පළමු එක්දින තරගයේ ජය කොදෙව්වන්ට Daily Sports ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය කඩුලු 8කින් ජයගන්නට කොදෙව් කණ්ඩායම සමත් වුණා. 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ICC සුපර් ලීග් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ද මෙය වීම විශේෂත්වයක්. තරගයේ කාසියේ ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. එහිදී කිසිවකු නොදැවී ...
වනිදු සහ සඳකැන් T 20 ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණට Daily Sports නවතම ජාත්‍යන්තර T 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලේඛනය අද දිනයේදී ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගියදා අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවති T 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා අනුව පන්දු යවන්නන් අතරෙහි ඉදිරියට පැමිණීමට වනිදු හසරංග හා ලක්ෂාන් සදකැන් සමත්වුණා. ඒ අනුව නවතම T 20 පන්දු යවන්නන් අතරෙහි 10වන ස්ථානය ලක්ෂාන් සදකැන්ට හිමිවී ඇති අතර වනිදු හසරංග 11 වන හිමිව ...
කිත්ම සිත්මල්ගෙන් ද්විත්ව ශතයක් Daily Sports පසුගියදා කෝට්ටේ ආනන්ද ශ්රාස්ත්රාල විදුහල් ක්‍රීඩාංගණයේදී නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් තරගාවලිය පැවැත්වනු ලැබුවා. එහිදී දින දෙකක පැවැති තරග දෙකකදී ද්විත්ව ශතයක් සහ ශතකයක් වාර්තා කිරීමට මයිටි ක්‍රිකට් විද්‍යායතනයේ නායක කිත්ම සිත්මල් සමත්වුණා. ඒ, එස්.ආර්. ක්‍රිකට් විද්‍යායතනයට එරෙහිවයි. මෙම තරගයේදී පන්දු 89 කට මුහුණ දුන් සිත්මල්, හයේ පහර 28 ක් සහ හතරේ පහර 21 ...
ශ්‍රී ලංකා සහ කොදෙව්වන් අතර පළමු එක්දින තරගය අද Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්වෙනවා. මෙම තරගය ශ්‍රී ලාංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ දෙවන සහ තුන් වන තරඟ පිළිවෙලින් මේ මස 12 සහ 14 යන දිනවල පැවැත්වෙනවා. (Daily Sports) The post ශ්‍රී ලංකා සහ කොදෙව්වන් අතර පළමු එක්දින තරගය අද appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෘත්තිකයන් වෙනුවෙන් ඔලිමිපික් කමිටුවෙන් සම්මාන උළෙලක් Daily Sports ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෘත්තිකයන් හා ක්‍රීඩා සංවිධාන ඇගයෙන ක්‍රීඩා සම්මාන උළෙලක් පැවැත්වීමට ජාතික ඔලිම්පික් කමිටුව සූදානම් වෙනවා. ඒ සඳහා ලබන සඳුදා (15) දක්වා අයැඳුම්පත් කැඳවීම සිදු කෙරෙනවා. මෙහිදී කාණ්ඩ 11 ක් යටතේ සම්මාන ප්රදානය කිරීමට නියමිතයි. ඒ අතර විශේෂත්වයක් ගත්තේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ඇගයීමට ලක්වන 2021 ඔලිම්පික් දේශීය කාන්තාව තෝරා ගැනීමයි. මේ සඳහා Natolcomesit.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ ...
ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් දෙවන පෙළ කණ්ඩායමක් Daily Sports ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණහොත් ඒ සඳහා දෙවන පෙළ කණ්ඩායමක් එවීමට ඉන්දියාව සූදානම් වන බවයි වාර්තා වන්නේ. ඉන්දියාව ලබන ජුනි 18 වන දා ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගාවලියට සුදුසුකම් ලැබුවා. ඉන් අනතුරුව ඔවුන් එංගලන්ත ටෙස්ට් සංචාරයට ද එක්වීම ඊට හේතු වී තිබෙනවා. (Daily Sports) The post ආසියානු කුසලානය ...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට දින නියම වෙයි Daily Sports ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මැයි 31 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙවර නිලවරණයේ දී සභාපති ධූරය සඳහා පාපන්දු සම්මේලනයේ වත්මන් ලේකම් විශේෂඥ වෛද්‍ය මනිලාල් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් වන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම පාපන්දු සම්මේලනයේ ජාතික ක්‍රීඩකයන්ගේ කමිටුවේ හිටපු සභාපති මේජර් ජනරාල් අතුල කොඩිප්පිලි මහතා ද මෙවර සභාපති ධූරයට නාම යෝජනා බාර දෙන බවයි වාර්තා ...
ශ්‍රී ලංකා ප්‍රවීනයන් “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්” අර්ධ අවසන් පූර්ව වටයට Daily Sports රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයට පිවිසීමට ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ ඊයේ ඉන්දියාවේ රායිපූර් හී පැවති තරගයේදී දකුණු අප්‍රිකානු ප්රවීණයන්ගේ කණ්ඩායම කඩුලු 08 කින් පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ප්රවීණයන්ගේ පිළ පන්දුවාර 18 යි පන්දු 5 කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 89 ක් පමණයි. අගනා පන්දු යැවීමක ...
ඩිලාන් සෙනෙවිරත්නගේ වාර්තාව අශාන් සිල්වා බිඳ හෙළයි Daily Sports සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරටත් සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙක් වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට හිමිකම් කියමින් අශාන් සිල්වා නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, තත්පර 31.26 ක අවම කාලයක් වාර්තා කරමින්. ඔහු එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට මෙලෙස සහභාගි වූ අශාන් බිඳ හෙළීමට සමත් වූයේ තත්පර ...
විස්සයි විස්ස තරගාවලියේ ජය කොදෙව්වන් සතු කරගනියි Daily Sports ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගයේ ජය කොදෙව් කණ්ඩායම හිමිකරගත්තා. තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 131ක්. අනතුරුව එම ඉලක්කය හඹා ගිය කොදෙව් කණ්ඩායම කඩුලු 07ක් දැවී පන්දුවාර 19ක් තුල 134ක් ලබාගත්තා The post විස්සයි විස්ස තරගාවලියේ ජය කොදෙව්වන් ...
2021 වසරේ IPL සඳහා දින නියම වෙයි Daily Sports 2021 වසරේ IPL තරගාවලිය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව පළමු තරගය චෙන්නායිහිදී අප්‍රේල් 9 වනදා ආරම්භ වන අතර මැයි 30 වනදා අහමදාබාද්හිදීයි. අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි. (Daily Sports) The post 2021 වසරේ IPL සඳහා දින නියම වෙයි appeared first on Daily Sports. ...
කොදෙව් ලෙජන්ඩ්ස් පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ජය හිමිකරගනී Daily Sports බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා කඩුලු 05ක ජයක් හිමි කරගැනීම ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ, Road Safety World Series ක්‍රිකට් තරගාවලියේදීයි. මෙහිදී පළමුව පන්දුවර පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ, කඩුලු 04ක් දැවී ලකුණු 157ක් පමණයි. අනතුරුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු ...
ප්‍රංශය හරහා දසුන් ශානක කොදෙව් සංචාරයට Daily Sports ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස නම් කෙරුණු දසුන් ශානක හෙට දිනයේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් බලා පිටත් වීමට නියමිතයි. ඇමරිකානු වීසා පිළිබඳ ගැටළුවක් හේතුවෙන් ඔහුට මීට පෙර කොදෙව් චාරිකාවට එක්වීමට නොහැකි වුණා. ඒ නිසා දසුන් ශානකට සහභාගිවීමට සිදුවන්නේ එක්දින තරගාවලියට පමණයි. මෙහිදී වීසා ගැටළුව මගහැරීම සඳහා ඔහු හෙට කොදෙව් බලා යන්නේ ප්‍රංශය හරහායි. ඔහු නොමැතිවීම නිසා ශ්‍රී ...
