ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය මනින්න නව ක්‍රමයක් Daily Sports 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතයේ ක්‍රීඩකයින් මේදිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවිම් සදහා එක්ව සිටිනවා. ඒ, එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය ඉලක්කය කරගනිමින්. තරඟාවලිය සදහා එක්වන අවසන් සංචිතය නම් කිරීමට පෙර අනිද්දා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයන් පැවැත්වෙනවා. එහිදී සුදුසුකම් ලබන ක්‍රීඩකයින් පමණක් ශ්‍රී ලංකා අවසන් සංචිතයට එක් කිරීමටත් නියමිතයි. දැනට ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ...
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට තුන්කොන් සටනක් Daily Sports ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ වැඩි අවස්ථාවක් නවසීලන්තයට හිමිව තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරය කල් දැමීමට ගත් තීරණයට අනුවයි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට පෙර දකුණු – අප්‍රිකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබනවා. මේ අනුව මේ වන විට ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සහ ප්‍රධාන පුහුණුකරුට කොවිඩ් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඊයේ (02) සිදු කළ PCR පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. The ...
දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඉවත් වෙයි Daily Sports එළඹෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ, මේ වන විට දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරසය ප්‍රභේදය සහ දෙවන රැල්ල හේතුවෙන්. මෙම අවස්ථාවේදී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරිම භයානක බවයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. (Daily Sports) The post දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඉවත් වෙයි appeared ...
කොවිඩ් නිසා නැවතුණු සුපර්ක්‍රොස් යළි ඇරඹීමට සූදානම් Daily Sports කොවිඩ් 19 අවදානම හේතුවෙන් පසුගිය වසරේදී මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලි කල් දමනු ලැබුවා. කෙසේ වෙතත් පසුගියදා එම තරඟාවලියේ කාලසටහනක් නිකුත් කර තිබෙනවා. එළැඹෙන පෙබරවාරි 27 සහ 28 යන දිනයන් හිදී පැවැත්වීමට නියමිත ‘එළියකන්ද’ තරගාවලියෙන් මෙවර තරගවාරය ආරම්භ කෙරෙනවා. එය නොවැම්බර් 6 සහ 7 වැනිදා පැවැත්වීමට නියමිත කොළඹ සුපර්ක්‍රොස් තරගාවලියෙන් කොළඹ සුපර්ක්‍රොස් තරගාවලියෙන් නිමාවටකිරීමට නියමිතයි. මෙම තරගාවලියට මෝටර් ...
IPL 14 වන අදියර ආරම්භ වන දිනය ගැන ඉඟියක් Daily Sports IPL 14 වන අදියර ඇරඹෙන දිනවකවානු ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉඟි පල කර තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලිය අප්‍රේල් මස 11වනදා ආරම්භ වීමට නියමිත අතර ජුනි මස 5 හෝ 6 යන දිනයන්හිදී අවසන් මහා තරග පැවැත්වෙනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආයතන නිළධාරීන් පවසනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ. IPL තරගාවලිය ...
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන විනය නීති සංග්‍රහය යටතේ මිචෙල් මාෂ් දඩයක් Daily Sports පර්ත් ස්කෝච්ස් කණ්ඩායමේ ක්‍රීඩක මිචෙල් මාෂ් ඇමරිකානු ඩොලර් 5,000ක දඩයක් නියම කර තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන විනය නීති සංග්‍රහය යටතේ වන දෙවන මට්ටමේ වරදකට හසු වීම නිසයි. ඊට හේතු වී ඇත්තේ, ඔහු මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී විනිසුරු තීරණයකට විරෝධය පල කිරීමයි. (Daily Sports) The post ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන විනය ...
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට සැරසෙයි Daily Sports ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට සැරසෙයි කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුපෙන් සියයට 40ක් කප්පාදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. ඒ, නිමාවූ දකුණු අප්‍රිකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන්. (Daily Sports) The post ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට සැරසෙයි appeared first on Daily Sports. ...
මෙරටදී කොවිඩ් ආසාදිත බවට හදුනාගත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් විශේෂ ප්‍රකාශයක් Daily Sports සියලු දෙනා කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්යය සිදු කළ යුතු බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි පවසනවා. පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරග සංචාරයට පැමිණි අවස්ථාවේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා නව ප්‍රභේදය ශ්‍රී ලංකාවේදී පළමුවරට හදුනා ගත්තේද එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩන මොයින් අලිගෙන්. ශ්‍රී ලංකා සංචාරය නිම ...
බෝන් එගේන් ගැන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව එම ආයතනය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරන බවයි. අදාළ නිවේදනය පහතින්. මාධ්‍ය නිවේදනයයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ...
