සන්රයිසස් පරදවා බැංගලෝර් කණ්ඩායම ජයගනියි Daily Sports ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා ලකුණු 06ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලොර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 149ක් රැස් කළා. එම ඉනිම වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 59ක් සහ විරාට් කෝලි ලකුණු 33ක් ලබාගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම සඳහා ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොවිඩ් එන්නත ලබාදීම වහාම අත්හිටුවයි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ත්නිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා සඳහන් කළේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ගෙන ඇති තීරණය අනුව මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එන්නත්කරණය අත්හිටවූ බවයි. ඒ, බ්‍රිතාන්‍යය ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 30 ට අඩු අයට ලබාන
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චම්පක රාමනායකගේ පුහුණුකරු කොන්ත්‍රාත්තුව දීර්ඝ කෙරේ Daily Sports ප්‍රවීන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චම්පක රාමනායකගේ පුහුණුකරු කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්. ඒ, බංග්ලාදේශ ඉහළ දක්ෂතා කණ්ඩායම මෑතකදී දැක්වූ දස්කම් හේතුවෙන්. සංචාරක අයර්ලන්ත පිල සමඟ පැවති සිව්දින තරගයෙන් ජයග්‍රහණය කළ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම නිල නොවන එක්දින තරග පහෙන් හතරක් මෙන්ම විස්සයි විස්ස තරගයද ජයග්‍රහණය කර තිබෙනවා. මේ අනුව ...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අද කොවිඩ් එන්නත Daily Sports ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අද කොරෝනා මර්ධන එන්නත ලබාදීමට සූදානම් වෙනවා. විශේෂයෙන්ම බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් සඳහා. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුණ ද සිල්වා කියා සිටියේ. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය ලබන 21 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ වීමට නියමිතයි.(Daily Sports)
දිල්ෂි මීටර් 800 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි Daily Sports දිල්ෂි කුමාරසිංහ මීටර් 800 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට මීට ස්වල්ප වේලාවකට පෙර සමත් වුණා. කොළඹ සුගතදාස ක්‍රීඩාගංනයේ මේ වන විට පැවැත්වෙන ජාතික මළල ක්‍රීඩා තේරීම් තරඟාවලියේදි විනාඩි 2 යි තත්පර 02 යි දශම 52 ක කාලයක් වාර්තා කරමින් දිල්ෂි මෙම නව ශ්‍රී ලංකා වාර්තාව තබා තිබෙනවා. The post දිල්ෂි මීටර් 800 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි ...
තරග 60 කින් සමන්විත මෙවර IPL තරගාවලිය අද සිට Daily Sports මෙවර IPL තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහි පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර චෙන්නායි හී M A චිදම්බරම් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි. රෝහිත් ෂර්මා මුම්බායි පිළ මෙහෙයවන අතර බැංගලෝර් පිළේ නායකයා විරාට් කෝලි. තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය තරග 60 කින් සමන්විත අතර අවසන් මහා තරගය පැවැත්වීමට ...
නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවක් පත් කෙරේ Daily Sports නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ප්‍රමොද් වික්‍රමසිංහගේ ප්‍රධානාත්වයෙන්. එහි සාමාජිකයන් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කලුවිතාරණ හේමන්ත වික්‍රමරත්න,වරුණ වරාගොඩ, කාර්නයින්, තිලකා නිලිමිණි ගුණරත්න යන අය කටයුතු කරනවා.(Daily Sports) The post නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවක් පත් කෙරේ appeared first on Daily Sports. ...
LPL තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර ඇති මාසය මෙන්න Daily Sports ලබන අගෝස්තු මාසයේදී LPL තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුණ ද සිල්වා මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.(Daily Sports) The post LPL තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර ඇති මාසය මෙන්න appeared first on Daily Sports. ...
සඳකැන් සහ වනිඳු T 20 පන්දු යවන්නන් 10 දෙනා අතරට Daily Sports T 20 ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරට ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග ඇතුළත් වී තිබෙනවා. ඒ අනුව සඳකැන් 09 වන ස්ථානයේ සහ වනිඳු 10 වන ස්ථානයේ පසුවෙනවා. දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්රාස් ෂම්සි ICC පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටිනවා. (Daily Sports) The post සඳකැන් සහ වනිඳු T 20 පන්දු යවන්නන් 10 දෙනා අතරට appeared ...
විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට හිමි වූ තැන් Daily Sports ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 09වන සහ 10වන ස්ථාන ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග යන ක්‍රීඩකයින් දෙදෙනා සමත්ව තිබෙනවා. The post විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට හිමි වූ තැන් appeared first on Daily Sports. ...
