චමින්ද වාස්ට නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තනතුරක් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් නැවතත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ චමින්ද වාස් සමඟ පැවති සාකච්චාවකින් අනතුරුවයි. මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ වලට හෙට දිනයේ පැමිණීමට නියමිත බවත්, ඉන් අනතුරුව චමින්ද වාස්ගේ කොන්ත්‍රාත් ගිවිසුම සකස් කෙරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා ...
ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 25 යි Daily Sports ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 25 ක් සපිරෙනවා. ඔස්ට්‍රේලියාවට එරෙහි අවසාන මහා තරගය පැවැත්වුණේ පකිස්ථානයේ ලාහෝර් නුවරදීයි. ඒ 1996 වසරේ මාර්තු 17 වනදා අද වැනි දවසකයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු වටයේ තරග සියල්ලම ජයග්‍රහණය කල අතර එහි දී කෙන්යාවට එරෙහිව අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී කඩුලු 05 කට ළකුණු 398 ක් ලබාගනිමින් එවක එක්දින ...
ගුවන් හමුදාපති කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය කල් දමයි Daily Sports ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපති කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධනය කර තිබුණා. කෙසේ වෙතත් එම තරගාවලිය දින නියමයකින් තොරව කල්දමා තිබෙනවා. මෙම තරගාවලිය මාර්තු 20-21 හා 26-27 යන දිනවල රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සූදානම් කර තිබුණේ. නමුත් රට තුළ උද්ගතව තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිය යුතු තරමින් පාලනය වීමෙන් පසුව මෙම සත් ...
හිටපු ටෙස්ට් ක්‍රිීඩකයින් ගොනු කළ පෙත්සමට විරෝධතා දැක්වීම සඳහා ක්‍රීඩා ඇමතිට දින නියම කෙරේ Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබෙනවා. එම පෙත්සමට අදාල විරෝධතා ලබන ජූනි 8 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද වග උත්තරකරුවන්ට නියෝග කළා. ඒ, මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ...
එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනා Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ පැනවීමට ICCය පියවර ගෙන තිබෙනවා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ නිමා වූ තුන්වන එක් දින තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන්. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් සියයට 40ක දඩයක් නියම කිරීමටයි ICCය තීරණය කර තිබෙනවා. තරග තීරක රිචී රිචඩ්සන් විසින් ICCයට පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය අවසන් ...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් විමර්ශනයකට නීතිපති උපදෙස් Daily Sports 2017 වසරේදී “අල් ජසීරා” රූපවාහිනිය නාලිකාව විසින්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ශ්‍රී ලංකාවට වාසිදායක ආකාරයෙන් සකස් කරන බවට චෝදනාවක් එල්ල වුණා. එලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව සකස් කිරීම සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකයට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු ක්‍රීඩක සචිත්ර සේනානායකට එ
ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල ප්රදානය කෙරෙන ‘ගැලැක්සි’ වොලිබෝල් ලීග් තරගාවලිය අද ඇරඹෙයි Daily Sports ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල ප්රදානය කෙරෙන ‘ගැලැක්සි’ වොලිබෝල් ලීග් (වයස 25න් පහළ) තරගාවලිය අද (16) ආරම්භ වෙනවා. ඒ, ගාල්ල දඩල්ල වොලිබෝල් පියස ගෘහස්ථ ක්රීඩාංගණයේදීයි. මෙම තරගාවලියේ මූලික වටය 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 8ක් හා කාන්තා කණ්ඩායම් 10ක් සහභාගි වනු ඇති. කාන්තා තරගාවලියේ මූලික වටය කැෂුවලයින් කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම ...
සංවිධායකයින්ගේ පක්ෂපාති තීන්දුවක් නිසා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලට පළමු තැන අහිමි වෙයි Daily Sports road safety world series පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරමින්. මේ අනුව අවසන් පූර්ව වටය සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායමට මේ වන විට සුදුසුකම් ලබා සිටිනවා. මෙම තරගයේ දළ ලකුණු වේගය අනුව ශ්‍රී ...
ඉන්දීය වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා රූපවාහිනී නිවේදිකාවක් සමඟ යුග දිවියට Daily Sports ඉන්දීය වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ස්ටාර් ක්‍රිකට් රූපවාහිනී නිවේදිකාවක් ව සංජනා සමඟ විවාහ දියට පත්ව තිබෙනවා. ඇය නිවේදිකාවක් වගේම නිරූපිකාවක් ද වෙනවා. මෙම විවාහ උත්සවය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් රහසික්ගතව පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය නම් වාර්තා කරන්නේ. (Daily Sports) “Love, if it finds you worthy, directs your course.”Steered by love, we have begun a new journey ...
වනිදු හසරංග, කුලසේකරගේ වාර්තාවක් බිඳහෙලයි Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් 07 වන කඩුල්ල සඳහා නොදැවුනු ලකුණු 123 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට අශේන් බණ්ඩාර සහ වනිදු හසරංග මෙහිදී සමත්වුණා. අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් සහ වනිඳු හසරංග නොදැවී ලකුණු 80ක් රැස් කළා. වනිඳු ...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ පරාජය ගැන මහේල තැබූ Twitter සටහන Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණු තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව තරගාවලියේ ජය 3-0 වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ලබාගත්තා. මෙම තරගය පිළිබඳව මහේල ජයවර්ධන තම Twitter ගිණුමේ සටහනක් යොදා තිබුණා. එහිදී ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සුබ පතා ...
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්. Daily Sports එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක T.M .ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක් දවාගනු ලැබුවා. ඔහුගේ පන්දුවාර 4 ...
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලා සහ එංගලන්ත ලෙජන්ඩ්ස්ලා අතර ගැටුම අද Daily Sports ඉන්දියාවේ පැවැත්වෙන road safety world series ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ එංගලන්ත ලෙජන්ඩ්ස්ලා අතර. චටිස්ගාර් ප්‍රාන්තයේ රායිපූර් හි පැවැත්වෙන එම තරගාවලියේ මේ දක්වා පැවති තරගවලින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල තරග 5කින් හතරක් ජයග්‍රහණය කර දෙවන ස්ථානයේ පසුවනවා. පළමු තැන හිමිකරගෙන සිටින්නේ තරග හයකින් පහක් ජයගත් ඉන්දීයාවයි. එංගලන්තය ජයග්‍රහණය කර ...
ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර තුන්වන එක්දින තරගය අද Daily Sports ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්පිල අතර තුන්වන එක්දින තරගය අද පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතයි. මෙතෙක් පැවති තරග දෙකම ජයග්‍රහණය කළ කොදෙව් පිල මෙහිදී පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් සඳහා උත්සාහ දරනවා. මෙම තරගය ශ්‍රී ලංකාවට තම ගෞරවය රැකගැනීමේ ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා අවස්ථාවක් වනු ඇති බවයි ක්‍රිකට් ...
එංගලන්ත නවතම ICC එක්දින සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණට Daily Sports නවතම ICC එක්දින සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වලට අනුව එංගලන්ත කණ්ඩායම පෙරමුණට පැමිණ තිබෙනවා. එක්දින ශ්‍රේණිගත කිරීම්වලට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වන ස්ථානය වන අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 10 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඉන්දියාව ශ්‍රේණිගත කිරීම් ද්විත්වයේම දෙවන ස්ථානයේ පසුවනවා. ( Daily Spots ) The post එංගලන්ත නවතම ICC එක්දින සහ විස්සයි විස්ස ...
එක්දින තරගාවලියේ ජය කොදෙව්වන් තමන් සතු කරගනියි Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ දෙවන එක්දින තරඟය කඩුලු 05කින් ජය ගනිමින්. The post එක්දින තරගාවලියේ ජය කොදෙව්වන් තමන් සතු කරගනියි appeared first on Daily Sports. ...
මැතිව්ස් කොදෙව් සංචාරයෙන් ඉවත්වෙයි Daily Sports ඇන්ජලෝ මැතිව්ස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත මැතිව්ස් එම තීරණය ගෙන තිබෙන බවයි. ඒ අනුව, ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් දූපත්හී සිට අද දිවයින බලා යළි පැමිණීමට නියමිතයි. The post මැතිව්ස් කොදෙව් සංචාරයෙන් ඉවත්වෙයි appeared first on Daily Sports. ...
ICCයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා නිවාඩු යවයි Daily Sports ICCයේ ප්‍රධාන විධායක මනූ සැව්නි අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වනවා. ඒ, ICCය විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් අනතුරුවයි. එහිදී ඔහුගේ කළමනාකරණ ශෛලිය පිළිබඳ අහිතකර සොයාගැනීම් අනාවරණය වී තිබෙනවා. මනූ සැව්නි ICCයේ ප්‍රධාන විධායක තනතුරට පත් වන්නේ පසුගිය ජනවාරි මාසයේදීයි. ඔහුගේ පරිපාලන රටාව පිළිබඳ ICC සේවකයින් 85 දෙනෙකුගේ මතය විමසමින් ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් සමාගම විසින් සිදුකළ සමාලෝචනයෙන් හෙළිවී ඇත්තේ ඔහු ...
බංග්ලාදේශ ලෙජන්ඩ්ස්ලා පරදා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් විශිෂ්ට ජයක් හිමි කරගනී Daily Sports Road Safety පන්දුවාර 20යි 20 තරගාවලියේ බංග්ලාදේශ ලෙජන්ඩ්ස්ලට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලා ලකුණු 42ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබාගත්තා. මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 99ක් ලබා ගැනීමට සමත්වුණා. ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර ...
ධනුෂ්කට දුන් මතභේදාත්මක තීරණය හමුවේ ප්‍රභල ක්‍රීඩකයින් දෙදෙනෙකු කම්පනයට පත්වෙයි Daily Sports දුවද්දී දැවී යාමකට බාධා කළේයැයි පවසමික් කොදෙව් නායක කිරන් පොලාර්ඩ් සිදු කළ ප්‍රබල ඉල්ලීම තුන්වන විනිසුරුට යොමු කිරීමෙන් අනතුරුව ධනුෂ්කට පිටියෙන් ඉවත්වීමට සිදුවුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේදී කඩුලු 8ක පරාජයක් අත්වූ අතර ධනුෂ්කගේ ඉවත්වීම ශ්‍රී ලංකා ඉනිමේ පසුබෑමට ප්‍රබල හේතුවක් බවට පත්වුණා. හිටපු කොදෙව් නායක ඩැරන් සැමී සහ ටොම් මූඩි සිය ට්විටර් ගිණුම්වල සටහන් කර තිබුණේ ...