මෙම තාක්ෂනය නිසා කම්කරුවා යන වචනය ශබ්දකෝෂයෙන් ඉවත් වේවිද Yakaagea Daviya ප්රභාස්වරත්රිමාන මුද්‍රණ යන්ත්‍ර පිළිබඳව මා මේ කොලම හරහා මුලින්ම විස්තර කළේ 2012 මැයි 03 වැනිදාය. මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන අයිතමය, එහි නිවැරදි කිරුම් මිනුම් සංයුතිය සමග පරිගණක තිරය මත නිර්මාණය කොට, ඉන්පසු මූසිකය මගින් විධානයක් දුන් සැණින් 3ඩී මුද්‍රණ යන්ත්‍රයෙන් එය නිමි භාණ්ඩයක් සේ පිටතට පැමිණෙයි. සාම්ප්‍රදායික කර්මාන්තශාලාවක් තුළ සෑදිය නොහැකි සංකීර්ණ බඩු භාණ්ඩ රාශියක් 100%ක්ම අනර්ඝ ලෙස නිපදවීමේ අපූරු ...
දෙසතිය - මාව කුලප්පු කළ පෝස්ට් - රාජප්පුලගෙ කාලෙ ආලේ ,බන්ඩක්ක යුගයෙ මතක හා නූතන ගන්දබ්බ ආපදානය Yakaagea Daviya බ්ලොග් පෝස්ට් වලට අමතරව දෙසතිය නමින් විශේෂාංගයක් ඉදිරිපත් කිරීමට යමි. මෙහිදී දෙසතිය තුල මා බ්ලොග් ලෝකයේ කළ කී දෑ ගැන සමාලෝචනයක් කෙරේ.සිරිත් පරිදි බ්ලොග් කරුවන් ගේ පෝස්ට් වලින් මම කුලප්පු වූයෙමි. කිනම් කරුන නිසා මුලින්ම කුලප්පු වීදස් කියා මතකයේ නැතත් මාතලන් නිදහස් දිනය ගැන දමා තිබූ චානුක වත්තේගමගේ ලිපිය මගේ සිත් ගත් එකකි. එහිදී රාජප්පුලාගේ යුගය ගැන මම අදහස් දැක්වීමි. ...
සිරි පැරකුම් සිනමා පටයේ අවුල් සහ තවත් කතා Yakaagea Daviya ඊයෙ වෙසක්දා ටී වී එකෙන් චිත්‍රපටයක් නැරඹීමට අහම්බෙන් අවස්ථාවක් උදා විය. මම සාමාන්‍යයෙන් සිනමා ශාලාවලට ගොස් චිත්‍රපට නරඹන්නේ නැත. ටීවී එක කවුරුහරි දාල තිබුනොත් මටත් කොටහක් බැලෙයි. ඒකෙත් මුල මැද අගක් නැත. බොහෝ විට චිත්‍රපට බලනවාට වඩා චිත්‍රපට අහනවාය. ඊයෙ එක්තරා චැනලයක සිරි පැරකුම් චිත්‍රපටය පෙන්වීය. මට එය ඇසුණි.කරුණු කිහිපයක් නිසා එය බැලීමට සිත්විය. එකක් නම් එම කතාවට පාදක වූ ...
ගුරුවෘත්තිය සහ මම Yakaagea Daviya ගුරුවෘත්තිය සහ ළමා හිංසනය ගැන ලිපියක් පළ කළෙමි. අයුක්තිය දුටු තැන එය හෙළා නොදකින්නා එම අයුක්තියේ කොටස්කරුවෙකු වේ. ඉස්සර ගුරුවරුන්ගෙන් ඇතමෙක් සිතුවේ තමන්ට පත්වීම ලැබෙන්නේම ළමයින්ට ගහන්න කියාය. සිය මාන්නය හා උද්ධ්ජචකම පෙන්වීමට පාසල් දරුවෙකුට දුන් දඩුවමක් විවේචනය කරමින් ලිපියක් පබ්ලිෂ් කලෙමි.එය මග හැරුන අය මෙතනින් කියවන්න ගුරු වෘත්තිය සහ කැකිල්ලේ නඩු තීන්දුව - සිසුන් 13 දෙනෙක් කළ වරදකට පන්ති ...
