මොණරු දැක්කම කටේ කෙළ උනනවා බුදුහාමුදුරුවනේ Yakaagea Daviya සද්ධර්මාලංකාරය එන පුවපබ්බතවාසි තිස්ස ස්ථවිර වස්තුවට අනුව උන්වහන්සේ හැට වසරක් මුළුල්ලේම වළඳා ඇත්තේ සුවඳ ගිතෙල් මුසු මොනර මස් හා රත් හැල් සාලේ බත් පමණි. මෙයට හේතු වී ඇත්තේද පෙර කළ කුසලයකි. ඉතා සැකෙවින් ඒ කතාව මෙසේ දැක්විය හැකිය.වෙළෙඳාමෙන් ජීවත් වූ එක් තරුණයෙකුට දිනක් තරුණියකගෙන් ගිතෙල් බතක් හා මොණර මසක් ලැබිණි. හෙතෙම එය ආහාරයට ගනිද්දී කුසගිනි ඇවිලුණු බල්ලෙක් ඔහු අසලට ඇවිත් ...
කොරෝනා වලින් උගත් පාඩම් Yakaagea Daviya කිසිම ජ්‍යොතිර්වේදියෙකුට අධිමානසිකලාභියෙකුට කලින් කොරෝනා ගැන අනාවැකි කීමට බැරිවූ බවපන්සල් ,පල්ලි,දේවාල වසා ඇති බව රෝහල් විවෘත කර ඇති බවඉහත කාරනා ගැන කතා කිරීමද කාලය කා දැමීමකි.ග්රහලෝකකාරයෝ,වාලම්පුරිකාරයෝ ,දෙවිවරු එකෙක්වත් නැත.ප්රශ්නය විසදුන පසු සාක්කු සුද්ද කිරීමට ඔවුන් ආපසු එනු ඇත.රාජ්‍ය අංශය ශක්තිමත් විය යුතු බව. - ඕනෑම හදිසි අවස්ථාවකට මුහුන දිය හැකි ශක්තිමත් රාජ්‍ය අංශයක් ඕනෑම රටකට තිබිය යුතුය.මෙම ශක්තිමත් රාජ්‍ය අංශයට ...
මහ මුහුද හින්දන සැලැස්ම Yakaagea Daviya මෙය උපුටා ගත්තේ බුකියෙනි. මිනිසුන් ලොව වෙනස් කලේ මේසා යෝධ අමුතු අදහස් ඇති මිනිසුන්ය.මධ්‍යධරණි මුහුදේ වේලී බැඳ, මුහුදු ජල මට්ටම බස්සවා නව භූමියක් නිර්මාණය ඇතුලු දැවැන්ත ඉන්ජිනේරු ව්‍යාපෘතියකට සැලසුම් නිර්මාණය වූ බව ඔබ දන්නවාද?විද්‍යා ප්‍රබන්ධය අතික්‍රමණය කරමින් ලොව මෙතෙක් යෝජනා වූ දැවැන්තම සංවර්ධන සැලැස්මක් ලෙස සැලකිය හැකි ඇට්ලැන්ට්රොපා ව්‍යාපෘතිය, 1920 දශකයේදි පමණ ජර්මානු නිර්මාණ ශිල්පි හර්මන් සෝගල් ගේ යෝජනවකි.ජනගහනය වර්ධනය, ...
ඇනෝනිමස්ට යවන දෙවැනි ලියමන ,ඇනෝ තවලම සහ මහදැනමුත්තගෙ කතාව Yakaagea Daviya මෙම ලිපිය සකස් කළේ ඇනෝලා සමඟ ප්‍රයෝජනවත් සංවාදය කට වඩා මාක්ස්වාදී නොවන සමාජ ආර්ථික විකල්ප ගැන සංවාදයක් ගොඩ නැංවීමට මුල පිරීමටය. ඇනෝනිමස්ට යවන දෙවැනි ලියමනආදරණීය අනෝනිමස් වෙතටයි.ශුද්ධ ලියවිලි වල කතෲන් වහන්සේලාගේ පිහිටයි.මා කුඩා පාසල් සිසුවකුව ලෙස ඇසින් දුටු කනින් ඇසූ දේවල් දේශපාලනය ගැන මට වෙනස් විදියක දැක්මකට මහෝපකාරී විය. පක්ෂය කී පලියට පවුලෙ අය ඉදිරියෙ මිනිහෙක් මරල මිනිය දනිහෙන් පහල ...
