අපේ දෙයිය දෙයියා දෙයියන්ගෙත් දෙයියා Yakaagea Daviya කොන්කිස්තදෝස් නම් පොත ගැන ට්‍රාන්ස්ලිවේනියා බ්ලොග් එකේ ලිපියක් පළවී තිබූ අතර එය කියවීමෙන් පසු ඒ ගැන විචාරයක් පළ කිරීමට සිත් වුවද කුමන හෝ කරුනක් නිසා එය මග හැරුනි. එය යළි මතකයට ආවේ වර්තමානයේ මැද පෙරදිග උද්ගත වී ඇති ආගමික නොසන්සුන්තාවය නිසාය. සිය ආගම සත්‍ය කියා අනෙක් ආගම් අදහන අය මරන මේ අයි එස් ම්ලේච්ඡත්වය ඉබේ ඇතිවුනක් නොවේ. යුරෝපීයයාද අවුරුදු දහස් ...
වයසට යාම ලෙඩක්ද Yakaagea Daviya විද්‍යාවේ තාක්ෂණයේ මහිමය නිසා අද අපට සිතාගතනොහැකිතරම් දීර්ඝායුෂ ලැබිය හැකි යුගයක් එනු අැත. එවිට අප විසින් ගොඩනගාගෙන තිබෙන මිථ්‍යාවකින් අපට මිදෙන්නට සිදුවේ. ඒ මිනිසා කාබනික යන්ත්‍රයක් නොව වැඩිමනත් දෙයක්ය යන්නයි.ඉදිරියට යන්නෙ නම් යාන්ත්රීයකරනය වීමට සිදුවන අතර මනුෂ්‍යත්වයෙන් බැහැරවීමට සමගාමීව සිදුවේ.ඒ සමගම උත්තරීතර මනුෂ්‍යයන් පිරිසක් ලෙස වැජබෙන පූජක පැලැන්තියේ කාර්යභාරයද ප්‍රශ්න කෙරෙනු අැත ...
කවුද මේ නල මුදලියා Yakaagea Daviya අද මම කොටුව ඉස්ටේසමේ ඔබ මොබ යන කල ඇස ගැටුන පොතක් මිලදී ගත්තෙමි. ඒ රාජාවලියයි. ඒ කාරණා දෙකක් නිසාය. එකක් නම් පොතේ මිලයි. රුපියල් 160 කි. අනෙක් කරුන නම් කියවන්න වටින පොතක් වීමයි. පොත කියවන කල අපූරු කතාවක් මට හමුවිය. ඒ නල මුදලියා ගැන කතාවයි. මේ නලමුදලියාගේ කතාව වෙන කිසිම මූලාශ්‍රයක හමුනොවේ. එහෙත් එය බැහැරකළ හැක්කක් නොවේ. මන්ද අප ...
වහල්ලු හා රජවරු Yakaagea Daviya කාලය හරහා අතීතයට හා අනාගතයට යාම විද්‍යා ප්රබන්ධවලට මාතෘකාවක් වී ඇත. මෙය ප්‍රායෝගිකව කල හැකිබවට විද්‍යාඥයෝ දැන් පවසති. ඉතා සුළු වේලාවක් අනාගතයට ගිය රුසියන් නියමුවෙක් ගැනද වාර්තා වෙයි.මෙය සත්‍ය නම් අනාගතයේ සිට කිසිවෙක් අතීතයට නාවේ මන්දමෙම ඡායාරූප ගනනාවක් ඇත. සමහර ඒවායේ මොබයි ෆෝන් ගත් අය සිටිති . තව සමහර ඒවායේ කාලයට නොගැලපෙන ඇදුම් ඇදි අය සිටිති. නමුත් ඒවා අපහැදිලිය. ...
