සුමනදාස සමරසිංහ .අපේ කාලයේ මහා වීරයෙකි, උත්තම පුරුෂයෙකි. Yakaagea Daviya මෙම පෝස්ට් එක පාඨකයෙකුගේ ඉල්ලීමක් මත දමන විශේෂ එකකි. ඇත්තෙන්ම අද සමාජයට නුහුරු මේ උදාර පුරුෂයා ගැන දැනුවත් කිරීම මහ මෙහෙවරක් ලෙස මටද සිතුනි.ඒ උදාර පුරුෂයා ගැන අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීමට සුමනදාස කියා ටයිප් කරන විට සජෙෂන් ලෙස මුලින්ම ආවේ සුමනදාස සමරසිංහ යන නම මුලට එන වල් පාහර තක්කඩියාගේ නමයි. ඉමේජස් චෙක් කරන විටද තක්කඩියාගේ තුච්ඡ මුහුන දිස්වේ. එය දුටු විටම ...
විකල්පය කෙළෙහිගුණ හා රුපියල් විස්ස Yakaagea Daviya මෙවර අන් සියලු ජනාධිපතිඅව්රනවලට වඩා වෙනස් ලක්ෂනයක් දැකිය හැක ඒ විකල්පයක් ගොඩනැගීම ගැන වූ සංවාදයයි. එහෙත් බොහෝ දෙනෙකුට තම්න්ට කැමති අපේක්ෂකයාට හෝ පක්ෂයට ඡන්දය දිය නොහැක. මන්ද ජනාධිපතිවරනයේ ධ්රැවීකරනයයි. දිනන්නේ සජිත් හෝ ගෝඨාභය බව නොදන්න කෙනෙක් නැත. එවිට විකල්පය හා සෙසු අයට ඡන්දය දෙන අය ඉදිරියේ ප්‍රශ්නයක් පැනනගී. එනම් තමා අකමැති කෙනෙක් ජනාධිපතිවේද යන්නයි. විකල්ප හා සෙසු අයට ඇතැම් විට ...
මෙන්න ඔබ පුල පුලා බලා සිටි සුදුවෑන් සතා . මෙයාගෙ ගෑනු සත්තුත් ඉන්නවද Yakaagea Daviya මම බටහිර සංස්කෘතිය ප්‍රිය කරන්නෙක්මි. විශේෂයෙන් මම ඇමරිකානු හිතවාදියෙක්මි. ඊට හේතුව මානවයාගේ ශිෂ්ටත්වයේ පරමාදර්ශය ලෙස මා ඇමරිකාව සළකන බැවිනි. කෙටියෙන් කිවහොත් මම ඇමරිකානු පුරවැසි බව අද ලබා ගතහොත් හෙට සිට මා ඇමරිකානුවෙකි. එහෙත් රුසියාවේ පුරවැසියෙක් වුනා කියා මා රුසියානුවෙක් නොවේ. චීනයේ පුරවැසියෙක් වුනා කියා මා චීනෙක් වෙන්නේ නැත. ඇමරිකාව යනු මානව අච්චාරුවකි. එය මානව ඉතිහාසයේ අපූරුම අත්හදාබැලීමයි. මා දක්ෂ නම් ...
ඊ මනි ප්‍රෝඩාවට හසු වුනෙමි. Yakaagea Daviya මම ඊ මනි පුහුණු වැඩමුළුවකට ගියෙමි. මම නොදන්නා මේ ක්ෂේත්රය ගැන දැනගෙන යම් මුදලක් ඉපයීම මෙහි පරමාර්ථය විය. වැඩමුළුවට අයකිරීම රු 7500 කි, එය දරන්න බැරි මුදලක් නොවූ නිසා ත් නැතිවුනත් අවුලක් නැති නිසාත් ඉරිදා දවසේ මෙම වැඩමුළුවට ගියෙමි.මම යන විටද මෙයට සැළකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. ඔවුහු බහුතරය ඉස්කෝලවලින් ජස්ට් පාස් අවුට් එවුන්ය. ගෘහිණියෝයැයි කිව හැකි පිරිසක්ද විය.මේ අය ...
