2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම අද එක්වෙයි Daily Sports ආසියානු H කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයකට අද එක්වනවා. ඒ ලෙබනන කණ්ඩායමට එරෙහිව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් සදහායි. මෙම තරගය දකුණු කොරියාවේදී පැවැත්වෙන අතර තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11:30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස සුජාන් පෙරේරා කටයුතු කරන ...
සනත්ට ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක පුහුණුකරු තනතුරක් Daily Sports ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි, මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය විසින් 2021/22 කාලසීමාව සඳහා සිය ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය පත් කර තිබෙනවා. සනත් ජයසූරිය සිය ක්‍රීඩා සමාජයේ සේවයට පැමිණීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කලේ. 2021/22 තරග සමය සඳහා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා තවත් විශිෂ්ටයෙකු වන ටී එම් ...
නිලූකට ටෝකියෝ ඔලිම්පික් වරම් Daily Sports ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. ඔහු ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට වරම් දිනූ 3 වන අවස්ථාව මෙයයි. මීට පෙර 2012 ලන්ඩන් ඔලිමිපික් උළෙල සහ 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ද නිලූක කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් දිනා ගත්තා. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග ඉසව්වේදී නිලූක ...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත්කෙරේ Daily Sports ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරිමට ගිවිසුම් ගත වී ඇති බවයි වාර්තා වන්නේ. 53 හැවිරිදි හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබුණා. පසුව ඔහු ශ්‍රී ලංකා ...
ඔලිම්පික් යන ලංකාවේ කණ්ඩායම ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා බොරුවක් බව ජාතික ඔලිම්පික් කමිටුව කියයි Daily Sports ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා කරන ලද බවට කියන පුවතක් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නිලධාරීන් 58 ක් රුපියල් මිලියන 22 ක් හෙවත් ලක්ෂ 220 ක මුදලක් වැය කරමින් ක්‍රීඩා උළෙලට එක්වීමට සැලසුම් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි ...
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හෙට දකුණු කොරියාවට Daily Sports පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආසියානු කලාපීය වටයේ දෙවැනි අදියරේ තරග සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31දා) දකුණු කොරියාව බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයන් 22කින් සමන්විත සංචිතයක් මේ සඳහා නම්කර තිබෙනවා. තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ජුනි මස 05 වැනිදා පෙ.ව. 11.30ට ලෙබනනය සමඟින් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ...
IPL තරඟාවලියේ ඉතිරි තරඟ පැවැත්වෙන තැන නිවේදනය කරයි Daily Sports 2021 IPL තරඟාවලියේ ඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා. එම තරඟ සැප්තැම්බර් සහ ඔක්තේබර් මාසවල අතර පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. (dailysports.lk) The post IPL තරඟාවලියේ ඉතිරි තරඟ පැවැත්වෙන තැන නිවේදනය කරයි appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් වරමක් Daily Sports ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙළ එළඹෙන (2020) ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙන්. ටෙහානි මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවද හොබවනවා. 35 හැවිරිදි ටෙහානි සිය ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 223 වැනි ස්ථානයේ මේ වන විට පසුවනවා. (dailysports.lk) The post ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් වරමක් appeared first on Daily Sports. ...
ශිරාන් ප්‍රනාන්දුගේ තෙවැනි PCR වාර්තාවත් නිකුත් වෙයි Daily Sports ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුගේ තෙවැනි RT-PCR වාර්තාවේ ප්‍රතිඵලය ඊයේ (26) පැමිණ තිබෙනවා. එහි ප්‍රතිඵල සාමාන්‍ය (Negative) බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් පැවසුවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය පසුගිය 23 වැනිදා ආරම්භ වුණුඅතර තරගයට පැය කිහිපයකට පෙර පැමිණි PCR වාර්තාවලට අනුව චමින්ද වාස්, ඉසුරු උදාන සහ ශිරාන් ප්‍රනාන්දු යන අයගේ PCR වාර්තා COVID-19 සඳහා ...
