉල්ලා ඇති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. කෙසේ වෙතත් ඔහු එක්දින සහ පන්දුවාර විස්ස තරගවලින් සමුගැනීමට ඉල්ලීමක් කර නැහැ. තිසර අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රීඩාකර ඇත්තේ 2012 වසරේදීයි. මේ වන විට ටෙස්ට් තරග 6 ක් පමණක් ක්‍රීඩා කර ඇති ඔහු ...
පාවාදුන් දෙදෙනෙකුට වැඩ වරදී / Attempt two work fixing Lanka Cricket News වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායකගේ සේවය මාස දෙකක් දක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මුදලට තරග පාවාදීම සදහා ක්‍රීඩකයින්ට ආරාධනා කළ බවට චෝදනා එල්ලවීම හේතුවෙනුයි. ඔහුට එරහි පරීක්ෂණයෙන් අනතුරුව නැවත සේවට බදවාගන්නේද යන්න තීරණය කරන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.මේ අතර පුහුණු දැල් පන්දු යවන ක්‍රීඩක ගයාන් විශ්වනාත්ට ජීවිත කාලය සදහා වන ...
මූල්‍ය අපරාධ කොට්ඨාෂය ක්‍රිකට් ක්‍රීඩකයින් පසුපස / Rear financial crimes division players Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ජෙරී වවුටර්ස් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාෂය හමුවේ පෙනී සිටියා. ඒ මුදලට තරග පාවාදීම සදහා ක්‍රීඩකයින්ට ආරාධනා කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරෙන පරීක්ෂණ සදහා ප්‍රකාශයක් ලබාගැනීමටයි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමග පැවති තරගාවලිය අතරතුර කුසල් ජනිත් පෙරේරාට සහ රංගන හේරත්ට මෙලෙස මුදලට තරග ...