රෝයල් පාක් Yakaagea Daviya අප ජීවත් වන්නේ අති භයානක සමාජයකය. එය අපේ වෑඩිහිටියන්ට තේරෙන්නේ නැති එක අවාසනාවකි. යුක්තියක් සාධාරනයක් නැති බනානා රාජ්‍යයක ජීවත්වීම බිය දනවන සුලු දෙයකි. ලොක්කෙක් නොවන කිසිම කෙනෙකුට ආරක්ෂාවක් නැත. වින්දිතයා විදේශීය තරුණියක් වීමත් තානාපති කාර්යාලවල බලපෑමත් නිසා මෙච්චර දුර මෙය ඇදුනත් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයකු අරභයා නම් ජනාදිපති සමා දක්වා දුර යන්නේ නැත. මුලින්ම විසදාගන්නට ධනය ඇති පාර්ශ්වයට හැක.මෙයින් උගන්වන පාඩමනම් ...
සයිබර් ට්‍රක් Yakaagea Daviya ලිපිය ගැන මෙන්ම ගූගල් ට්‍රාන්ස්ලේටර් ගැන්ද යමක් කිව යුතුය. විවේක වෙලාවක ලිපිය තවත් සුමට කරමි. ගූගල්හි පරිවර්තන මෘදුකාංගය බොහෝ දුරට සාර්ථක බව පෙනේ. අනාගතවාදියෙක් ලෙස මට එය ඔබට පෙන්වීමටද අවශ්‍ය විය.https://paleofuture.gizmodo.com/will-elon-musks-cybertruck-arrive-before-the-flying-car-1839995088අනාගතය ගොඩනැගීම දුෂ්කර ය. ටෙස්ලා විසින් ඊයේ රාත්‍රියේ ලොස් ඇන්ජලීස් හි සයිබර්ට්‍රක් එළිදැක්වීමේ උත්සවයට වඩා වැඩි යමක් වෙනත් තැනක දක්නට නොලැබුණි. නමුත් ඕනෑම කෙනෙකුට එය කළ හැකි නම්, එලොන් මස්ක්ට ...
තවත් මුල්ලපටස් ලියුමක් Yakaagea Daviya මුල්ලපටස් යන වචනය මම දැනගෙන සතියක් වත් නැත. එය මට අහුවුනේ සඳරුගෙ බ්ලොග් එකෙනි. ආපස්සට බ්ලොග් ලිපි කියවගෙන යනවිට සඳරුවා මුල්ලපටස් බිව්ව හැටි කියා තිබිණි.ඇඩ්ඩිං නම් වූ උත්තමයෙක් මුල්ලපටස් පෙරන්නට පටන් ගත් විට මුල්ම වඩිය බීමි වරප්‍රසාදය ලැබුනේ සඳරුවාටය. මුල්ලපටස්වල කික් එක එන්නෙ තැපැල් බව කියනු ලැබේ. සඳරුවාට කැරකිල්ල හැදී ගෙදර යාමට ත්‍රීවීල් එකක් අවශ්‍ය විය. කික් එක අවසන් ...
මෙම ජනාධිපතිවරණයේ මගේ නිරීක්ෂන Yakaagea Daviya මෙම මැතිවරණයේ විවිධ දිශානතෙන් ගැන අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමි.දුගී දුප්පතුන් කෙරෙහි ප්‍රේමදාස ප්රත්පත්ති නිසා පැහැදුන පිරිස - ඇත්තටම සජිත්ගේ ශක්තිය ගැන කාටවත් හරි අවබෝධයක් නැත. දැඩි එජාප විරෝධීන් පවා මේ පාරනම් සජිත්ට කියන මට්ටමක් ඇත. හේතුව මම නොදනිම්. ඔවුන් ගෙවල් ලැබුන අයහෝ දුප්පතාගෙ හිතවතා යන ප්‍රේමදාස ප්‍රතිරූපයට ප්‍රිය කරන අය විය හැක.2010 න් පසු මහින්ද ගේ ගමන නතර කළ ...
ගබ්සාව Yakaagea Daviya ආයෙත් ගබ්සාව ගැන කතාබහ ඇතිවෙලා. එක පිරිසක් කියනව ගර්භාෂය අයිති කාන්තාවට නිසා දරුගැබ ගැන තීරන ගන්න ඇයට අයිතිය තිබිය යුතුයි කියල.මගෙ මතයත් කාන්තාවට අයිතිය තිබිය යුතුයි කියල. ගබ්සාවට විරුද්ධ ආගමික නායකයො වගෙ අය ඔක්කොම පිරිමි. ඔය හැම ආගමක්ම නිර්මානය කලෙත් පිරිමි. දෙවිවරුත් පිරිමි. බැරිවෙලාවත් දරුවන් බිහිකිරීම පිරිමි පාර්ශ්වයට තිබුනනම් අඩියෙන් අඩියට ගබ්සා සායන. ලෝක මට්ටමෙන් ගත්තත් ගබ්සා විරෝධය පිටුපස කුහකකමක් ...
