ජාතික සහ සුපිරි සංචිතවල සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් තේරීම් තරගාවලියක් Daily Sports මේ වසරේ ජාතික මලල ක්‍රීඩා පිටියේ තරග ආරම්භ කරමින් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. ඒ, ජාතික සහ සුපිරි සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්. මේ අනුව එම තරගාවලිය අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට සූදානමින් පසුවන බවයි මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ. (Daily Sports) The post ජාතික සහ සුපිරි සංචිතවල සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් තේරීම් ...
අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක් Daily Sports සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුණා. තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් බිඳවැටී ලකුණු 131ක් ලබාගනු ලැබුවා. මේ අනුව සිය පළමු විස්සයි ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි වේග පන්දු ක්‍රීඩකයාගෙන් ආන්දෝලනාත්මක Facebook සටහනක් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග තම නිල Facebook පිටුව හරහා අපූරු සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්, කෙසේවෙතත් මේ වනවිට එම Facebook සටහන ඔහුගේ ගිණුමෙන් ඉවත්කරගෙන තිබෙනවා. The post ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි වේග පන්දු ක්‍රීඩකයාගෙන් ආන්දෝලනාත්මක Facebook සටහනක් appeared first on Daily Sports. ...
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගය: කොදෙව් කණ්ඩායමට කඩුලු 04 ක ජයක් Daily Sports ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 04 ක ජයක් හිමි කරගැනීමට සමත්වුණා. ඇන්ටිගා හි පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 131 ක්. පැතුම් නිශ්ශංක 39 ක්ද වනිඳු හසරංග 33 ක්ද ලබාගත්තා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල කොදෙව්වන් පන්දුවාර 13 යි එක් ...
දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවේ අලුත්ම තත්වය Daily Sports ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානකට කොදෙව් සංචාරය අහිමි වුණා. ඒ, අමෙරිකාවට ඇතුළුවීමට සහ පිටවීමට වසර 5ක වලංගු කාලයක් සහිතව ලබාදී තිබූ වීසා බලපත්‍රය සමඟ විදෙස් ගමන් බලපත්‍රය ඔස්ට්‍රේලියාවේදී මීට වසර දෙකකට පෙර අස්ථානගත වීම හේතුවෙන්. මේ සම්බන්දයෙන් මීගමුව පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර නව විදෙස් ගමන් බලපත්‍රයක් ඔහු ලබාගෙන තිබුණා. ඒ අනුව ඔහු මෙවර බටහිර ඉන්දීය කොදෙව් ...
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු 20/20 සටන අද Daily Sports සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට ආරම්භ වෙනවා. එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 03.30 ට ඇන්ටිගා හිදී ආරම්භ වීමට නියමිතයි. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර කයිරන් පොලා(ර්)ඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා. (Daily Sports) The post ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය ...
සචිත්ර සේනානායක අද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට Daily Sports ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අද පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය අතරතුර තරඟ පාවාදීම් සඳහා ක්රිීඩකයන් දෙනෙකු පොළඹවා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. (Daily Sports) The post සචිත්ර සේනානායක අද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට ...
තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් කොදෙව් සංචිතයට Daily Sports ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ෂිම්රන් හෙඩ්මයර් සහ රොස්ටන් චේස් සංචිතයට එක් කර තිබෙනවා. නමුත් ඔවුන් ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් හේතුවෙන් එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලබා නැහැ. දෙරට අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 21 වන දා ආරම්භවීමට නියමිතයි. (Daily Sports) The post ...
සචිත්රගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි Daily Sports LPL 20යි විස්ස තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ඉදිරිපත් කළ පූර්ව ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ මුදලට පාවාදීමට උත්සාහ කළ බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ට චෝදනා එල්ල වී තිබෙනවා. (Daily Sports) The post සචිත්රගේ ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩකයා යළි කණ්ඩායමට? – මිකී ආතර්ගෙන් හෙළිදරව්වක් Daily Sports ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අනාගතයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකකු ලෙස කටයුතු කරනු ඇති බවට කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියා සිටියේ තමා මාලිංග සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, අනාගත T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි බවයි. (Daily Sports) The post ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ...
ජස්ප්‍රිට් බුම්රා එක්දින තරගාවලියෙන් ඉවතට. විස්සයි විස්සත් අහිමි වෙයි Daily Sports එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමි විය හැකි බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා. එංගලන්තයට එරෙහිව පැවැති 3වන ටෙස්ට් තරගයෙන් පසු ජස්ප්‍රිට් බුම්රා පෞද්ගලික හේතුවක් මත ඉන්දිය සංචිතයෙන් ඉවත්ව තිබෙනවා. ඒ අනුව ඔහු යළි ජාතික කණ්ඩායමට පැමිණීම අපේක්ෂා කළ කාලයටත් වඩා වැඩි වනු ඇති බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් ඔහුට එංගලන්තයට එරෙහි ව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ...