වෙනසක කවිඅන්දරය සහ මුවහමට තඩිබෑම ගැන මුවෙකුගෙ අදහසක් Yakaagea Daviya . හැම එකාම වෙනසක් ඉල්ලති. මොකක් වුනත් කමක් නෑ වෙනසක් ඕන කියා හැමෝම කියති. මමද වෙනසක් කිරීමට තීරණය කලේ එනිසාය. වෙනස සැපද කියා සමහරු අසති.ඇත්තෙන්ම වෙනස සැප වුනොත් හොදය. සැප වුනත් නැතත් හැමදා කන බත වෙනුවට ඉදහිට කොත්තුවක් හෝ කෑමට සිතේ. එසේම මේ දිනවල මගේ රාජකාරි වල කිසියම් විපර්යාසයක් සිදුවෙමින් පවතී . ඒ මම වෙනසක් කිරීමට පිට පොට ගසන බැවිනි.මහවැලි ...
අපරාධ , අපරාධකාරයෝ සහ ලේ පිපාසිත පරපීඩක ම්ලේච්ඡයෝ Yakaagea Daviya සේයා සදෙව්මි දියණියගේ අවාසනාවන්ත ඉරනම අසා ශෝක නොවූවකු නොසිටි තරම්ය. මෙවැනි සිදුවීම් වළක්වාගැනීම ගැනත් අපරාධ ගැන විද්‍යාත්මක විශ්ලේශනයක් කිරීම ගැනත් කතිකාවතක් නොවූ තරම්ය. ඒ වෙනුවට සිදුවුනේ කෝකටත් තෛලය වන එල්ලුම් ගහ ගැන කතිකාවතක් ඇති වීමය.මෙම ලිපියේ අරමුණ ස්ත්‍රී දූෂන පමනක් නොව වෙනත් අපරාධ ගැනත් විද්‍යාත්මක විශ්ලේශනයක් කිරීමයි.අප කළ යුත්තේ අපරාධ වළක්වාගැනීමයි. වෙන්ඩ අපරාධකරුවන් පුනරුත්ථාපනය කළ යුත්තේ අපරාධ සිදුවීමට පෙරය.අපරාධයක් යනු ...
පොලිස් පහරදීම බ්ලොග් මත සම්පින්ඩනය Yakaagea Daviya බ්ලොග් සම්පින්ඩනය යනු බ්ලොග් ලොව සිදුවන සංවාද එකම තැනකින් බලාගත හැකිවන ලෙස විශේෂාංගයකි. එය බ්ලොග් සහජීවනව , දෙසතිය වැනි අපගේ තවත් එක් සත්කාරයකි.බ්ලොග් අවකාශය තුල සිදුවන සියළු කම්පනයන් එලෙසින්ම වාර්තා කිරීම මීට කලින්ද සිදුකර ඇත. එවිට කෙනෙකුට එකින් එක කියවා නිගමනයකට ඒම පහසුය. කලින් සිදුකළ බ්ලොග් සම්පින්ඩනයකලින් සිදුකළ බ්ලොග් සම්පින්ඩනයපොලිස් පහරදීම ගැන අපේ බ්ලොග් හිතවතුන් මෙසේ අදහස් පළ කළ වගයි.ඉසේ ...
සොබාවික විපත් හෙට ලෝකයේ පුවත් මවනු ඇත Yakaagea Daviya කාලගුන විපර්යාසය ගැන වෙන කවරදාටත් වඩා අවධානය යොමු වී තිබේ. ඇත්තෙන්ම වෙනත් සියලුම දේ ඒ මත තීරනය වන තත්වයක් උදා වී ඇත. ආර්ථික වර්ධනය ,විද්‍යාත්මක ජයග්රහන හෝ දේශපාලනික කරුනු ගැන පුරෝකථන කලද කාලගුන විපර්යාස නිසා ඒ සියල්ල වෙනස් විය හැක.උෂ්නත්වය ඉහල යාම නිසා ආක්ටික් ප්‍රදේශයේ අයිස් දියවීම අපේක්ෂා කාල් හැකි භයානකම සිදුවීමයි . මෙය භයානක වන්නේ සූර්ය තාපය කෙලින්ම නිල් ...