පකිස්ථාන සහ චැඩ් රාජ්‍යය පාපන්දු සම්මේලන අත්හිටුවයි Daily Sports අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පකිස්ථාන සහ චැඩ් රාජ්‍යය පාපන්දු සම්මේලන අත්හිටුවා තිබෙනවා. ඒ, රජයේ මැදිහත්වීම් හේතුවෙන් බවයි චැඩියන් පාපන්දු සංගමය (FTFA) සඳහන් කරන්නේ. (Daily Sports) The post පකිස්ථාන සහ චැඩ් රාජ්‍යය පාපන්දු සම්මේලන අත්හිටුවයි appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර තරගය පැවැත්වෙන දිනය හෙළිකෙරේ Daily Sports ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර, ප්‍රදර්ශනාත්මක 20/20 ක්‍රිකට් තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව දැනුම්දුන්නේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීයි. ඒ අනුව මැයි 04 වෙනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා. The post ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර තරගය පැවැත්වෙන දිනය ...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොවිඩ් එන්නත Daily Sports ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබන ඉරිදා (11) කොවිඩ් වලට එරෙහි එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා කියා සිටියේ. එහි පළමු මාත්‍රාව 11 වෙනිදා ලබා දීමට සැලසුම් කර ඇති බවත් තවත් සති 8 ත් 12 ත් අතර කාලයකදී ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඊයේ කෝප් කමිටුවට කැඳවා තිබුණා. ඒ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා ඇතුලු සෙසු නිලධාරීන්ගේ ධුර කාලය අවසන් වී ඇති බැවින් ඔවුන්ට කෝප් කමිටුව සඳහා සහභාගි වීමට ඊයේ අවස්ථාව හිමි වූයේ නැහැ. (Daily Sport) The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
මෙවර ඔලිම්පික් උළෙලෙන් උතුරු කොරියාව ඉවත්වෙයි Daily Sports උතුරු කොරියාව මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා. ඒ, කොවිඩ් අවධානම හේතුවෙන්. නිරවි යුධ සමයේ 1988 සෝල් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන් පසු උතුරු කොරියාව ගිම්හාන ඔලිම්පික් උළෙලකට එක් නොවන ප්‍රථම අවස්ථාව ද මෙයයි. The post මෙවර ඔලිම්පික් උළෙලෙන් උතුරු කොරියාව ඉවත්වෙයි appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ශුරතාව දිනා අදට වසර 7ක් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ශුරතාව දිනා අදට වසර 7ක්. 2014 ලෝක කුසලානයට අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සමගින් සුදුසුකම් ලබා තිබුණේ ඉන්දියාවයි. මෙම තරගාවලියට පෙර පන්දුවාර 20 ලෝක කුසලාන අවසන් මහා තරග 2කදීම පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, 2011 ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේදීත්, ඉන්දීයාව හමුවේම පරාජයට පත් වුණා. කෙසේ වෙතත් ...
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට නව සභාපතිවරයෙක් Daily Sports කංචන ජයරත්න ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. ඊට අදාළ නිලවරණය ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදීයි පැවැත්වුණා. එහිදී කෑගල්ල වොලිබෝල් සංගමය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය සහ ඇහැලියගොඩ වොලිබෝල් සංගමය නියෝජනය කරමින් කංචන ජයරත්න නාමයෝජනා භාරදී තිබුණා. නමුත් රංජිත් සියඹලාපිටිය නාමයෝජනා පත්‍රය ඉල්ලා අස්කරගැනීම හේතුවෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස නිතරගයෙන් කංචන ජයරත්න තේරී පත්වුණා. (Daily ...
මෙවර IPL තරගාවලියටත් කොවිඩ් අවදානමක් Daily Sports ඉන්දියාවේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ කාර්ය මණ්ඩලයට ද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙවර IPL තරගාවලිය නව අවදානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙවර සමාරම්භක IPL තරගය අප්‍රේල් 9 වනදා චෙන්නායි නුවර පැවැත්වුණ ද, අප්‍රේල් 10 වනදා වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, පසුගිය වසරේ අනුශූරයන් වූ දිල්ලි කැපිටල්ස් සහ තුන්වරක් ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතරයි. එමෙන්ම, ...
ඉන්දීයාවේ ක්‍රිකට් කොවිඩ් පොකුරක් නිර්මාණය වන ලකුණු Daily Sports තවත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ, දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන අක්සාර් පටෙල්ටයි. මේ අනුව කොවිඩ් ආසාදනය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ යනවා. අක්සාර් පටෙල් පසුගියදා පැවති එංගලන්ත – ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ද සහභාගී වී තිබෙනවා. එමෙන්ම ඔහු ලබන 09වනදා ආරම්භවන IPL ක්‍රිකට් තරගාවලියටද සහභාගී වීමට ද නියමිතව සිටියා. මෙලෙස IPL සඳහා ...
කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි Daily Sports බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම පැවති දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වුණා. දෙවන තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායට ආරාධනා කළා. එහිදී කොදෙව්වන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 354ක් රැස්කළා. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 258ක් පමණයි. ලකුණු ...