පිකටින් කරන්නට තමන්ගෙම කියල තැනක් Yakaagea Daviya උද්ඝෝෂන කරන්නට සිසුන්ට වෙනම තැනක් දෙන්නට යන බව ආරංචි වී ඇත. එහෙත් සිසුන්ගේ ඇත්ත මානසික අවශ්‍යතා ඉන් සම්පූර්න වේද ? ෆන් එක ආතල් එක ගතිය ත්රිල එයින් ලැබේදපාරවල් වහල වොයිස් කට් දීල ඇගේ පතේ හිරි ඇරගෙන යටි ගිරියෙන් කෑ ගහල එහෙමමේ පරන පෝස්ට් එකකි. මෙහි අපූරු විසදුමක් යෝජනා කර තිබේ. කියවන්නමෙතනින් මෙතනින් ...
අනෝනිමස් කෙනෙක් වෙතටයි. Yakaagea Daviya 71 හා 88/89 කැරලි ගැන කතා කරන විට අනෙක් පාර්ශ්වයෙන් ඇනෝ පිළිතුරු ලැබේ. මේ ඇනෝ පිළිතුරු ඉතා මෝඩ තර්ක මත පිහිටා ගොඩනගන ඒවායි.පොදුවේ නගන තරක්ජය නම් ජවිපෙ දෙවරක් කැරළි ගැසුවේ නැත්නම් රට සෝමාලියාවක් වන බවයි.ලංකාවට සමාන හෝ ඊටත් අඩු සමාජ ආර්ථික පරිසරයන් සහිත රටවල මෙවැනි කැරලි ඇති නොවීය. එම රටවල් සෝමාලියාවල් වුනේ නැත. ලංකාවට වඩා දියුණු විය.88/89 පරම්පරාව විප්ලවකාරී ජීව ...
සිත්වල ඇති කොරෝනා- තොටවත්ත හා මෝදර කොල්ලා Yakaagea Daviya කොරෝනා කාලේ කාගේත් සිත් නිදහස් ව තිබේ.ඇත්තටම මෙය අලුතෙන් කල්පනා කිරීමට හොඳම අවස්ථාවකි. ලැබෙන විවේකය අන්තර්ජාලය ඇසුරු කරමින් දැහැමෙන් සෙමෙන් ගත කරමු. තෙද ඇති ශාස්ත්රකරුවෙක් මේ බිමේ වෙයි. ඔහුට පැසසිය යුතු මට්ටමේ ඥාන සම්භාරයක් ඇති බවද කිවයුතුය. ඔහු අනාවැකි කියා අතේ කයිතන් වූ අයෙක් බව නොකියාම බැරිය.වෙනත් සාත්තරකාරයන් සේම ඔහු කරන්නේද දක්ෂ අනුමාන කිරීම්ය. බල්ලෙක්වත් ආයෙ එන්නෑ කියපු කතාව මෙන්ම ...
දෙතිස් කතාවෙන් තවත් කතා Yakaagea Daviya ජනාධිපතිවරන කතා අටහ්රින් මගේ සිත්ගත් එක් බ්ලොග් ලිපියක්නම් දෙතිස් කතා ලිපියයි. එහි කතා කතු සිය කොට්ටාසයේ ( හේවාගම් කෝරලයේ අසුනක් විය හැක ) කල සංචාරයක් ගැනද සදහනක් කරයි.එය සත්‍යයකි.සජිත්ගේ ආගමනයෙන් යම් පිබිදීමක් සිදුවී ඇත. කවදාවත් ඡ්න්ද පොලට නො එන එජාප පාක්ෂිකයා නම් සංකල්පයටද පන ලැබී ඇත. මෙය අහ්රිම අපූරු සංකල්පයකි. මෙය සමානකල හැක්කේ අතීත යුරෝපයේ ප්රෙස්ටර ජෝන් සංකල්පයටය. එදා නාවිකයන් ...