ගුටිකෑම , විප්ලව හා බඩගින්න Yakaagea Daviya හූ හඩකින් පරිසරයේ ඒකාකාරී රිද්මය බිදවැටුනි. මොකක්ද මේ සද්දෙ කියා මම ජනේලයකින් අවට බැලුවෙමි. ඉතිහාසය යළි පැරනි නාටකයම අප ඉදිරියේ රඟ දක්වයි. විප්ලවවාදීන්ට පොලීසිය හා ගැටී සිය සුපුරුදු ඉරනම වන අන්ත පරාජය ලැබී තිබේ.අඩි දෙකක් පස්සට අඩියක් ඉදිරියට කියමින් නිදහස් අධ්‍යාපනයේ ගැලවුම්කාරයෝ පසු නොබලා දුවති. ඇත්තෙන්ම මේවා සංවිධානය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂ වේසිගෙ පුතාලා මේවා කලින්ම බලාපොරොත්තු වෙති. ඔවුන්ට වෙන්දේසියට ...
පාවෙන ඡන්ද හා රටේ දේශපාලනය Yakaagea Daviya මෙම පලාත් පාලන මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ගැන ඉඟි කරන ලිපියක් ඉකොනොමැට්ටා විසින් පළ කර ඇති අතර මම එයට 100% ක් ම එකඟ වෙමි. ඒ ගැන මට තව කියන්නට දෙයක්ද නැත. ඇත්තෙන්ම මෙම මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා එජනිසයි. එනම් මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමයි. එජනිසයට ලැබුන ඡන්ද ඔවුන්ගේම ඡන්ද ය. සැබෑ තුන්වන බලවේගයක ප්රවේශයකි.මීට සුළු මොහොතකට පෙර පුවත්පත් සිරස්තල වලදී මෙම ඡන්ද ප්‍රමාණය ගැන ...
අපරාධ ගහ නියපොත්තෙන්ම කඩාදාන්නේ කෙසේද Yakaagea Daviya සාහිත්‍ය මාසයේ සාහිත්‍ය ගැන සිත යොමුකරන්නට සමාජයට තිබූ ඉඩ අවහිර කරවමින් එක පිට අපරාධ කිහිපයක් සිදුවිය.ගම්පහදී කම පවුලක තිබූ දෙනෙක් මරා තිබූ අතර සේයාගේ මරණය ආරංචි වුනේ ඉන් පසුය. එහි උනුසුම මැකී යන්නාටත් පෙර පියෙක් තමන් මුහුණවත් දැක නැති පෙම්වතිය වෙනුවෙන් සිය බිරිදත් බාල දියණියත් මුහුදට දැමීය.අතුරුගිරියේදී පාසල් සිසුවෙක් කපාකොටා දැමීම අනෙක් සිද්ධියයි.මේවායින් සේයාගේ සිදුවීමට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලැබිණි. අයුතු ...
සුභ දෙමළ අලුත් අවුරුද්දක් වේවා Yakaagea Daviya තවත් දෙමළ අලුත් අවුරුද්දක් ගෙවී ගියේය.සියලු මාක්ස්වාදීන්ටත් රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරන සේවක මහතුන්ටත් නෝනලාටත් සුභ දෙමළ අලුත් අවුරුද්දක් වේවා. දෙමල පුතන්ඩුව ( අලුත් අවුරුද්ද ) ලෙස බක් මහ සැණකෙළිය හැඳින්වූයේ එය කාටත් හිත සුව පිණිස බැවිනි. ඇත්තටම ඉන්දියාවේ මෙය හැඳින්වෙන්නේද එසේය. අරිසෙන් අහුබුදු ලා සූරිය ගුණසේකරලා ලෝක සංස්කෘතිය සිංහලයෙන් තද්භව වූවක් යැයි කියති. මේ බොහෝ විට වචන හරඹ ...