LPL තරග පාවාදීම් සම්බන්ධ විමර්ශනයකට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් අධිකරණයට Daily Sports විමර්ශනයකට පෙනී සිටීම මඟ හැරි ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට දැනුම් දී තිබෙනවා. ඒ, පසුගියදා හම්බන්තොටදී නිමාවට පත්වූ LPL තරගාවලියේදී තරග පාවාදීම් සිදුවීමක් සම්බන්ධයෙන්. එලෙස එම ක්‍රීඩකයාට අධිකරණය හමුවේ පෙනී සිටීමට දැනුම් දී ඇත්තේ, ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය කළ පැමිණිල්ලකට අනුවයි. මෙම තරග පාවාදීමක් සිදුවූ බවට එල්ල වන ...
තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියගෙන් ඔස්ට්‍රේලියාවේදී ක්‍රිකට් වාර්තාවක් Daily Sports ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ශ්‍රී ලාංකික දියණියක් පත්ව තිබෙනවා. ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ Beaconhills විද්‍යාලයේ සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබෙනවා. ලිමන්සා තිලකරත්න නම් වන ඇය 6 වසරේ ඉගෙනුම ලබනදැරිවියක් වනවා. මෙල්බන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගි වූ පළමු තරගයේ (Kookaburra Women’s Premier Thirds) පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්ව තිබෙනවා. ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකාවෙන් ...
කොදෙව් කණ්ඩායමේ භයානකම ප්‍රහාරක පිතිකරුවාට කොවිඩ් Daily Sports ලෝකයේ භයානකම එක්දින සහ විස්සයි විස්ස පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අන්ඩ්‍රේ රසල්ට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. පෙබරවාරි මුල් සතියේදී ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වනවිට ඔහු සුවය ලබා සිටියද එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා ඔහුව කැඳවා නැහැ. (Daily Sports) ...
කොදෙව් සංචාරයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොවිඩ් පරීක්ෂණ වාර්තා නිකුත් කෙරේ Daily Sports කොදෙව් සංචාරයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ගොඩබැසීමෙන් පසු සිදුකළ නවතම කොවිඩ් පරීක්ෂණයේදියි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත පන්දු වාර විස්ස තරගාවලිය ලබන 04 වනදා ආරම්භවීමට නියමිතයි.(Daily Sports) The post කොදෙව් සංචාරයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොවිඩ් ...
ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස පත් කෙරේ Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස ටොම් මූඩි පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. වසර 03ක කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 2005 වසරේ සිට 2007 වසර දක්වා ටොම් මූඩි ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම සමයේ ශ්‍රී ලංකා පිල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. ශ්‍රී ලංකා පිල 2007 ලෝක ...
විස්සයි විස්ස නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට Daily Sports බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්ස කිි‍්‍රකට් තරගාවලියේදි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කර ඇති බව වාර්තා වෙනවා. ඒ නිත්‍ය නායක දසුන් ශානකගේ වීසා ගැටලූවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන්. වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලූවක් මත දසුන් ශානකට සෙසු කී‍්‍රඩකයින් සමඟ කොදෙව් සංචාරයට එක්වීමට හැකියාව ලැබුණේ නැහැ. 2018 වසරේදී දසුන් ශානකගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත ...
උමාර් අක්මාල් පුනරුප්ථාපනයට යොමු කරයි Daily Sports පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් 2020 වසරේ පෙබරවාරි 20 වැනිදා සිට වසර තුනක තහනමක් පැනවීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ පසුගිය වසරේ පැවති සුපර් ලීග් තරඟාවලියට පෙර සිදු වූ බව කියන දුෂිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වීම නිසා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ විරෝධී නීතින් උල්ලංඝනය වූ බව පවසමින්. කෙසේ වෙතත් අභියාචනයකින් අනතුරුව ...
ඉන්දියාවේ තණතීරු ගැන ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් චෝදනාවක් Daily Sports දින එකහමාරක් තුළ නිමා වූ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟය ගැන ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චෝදනා කර තිබෙනවා. මෙවැනි තණතීරුවලදී හර්බජන් සිං, අනිල් කුම්බ්ලේ වැනි පන්දු යවන්නන් පන්දු යැව්වනම් කඩුලු 1,000ක් 800ක් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව තිබු බවයි ඔහු පවසන්නේ. (Daily Sports) The post ඉන්දියාවේ තණතීරු ගැන ඉන්දීය සුපිරි ...
වසර 27 පසු අලුත් වූ ලෝක වාර්තාව Daily Sports ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ විසින්. ඔහු එලෙස බිඳ හෙලුවේ මීට පෙර එංගලන්තයේ කොලින් ජැක්සන් පිහිටුවා තිබු වාර්තාවක්. මෙහිදී මීටර 60 කඩුලු මතින් දීවිමේ තරග ඉසව්ව තත්පර 7.2 9කින් අවසන් කිරීමට ඔහු සමත්වුණා. කොලින් ජැක්සන් මීට පෙර එම වාර්තාව තැබුවේ, තත්පර 7.3 0කින් ...