ලෝක කුසලානයට නැති මාලිංග අයිපීඑල් යයි ? Lanka Cricket News ආබාදයක් හේතුවෙන් ලසිත් මාලිංගට පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමිව ගියා. ඔහු යලි සුව අතට පත්වීම ඉදිරි දින කිහිපය ඇතුලත් සිදුවනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා. ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග කිහිපයෙන් අනතුරුව ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.කෙසේ වෙතත් මාලිංග වෙනුවට මුල් තරග සදහා වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමේ බලාපොරොත්තුවක් නැති බවත් ...
නරේන් යලිත් නිවරදි වෙයි / Narēn is correct again Lanka Cricket News බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක සුනිල් නරේන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය නොවැම්බරයේදී ශ්‍රී ලංකාව සමග පැවති ක්‍රිකට් තරගාවලියේදී ඔහුගේ ඉරියව්ව සැක සහිත බව විනිසුරුවන් දැනුම් දුන්නා. මේ අනුව ඔහුට මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවූයේ නැහැ. පසුගිය පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියද ඔහුට මේ හේතුවෙන් අහිමිව ගියා.ඉන්දීය ප්‍රිමිය ...
ක්‍රිකට් ක්‍රීඩකයින් එකෙකුට එකෙක් නෑලු Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල කල්ලි සහ කණ්ඩායම් තුනක් සිටින බව වාර්තා වනවා. එක් කණ්ඩායමක් දිල්ෂාන්ගේ කණ්ඩායම වන අතර අනෙක් කණ්ඩායම මැතිව්ස්ගේ කණ්ඩායමයි. අනෙක් පිරිස ලසිත් මාලිංග සමග සිටිනවා. තරගාවලි සදහා කණ්ඩායම නම් කිරීමේදී නායකත්වයන් මෙම කණ්ඩායම් පදනම් කර ගනිමින් තේරීම් සදහා බලපෑම් සිදුකරන බවයි පැවසෙන්නේ.ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩකයින් ක්‍රීඩාගාරයේ හැසුරුණු අන්දමත් පුදුම සහගත බවයි වාර්තා වන්නේ. දැවීයාමකින් අනතුරුව ...
වසර පහකට පසු කැන්ගරුවන් ලංකාවට / Five years later kangaroos will come Lanka Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්දින ටෙස්ට් සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සදහා ඕස්ට්‍රේලියා කණ්ඩායම දිවයිනට පැමිණෙනවා. ඒ ලබන ජූලි මාසයේදීයි. මෙම තරගාවලිය තුලදී ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගැනීම සදහා දැඩි තරගයක් ලබාදීමට සිදුවනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගතකිරීම්වල අංක එකේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවයි. එහෙත් ශ්‍රී ලංකාව එහි අටවන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාව නවක ක්‍රීඩකයින් රැසකගෙන්ද සැදුම්ලත් ...
එස් කපන්නැයි තිලංග සහ දයාසිරි ජනපතිගෙන් ඉල්ලයි / Thilanga Dayasiri asks President Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත බව සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ සදහා මැදිහත්වීමක් සිදු නොකරන බව පවසමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සෑම සතියකම පාහේ මාධ්‍ය හමුවක් පවත්වනවා. ඊයේ දිනයේදී ද එවැනි මාධ්‍ය හමුවක් ඔහු පවත්වනු ලැබුවා. ක්‍රිකට් ආයතනය සදහා අතුරු කමිටුවක් පත්කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්ව ඔහුට උප සභාපතිවීමට තරම් ජන්ද ලබාගැනීමට නොහැකිව පරාජයට පත්වීමෙන් පසු මෙලෙස මාධ්‍ය ...
කුසල් ඕස්ට්‍රේලියානු තරගාවලියට / Kushal Australian Championship Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා මෙම වසර අවසානයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා තරගාවලිය වන විට ජාතික කණ්ඩායමට එක්වන බව වාර්තා වනවා. තහනම් උත්තේජක ලබාගැනීම හේතුවෙන් ඔහු මේ වන විට තාවකාලික තරග තහනමකට ලක්වයි සිටින්නේ. එම තහනම ලබන අගොස්තු මාසයට පෙර අවසන් වනු ඇති බවයි ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ.කුසල් ජනිත්ට තහනම පැනවුනු කාලය පිලිබද ...
අරවින්ද කණ්ඩායමේ අර්බුද හෙලි කරයි / Aravinda group outlines issues Lanka Cricket News පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සදහා සහභාගීවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අර්බුද රැසක් පැවති බව තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසනවා. පුහුණුකරු කණ්ඩායමේ නම් කිරීමට නියමිතව සිටි නායකත්වයට එකග නොවූ බවයි ඔහු පවසන්නේ. එමෙන්ම දිනේෂ් චන්දිමාල්ට නායකත්වය භාරගන්නා ලෙස දැනුම් දුන් විට ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත් අරවින්ද පවසනවා. මේ හේතුවෙන් නායකත්වය ඇන්ජලෝට හිමිවූ බවයි ඔහු ප්‍රකාශ ...