විජයානන්දස්වාමි Yakaagea Daviya මෙය ප්‍රබන්ධයක් බව සැළකුව මනාය.විජයානන්දස්වාමි ආශ්රමයේ වැඩසිටී. කහ පැහැති වස්ත්‍ර හැඳි වෙනත් ස්වාමිවරුන්ගෙන් හෙතෙම වෙනස් වන්නේ තල එළලු වර්ණය නිසාය. සියල්ල අත් හැරදමා වනගත ජීවිතයක් තෝරාගෙන ඇති ස්වාමි සිය කාලය යෝග හැදෑරීමට කැප කරයි. එසේම ඍෂිවරුන් ඇසුරෙන් අධ්‍යාත්මික ගවේශනයන්හි යෙදෙයි.මේ මනරම් පරිසරයකි. ලෝක වාසීන්ට ඉමහත් බලපෑම් කල මහා පුරුෂයන් මේ බිමේ සක්මන් කර ඇත. ඇත්තෙන්ම අදද එදා මෙන් ගූඪභාවයකින් පිරී ...
මට සමාවෙන්න Yakaagea Daviya සමාව යන වචනය අපූරු වචනයකි. එය සංහිඳියාව සළකුණු කරන්නකි. එසේම ගැටුම් අවසන් කර සාමය සහතික කරන්නකි.එසේම තවත් එවැනිම නාම විශේෂනයක් වන්නේ අනේ යන වචනයයි.අනේ යන වචනයෙන් ද කෙනෙක් කෙනෙක් කූල් ඩවුන් කළ හැකා. අනේ ඔය බෑග් එක අහකට ගන්න. අනේ මේක කරල දෙන්න කියා කියන විට කෙනෙකු යම් අවනත භාවයකට පත් වේ.මේ දෙකම සමාජ සංහිදියාවට ඉතා ප්‍රයෝජනවත් වචන දෙකකි.ඕනෑම කෙනෙකුට ...
සති දෙකකින් අලුත් රජෙක් Yakaagea Daviya දැන් ඉන්න දේශපාලකයො හොරකම් කෙරුවට ඉස්සර රජවරු හොරකම් කෙරුවෙ නෑ .මේ නිතර ඇගෙහන කතාවකි. ඇත්තටම ඉස්සර රජවරුන්ට හොරකම් කරන්න උවමනාවක් තිබුනාදමහා භාන්ඩාගාරය රජුගේ පෞද්ගලික දේපොලකි. රටේ සියලු ඉඩම්ද අයිති රජු නමැත්තාටය.එසේම මහජනතාව නොහොත් වහලුන් ද රජුගේ පෞද්ගලික දේපොලකි. රජු කලායැයි කියන කිසිම වැඩක් රජු කරනැති අතර ඔහු අන්තහ්පුරයේසිට ඒකාකාරී බව නැතිකර පොඩි රිලැක්ස් එකක් ගන්න වැඩබිම් වලට යන්නට ඇත. නැත්නම් ...
මිත්‍යාව ස්වයං යෝජනාවක් වූ ප්‍රජාවක් -සුමනදාස චින්තනය ඊයේට වඩා අවශ්‍ය හෙටටය. Yakaagea Daviya සුමනදාස සමරසිංහ මහතා ගැන පළ කළ කලින් ලිපියේ එතුමන්ගේ දේශනාවල වැදගත්ම දෙය වූ ස්වයං යෝජනා ගැන අවධාරනයක් නොවිනි. එය අවධනායට ලක් නොවීය. මෙහි අරමුණ ඒ ගැන වැඩි අවධාරනයක් කිරීමයි.අනාදිමත් කාලයක සිට ජනමනසට අරක් ගෙන සිටි නැකැත්කාරයන් ,කපුවන් හා යන්තර මන්තර කාරයන්ට ප්‍රථම ප්‍රහාරය එල්ල කළේ ඒබ්‍රහම් කොවුර්ය. මෝඩයන් හුදකලා කර මෝහනය කර රවටන තක්කඩි කිසිදාක සිය බලය ස්වාධීන පර්යේශනයකට ලක් ...