ඉස්තේවන් අයියගෙ ලියුම Yakaagea Daviya කාලය හරහා අතීතයට යාම ගැන අදහස ආවේ 1895 තරම් කාලයකදීය. එහෙත් ඇල්බට් අයියගෙ අන්ඩර දෙමළයක් නිසා එය කතාබහට ලක් විය.ඇල්බගෙන් පසු රජවැඩකාරයා අපේ ඉස්තේවං අප්පුවාය. මේ ඉස්තේවං ගොයියගෙ ලියමනකි. මෙය හමුවුනේ අන්තර්ජාලයෙන් බව කියන්න ඕනෑ නැත.එය පළකර තිබුනේ නොදන්න මඟුල් කියා බ්ලොග් එකකය.එහි කතුවර මහතා එය කිසියම් කරුණක් නිසා නවතා ඇත.එහෙත් එය ඉතා අනගි බ්ලොගයකි.මෙතනින් බලන්න මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ...
ඡන්ද රාජකාරි කළෙමි ( යකාගෙ ඡන්ද වැඩ ) Yakaagea Daviya ඡන්ද රාජකාරි ගැන ලියනන්ට සිතුනේ ජනාධිපතිවරණයෙන් පසුවය. හාපුරා කියා ඡන්දෙකට ගියෙ ජනවාරි 9 ජනාධිපතිවරණයටය. ඒත් ලියම්දෝ නොලියම්දෝ කියා දෙගිඩියාවෙන් සිට රාජ්ගෙ නවාතැනේ පළවූ ලිපියේ සවිස්තරව ඡන්ද වැඩ ගැන ලියා තිබුනෙන් එහි කොමෙන්ටුවක් කොටා පැත්තකට වුනෙමි.මහ ඡන්දෙටත් ඡන්දවැඩට ගියෙමි. එහෙත් ජනාධිපතිවරනෙට මෙන් ආසාවකින් නොවේ. ජනාධිපතිවරන කාලෙනම් ඡන්ද වැඩට යන්න ආසාවක් තිබිණි. ඒ රජයේ සේවකයෙක් ලෙස මේ අත්දැකීම ලැබිය යුතුයැයි විශ්වාස කළ ...
මානව ඉතිහාසයේ අග්‍රගණ්‍ය විශිෂ්ටතමයන් තිදෙනා Yakaagea Daviya මානව ඉතිහාසයේ අග්‍රගණ්‍ය විශිෂ්ටතමයන් තිදෙනා තීරණය කි9රීමේදී මා විසින් නිර්ණායක කිහිපයක් යොදාගත්තෙමි.එම පුද්ගලයා වර්තමානයට කර ඇති බලපෑම -එනම් ඔහු නොසිටින්නට අද අප දන්නා ලොව වෙනස් වී තිබිය යුතුය.දේශපාලනික කරුණු පමණක් අදාල කර ගැනීම _ විද්‍යාත්මක සොයාගැනීම් කළ අය මානව සමාජයට කර ඇති බලපෑම් කොතරම් ප්‍රබල වුවද අදාල කරගෙන නැත.සමස්ත ලෝකයටම බලපා තිබිය යුතුය.- ලොව එක් කොටසකට පමණක් බලපෑම අදාල නැත.බලපැම ...
