සංගක්කාර IPL තරගාවලියේ රාජස්ථාන් කණ්ඩායමේ කළමණාකාරීත්වයට Daily Sports එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වන අදියර වෙනුවෙන් හිටපු ශ්‍රී ලංකා ප්‍රබලයන් තිදෙනක් එම කණ්ඩායම් කාර්යමණ්ඩලයට එක්ව සිටිනවා. ඒ, අනුව ශ්‍රී ලංකා සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කළමණාකාරීත්වයට පත් කර තිබෙනවා. ඔහු මාලිබෝන් ක්‍රීඩා සමාජයේ(MCC) සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා. එමෙන්ම හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට නැවතත් පත්කර ඇති ...
පෘතුගාල සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක් Daily Sports පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක වාර්තාවක් තබන්නට සමත්ව තිබෙනවා. ඒ, ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තාකර පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙමින්. ඔහු මේ වනවිට වාර්තාකර ඇති සමස්ත ගෝල් සංඛ්‍යාව 760ක්. Juventus පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ඔහු මෙම වාර්තාවට හිමිකම් කීවේ Napoli කණ්ඩායමට එරෙහි Italian Super Cup පාපන්දු තරගාවලියේ අවසන් තරඟයේදීයි. රොනාල්ඩෝ මෙම වාර්තාව තබන්නේ මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටි ...
ලසිත් මාලිංග තම සමුගැනීමක් පිළිබඳව දැනුම්දෙයි. Daily Sports ලසිත් මාලිංග ලීග ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කරනවා. ලසිත් මාලිංග ඒ සම්බන්ධයෙන් වන තීරණය මේ මස මුලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දන්වා ඇති බවද එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වන්නේ ලසිත් මාලිංගයි. ඔහුගේ තීරණයත් සමගින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මාලිංගව කණ්ඩායමෙන් නිදහස් කර තිබෙනවා. ඉන්දීය ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු ඉල්ලා අස්වීමට තීරණය කරයි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසන්තද මෙල් එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය තිබෙනවා. ඔහු තම ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් අවසානයේ අදහස් දැක්වූයේ මෙලෙසින්, “එංගලන්තයට එරෙහි ටෙස්ට්තරග දෙකෙන් අනතුරුව පෞද්ගලික හේතු මත කණ්ඩායමේ කළමනාකරු ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. මෙම තනතුර මම බාරගත්තෙ තාවකාලිකව. ඒ වගේම කුසල් පෙරේරා , ලහිරු තිරිමාන්න , ඕෂධ ...
ඕස්ට්‍රේලියාවට එරෙහිව සටන් කළ ඉන්දියාවට සුපිරි ජයක් Daily Sports ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බ්‍රිස්බේන් ගැබා ක්‍රීඩා පිටියේ පැවති සිව් වැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 328ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම 5 වන දිනයේ තරඟය නිම වීමට සුළු වේලාවක් තිබියදී ජයග්‍රහණය හිමි කරගත්තා. ශුබ්මාන් ගිල් ලකුණු 91යි. චේටෙශ්වාර් පුජාරා 56යි. ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන ගිය ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකට සැරසෙයි Daily Sports එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරය කිරීමට නියමිතයි. ඔවුන් මෙහිදී ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා පසුව බංග්ලාදේශයට එරෙහිව මෙරටදී ටෙස්ට් තරග දෙකක් පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේදී තරගාවලි ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5කට එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි Daily Sports එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට නම් කළ සංචිතයින් ක්‍රීඩකයින් පස් දෙනෙකු ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ, එම ක්‍රීඩකයින් අතර නායක දිමුත් කරුණාරත්නත් සිටිනවා. මීට අමතරව කුසල් මෙන්ඩිස්, ලහිරු කුමාර, මිනෝද භානුක සහ නුවන් ප්‍රදීප් විවේක ගන්වා ඇති බව ද වාර්තා වනවා. (Daily Sports) The post ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5කට එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ...
සීමිත පන්දුවාර පිටියේ විශිෂ්ටයන් ගැන ඉසුරු උදාන කියූ කතාව Daily Sports වත්මන් ක්‍රීඩකයන් අතුරින් සීමිත පන්දුවාර පිටියේ විශිෂ්ටතම පිතිකරුවා විරාට් කෝලි බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පවසනවා. “මම හිතන විදියට සීමිත පන්දුවාර පිටියේ විශිෂ්ටතම පිතිකරු විරාට් කෝලි. පන්දු යවන්නා මිචෙල් ස්ටාක්. තුන් ඉරියව් ක්‍රීඩකයා රවීන්ද්‍ර ජඩේජා.” ඉසුරු උදාන මෙවර අබුඩාබි T10 තරගාවලියේ Bangla Tigers කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. ජනවාරි මස 28වනදා ක්‍රිස් ගේල් නියෝජනය කරන Abu Dhabi ...
දිමුත්ට සහ මෙන්ඩිස්ට එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය අහිමි වන ලකුණු Daily Sports එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ. දිමුත් කරුණාරත්න ආබාධයට ලක්විම හේතුවෙන් ඊට සහභාගී වන්නේ නැහැ. එමෙන්ම පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී හා එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදීද කුසල් මෙන්ඩිස්ගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසා ඔහු ඊළඟ තරගයෙන් ඉවත් කර ඇති බව සඳහන්. ඒ අනුව ඔවුන් වෙනුවන්ට ඕෂධ ප්‍රනාන්දු හෝ ...