ප්‍රදීප් මංගල ඇත්තටම මේ එයාද නෑ එයා නෙමෙයි වෙන කෙනෙක්. Yakaagea Daviya බ්ලොග් ලිවීමට හා කියවීමට ඇබ්බැහිවීම නිසා එම ඇබ්බැහියෙන් මිදීමට බ්ලොග් එක ලිවීම නතර කල බව ඔබ සැම දන්නා කරුනකි.බ්ලොග් එක මෙසේ නතර කිරීමෙන් පසු විභීෂන අඩවියේ කොමෙන්ටුවක් දමන ජගත් පතිරන මම ඇනෝ කොමෙන්ට් දමන්නට පටන් ගෙන ඇති බව කියා තිබිනි.මම එයට කිසි පිලිතුරක් නොදුන්නෙමි.මම බ්ලොග් ලිවීම නතර කල කාලයේම ප්‍රදීප් මංගල නමින් කොමෙන්ට් කරන අයෙක් පහල විය. මේ ප්‍රදීප් මංගල ...
ඇයි බං අපට මෙහෙමවෙලා තියෙන්නෙ Yakaagea Daviya මේ මාතෘකාව මම මීට පෙරත් කොමෙන්ට් වල කතා කර තිබෙන එකකි.එනම් අපේ පැරණි ශ්‍රී විභූතිය ගැනයි.මෙම ශ්‍රී විභූති කාරනය කලක් මාද විශ්වාස කළෙමි. ඉතිහාස විශය මගේ ප්‍රියතම විශයක් වුනේ මෙම විශ්වාසය නිසයි.ආර්යයන්ගේ ආගමනයට පෙර යුගයෙන්ම ආරම්භ කරමු.යක්ෂ ගෝත්‍රිකයන් යනු මාතෘමූලික ජනවර්ගයකි. ඔවුහු රට මැදට වන්නට ජීවත් වූහ. දිවයිනේ බහුතරය වූ ඔවුන් වෙළදාම්වල නියැලුනත් රටේම බලය පවත්වාගෙන නොගියහ. නාග ගෝත්‍රිකයෝ වෙරළබඩ ...
අපේ පාසල් පද්ධතියේ තවත් හපන්කමක්. මහා අපරාධයක් ඇල්ලූ වීරගුරු මෙහෙයුමක් Yakaagea Daviya සෝභිත හිමියන්ගෙ අපවත්වීම හා මියන්මාරයේ අවුන්සාන් සුකී ගැන ලියන්නට සිතුනත් දෙසතිය තුල කිසිවක් නොලියන බවට මා තීරනය කල නිසා නොලීවෙමි. එහෙත් හද කම්පා කරවන සිදුවීමක් ගැන බ්ලොග් ලියන අපේ මිතුරෙක් මැසේජ් එකක් එවා තිබිනි. ඒ ලින්ක් එකක්ද සමගිනි. ඇත්තෙන්ම මෙම බ්ලොග් එක මම නිතර යන බ්ලොග් එකක් නොවේ.පෝස්ට් එකක් නොව එහි හුදු සටහනක් පමනක් තැබීමට තීරණය කළෙමි.උක්ත සිදුවීම මීට කලකට ...
ලස්සන සිරගෙයක් ලස්සන සංකල්පයකි. එහෙත් ඔබ ඊට කැමතිද Yakaagea Daviya Bindi ලියන නෙළුම්විළ බ්ලොග් අඩවියේ වැදගත් මාතෘකාවක් සාකච්ඡා කර තිබිණි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ගැන ප්‍රශංසා මුඛයෙන් එම ලිපිය ලියා තිබිණි. එහි මගේ අදහස් දැක්වීමක් කළත් වඩා සර්වසම්පූර්ණව එය සාකච්ඡා කළයුතු යැයි සිතේ.එහි සබැදිය http://nelumwila.blogspot.com/2015/03/blog-post_26.html Bindi ගෙ අදහස් ඔහු නැති සිංගප්පුරුවක සිටහැත්තෑ හතේ විවෘත ආර්ථිකය ගෙනෙනා විට ලංකාව සිංගප්පුරුවක් කරන බව ඇසෙන විට මා පාසල් යන්නටත් පටන් නොගත් කුඩා දැරියකි. ...
