වෙළෙඳ සේවා තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් කණ්ඩායමක් Daily Sports මෙම වසරේ සිට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් කණ්ඩායමක් ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, මෙම තරගාවලිය සඳහා තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කරන ලෙස වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සිදු කළ ඉල්ලීමක් සලකා බලමින්. (Daily ...
බටහිර ඉන්දිය කොදෙව් ශ්‍රී ලංකා තෙවන දිනය: ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 104ක් පිටුපසින් Daily Sports බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ඊයේ තුන්වන දිනට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 250 ක් රැස් කරගෙන සිටියා. මෙහිදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 49ක්. කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 354 ක් රැස් කරගැනීමට සමත්වුණා.(Daily Sports) The post බටහිර ඉන්දිය කොදෙව් ශ්‍රී ලංකා තෙවන ...
ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගයට සුදුස්සන් සෙවීම ලබන මස ඇරඹෙයි Daily Sports පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නා රටවල් තේරීම ලබන අප්‍රේල් 21 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ICCය සඳහන් කළේ මේ සඳහා හංගේරියාව, රුමේනියාව, සර්බියාව ඇතුලු රටවල් 5ක් අලුතින් එක්ව සිටින බවයි. පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී ඕස්ට්‍රේලියවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. (Daily Sports) The post ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගයට සුදුස්සන් ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම් කළමනාකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවයි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම් කළමනාකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙම තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳ නිවේදනය කළා. මේ වසර මුලදී අසාන්ත් ද මෙල් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු ධුරය පුරප්පාඩු වුණා. (Daily Sports) The post ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම් කළමනාකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවයි ...
සත්කාරක කොදෙව් – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද Daily Sports සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටිින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනට තරගය නතර කරනවිට කඩුලු 03ක් දැවී ලකුණු 136ක් ලබාගැනීමට සමත්වුණා. ළහිරු තිරිමාන්න ලකුණු 55යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක්ද, ධනංජයද සිල්වා ලකුණු 23ක්ද ලබා නොදැවී කඩුලුල්ලේ රැඳී සිටිනවා. පළමු ඉනිමේ පළමුවෙන් පහරදුන් කොදෙව් කණ්ඩායම සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 354ක්. ...
මෙවර IPL තරගාවලියේ නීතිරීති කිහිපයක් වෙනස් වෙයි Daily Sports IPL තරගාවලියේ 14වන අදියර අප්‍රේල් මස 9වනදා ආරම්භ වීමට නියමිතයි. මෙවර IPL තරගාවලියේදී නීති රීති කිහිපයක් වෙනස් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව සෑම කණ්ඩායමක්ම නියමිත පන්දුවාර විස්ස, මිනිත්තු 90ක කාලයක් තුළදී යවා නිමකළ යුතු වෙනවා. කෙටි විවේක සදහා වැයවන මිනිත්තු 5ද මෙම කාලසීමාවටම ඇතුළත් කර ඇති අතර පන්දුවාරයක් මිනිත්තු 4 තත්පර 15ක් තුළදී යැවිය යුතුයි. ...
ලෙජන්ඩ්ස්ලගේ තරගාවලියට එක් වූ තවත් ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වෙයි Daily Sports ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. පසුගියදා නිමාවූ රෝඩ් සේෆ්ටි විස්සයි විස්ස ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියටද ඉර්ෆාන් පතාන් එක්වුණා. එම තරඟාවලියට එක්වූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි මීට පෙර වාර්තා වුණේ. ඒ, සචින් තෙන්ඩුල්කාර්, සුබ්‍රමනියම් බද්රිනාත් සහ ඉර්ෆාන් පතාන්ගේ සහෝදරයා වන යුසොෆ් පතාන්. (Daily Sports) The post ලෙජන්ඩ්ස්ලගේ ...
ශ්‍රී ලංකා ලෙජෙන්ඩ්ස් පිළට ස්වයං නිරෝධානය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් Daily Sports ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව වාර්තා වනවා. ඒ එම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකුද, කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟයි. ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරඟයේදී ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත්තා. ඉන්දීය ලෙජන්ඩ්ස් ...
ශ්‍රී ලංකා – කොදෙව්වන් දෙවන ටෙස්ට් සටනේ දෙවන දිනය අද Daily Sports ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද. ඊයේ පළමු දිනය අවසානයේ මුල් ඉනිමේ පන්දුවට පහර දෙන කොදෙව් පිළ කඩුලු 07ක් දැවී ලකුණු 287ක් රැස්කරගෙන සිටියා. එහිදී නායක ක්‍රේග් බ්‍රැත්වේට් නොදැවී ලකුණු 99ක් ලබා සිටින අතර, සුරංග ලක්මාල් ලකුණු 71කට කඩුලු 03ක් බිද දවාගනු ලැබුවා. The post ශ්‍රී ලංකා – කොදෙව්වන් දෙවන ...
තිසර පෙරේරගෙන් පන්දු ඕවරයකදී 6 පහරවල් 6ක් Daily Sports ජේෂ්ඨ ක්‍රිකට් තරගයකදී පන්දු ඕවරයකදී 6 පහරවල් 6ක් එල්ල කිරීමට තිසර පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, එලෙස පන්දු ඕවරයකදී 6 පහරවල් 6ක් එල්ල කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට තිසර පෙරේරා පත්වුණා. ඔහු මෙලෙස දස්කම් දැක්වූයේ, යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන තිසර පෙරේරා බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග පැවති පන්දු ඕවර 50 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේදීයි. ඒ, ඩිල්හාන් ...
ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමි තැන Daily Sports ICC Men’s Cricket World Cup Super Leagueහි නවතම ප්‍රසාද ලකුණු සටහන ICC විසින් නිකුත් කර තිබෙනවා. එම සටහනේ ප්‍රසාද ලකුණු 40 ක් සමඟින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පළමු ස්ථානයේ සිටිනවා. එහි දෙවන සහ තෙවන ස්ථානවල පිළිවෙලින් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පසු වනවා. මෙම අදාළ ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු -2ක් ලබා සිටින ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 11 වන ස්ථානයි. ඒ, ඔවුන් කොදෙව්වන් ...
ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර අවසන් ටෙස්ට් සටන අද Daily Sports බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරගය අද පැවැත් වෙනවා. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30 ආරම්භ වීමට නියමිතයි. (Daily Sports) The post ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර අවසන් ටෙස්ට් සටන අද appeared first on Daily Sports. ...
වසර 16කට පසු උෂාන් තිවංකගෙන් නව වාර්තාවක් Daily Sports වසර 16 කට පසු පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙලීමට 22 හැවිරිදි උෂාන් තිවංක පෙරේරා සමත් වී තිබෙනවා. ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ, ඇමරිකාවේ ටෙක්සාස් හි පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර 2.28ක් උස පනිමින්. 2004 වසරේදී මංජුල කුමාර විසින් මීටර 2.27 ක ජාතික වාර්තාව පිහිටවනු ලැබුවා. 2005 වසරේදී ඔහුම තම වාර්තාව සම කිරීමට සමත්වුණා. (Daily ...
ලෙජන්ඩ්ස්ලගේ තරගාවලියට එක් වූ තවත් ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් Daily Sports ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුබ්‍රමනියම් බද්‍රිනාත්ටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඔහුද පසුගියදා නිමාවට පත්වූ road safety world series තරඟාවලියේදී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. මේ වනවිටත් එම තරගාවලියට ක්‍රීඩා කළ සචින් තෙන්ඩුල්කාර් සහ යූසුෆ් පතාන්ට වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර වාර්තා වුණා. The post ලෙජන්ඩ්ස්ලගේ තරගාවලියට එක් වූ තවත් ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් ...
වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච පුද්ගල කමිටුවක් Daily Sports වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච පුද්ගල කළමනාකරණ කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාදී තිබෙනවා. ක්‍රිඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් ප්‍රකාශ කළේ, හෙට වන විට එම කමිටුව පත් කෙරෙනු ඇති බවයි. The post වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච පුද්ගල කමිටුවක් appeared first on Daily Sports. ...
තවත් හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් Daily Sports ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන 38 හැවිරිදි යුසුෆ් පතන්ටත් කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඔහු මේ වන විට තමන් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ. යුසුෆ් පතන් පසුගිය 11 වැනිදා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති ප්රවීණයන්ගේ ක්‍රිකට් තරඟයට ද එක්ව සිටියා. මේ අතර තවත් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුල්කාර්ට ද කොරෝනා ආසාදනය වූ බව මීට පෙර ...
සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් Daily Sports හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තෙන්ඩුල්කාර් මෑතකදී මාර්ග ආරක්ෂණ ලෝක ශ්‍රේණියේ තරගාවලියට ද ක්‍රීඩා කළා. මේ සම්බන්ධයෙන් තෙන්ඩුල්කාර් නිකුත් කර තිබුණු නිවේදනය පහතින්. (Daily Sports) The post සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් appeared first on Daily Sports. ...
ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවතත් චමින්ද වාස් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කළා. ඒ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී. “ඒක දැන් ආයෙත් සැරයක් චමින්ද වාස්ගෙන්ම ෆිල් වෙලා තියෙනවා. අපි ආයෙත් චමින්ද වාස් මහතාව අරගෙන තියෙනවා. තව දවස් දෙක තුනකින් ඒ පිළිබඳව මාධ්‍යට දැනුම් දෙනවා. ලංකාවේ ක්‍රිකට් දියුණුවෙන් දියුණුවට ...
ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනෙන බවට මූඩිගෙන් ප්‍රතිඥාවක් Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම රැගෙන යෑම තම අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අධ්යක්ෂ ටොම් මූඩි පවසනවා. වසර 3 ක් සඳහා කොන්ත්‍රාත් ගතව සිටින මූඩි මහතා, සිය සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මංගල මාධ්‍ය හමුවේදී ඒ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ කිසියම් සමාලෝචනයක් සිදුකළ යුතු බවද, සැලකිය යුතු මට්ටමේ ...
ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් Daily Sports බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ, ලකුණු 375ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් පිතිකරුවන් පිටිය තුළ ස්ථාවරත්වයක් ගොඩ නගා ගනිමින්. පස්වන දිනයට තරගය ආරම්භ කරන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු ලකුණු 34ක් ලබාගෙන සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස නායක ක්‍රේග් බ්රැත්වයිට් ලකුණු 23කට දැවී ගිය අතර සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ...