ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයට නව සභාපතිවරයෙක් Daily Sports ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා තේරී පත්ව තිබෙනවා. ඒ ඊයේ (12) පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවති ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ විශේෂ රැස්වීමකදීයි. එහිදී ඔහු අදහස් දැක්වූයේ මෙලෙසින්, “මේ සංගමය තුළ පූර්ණ කාලීනව විනිසුරුවරුන් ලෙස කටයුතු කරන 500කට අධික පිරිසක් ඉන්නවා. පසුගිය කාලයේ කොවිඩ් නිසා ක්‍රිකට් තරග පැවැත්වුණේ නෑ. ඒ අයගේ ජීවන තත්ත්වය නගාසිටුවන්න අවශ්‍යයි. මෙවැනි ...
කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දුවන්න බැරි වුණ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්න Daily Sports ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 31 දෙනෙකු පෙනී සිටියා. ඉන් 04 දෙනෙකු එම පරීක්ෂණයෙන් අසමත් වී තිබෙනවා. එලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ දිල්රුවන් පෙරේරායි. අදාළ ක්‍රීඩකයින් සිව්දෙනාට ඉදිරි දිනකදී නැවත වරක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා. ...
ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් අමෙරිකාවේ ගිණුමකට බැර වී ඇති බවට අනාවරණයක් Daily Sports 2018 වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය වෙනුවෙන් ලැබිය යුතු රුපියල් මිලියන 29 ක මුදලක් අමෙරිකාවේ ඇති ගිණුමකට බැරවී ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවේ කැඳවු අවස්ථාවේදීයි. කෙසේ වෙතත් එහිදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම නිසා කමිටුවේ කටයුතු අතරමග තාවකාලිකව නතර කිරීමට සිදුවුණා.(Daily Sports) The post ...
VIVO IPL 2021 ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් 09 දෙනෙකු ලැයිස්තු ගතකෙරේ Daily Sports VIVO IPL 2021 ක්‍රීඩක වෙන්දේසිය 2021 පෙබරවාරි 18 වන දින චෙන්නායි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 292 දෙනෙකු සූදානම් වනවා. මේ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 1,114 ක් මුලින් වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටියා. අවසාන ලැයිස්තුව කප්පාදු කරනු ලැබුවේ ඡන්ද දායකයින් අට දෙනා ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ කෙටි ලැයිස්තුව ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනා අතරින් ...
LPL තරගාවලිය සඳහා නියාමන කමිටුවක් Daily Sports මේ වසරේ පැවැත්වීමට නියමිත LPL තරගාවලිය නියාමනය කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබෙනවා. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා. LPL තරඟාවලිය පවත්වා මාස 02 ක් ගත වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 16ක මුදල අයකර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ...
වයස අවුරුදු 23න් පහළ සීමිත පන්දුවාර තරගාවලිය යළි ඇරඹේ Daily Sports කොවිඩ් 19 රෝගී තත්වයන් හේතුවෙන් අතහැර දැමුණු අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් වටයේ තරග යළි ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව එම තරගාවලිය මෙම මසදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මූලික වටයේ තරග අවසානයේදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ හිමිකරගත් ක්‍රීඩා සමාජ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබුවා. SSC කණ්ඩායම හා Baduraliya ක්‍රීඩා ...
කොදෙව් සංචාරයට පුහුණුවීම් කළ ක්‍රීඩකයන්ගේ PCR වාර්තා නිකුත් කෙරේ Daily Sports බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අරමුණු කරගනිමින් පැවැත්වූ පුහුණුවීම් අතරතුරදී පසුගියදා සිදුකළ PCR පරීක්ෂණයකදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා ලහිරු තිරිමාන්න කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වුණා. ඒ හේතුවෙන් ඔවුන් සමගින් පුහුණුවීම් කටයුතු වල නිරත වූ 36 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයන් හා පුහුණු කාර්යමණ්ඩලය නිරෝධායනයට ලක් කරනු ලැබුවා. එම 36 දෙනාගෙන් යුතු කණ්ඩායම ඊයේ දිනයේදී යළි PCR පරීක්ෂණයකට යොමු කරනු ...
ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයකින් වරදකරුවෙකු වන අයෙකුට ලංකාවේදී සිදු වන දේ Daily Sports ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයකින් යම් පුද්ගලයෙක් වරදකරු වුවහොත් ඔහුට වසර 5ක් යනතුරු කිසිදු ක්‍රීඩා සමාජ නිලයකට තරග කිරීමට අවස්ථාව ලබා නොදීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ නීති නව ක්‍රීඩා පනතට එක් කරන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ. එමෙන්ම ක්‍රීඩා දක්ෂතා මත පදනම්ව ජාතික පාසල්වල 9 වන ශ්‍රේණියේ සිට සිසුන් ඇතුළත් කර ගැනීමට ද සලකා බලමින් සිටින බව ඔහු ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (11) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවා ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබඳව විමර්ෂණය කිරීමට නියමිතයි. මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ...