කලාකරුවන් යනු අලිපුකෙන් ආ අයද Yakaagea Daviya මින් ඉදිරියට අළුත් විශේෂාංගයක් හදුන්වාදීමට අදහස් කරමි. එනම් වෙනත් බ්ලොග්වල පළවන ශාස්ත්‍රීය ලිපි ඒවායේ සබැදි සමඟ මුළු ලිපියම පළකර විචාරය කිරීමයි ( මගේ අදහස් දැක්වීමයි ). අපගේ බ්ලොග් අවකාශයේ අන්වර් මනතුංග නම් බ්ලොග් කරුවෙක් වෙයි. මම ඔහු ප්‍රිය කරමි. ඊට හේතුව ඔහු ප්‍රකාශ කරන අදහස් තර්කානුකූල වන අතරම මගේ අදහස්වලට සමාන වේ.මම පළකරන්නට සිටි පෝස්ටුව කල්දමා කලාකරුවන් ගැන ඔහු කියන ...
අරුණි සහ මස් කර්මාන්තයේ අනාගතය Yakaagea Daviya නිව්ස් බලමින් ලොව හතර වටේ යනවිට අපූරු චිත්‍රයක් මැවේ. ජපානයේ අස්වනු සැණකෙළි ,චීනයේ යෝධ ඉදිකිරීම් , ඉරානයේ එල්ලා මැරීම් ,අරාබියේ බෙලි කැපීම් ,යුරෝපයේ නව සොයාගැනීම්,ඇමරිකාවේ නව තාක්ෂණයන්, ලතින් ඇමරිකාවේ ශෘංගාරත්මක උත්සව ආදියෙන් මේ මිහිතලය වර්ණවත් වී ඇත.බ්ලොග් සංචාරයේ යෙදෙන විට ඇස ගැටුනේ අරුණි ශපීරෝගේ ලිපියකටය. අරුණි යනු න්‍යායාත්මක ධනවාදය දේශනා කරන්නියකි. මට සිතෙන ලෙස ඇය ගේ අදහස් එක්සත් ජනපදයේ රිපබ්ලිකන් ...
දෙමළ යාලුවන් නැති එකටත් වගකියන්න ඕන ආණ්ඩුවද Yakaagea Daviya රූපවාහිනී සංවාදයකට සම්බන්ධ වූ ගැහැනු ලමයෙක් තමන්ට දෙමල යහලුවකු නැති බවට ආන්ඩුවට දෙස් දොල්වොල් තබ අඇත. මෙය සාධාර්ණදයාළුවන් ඇතිවන්නේ විශයබද්ධවය. අප යම් කාර්යාලයකට මාරුවී ගියොත් හෝ අලුත් ප්‍රදේශයක පදිංචි වුනොත් ඒ ප්‍රදේශයේ අලුත් පරිසරයේ අලුත් යාලුවන් හමුවේ. ආන්ඩුවට කිසිම අතරමැදි කාර්යභාරයක් නැත.අලුත්ම සංකල්පය ආන්ඩු අඩුවෙන්ම මැදිහත්වීම් කිරීමයි.සුබසාධන සංකල්පයද අද වන විට යල්පැනගොස්ය.දෙමල යාලුවෙක් අවශ්‍යනම් මුලින්ම දෙමල බස ඉගෙනගත යුතුය. මෙය ...
බුදු හිමියන් වැඩි මඟ ඔස්සේ Yakaagea Daviya මම ලෝකය දකින්නේ මගේ ඇස්වලිනි. එසේම තේරුම් ගන්නේ මගේ දැනුමෙනි. මගේ අවබෝධය මත තීරන ගැනීම මගේ අයිතියයි. කාලාම සූත්‍රයටද එකඟවය.ක්‍රි :පූ 6 වන සියවසේ ලොව පහළවූ සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේ ශ්‍රේෂ්ට සමාජ ශෝදකයෙකු වූහ. ඒ බ්‍රාහ්මණයන්ගේ සමාජ ආධිපත්‍යයට එරෙහිව මතවාදී අරගලයක් කරමිනි.උන්වහන්සේගේ විවේචනයට ලක්වුනේ නිෂ්ඵල පූජා විධිය. විශේෂයෙන් බිලිපූජාවට එරෙහි විය.විශේෂම කාරණය නම් උන් වහන්සේ ආගමක් දේශනා නොකිරීමයි.එකළ සමාජ චාරීත්රානුව ...