ඇඹිලිපිටියේ බිලිබොයිලා ජාලිය ඈපාලා සහ බුද්ධිකලා Yakaagea Daviya 87/89 ජවිපෙ භීෂණය අපේ ප්‍රදේශයට තදින් දැණුනේ නැත.ඇත්තටම මා දැක තිබුනේ ටයර්මත පිලිසුන එක් සිරුරක් පමණි. එයද භීෂනය අවසන් යුගයේ ය. එහෙත් ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල භීෂණය ඉතා දරුණුව පැවති බව අප දැණගත්තේ දිවයින පත්තරේ පලවූ භීෂණ යුගයේ කතා ලිපිපෙල මගිනි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම මා මහත් කණස්සල්ලට පත් කළ සිදුවීමකි. ඊට හේතුව විදුහල්පති වරයාගේ පුත්‍රයා ...
ගංවතුරෙන් ඉගෙනගත් පාඩම් Yakaagea Daviya මිනිසාටම සම්පූර්නයෙන්ම වරද පැටවිය නොහැකි ගෝලීය උනුසුම වැඩිවීම නිසා මේ මිහිතලය 2100 වන විට මිනිස් ශිෂ්ටාචාරයකට නුසුදුසු තතවයට පත්වීමේ ඉඩ වැඩිය.මිනිසා ඩයිනෝසරයන් මෙන් වදවීයාමටද ඉඩ ඇත.මේ නිසා අනාගතයේ ප්රමුඛ විශය බවට ආපදා කලමනාකරනය පත්වනු ඇත. රැකියා අවස්ථාද වැඩිපුර ජනනනය වනු ඇත්තේ පරිඝනක,ත්‍රිමාන මුද්‍රන,කෘතිම බුද්ධිය වැනි තාක්ශනික ක්ශේත්‍රයක නොව ආපදා කලමනාකරනයේය. සොබාවික විපත්වලින් විනාශවූ දේපල ප්‍රතිසංස්කරනයට විශාල කාලයක් ගනු ඇත.මෙවර ඇතිවූ ...
මහින්ද නැති අවුරුද්ද Yakaagea Daviya අලුත් අවුරුද්දක් ලබා ගෙවී ගොස් ඇත. භෞතිකවාදියෙකු වන මට සූර්යයා ගේ ගමන් වලින් වැඩක් නැත. එසේම ජනතාව ජ්‍යොතිර්වේදීන්ගේ සිරකරුවන් වීම ගැනද ඇත්තේ කණගාටුවකි. කෙසේ වෙතත් චාරීත්‍ර වාරීත්‍ර හා ජ්‍යොතිර්වේදී මනස්ගාත පසෙක තබා ඥාති හිතමිත්‍රාදීන් අවුරුද්දට එක දවසක හෝ එකතුවී විනෝද වීම හා කුඩා දරුවන්ට ප්‍රීතිවීමට අවස්ථාවක් සැලසී තිබීම නම් සතුටකි.මෙම අලුත් අවුරුද්ද සුවිශේෂය. මෙය අලුත් ආණ්ඩුවක් යටතේ අලුත් තත්වයක් යටතේ ...
සිත සිර කොට බැදි දඩුවැට බිදුනාවේ සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ Yakaagea Daviya සිතිවිලි සන්නිවේදනය කිරීම ඈත අතීතයේ සිටම කතාබහට ලක්වූ මාතෘකාවකි. එය වඩා ප්‍රචලිතව පැවතියේ පෙරදිග ආගමික පදනමක් සහිත දැනුම් පද්ධතීන් වලය. බටහිර ලෝකයේ එය අධෛර්ය කරනු ලැබූවත් මෑතක සිට එහි යම් පිබිදීමක් දක්නට ඇත..සිතිවිලි සන්නිවේදනය කිරීම විද්‍යාත්මකව සාධනය කරන ලද්දක් බව ඔබ මේ වනවිට දන්නවා ඇතැයි සිතමි. මේක කියවපල්ලකො.මේකත් කියවපල්ලටෙලිපති ක්‍රමය සත්‍ය නම් එම සංඥා ලොව පුරා තිබෙනවා විය හැක. අප ...