ජාතික මලල ක්‍රීඩා ශූරතාව දින නියමයක් නොමැතිව කල් යයි Daily Sports එළැඹෙන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මලල ක්‍රීඩා ශූරතාව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබී කල් දැමුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගැනුණා. නමුත් ජාතික මලල ක්‍රීඩා ශූරතාව වෙනුවට ඊට අදාළව අප්‍රේල් මාසයේදී මලල ක්‍රීඩා තේරීම් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. (Daily Sports) ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරු ඉල්ලා අස්වෙයි Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් නෝරි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහුගේ පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. 2018 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්වූ පෝල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ සේවය කළා. (Daily Sports) The post ශ්‍රී ලංකා ...
වරස 28කට පසු පාකිස්තානයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් Daily Sports සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය පූර්ණ වශයෙන් ජයග්‍රහණය කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ දිනයේදී සමත් වුණා. පාකිස්තාන කණ්ඩායම 2003 වසරෙන් පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. මෙම ජයග්‍රහණයත් සමගින් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පස්වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට පාකිස්තානයට හැකියාව ලැබුණා. තරගයේ වීරයා ලෙසින් හසන් අලී සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා බවට ...
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 31ක් Daily Sports මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,097 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 283 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලැයිස්තු ගතකර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 31 දෙනෙකු ද IPL වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බව IPL සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. නමුත් ක්‍රීඩක වෙන්දේසි දිනට පෙර ...
ලෝක හෙවිවේට් බෝක්සිං ශූර ලියෝන් ස්පින්ක්ස් මියයයි Daily Sports ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 05 කට ආසන්න කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩාවිදි ඔහු අමෙරිකාවේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය යනවිට ඔහු 67 හැවිරිදි වියේ පසු වුණා. හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව 1978 වසරේදී ලබාගත් ජයග්‍රහණයත් සමග ලියොන් ස්පින්ක්ස් ජනප්‍රිය තරුවක් බවට පත්වුණා. ඔහු 1976 වර්ෂයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා තරඟයේ ...
වේගවත්ම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෙක් Daily Sports වේගවත්ම ක්‍රීඩකයින් අතර 6 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා. ඒ, ජර්මනියේ බර්ලින් නුවර පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟාවලියේදීයි. ඔහු මෙලෙස 6 වන ස්ථානයට තේරීපත් වූයේ, මීටර් 60 පිරිමි අවසන් තරඟයේදී තත්පර 6.65ක් කාලයක් වාර්තා කරමින්. මෙම තරඟාවලිය යුපුන් සහභාගී වු ලොව පුමුඛ පෙළේ ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලියයි. ඒ අනුව යුපුන් අබේකෝන් පෙබරවාරි 9 වැනිදා ...
කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පුහුණුවීම් ආරම්භ කරයි Daily Sports 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටය මෙම වසරේ ජුනි මාසයේදී මෙරටදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථිර පුහුණුකරුවන් පත් කරන තෙක් කාන්තා ජාතික කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම ලංකා ද සිල්වාට පැවරෙනවා. මේ අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ...
ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අරවින්ද, රොෂාන්, මුරලිදරන් සහ සංගක්කාරට අලුත් තනතුරු Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ – අරවින්ද ද සිල්වා මහතා (සභාපති), රොෂාන් මහානාම (සාමාජික), මුත්තයියා මුරලිදරන් (සාමාජික) සහ කුමාර් සංගක්කාර (සාමාජික). තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද (05) එම කමිටුව පත්කරනු ලැබුවා. එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි Daily Sports ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්ම් සිල්වා මහතා විසින් ඒ බව තහවුරු කළා. ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරේ Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබෙනවා. නාම යෝජනා විවෘත කිරීම මෙම මස 24 දින සිදු කරන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. (Daily Sports) The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරේ appeared first on Daily Sports. ...
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විවාහ උත්සවයට ගිය සියලුමදෙනා නිරෝධායනයට Daily Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ නිවේදනය කළා. එමෙන්ම ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් ඊයේ පැවති සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවය සඳහාද සහභාගී වී තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විට එම විවාහ උත්සවයට සහභාගී වූ සියලුම දෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමු කරනු ලැබුවා. තිරිමාන්න සහ මිකී ආතර් කොවිඩ් ...