වදුරන් බයකරන්නට කුකුලන් මරන්න ( “’Kill the chicken to scare the monkey’”) - අග්නිදිග ආසියාවේ සවුදි අරාබිය Yakaagea Daviya ඉකොනොමැට්ටාගේ බ්ලොග් එකේ මම දැමූ කොමෙන්ට් එකක් සංරක්ෂනය කළ යුතු යැයි සිතූ නිසා යළි පළ කරමි.ඇත්තෙන්ම මෙම කොමෙන්ට් එක දැමීමට හේතුවුනේ විචාරකගෙ තරහකාරයෙක් පළකර තිබූ විචාරකගෙ හොර ප්‍රොෆයිල් එකකින් අසා තිබූ ප්රශ්නයකි. විචාරකගෙ අදහස් දැක්වීමෙ අමුතු බවක් දුටුවත් ඒ ගැන වැඩිදුරටත් නොසිතා මම පිළිතුරක් දුනිමි. හොර ප්‍රොෆයිල් සොයා ගන්නා හැටි ද අප දැන ගත යුතුවේ. හොර ප්‍රොෆයිල් එකෙන් ඔහුගේ /ඇයගේ ...
පින්තූර වලින් කියන දහසක් දේ Yakaagea Daviya මේක ඇත්තනම් බටහිර රටවල හැම මොහොතකම පොලොව කම්පා වෙන්න එපායැ. අපේ අය මේකට කියන්නෙ හරක් මරන නිසා මෙහෙම වෙනව කියල. විශාල වශයෙන් හරක් මරන ඇමරිකාව වගෙ රටවල නිතරම පොලව කම්පා වෙන්න ඕන. විද්‍යාත්මකව ලෝකය දකින පරම්පරාවක් කවද පහල වෙයිදදරුවෙක් හදන්න දෙමවුපියන් මොනතරම් මහන්සි වෙනවද නමුත් කෙල්ලෙක් නිසා මෙයා සිරුරට ගිනිතියාගෙන.හරක් නිසා හාමුදුරුවරු ගිනිතියාගන්නවකෙල්ලො නිසා හරක් ගිනිතියාගන්නවලෝකෙ හැටි.ඇත්තටම කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට ...
කෝච්චියක් ගිය දුර. Yakaagea Daviya අද ට්‍රේන් එක ආවෙ බරකරත්තයක් වගෙ. කලින් එක්ස්ප්‍රස් එකට ත්‍රීවීල් එකක් බෝලවත්තෙදි අහුවෙලා මීටර් පන්සීයක් විතර ඇදීගෙන ගියාලු. පසුගිය කාලෙ ඉන්දියාවෙන් ගෙන්වපු ට්‍රේන් සවිශක්තියෙනුත් දුර්වලයි.එක්ස්ප්‍රස් එකත් කොච්චිකඩේට දාල ගාට ගාට ඇවිත් යන්තම් දහයට කලින් ඔෆිස් ආව.එක එක කතා පැතිරෙනව. ගේට් එක වහල තියනකොට ත්‍රීවීල් එක දැම්මලු කියනව තව සමහරු කියනව රේල් ගේට් එක වහල තිබුනෙ නෑ කියල. අපි දන්නෙ නෑ ...
බළළා මැටියෙන් වුනත් මොකද මීයො අල්ලනවනම් Yakaagea Daviya පසුගිය දිනවල ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවන්වලදී කළ අදහස් දැක්වීම් අල්ලගෙන පිරිසක් බුකිය දෙවනත් කල බව අපි දනිමු.එහෙත් අප කළ යුත්තේ වචනාර්ථය ගැනීම නොව අභිලාශය තේරුම් ගැනීමයි. එසේ නොවුනහොත් ස්වාමීන් වහන්සේගේ අදහසට විසුලු සහගත තේරුමක් ලැබෙනු නො අනුමානය.ප්රස්තුත කතාව සැමියා බිරිදට තේ හදා දුනහොත් බිරිද අපායෙ යයි.මේ අදහස බොහෝ ඊනියා නූතනවාදීන්ගේ බයිට් එකක් වීම නො වැලැක්විය හැක. එහෙත් ඇත්තටම ස්වාමීන් ...