පාකිස්ථාන පුහුණුකරුත් ඉල්ලා අස්වෙයි / Pakistan coach resigns Lanka Cricket News පසුගිය තරගාවලි වලදී කණ්ඩායම දැක්වූ අසාර්ථකත්වයේ වගකීම බාරගනිමින් පාකිස්ථාන පුහුණුකරු ඉල්ලා අස්වී තිබෙනවා. එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක වකා යූනිස් මෙලෙස ඉල්ලා අස්වීම අද දිනයේදී පාකිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ද ඔවුන් අසාර්ථක වුණා. එහි වගකීම බාරගනිමින් පන්දුවාර විස්ස නායකත්වයෙන් ශයිඩ් අෆ්රිඩි ඉල්ලා අස්වූයේ ඊයේ දිනයේදීයි.පාකිස්ථානය පසුගිය තරගාවලි තුනේදීම ...
මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වෙයි ? Matthews to withdraw from the leadership? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය තරගාවලිය කිහිපයේදීම අසාර්ථක වුණා. ඒ අනපේක්ෂිත ලෙසයි. මෙම අසාර්ථකත්වයට නායකත්වය සෘජුව වගකිව යුතු බවයි ඇතැම් විචාරකයින් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨතම ක්‍රීඩකයකු ලෙස සිටින තිලකරත්න ඩිල්ෂාන් පසුගිය තරගාවලි කිහිපයේදීම පන්දු යවන්නකු ලෙස කටයුතු කළේ නැහැ. එහෙත් ඔහු පන්දු යවන්නකු ලෙස සබදතා බිද දැමීමට දස්කම් දක්වන බව නොරහසක්.එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය තුල පන්දු යවන්නන් හුවමාරු ...
බටහිර ඉන්දීය කොදෙව්වන් මැතිව්ස්ගේ කනට ගැසීම / Stoned ear Mathews West Indies Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙවර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී හිස් අතින් ගෙදර ඒමට සිදුවූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්වීම හේතුවෙනුයි. එය මෙරට ක්‍රිකට් පරිපාලනයේ වැරදි හේතුවෙන් සිදුවූවක් බව ඇතමුන් පසුගිය දිනවල ප්‍රකාශ කළා. ක්‍රිකට් ක්‍රීඩකයින් පරාජයට වගකිවයුතු නැති බවයි එමගින් පෙන්වීමට උත්සාහ කළේ.කෙසේ වෙතත් පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් නායකයා අපූරු ...
අඩුව පුරවන්න වැන්ඩර්සි / Fill the void vænḍarsi Lanka Cricket News පාදයේ ආබාදය හේතුවෙන් ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ ලසිත් මාලිංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සි සංචිතයට කැදවීමට තීරණය කර තිබෙනවා. මේ අනුව සංචිතයේ දග පන්දු යවන්නන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ යනවා. ඒ රංගන හේරත් සහ සචිත්ර සේනානායක සංචිතයේ සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මේ සමග වේග පන්දු බලඇණිය දුර්වල වී තිබෙනවා. සංචිතයේ මේ වන විට සිටින්නේ සුරංග ලක්මාල් / නුවන් ...
මතිවානන් සහ ජයන්ත ඉල්ලා අස්වෙයි ? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් වන කේ මතිවානන් මහතා සහ ජයන්ත ධර්මදාස මහතා සිය ධූරන්ගෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වනවා. ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය තුල සිදුවන ඇතැම් සිදුවීම් වලට විරෝධය පලකරමිනුයි එලෙස ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ. ක්‍රිකට් ආයතනයේ සේවකයින්ට ඇතැම් විධායක කමිටු සාමාජිකයින්ගෙන් බලපෑම් සිදුවන බව අප මීට පෙර අනාවරණය කළා. එලෙස සිදුවන හිරිහැර මේ වන විට ...
මාලිංග එව්වාද ? ආවාද ? Malinga sent? Safely? Lanka Cricket News ලසිත් මාලිංග පසුගියාද පැවසුවේ තවමත් ආබාද තත්වයෙන් පසුවන තමන්ව ලෝක කුසලානය සදහා ඇතුලත් කලේ කුමන පදනම මතදැයි නොදන්නා බවයි. එහෙත් ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මාලිංගව කණ්ඩායමට නම් කළේ ඔහුගේ කැමැත්ත මත බවයි. ක්‍රිකට් ආයතනය තේරීම් කරන්නේ ක්‍රීඩකයින්ගේ අවශ්‍යතාවන් මත බව මෙම ප්‍රකාශයෙන් පෙනී යනවා. කණ්ඩායමේ අවශ්‍යතා මත ක්‍රීඩකයින් නම් කිරීම සාමාන්‍ය සිරිතයි. මාලිංග පාදයේ ආබාදය මත ...