ශ්‍රී ලංකාව අද බංග්ලාදේශය සමඟ දෙවැනි වතාවටත් ගැටෙයි Daily Sports ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (25 වැනිදා) ප.ව. 1.00ට ඩකාහි ශ්රේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස බංග්ලාදේශය පෙරමුණේ පසුවීම හේතුවෙන් අද තරගය ජයගතහොත් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීමේ අස්ථාව ඔවුන්ට උදාවනු ඇති. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් යයි Daily Sports මෙම වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2023 වසර දක්වා කල් දමා තිබෙනවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේදී ද එම තරගාවලිය කල් දැමුණේද පවතින කෝවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන්. එම තරගාවලිය ජුනි පළමු වෙනිදා සිට ආරම්භ වීමට සැලසුම් කර තිබු ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ කොවිඩ් බවට සැක තිදෙනාට යළිත් PCR පරීක්ෂණයක් – තරගාවලිය සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න Daily Sports සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය නියමිත පරදි අද (23) පැවැත්වෙන බව වාර්තා වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්, ශිරාන් ප්‍රනාන්දු සහ ඉසුරු උදාන කොවිඩ් ආසාදිත බවට මීට පෙර වාර්තා වුණා. ඒ හේතුවෙන් තරඟාවලිය පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතුවි වී තිබුණා. ආසාදිත බවට හඳුනාගත් තිදෙනාට නැවතත් පීPCR පරික්ෂණයක් සිදුකර ඇති ...
බංග්ලාදේශයේ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට කොවිඩ් Daily Sports බංග්ලාදේශයේ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බවට වාර්තා වනවා. ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට මෙලෙස කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. (dailysports.lk) කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් තහවුරු කිරීමේ නිල නිවේදනයක් නිකුත් කර නැහැ. The post බංග්ලාදේශයේ තරග ...
ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පළමු තරඟය අද Daily Sports සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පළමු තරඟය අද (23) ඩකාහිදී පැවැත්වීමට නියමිතයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින තරඟ 48ක් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව ඉන් තරඟ 39ක්ම ජයගෙන තිබෙනවා. බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග 7ක් පමණයි. මේ අතර බංග්ලාදේශය සමඟ අද ආරම්භ වන එක්දින ...
යුපුන් අබේකෝන්ගෙන් තවත් ධාවන වාර්තාවක් Daily Sports යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්වුණා. සුළඟේ වේගය +2.2 ලෙස සටහන් වීම හේතුවෙන් මෙය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැහැ. ඕනෑම තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දැක්වූ වේගවත්ම කාලය ලෙස එය සටහන් වනවා. (dailysports.lk) The post යුපුන් අබේකෝන්ගෙන් තවත් ධාවන වාර්තාවක් appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනාගෙන් විශේෂ නිවේදනයක් Daily Sports ක්‍රීඩකයින්ගේ ගිවිසුම් වල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා මැදිහත් වීම සදහා ක්‍රීඩකයින් විසින් පත් කරන ලද නිල නියෝජිතයා වන නීතිඥ නිෂාන් සිඩිනි ප්‍රේමතිරත්න විසින් එකී ක්‍රීඩකයින් වන පහත නම් සදහන් ක්‍රීඩකයින් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිවිස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් , කුසල් පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග, ලසිත් ...
ශම්මි යළිත් ක්‍රිකට් ලොකු පුටුවට Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති වරයා ලෙස ශම්මි සිල්වා නැවත වරක් තේරී පත්වී තිබෙනවා. (Daily Sports) The post ශම්මි යළිත් ක්‍රිකට් ලොකු පුටුවට appeared first on Daily Sports.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් තිදෙනෙක් ඉවත්වෙයි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා තෝරාගැනීමට අදාළ නිලවරණයට නාමයෝජනා භාරදුන් තිදෙනෙක් ඊට තරග නොකරන බව දැනුම් දී තිබෙනවා. ඒ, කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංගයි. ඔවුන් තිදෙනා පිළිවෙලින් සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබුණා.(Daily Sports) The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් තිදෙනෙක් ඉවත්වෙයි appeared first on Daily Sports. ...
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නව ක්‍රිකට් ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි Daily Sports දිමුත් කරුණාරත්න ඇතුළුව ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කීපදෙනෙක් නව ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩක ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා වන්නේ. ඒ එම නව මේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය සමගින් තවමත් එකඟත්වයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන්. දක්ෂතා පදනම් කරගනිමින් නව ජාතිය ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුමක් සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව පසුගියදා තීරණය කළා. එහිදී මූලිකවම 2019 ජනවාර
එක්දින තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා යයි Daily Sports බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග එක්දින තරග 3කට සහභාගීවීමට නියමිතයි. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 23වන දින ඩකාහිදී පැවැත්වීමට නියමිතයි. (dailysports.lk) The post එක්දින ...