පිටසක්වල ත් බ්ලොග් තියනවද Yakaagea Daviya බ්ලොග් සංචාරයේ යෙදෙන විට අපූරු පෝස්ට් කිහිපයක් ඇස ගැටුනි. විද්‍යා ගවේශන බ්ලොගයේ " තුර්කියේ ෆිර්ජියන් නිම්නයේ දැවැන්ත යුධ රථ ධාවනය කල අතිශය පෞරාණික දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණාද?" යන ශීර්ෂය යටතේ මෙම ලිපිය පළ වී තිබිණි.මෙන්න ඒ ලිපියලිපියේ සඳහන් කරුණු අනුව මීට අවුරුදු මිලියන 12 -14 කට පෙර තුර්කියේ ප්‍රීජියන් ප්‍රදේශයේ ඇතිවූ භූ සටහන් බරවාහන ධවනය නිසා සිදුවූවක් බවට කල්පිතයක් ගොඩ නගා ...
එළුවාත් මුට්ටියත් මහදැනමුත්තාත් බේරන විසඳුමක් Yakaagea Daviya දේශපාලකයන් කරන සොරකම් රටේ විශාල ප්‍රශ්නයක් යැයි කියනු ලැබේ. 2015 මැතිවරන වල ප්‍රධාන තේමාව වුනේ හොරු ඇල්ලීමය. ආන්ඩුව ආවෙ හොරු අල්ලන්න ඒත් හොරු ආන්ඩුව ඇල්ලුවා කියා සමහරු කියති අපි නෙමේ.මට අවශ්‍ය හොරු බේරන විසදුමකටය. ගරු හොරු හොරකම් කල මුදල් නැවත ලබාගැනීමටද අවශ්‍යය. නමුත් හොරුන්ට කිසිම දඩුවමක් දෙන්නද බැරිය. මොකක්ද මේ හතරබීරි කතාව. කොහොමද රැවුලයි කැදයි දෙකම බේරන්නෙ ?හේතුව මේකයි ශ්‍රී ...
මුස්ටෆා කැමල් Yakaagea Daviya බ්ලොග් එක පෙර පරිදි යාවත්කාලීන නොකිරීමට මා තීරණය කළේ වෙන කරන්න දෙයක් නැතිකමටය. එහෙත් බ්ලොග් එක පාලුවට යන්න දෙන්නද බැරිය. එයට මා විසදුමක් සොයාගතිමි. එනම් මම වෙනත් බ්ලොග් වල දමන කොමෙන්ට් මගේ ප්‍රයෝජනය පිනිස මෙහි පළ කිරීමයි. මම ඉදිරියට කොමෙන්ට් කරන්නෙ කාලීන වැදගත් කමක් සහිත ලිපි ,ශාස්ත්‍රීය සංවාද ගොඩනැගෙන ලිපිවලටපමනි. මේ නිසා එබදු ලිපි ප්‍රිය කරන බ්ලොග් හිතවතුන්ටද ලිපි එකතුවක් ...
ගුටිකන ගුටි දෙන ගෝත්‍රිකයෝ Yakaagea Daviya එච් එන් ඩී ඒ සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය මේ දිනවල සයිබරයේ කතා බහට ලක්වේ. අති මහත් බහුතරය පොලීසියට චෝදනා කරති.මම කීවේ මෙහි දෙපැත්තක් ඇති බවයි. එනම් පාරක්ලියර් කිරීම පොලීසියේ රාජකාරියයි. පොලීසියේ රාජකාරිය අවතක්සේරු කළ නොහැක. කෝච්චි නවතාගෙන අයුතු ජනරාශියක් සිදුවන්නේයැයි සිතමු. ඉන් පීඩාවට පත් ජනයාට පීඩකයන් සමග සටන් කිරීමට අපහසුය. . ජනයාට කදුලු ගෑස්ද නැත. පොලීසියක් කියා දෙයක් තිබෙන්නේ ...