Bruce Oxenford 15 වසරක ජාත්‍යන්තර විනිසුරු දිවියට සමුගනී Daily Sports Bruce Oxenford විනිසුරුවරයා සියලුම ජාත්‍යන්තර තරග ආකෘතීන් විනිශ්චය කිරීමෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. හැටහැවිරිදි ඔහු වසර 15ක කාලයක් පුරාවට ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු දේශීය තරගාවලි විනිශ්චය කිරීම වෙනුවෙන් Bruce Oxenford ඉදිරියටත් එක්වීමට නියමිතයි. ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හිදී පැවති සිව්වන ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගයයි. ජාත්‍යන්තර ටෙස්ට් තරග 62ක් විනිශ්චය කර ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝප් කමිටුවෙන් කැඳවීමක් Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. (Daily Sports) The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝප් කමිටුවෙන් කැඳවීමක් appeared first on Daily Sports. ...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහයෝගය දෙන ලෙස අර්ජුනට අමාත්‍ය නාමල් රාජපක්ෂගෙන් ආරාධනයක් Daily Sports ලෝක කුසලාන ජයග්‍රාහී නායක අර්ජුන රණතුංග මහතාගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහයෝගය දෙන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා තිබෙනවා. මාතාර හි මාධ්‍යවේදීන් අමතමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ රටේ ඕනෑම ක්‍රීඩාවක් දේශපාලනයෙන් තොර විය යුතු බවයි. විවිධ කමිටු පත් කිරීමෙන් ක්‍රීඩා පිටියේ පවතින ගැටලු විසඳන්නේ නැති බව සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ එවැනි ...
අබුඩාබි T10 ලීගයේ පස්වන අදියර සඳහා ශ්‍රී ලංකාවෙන් යොවුන් ක්‍රීඩකයන් සිව්දෙනෙක් Daily Sports අබුඩාබි T10 ලීග් තරගාවලියේ පස්වන අදියර අද පස්වරුවේදී ආරම්භ වුණා. අදින් ආරම්භ වූ මෙම තරගාවලිය පෙබරවාරි මස 6වනදා දක්වා අබුඩාබිහි පිහිටි Sheikh Zayed ක්රිඩාංගනයේදී පැවැත්වෙනවා. විස්සයි විස්ස ලීග් පිටියේ දැවැන්තයන් වන ක්‍රිස් ගේල් , කිරන් පොලාඩ් , ඩ්වේන් බ්රාවෝ , ඇන්ඩ්ර රසෙල් වැනි ක්‍රීඩකයන්ද අත්දැකීම් බහුල ශහිඩ් අෆ්රිඩි , ශොයිබ් මලික් , මොහොමඩ් හෆීස් වැනි ක්‍රීඩකයන්ද මෙවර T10 තරගාවලියට ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ICC දූෂණ මර්දන චෝදනා 03 කට වරදකරු වෙයි Daily Sports ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන චෝදනා 03 කට වරදකරු වී තිබෙනවා. ඒ, ස්වාධීන විනිසුරු මඩුල්ලක් විසින් සිදු කළ කරුණු විමසා බැලීමකදීයි. ලොකුහෙට්ටිගේට එරෙහිව 2019 වසරේ නොවැම්බර් මාසයේදී චෝදනා ගොනු කර තිබුණා. ඔහුට එලෙස චෝදනා එල්ල වී ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10 තරගාවලියක් අතරතුර දූෂණ මර්දන නීති කඩකිරීම හේතුවෙන්. (Daily Sports) The post ...
අඩුම පන්දු ගණනකදී ටෙස්ට් කඩුලු 200 සම්පුර්ණ කිරීමට රබාඩා සමත් වෙයි Daily Sports ලෝක ටෙස්ට් ඉතිහාසයේ කඩුලු 200 සීමාවට අඩුම පන්දු ගණනකදී ළඟා වූ පන්දුයවන්නන් අතර තෙවෙනි ස්ථනය ලබාගැනීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා සමත් වී තිබෙනවා. ඒ, පාකිස්තානය සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීයි. එහිදී ටෙස්ට් තරග 44කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 200ක් දවාගැනීමට රබාඩා සමත් වුණා. ඒ, හසන් අලි දවාගනිමින්. 25 වන වියෙහි පසුවන රබාඩා ටෙස්ට් කඩුලු 200 සීමාව ...
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට වැදගත් තීන්දු තීරණ රැසක් Daily Sports මෙරට පළමු වරට ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් කාර්ය සාධනය මත පදනම් වු වෘත්තීය ගෙවීම් ව්‍යුහයක් සහිත ගිවිසුම් අත්සන් කිරීම ඊයේ සිදු වුණා. ඒ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්, ප්‍රධාන පුහුණුකරු , ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්, අමාත්‍යංශ නිලධාරින් හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීම පිළිබඳ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මිට පෙර ද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාර ධුරයෙන් ද ඉල්ලා අස්වුණා. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට තමන් මේ මොහොතේදී සුදානමක් නොමැති බවයි. (Daily Sports) The post ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ...
ජපානයේ ඔලිම්පික් අමෙරිකාවට ඉල්ලයි Daily Sports 2021 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ගැන අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා. පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් වසරක පමණ කල් දැමීමකින් පසු ලබන ජූලි 23 වනදා සිට ආරම්භ කිරීමටයි නියමිතයි. නමුත් පවතින කොරෝනා වසංගතය හමුවේ ජපානය තුළ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට සුදසු තත්වයක් නොමැති බවයි ආරංචි මාර්ග සඳහන් ...
2021 වසරේ IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම කෙරේ Daily Sports 2021 වසරට නියමිත IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන පෙබරවාරි මස 18 වනදා පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගිය ජනවාරි මස 6 වනදා පැවති IPL පාලක මණ්ඩල රැස්වීමේදීයි. IPL තරගාවලියේ කණ්ඩායම් විසින් පසුගියදා වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් නිදහස් කරනු ලැබූ අතර එලෙස නිදහස් කරන ලද ක්රීඩකින්ද මෙම වෙන්දේසියට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ. එලෙස නිදහස් කරන ලද ක්‍රීඩකයින් අතරට ...