තේ පැන් සාදයි තම්බි කඩේ -බිස්මිල්ලාහ්,සුබනාඅල්ලාහ්,අල්හම්දුලිල්ලාහ්,ජසාකල්ලාහ් Yakaagea Daviya අපගේ මිත්‍ර උන්මන්තක තුමාට පොරොන්දු වූ පරිදි ඉස්ලාමය ගැන තිබෙන විචිකිච්ඡා දුරලීම පිනිස ආගම්වාදී නොවන සංවාදයක් කිරීමට යි මේ පිටපොට ගැහිල්ල. ඇත්තෙන්ම ඉස්ලාමය හා මුසල්මානයන් ගැන සමහරු තුල ඇති නුරුස්නා හැඟීම මට නැත. මම ඔවුන්ගේ බොහෝ සාධනීය දේ දකිමි. නිශේධනීය දේද එලෙසම දකිමි.සමහරුන්ට මුසල්මානයන්ගේ ඇදුම ප්රශ්නයකි. මට නම් එය අවුලක් නොවේ. නිකාබ් නමින් හැදින්වෙන ඇෆ්ගනිස්ථානයේ ප්‍රචලිත කාන්තා ඇදුමෙන් මුහුණ සම්පූර්නයෙන්ම ...
බ්ලොග් ඉස්කෝලේ ගුරුවරු Yakaagea Daviya මම බ්ලොග් වලින් ඉගෙන ගනිමි. බුකියෙන්ද ඉගෙන ගනිමි. මා තථ්‍ය ලෝකයේ වුවද වඩා කැමති අනුන්ට දෙසන්නට නොව අනුන්ගෙන් ඉගෙන ගන්නටය. අනුන්ගේ දැක්මවල් උකහාගෙන මගේ මතයක් නිර්මානය කිරීම මගේ අරමුනයි. මගේ මතය හදාගත් පසු ඊට පසුබිම් වූ උගතුන් මොනතරම් ලොක්කන් වුවද මට එය ප්‍රශ්නයක් නොවේ. සමාජ විද්‍යාවන් අරභයා මට කිසිවෙක් ලොකු නැත.ඔවුන් ලෝක ප්රසිද්ධවුවද අවුලක් නැත්තේ ඔවුන්ගේ කියවීම් මට කියවා තේරුම් ...
මැදින් පොහෝදා යකාගෙ කවි Yakaagea Daviya මැදින් මහ පොහෝ දින උදේ සිට ඇදි ඇදී ගියකඳු අතර හෙල් අතරගමන නිම විය සවසවිඩා බව හැර පියාජනේලද හැර පියාසිසිල් සුලඟක් පතාපුටුවටම බර වුනෙමිදහවලම ගිල ගත්තමහා රකුසෙකු ලෙසින හාත්පස පැතිර ඇතිඅන්ධකාරය රජෙකිනැත නින්ද මා අසළසිතට රැය දැනී නැතඒ නිසා ලැපද ගෙන සිත එයට වගුරුවමි.මේ ලියන ඇඩ්මින් මෙමා තවත් එක් සතෙක් බවපිරිසිද දැනගෙනමලෝසතුන් දෙස බලමිඒ මහා සත්ව කැළකෙළවරක් නැති සසරසැරිසරන කතන්දරඅප ...
ගුරුවරියකගේ මතකය බ්ලොග් එකේ ගුරුතුමිය මගේ ලිපියට දුන් පිළිතුර Yakaagea Daviya ගුරු වෘත්තිය හා ළමා හිංසනය නමින් මා ලිපියක් ලිව්වේ එහි තිබූ එක් අසාමාන්‍ය දඩුවමක් දැකීමෙනි. එය පාදක කරගෙන ගුරුවරුන් විසින් දැණුවත්ව හා නොදැනුවත්ව සිදුවන මෙවැනි හිංසනයන් ගැන සංවාදයක් ආරම්භ කිරීමට මට අවශ්‍ය විය. එම දඩුවම දුන්නේ මෙම ගුරුතුමිය ගුරු වෘත්තියට ආ අලුත යැයි කියනු ලැබේ.මම වෘත්තියට ආ අලුත කළමනාකාර සහකාරවරියකට දොස් කියා ඇය ඇඩූ සැටි මට මතක් වේ. මා කිව්වේ ...
