ප්‍රධාන පුහුණුකරු නොමැතිව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ සටනට Daily Sports ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔහු දීර්ඝ විවේකයක් ගැනීමට තීරණය කිරීම හේතුවෙන්. මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ උප පුහුණුකරුවන් ලෙස කටයුතු කරන පෝල් කොලිංවුඩ් සහ ග්‍රෑන් තෝප් අදාළ තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ඇති. එළඹෙන ජුනි මාසයේදී එංගලන්තය සහ ශ්‍රී ...
යුපුන් අබේකෝන් ගෙන් මීටර් 100 නව ධාවන වාර්තාවක් Daily Sports ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබෙනවා. ඒ, ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදීයී. (Daily Sports) The post යුපුන් අබේකෝන් ගෙන් මීටර් 100 නව ධාවන වාර්තාවක්
ක්‍රිකට් නිලවරණය නියමිත දිනයටම පැවැත්වීමට සූදානම් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා පවත්වන බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාන කමිටු සාමාජික අමල් එදිරිසූරිය මහතා සඳහන් කරනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එහි ඡන්දය අත් ඔසවා ප්‍රකාශ කිරීම හේතුවෙන් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ...
LPL දෙවැනි අදියර ජූලි මාසයේදී Daily Sports ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර ජුලි 30 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. The post LPL දෙවැනි අදියර ජූලි මාසයේදී appeared first on Daily Sports. ...
බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන සංචිතය මෙන්න Daily Sports බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. නායකත්වය කුසල් ජනිත් පෙරේරාට සහ උප නායකත්වයට කුසල් මෙන්ඩිස් හිමි වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ඒ අනුව බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන කණ්ඩායම පහත පරිදි වනවා. (Daily Sports) The post බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන සංචිතය මෙන්න appeared first on ...
ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් අතරතුරදී ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට Daily Sports ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් අතරතුරදී ක්‍රීඩකයෙක් හෘදයාබාධයකට ලක්ව මියගොස් තිබෙනවා ඒ, එංගලන්ත ක්‍රීඩකයෙක් වන 24 හැවිරිදි ජොස් ඩවුනි. ඔහු පසුගිය 6 වැනිදා එංගලන්තයේ ලිවර්පූල් හි බර්කන්හීඩ් නම් ප්‍රදේශයේදී ක්‍රිකට් පුහුණුවීම් අතරතුරදී හදිසියේ අසනීප වී තිබුණා. කෙසේ වෙතත් ඔහුගේ මව පවසා සිටියේ තමන් දැනුවත්ව ජොස්ට කිසිදු රෝගයක් නොතිබූ බවයි. The post ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් අතරතුරදී ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට appeared first on Daily ...
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉන්දියාව පෙරමුණේ Daily Sports ICC ය විසින් නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවනවා. නවසීලන්තය දෙවන ස්ථානයට පත්ව ඇති අතර,ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය පිළිවෙලින් 3 සහ 4 වන ස්ථානවල පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේයි. The post ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉන්දියාව පෙරමුණේ appeared first on Daily Sports. ...
බංග්ලාදේශ එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් සිව්දෙනෙක් Daily Sports බංග්ලාදේශ සංචාරය සඳහා 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එහි නායකත්වයට කුසල් ජනිත් පෙරේරා සහ උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇති බව සඳහන්. එමෙන්ම එම සංචිතයට නව ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් වන බවත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු එම සංචිතයෙන් ඉවත් කර ඇති බවත් වාර්තා වෙනවා. මේ අතර ...
අවිශ්කට දැමූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කෙරේ Daily Sports හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ICC ය තීරණය කර තිබෙනවා. ඔහුට අදාළ තහනම පනවා තිබුණේ, එමිරේට්ස් ක්‍රිකට් දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේයි. නමුත් ස්වාධීන දූෂණ විනිශ්චය සභාවක් මගින් අදාළ තහනම ඉවත් කර තිබෙනවා. The post අවිශ්කට දැමූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කෙරේ appeared first on Daily Sports. ...
නවක ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ටත් කොවිඩ් Daily Sports එළැඹෙන බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරඟ සංචාරයේ මූලික සංචිතයට නම් කළ නවක ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. The post නවක ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ටත් කොවිඩ් appeared first on Daily Sports. ...
උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් Daily Sports උෂාන් තිවංක පෙරේරා උස පැනීම ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඒ, අමෙරිකාවේ ටෙක්සාස්හි පැවැති විශ්වවිද්‍යාල තරගාවලියකදීයී. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 2.30 ක්. (Daily Sports) The post උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්
IPL කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ් Daily Sports IPL කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත් වූ නවසීලන්ත පිතිකරු Tim Seifertට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. නැවත නවසීලන්තය බලා යෑමට පෙර කළ PCRපරීක්ෂණයක දී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් සමඟ Tim Seifert ට නවසීලන්තයට ආපසු යාමේ වරප්‍රසාදය අහිමි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු මේ වනවිට ඉන්දියාවේදී නිරෝධායනයට යොමුව ඇති අතර ඉදිරි ...