අද ක්‍රිකට් ගැන ධම්මික ප්‍රසාද්ගෙන් සංවේදී සටහනක් Daily Sports සියලුම දෙනා එකතුවී ( පැරණි ක්‍රීඩකයින්, පරිපාලකයින්, වර්තමාන ක්‍රිඩකයින්) රටට මුල් තැන දීලා පෞද්ගලික ලාභ ප්‍රයෝජන අමතක කරලා කටයුතු කළොත් පමණක් ක්‍රීඩාව ගොඩනැගීමට අපට හැකිවනු ඇති බව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් Facebook සටහනක් තබමින් පවසනවා. රටට මුල් තැන දී පෞද්ගලික ලාභ ප්‍රයෝජන අමතක කර කටයුතු කළහොත් පමණක් ශ්‍රී ලංකාව ක්‍රිකට් වසන්තයක් කරා රැගෙන යා හැකි බවයි එම Facebook ...
ගාලු කොටු පවුරේ සිට එංගලන්ත කණ්ඩායම දිරි ගැන්වූ රොබ් ලුවිස්ට ලැබුණු විශේෂ දුරකථන ඇමතුම Daily Sports එංගලන්තයේ ක්‍රිකට් ලෝලියෙකු වන රොබ් ලුවිස් ලෝකයේම ක්‍රිකට් ලෝලීන් කතා කරන පුද්ගලයෙක් බවට පත්ව තිබෙනවා. ඒ, ඔහු ගාලු කොටු පවුරේ සිට ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය නැරඹීමට උත්සාහ කිරීමේදි පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔහුට බාධා මතුවීම හේතුවෙන්. කෙසේ වෙතත් පසුව ඔහුට ගාලු කොටු පවුරේ සිට එංගලන්ත කණ්ඩායමට දිරි ගැන්වීමට අවස්ථාව ලැබුණා. මෙහි විශේෂත්වය වන්නේ ඔහු මාස ...
ෂෙහාන් ජයසුරිය තම බිරිඳට එල්ල කළ චෝදනාව ගැන තිසර කට අරියි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ෂෙහාන් ජයසුරිය පසුගියදා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා. පසුව ඔහු අමෙරිකාවේ ස්ථිර පදිංචිය බලා පිටත්ව ගියා ඔහු මෙලෙස සමුගෙන ගියේ මෙරට දී තමන්ට ක්‍රීඩා කිරීමට ජාතික කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් නොලැබෙන බවට පවසමින්. කෙසේ නමුත් ඔහු අමෙරිකාවේ සිට පුවත්පතක සම්මුඛ සාකච්ජාවකදී පවසා තිබුණේ, තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිකර ගැනීමට අවකාශ නොලැබුණු ...
පළමු ටෙස්ට් සටනේ ජය එංගලන්තයට Daily Sports ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගනු ලැබුවා. (Daily Sports) The post පළමු ටෙස්ට් සටනේ ජය එංගලන්තයට appeared first on Daily Sports. ...
එංගලන්ත කණ්ඩායමට ලකුණු 74ක පහසු ඉලක්කයක් Daily Sports එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම සියලු දෙනා දැවී ලකුණු 359කට සීමා වුණා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ශතකයක් ලබාගත් අතර ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 111ක්. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71ක් රැස් කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 74ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. The post එංගලන්ත කණ්ඩායමට ලකුණු 74ක ...
ශ්‍රී ලංකාව තවමත් එංගලන්තයට වඩා ලකුණු 130ක් පිටුපසින් Daily Sports ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද පැවැත්වුණා. අද දිනය නිමා වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබා සිටියා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 62ක් ලබා ගත් අතර ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටිනවා. කුසල් මෙන්ඩිස් ලකුණු 15කට දැවී ගියා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා ...
කොරෝනා වලින් සුවය ලැබූ මොයින් අලී නැවත කණ්ඩායමට එක්වෙයි Daily Sports කොරෝනා ආසාදිතව ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී සුවය ලබා තිබෙනවා. ඉන් අනතුරුව ඔහු එංගලන්ත කණ්ඩායම සමඟ එක්වුණා. මේ වනවිට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අතරතුරදී ඔහු ක්‍රීඩා විවේකාගාරයේ සිටින බවයි වාර්තා වන්නේ. එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පසුගිය 4වනදා සිදු කළ PCR පරීක්ෂණයක් අනුව මොයින් අලී කොවිඩ් ආසාදිතයෙක් ...
ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල සටනක යෙදෙන එංගලන්තයට යළි වැස්සෙන් බාධා Daily Sports ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද පැවැත්වුණු අතර ඊට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අයහපත් කාලගුණය හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 4 ක් දැවි ලකුණු 320 ක් රැස් කරගෙන සිටියා.පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් අද උදෑසන තරගය ආරම්භ වූයේද පැයක පමණ ප්‍රමාදයකින් පසුවයි. අද දිනයට තරගය ...
එංගලන්ත ක්‍රීඩකයින් රැඳී සිටින ගාල්ල හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් Daily Sports තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගත් ගාල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අද (15) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීම හේතුවෙන් ගාල්ල, නෙළුව නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට පියවරගත් බව නෙළුව ප්‍රාදේශීය සභාවේ ...
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද Daily Sports ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අද පැවැත්වෙනවා. අද තරග ආරම්භයට අයහපත් කාලගුණය හේතුවෙන් බාධා ඇති වුණා. මේ වනවිට තරගය ආරම්භ වී ඇති අතර, පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 206ක් ලබා සිටිනවා. The post ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද appeared ...
ගාලු පිටියේදී ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ අඩුම ලකුණු අද වාර්තා කරයි Daily Sports ශී‍්‍ර ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේ පළමු ඉනිමේදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළා. ඒ එංගලන්තට එරෙහිව පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී සිය පළමු ඉනිම සඳහා ලකුණු 135 ක් රැස් කරමින්. කුසල් මෙන්ඩිස් අද තරගයේදී වාර්තා පොත් අතරට එක් වුණේ පිට පිටම ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගිය 3 වන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමින්. මීට ...