මගේ ඡන්දය , හෙට ඡන්දය සහ වෙනස්ම වෙනස් හෙට දවස Yakaagea Daviya මම හාපුරා කියා ඡන්දය දුන්නේ 1994 මහ මැතිවරණයටය. ගෙදර සියල්ලෝම පොදුපෙරමුණට ඡන්දය දෙන විට මම එක්සත් ජාතික පක්ෂයට දුන්නෙමි. මගේ කුළුදුල් ඡන්දය වැටුනේ එක්සත් ජාතික පක්ෂයටය. දෙමවුපියන් පොදු පෙරමුණට වැඩ කරන විට ගෙදරට ආ අමුත්තන් සමග මා කතාබහ කළේ එජාපය දිනන බවය. පුතා යූඇන්පීද කියා කැන්වසින් යන කීප දෙනෙක්ම පියාගෙන් අසා තිබිණි.මම ප්‍රේමදාස මියයනතුරුම එජාප ජයක් ප්‍රාර්ථනා නොකළෙමි. මම එජාපයට ...
පින් පවු කියා දෙයක් තියනවද Yakaagea Daviya පින පව යන සංකල්පය මානව ඉතිහාසයේ මුල සිටම දකින්නට ලැබෙන්නකි. අප ම්ලේච්ඡ යැයි හදුන්වන ගෝත්‍රවලද පින පව යන අදහස ඇත.එහෙත් මෙය සමාජයෙන් සමාජයට වෙනස් වේ.එක් සමාජයක පිනක් තව සමාජයක පවක් වීමට ඉඩ ඇත.හොඳම උදාහරනය බිලිපූජාවයි. දෙවියන්/සොබාදහම ඇදහූ ආදිකාලීන ගෝත්‍රිකයෝ සිය ක්‍රියාමගින් සොබා දහම පිනවන්නට උත්සාහ කළහ.දෙවියන්/ සොබාදහමසතුටු කරන බිලිපූජාව එය සිදුකරන අයට අනුව පිනකි,කුසලයකි.වෙනත් සමාජයක එය පවක් විය හැක.දේව කේන්ද්‍රීය ...
ඒහි පස්සිකෝ ( එව බලව ) / තාර බර හැර මඩද සෝදා ඇත්ත මතුකරගනිමු. Yakaagea Daviya බුදුන් වහන්සේගේ චරිත කතාව දෙරණ රූපවාහිනියේ කොටස් වශයෙන් යයි. මේ වන එහි පරිනිර්වාන සමයයි.අප ඇසූකියවූ දේවල් රූප්පමය ලෙසින් නැරඹීම අපූරු අත්දැකීමක් විය. මෙය මීට කලින්ද විකාශනය කළත් එය මට නැරඹිය නොහැකි විය.ලංකාවේ විකාශනය කරන විට බුදුන් නොපෙන්වා බුද්ධ පින්තූරයක් පෙන්වා තිබේ. එය හොඳය. බුදුන් වෙනුවෙන් නළුවෙක් රඟපාන හැටි දකින එක ටිකක් අවුල් නිසාය.මම සාමාන්‍යයෙන් කෙනෙක් කියන දෙයක් එලෙසම පිළිනොගෙන හැම ...
වැඩියෙන් ළමයි හදන එක අදට ගැලපෙන ප්‍රායෝගික දෙයක්ද වැලේ ගෙඩි වැලට බර වෙයිද Yakaagea Daviya බ්ලොග් අඩවියක පුංචි කතාබහක් ඇතිවිය.ඒ වඩිපුර ළමයි හැදීම ගැනය.පසුගිය කාලයේ බුකියේද මේ ගැන වාද විවාද ඇතිවිය.බුකියෙ වාද වල පදනම වුනේ එක්තරා ජනකොටසක් වැඩිපුරලමයි හදන නිසා තරගෙට අපද ළමයි හැදිය යුතු බවය. එහෙත් මෙම එක්තරා ජනකොටසෙහිද වැඩිපුර ලමයි හදන්නෙ නූගත් දුප්පත් අය බව පෙනේ. අතීතයේ පවුලකට වැඩිපුර ලමයි අවශ්‍ය විය.ඒ කෘෂිකාර්මික හා යුද්ධමය කටයුතු උදෙසාය. ගෝත්‍රික සමාජවල ජනගහනය යනු තීරනාත්මක සාධකයක් ...