චන්ඩින් ,ඉල්ලීම් හා ප්‍රාන ඇපකරුවන් Yakaagea Daviya අද වැඩට ගියේ දෙගිඩියාවෙනි. කෝච්චි ස්ට්‍රයික් එකක් ගැන තොරතුරක් ලැබීම ඊට හේතුවයි. එහෙත් යන්නවත් එන්නවත් කිසිම කරදරයක් නොවිනි. රාගම සිදුවීම මත වර්ජනයක් කරන බව ට ආරංචි පැතිර ගිය අතර තව ඉල්ලීම් රැසක් සම්බන්ධව වෙනම වර්ජනයක් කරන බවටද කතා පැතිරුනි. මොන හේතුව නිසා වර්ජනය කළත් හවස් වන විට සියල්ල යථා තත්වයට පත්වන බවට නම් විශ්වාසයක් විය. මෙවැනි බලපෑම් සහගත වෘත්තිකයන්ගෙ ඉල්ලෙම් ...
හුදකලාව බොහෝ ප්‍රශ්න වලට විසදුමකි Yakaagea Daviya කොරෝනාවෙන් උගත් පාඩමක් නම් එකිනෙකාගෙන් ඇත්ව සිටීමෙන් බොහෝ ප්‍රශ්න විසදාගත හැකි බවයි . නිවෙස් වල හුදකලා වීමෙන් ගැටුම්වල පවා අඩුවක් ඇත. මෙවර රතිඤ්ඤා අනතුරු එකක්වත් නැත. ...
කොරෝනා බටහිර හා ආසියාව Yakaagea Daviya ලොව පුරා කොරෝනා රෝගයට අලුතෙන් ආසාදනය වීම හා මරන ප්‍රස්තාරය ෆ්ලැට් වී ඇත.ලෝකයේ අලුතෙන් 80000 ක් දිනකට ආසාදනය වන විට 5000 ක් පමන මියයන මට්ටමේ නතර වී ඇත.කොරෝනා නිසා බලවත් අපහසුතාවයට පත්වුනේ බටහිර වන්දනාමාන කරන පිරිසයි. සුද්ද මෙච්චර අනාගනීවිද කියා ඔවුන් අන්ද මන්ද වී ඇත.අච්චර සුද්ද මෙච්චර ඇනගනියිද කියා විශ්මයට පත් අය විවිධ සිත නිවන කතා කියති.බටහිර රටවල් මේ කරන්නෙ ...
ආරේ ගුන නෑරේ Yakaagea Daviya කියවන්න මේ පෝස්ට් එක. බලන්න අර චිම්පන්සි චාර්ට් එක. හෙහ් හෙහ්. එය ඔබට අලුත් දෙයක් වේවි සිතන්නටහෝමෝ සේපියන්ලා සහ නියැන්ඩතාල් මිශ්‍රනය ගැන අපූරු කරුනුත් විවිධ වාර්ගිකයන්ගේ ජානමය දත්ත හා හැසිරීම් ගැනත් මෙහි අපූරු කරුණු ඇත.මෙය වර්ගවාදී අධ්‍යනයක් ලෙසද කෙනෙකුට පෙනී යාමට ඉඩ ඇත.මට නම් එය තවත් එක්තරා අධ්‍යනයක් පමනි.මට කුතුහලයක් විය.ඒ මිනිසා ගේ පරිනාමය එකිනෙකින් ස්වාධීනව සිදුවී ඇති බව. මොංගොයිඩ් ...