මෙවර ඔලිම්පික් උළෙල පවත්වන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහතිකයක් Daily Sports කොවිඩ් වසංගත තත්ත්වය පැවතුන,ටෝකියෝ ඔලිම්පික් උළෙල සැලසුම්කර ආකාරයෙන්ම පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ජෝන් කෝට්ස් ප්‍රකාශ කරනවා . ඒ අනුව ඔලිම්පික් තරගාවලිය මේ වසරේ ජූලි සහ අගෝස්තු මාස වලදී පැවැත්වීමට නියමිතයි.(Daily Sports) The post මෙවර ඔලිම්පික් උළෙල පවත්වන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහතිකයක් appeared first on Daily Sports. ...
ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරගයට එක්වන ඉන්දීය සංචිතය නම් කෙරේ Daily Sports ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරගයට නවසීලන්තය සමඟ තරග වදින ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයට ක්‍රීඩකයින් 20 ඇතුළත්. ඒ, රෝහිත් ශර්මා, ෂුබ්මන් ගිල්, මයාන්ක් අග්රවල්, චේතිශ්වර් පුජාරා, විරාට් කෝලි, අජින්ක්‍යා රහානි, හනුමා විහාරි, රිශාබ් පාන්ට්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, අක්ෂා පටෙල්, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රිත් බුම්රා, ඉෂාන්ත් ශර්මා, මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, ශාධුල් තකූර්, උමේෂ් යාදෙව්, ලෝකේශ් රාහුල්, විර්දීමන් ...
ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබයි Daily Sports ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය නියෝජනයට ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වාට වරම් ලැබී තිබෙනවා. ඒ අනුව ඇය ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වෙනවා. ඔලිම්පික් තරගාවලි ලබන වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්විමට නියමිතයි. The post ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබයි appeared first on Daily Sports. ...
මහේල නිරෝධායනයට Daily Sports ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන මෙවර IPL තරඟාවලියට එක්වීම සඳහා ඉන්දීයාවට ගොස් සිටියා. කෙසේ වෙතත් ඉන්දියාවේ මේ වනවිට පවතින දැඩි කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ IPL තරඟාවලිය තාවකාලිකව අත්හිටුවීමටයි තරඟ සංවිධායකයක් තීරණය කළේ. ඒ අනුව තරඟාවලියට එක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ද ...
කුසල් මෙන්ඩිස්ට අපහාස කළ පුවත්පතකට අධිකරණයෙන් වාරණ නියෝගයක් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව අපහාසාත්මක ලිපි පළ කිරීම වළක්වාලමින් මෙරට පුවත්පත් සමාගමකට එරෙහිව කොළඹ දිසා අධිකරණය මඟින් මැයි 5 දින වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. තමන්ට සිදු වූ අපහාස කිරීමක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලා කුසල් මෙන්ඩිස් විසින් ගොණු කළ පෙත්සමක් සළකා බැලීමේ දී මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර තමන්ට එරෙහි අපහාසාත්මක ප්‍රකාශන ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මැයි 16 බංග්ලාදේශයට Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මැයි 16 වනදා බංග්ලාදේශයට පිටත්ව යෑමට නියමිතයි. ඒ, බංගලාදේශය සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා. මෙම කණ්ඩායමේ නායකත්වය සඳහා කුසල් ජනිත් සහ උප නායකත්වය වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් අවසන් සංචිතයට මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නැහැ. (Daily Sports) The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මැයි 16 බංග්ලාදේශයට ...
IPL සඳහා එක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට නැවත සියරට පැමිණීමට බාධා – ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට ගෙනයාමට සැළසුමක් Daily Sports කොවිඩ් වෛරසය හේතුවෙන් අහ්හිටුවනු ලැබූ IPL තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් මාලදිවයිනට හෝ ශ්‍රී ලංකාවට ගෙන යාමේ අදහසක් පවතින බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති නික් හොක්ලි පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ COVID-19 අර්බුදය උත්සන්න වීමත් සමඟ IPL තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවනු ලැබුවා. මීට පෙර දින 14 තුළ ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ සංචාරකයින් තහනම් කර ඇති නමුත් ප්‍රධාන විධායක හොක්ලි ...
IPL තරගාවලිය අත්හිටුවීමෙන් කෝටි ගනනක පාඩුවක් Daily Sports IPL තරගාවලිය අත්හිටුවීමට ගනු ලැබූ තීරණයත් සමඟ ඉන්දීය රුපියල් කෝටි 2,000 ක පමණ පාඩුවක් සිදුවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරනවා. ඒ, එම තරගාවලියේ අනුග්‍රාහකයින් සහ රූපවාහිනි විකාශන නාලිකා මෙලෙස තරගාවලිය අතරමග නතර කිරීමත් සමඟ ඉන් ඉවත්වීමයි. IPL තරගාවලියේ තරග 60 ක් පැවැත්වීමට නියමිතව තිබූ අතර මේ වන විට පවත්වා ඇත්තේ තරග 29 ක් පමණයි. කෙසේ වෙතත් තරගාවලියට ...