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ කොදෙව්වන් අසරණ වෙයි Daily Sports සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (06) පැවැති දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාව හිමි කරගත්තා. පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 160ක්. මෙහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් රැස්කළ අතර නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස් කරගත්තා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ...
සචිත්‍රගෙන් වත්කම් බැරකම් වාර්තාවක් ඉල්ලයි Daily Sports සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් දින 14ක් තුළ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත ලබාදෙන ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතාට එම ඒකකය විසින් දැනුම් දී තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලැස්මක් පිළිබඳව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු ක්‍රීකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතා ඊයේ (04) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියා. ඔහු ...
සියලුම ක්‍රීඩා සඳහා තේරීම් කමිටු පත් කෙරේ Daily Sports දිගු කාලීන සැලැස්මක් සමඟ ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා සඳහා තේරීම් කමිටු පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ සභාපතීත්වෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මහේල ජයවර්ධන ඇතුළු කමිටු සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්නේ, දේශීය හා ජාත්‍යන්තර ජයග්‍රහණ ...
2021 දකුණු ආසියානු පාපන්දු සංචිතයේ පුහුණුකරුවන් පත්කිරීම අත්හිටුවයි Daily Sports දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය (2021) සඳහා සංචිතයේ පුහුණුකරුවන් පත්කිරීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අත්හිටුවා තිබෙනවා. ඒ, සිය නිර්දේශ ලබා නොගෙන ශ්‍රී ලංකා පුහුණුකරුවන් පත් කිරීමට ගත් තීරණයට පාපන්දු සම්මේලන තාක්ෂණික කමිටුවේ විරෝධය පල වීම හේතුවෙන්. මෙම වසරේ සැප්තැම්බර් 14 වැනිදා සිට 25 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී සාෆ් පාපන්දු ශූරතා තරගාවලිය පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගි කෙරෙන ...
ශ්‍රී ලංකාව දිනාගත් පළමු ලෝක කුසලාන ජය සැමරුමට රිදී පදක්කම් Daily Sports 1996 දී ශ්‍රී ලංකාව දිනාගත් පළමු ලෝක ක්‍රිකට් කුසලානයේ රිදී ජුබිලිය මේ මස 17 වැනිදාට යෙදී තිබෙනවා. ඒ, අනුව මෙම සැමරුම වෙනුවෙන් ක්‍රිකට් ලෝලීන්ට දුර්ලභ සමරු උපාංග හිමි කර ගැනීමේ අවස්ථාව සැලසෙනවා. මෙම සමරු උපාංග එකතුව සඳහා 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයන් වූ ක්‍රීඩකයන්, පුහුණු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 17 දෙනකුගේ රූපවලින් සමන්විත මිලි මීටර 50 ක ...
SSC විවෘත ටෙනිස් ශූරතාවලියේ ජය ලූකාට සහ සවිනිට Daily Sports SSC ක්‍රීඩා සමාජය සංවිධානය කළ SSC විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ලූකා නීස් සමත් වුණා. එමෙන්ම මෙම ශූරතාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සවිනි ජයසූරියද සමත්කම් දැක්වූවා. පිරිමි කේවල අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/3 ක් ලෙස විබුද විජේබණ්ඩාර හමුවේ පරාජයට පත්වූ ලූකා, දෙවැනි වටය 6/0 ක් ලෙසද, තෙවැනි වටය 6/1 ක් ලෙසද ජයගනිමින් වට 2-1 ක් ...
මේ වසරේ පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමට කිසිඳු බාධාවක් නැහැ Daily Sports මෙම වසරට නියමිත පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා. ඒ, ඊයේ කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, හඳුන්වාදී තිබෙන සෞඛ්‍ය නිරෝධායන නීති රීති යටතේ පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවයි.(Daily Sports) The post මේ වසරේ පාසල් මහ ක්‍රිකට් තරග පැවැත්වීමට කිසිඳු බාධාවක් ...