ලෝකයේ ප්‍රථම පෙම් හසුන Yakaagea Daviya මෙය ක්‍රි;පූ 4000 පමන කාලයකදී කියන ලද්දක් බැවිනි දැනට වසර 6000 ක් වත් පැරණිය . මෙය ලියූ කාලය ,දීපය ,දේශය බලන විට අපූරු කාරනා අනාවරනය වෙයි. sacred marriage මේ ඉනන්නාගේ පූජකවරියක් විසින් රටේ රජුට ලියූ පෙම් හසුනකි. ඉනන්නා යනු මෙසපොතේමියාවේ ප්‍රබලම දේවතාවියකි. රජු හා ප්‍රධාන පූජකවරිය අතර සංසර්ගය ඉනන්නාගේ ශුද්ධ වූ විවාහය සංකේතවත් කරයි. මෙය රටේ ප්‍රධාන ජාතික උත්සවයයි.ඉනන්නාගේ යුගය ...
ජෝතිපාල ලාගේ හා අමනපාලලාගේ මැතිවරණ අනාවැකි Yakaagea Daviya ජෝතිපාලලා අන්වැකි කීම මුල්ම සර්වජන ඡන්දය තෙක්ම දිවෙන්නක් විඋය හැක.ජෝතිපාලලා අනාවැකි කියන්නේ යම් ක්‍රමවේදයකට අනුවය. සම්භාවිතාව සීයට පනහක් නිසා ජෝතිපාලලා සීයට පනහක් ගොඩයති. කෝකටත් තෛල කිහිපයක් ජෝති දහමේ ඇති නිස්ඩා ඉතිරි සීයට පනහද පසුව ගොඩ යති. ජෝති දහම විශ්වාසකරන ජනතාවක් සිටින නිසා ජෝතිපාලලා කරන මනෝ විද්‍යාත්මක බලපෑම සුලුපටු නැත.2015 ජනාධිපතිවරනයේදී ප්‍රසිද්ද ජෝතිපාලලා සියලු දෙනාම එක පැත්තකට කේන්ද්‍රගත වූහ. විපක්ෂයද තමන් ...
කොරියන් ගොනා පොල් පැලේ කයිද Yakaagea Daviya අරුණි අපූරු ලිපියක් පළ කර ඇත.එය මාද කැමති විශය ක්ශේත්‍රයකි. ඇත්තෙන්ම මම විවේක වෙලාවට ගූගල් සර්ච් කරන විට නොවැරදීම ටයිප් කරන වචන කිහිපයක් වෙයි.3d printing ,virtual reality , artificial intelligence ඒ අතර වෙයි.ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂනයෙන් නිර්මානය කළ හොටක් පක්ෂියෙකුට බද්ධ කිරීම ගැන එම ලිපියේ සදහන් වේ. ඇත්තෙන්ම බයෝනික් අවයව නිර්මාණය, නිවාස ගොඩ නැගීම, රොකට් එන්ජින් වල අමතර කොටස් පවා මෙම ...
සමුගැනීම Yakaagea Daviya මෙම තීරණය ගත්තේ සැප්තැම්බර් මාසයේය. හේතු කිහිපයකි. එකක් නම් මේ සදහා මගේ කාලවේලාව විශාල වශයෙන් වැය වීමය. මම ඉතා කාර්යබහුල කෙනෙක්මි. තවත් හේතුවක් නම් බ්ලොග් ලිවීමෙන් මා බලාපොරොත්තු වූ සන්තුෂ්ටිය නොළැබීමය. මම බ්ලොග් ලියන්න ආවේ ඒ මගින් විවිධ පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ගෙන් අරක්කු බීමට හෝ ඔවුන්ගෙන් මුදල් ආධාර ලබා ගැනීමට නොවේ. තථ්‍ය අවකාශයේ දක්නට නොළැබෙන සංවාද පරිසරයක් බ්ලොග් වල ගොඩ නැගෙනු ...