දෙසතිය Yakaagea Daviya පෙරහැරවල අලින්ට සිදුවන හිංසාව ගැන සංවාදයක් කුරුටු බ්ලොගයේ තිබිණි. මමද එයට සම්මාදම් වුනෙමි. එහෙත් දෙසතිය තුලින් අපේක්ෂා කරන්නේ මා බ්ලොග් වල දමන කොමෙන්ට් යළි පලකිරීම නොව එහි අතුරු කතා ඇසුරින් සංවාද ගොඩ නැගීමය.එම සංවාදයේදී අප හිතවත් මනෝ මන්දිරකීවේ අක්ඛන සූත්‍රයට අනුව සතුන්ට කුසල කර්ම කළ නොහැකි බවයි. එම අදහස තර්කානුකූලය බුදු දහමට එකඟය. බුදු දහම බුද්ධිමතුන්ට ගෝචර වූවක් බව ද ...
අපට නොපෙනෙන ලෝකයක් තිබේද Yakaagea Daviya ගුප්තවිද්යාව යනු සියල්ලන්ගේම කුතුහලය අවුස්සන අපූරු ක්ශේත්‍රයකි. මානව වංශකථාවේ ආරම්භයේ සිටම විවිධ ඇදහිලි අභිචාරවලට පදනම වුනේ ගුප්ත විද්‍යාවය.අධිසොභාවික විශ්වාසයන් තරම් මිනිසාට බලපෑම් කල අන් දෙයක් නැති තරම්ය.මම උපතින් බෞද්ධයෙක්මි.පාසල් යන කාලෙ අවංක බෞද්ධයෙක් වීමි.පන්සලේ අටවිසිබුද්ධපූජාව මට අද මෙන් මතකය.කල්පාන්තර වල අපහල වූ බුදුවරු හා එම යුග සිහිවනවිට චමත්කාරජනක අපූරු හැඟීමක් ඇති වෙයි. මගේ බුද්ධාලම්බන ප්‍රීතිය උපරිමයටම නැගි එම රාත්‍රිය ඊයෙ ...
සිතන ද්‍රව්‍ය හා මනුෂ්‍යයෝ Yakaagea Daviya අපේ හිතවත් සජ්ජා ගේ ලේටස්ට්ම පෝස්ටුවෙන් කියා ඇත්තේ ජවිපෙට දෙන්න හිත හදාගන්න බෑ කියායි. ඇත්තටම අද ඇතමෙක් ප්‍රධාන පක්ෂ දෙක ගැන කළකිරී ජවිපෙට ඡන්දය දෙන්නට හිත හදාගෙන සිටිති.රජයේ සේවකයන් ඉතා විශාල ප්‍රමාණයක් ජවිපෙට තැපැල් ඡන්දය දුන් බව අද උදේ ආරංචි විය. ඇතත නැත්ත නොදනිමි.ජවිපෙ ගැන අපට ඇරියස් එකක් නැත.ජවිපෙට ඡන්දය දීම ඉතා හොදය.මමද කලින් වතාවක දී ඇත. නමුත් අතීතයේ ජවිපෙ ...
එලිසබෙත් වොරන් Yakaagea Daviya එලිසබෙත් වොරන් මහත්මිය සිය ජනාධිපතිවරන ව්‍යාපාරය අව්සන් කරන බව දන්වා ඇත. එයට ඉදිරියට ඒමට නොහැකිවීම මට නම් මහත් කනගාටුවකි. මන්ද ඇය ඇමරිකාවේ ජනාදිපති වුනානම් එය ඓතිහාසික දෙයක් වීමට ඉඩ තිබිනි. ඒ ඇය ට දේශීය ඇමරිකානු මූලයක් තිබෙන බවට ඇති මතය නිසාය. බැරැඛ් ඔබාමා ට කෙලින්ම කලු වහල් උරුමයක් නොවීය. එම උරුමය තිබුනේ ඔහුගේ ආර්යාවටය. කෙසේ නමුත් වහලුන්ටත් වඩා ඇමරිකානු බිමේ ...