ගාල්ලෙන් වංචාව ඇරඹෙයි / Galle fraud begins Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ නඩත්තු වන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ගෘහස්ථ ක්‍රීඩා පිටියෙන් ගලවා ඉවත් කල යකඩ විකිණීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි වාර්තා වනවා. ක්‍රිකට් ආයතනය අබලි ද්‍රව්‍ය විකිණීමේදී ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කල යුතු වනවා. එහෙත් මෙම යකඩ විකිණීමේදී එය අනුගමනය කර නැහැ. ක්‍රීඩා පිටියට පැමිණි ලොරි දෙකක් අබලි ද්‍රව්‍ය බව දක්වමින් යකඩ ගෙන ගොස් තිබෙනවා.මෙලෙස අබලි ද්‍රව්‍ය විකුණා ඇත්තේ ...
ක්‍රිකට් ප්‍රධාන විධායක කවුද ? Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂන් තිලකරත්නගේ නම යෝජනා වී තිබෙනවා. සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය මෙම යෝජනා කිරීම සිදුකර ඇති බවයි වාර්තා වනනේ. කෙසේ වෙතත් ජයන්ත ධර්මදාස මහතාගේ පාර්ශ්වය ප්‍රධාන විධායක නිලධාරී තනතුරට යෝජනා කර ඇත්තේ චරිත් සේනානායක මහතාගේ නමයි. එහෙත් ඔහුට තනතුර හිමිවීමේ අවම ඉඩක් පවතින බවයි වාර්තා වන්නේ.ක්‍රිකට් ආයතනයේ මේ වන විට ...
ක්‍රිකට් ක්‍රීඩකයින්ට සාද තහනම් Lanka Cricket News ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් නවසීලන්ත තරගාවලිය අතරතුර පෞද්ගලික සාද සදහා සහභාගී වී ඇතැයි පසුගියදා අනාවරණය වුණා. එහිදී ක්‍රීඩකයින් දැඩිලෙස බීමත්ව ඇති බවත් එරට ශ්‍රී ලාංකිකයින් අනාවරණය කළා. තරගාවලිය තුල ක්‍රිකට් ක්‍රීඩකයින්ට නිසි දක්ෂතා අතරට පැමිණීමට නොහැකිව දැඩි අසාර්ථකත්වයක් දැක්වීමට මෙම හේතූන්ද බලපෑ බවයි බොහෝ දෙනා පෙන්වා දුන්නේ.මේ පිලිබද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වාර්තාවක් කැදවා තිබුණා. එම වාර්තාවට අනුව ක්‍රීඩකයින් ...
ක්‍රීඩා අමාත්‍යාංශය ගිනිගනී Lanka Cricket News දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩා අමාත්‍යාංශයේ නිරීක්ෂක නිලධාරීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි වාර්තා වනවා. තරගාවලිය සදහා ඔවුන්ට දිනකට ලබාදී ඇත්තේ ඇමරිකා ඩොලර් හැත්තෑ පහක මුදලක් පමණයි. එහෙත් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ට ඩොලර් තුන්දහස ඉක්මවූ දීමනාවක් හිමිව ඇතැයි අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් නිරීක්ෂක නිලධාරීන් අමාත්‍යාංශ බලධාරීන්ට දෙහි කපමින් ඇති බවයි වාර්තා වන්නේ.තරගාවලිය සදහා සහභාගීවන ක්‍රීඩකයින් ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ...
යොවුන් ක්‍රීඩකයින් පාකිස්ථානය දණ ගසයි / Young players throws down Pakistan Lanka Cricket News වයස අවුරුදු දහ නවයෙන් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගය ලකුණු විසි තුනකින් ජය ගැනීමට පාකිස්ථානය සමත්වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකාව තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි පාකිස්ථානය සියළුදෙනා දැවී ලකුණු දෙසිය දොලහක් ලබා ගත්තා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ හසන් මෝසින් ලකුණු අසූ හයක් ඉනිමට එක් කළා.පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ...
හොකී වාරණයට ඇමති උරණ වෙයි / Hockey blocked minister is angry Lanka Cricket News දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට නියමිත හොකී කණ්ඩායම සදහා කෙළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ හිටපු උප නායක දිලූක මධුෂංක ගොණුකල පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. තරගාවලියට නම්කල මූලක කණ්ඩායමට ඔහුගේ නම ඇතුලත් වුණා. එහෙත් අවසන් කණ්ඩායමට ඔහුගේ නම ඇතුලත් නොවුනේ ශරීර යෝග්‍යතාව පිලිබද ගැටළුවක් ඇති බව පවසමිනුයි.පාකිස්ථානයෙන් ගෙන්වූ පුහුණුකරු මෙම තීරණය පිලිබද ක්‍රීඩා අමාත්‍ය ...
මාලිංග යලිත් චන්දිමාල්ට කොකා පෙන්වයි / Malinga again shows Coca Chandimal Lanka Cricket News පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග නම්කර තිබෙනවා. උප නායකත්වය හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි. කෙසේ වෙතත් පසුගිය පන්දුවාර විස්ස තරගාවලිය කිහිපයේදීම නායකත්වය සහ උප නායකත්වයේ කටයුතු කළේ දිනේෂ් චන්දිමාල්. ඔහු එළඹෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදීද කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. එසේ තිබියදී ඔහුට උප නායකත්වය හෝ ලබා නොදීම පුදුමයට කරුණක්.ලෝක කුසලාන තරගාවලිය ...