ප්‍රථම කුරුස යුද්ධය දම්පාට දේදුන්න කුරුස යුද්ධ යනුවෙන් හැඳින්වෙන්නේ යෙරුසලම මුස්ලිම් වරුන්ගෙන් මුදාගෙන යුරෝපීයන් අතට ගැනීමට සිදුකරනා ලද යුද්ධ මාලාවකි. ක්‍රිස්තියානි, මුස්ලිම් සහ ජුදා යන ආගම් තුනෙහිම බැතිමතුන් ජෙරුසලම තමන්ගේ පුජා භූමියක් වශයෙන් සලකති. සියවස් ගනනාවක් තිස්සේ යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන් විසින් වන්දනාව සඳහා පැමිණි ජෙරුසලම, එකොලොස් වන සියවසේදී තුර්කි ජාතිකයන්ගේ පාලනයට නතුවිය. මුස්ලිම් භක්තිකයන් වූ තුර්කීන් කිතුනු බැතිමතුනට වරින් වර පහර දීම නිසා දෙවන අර්බන් ...
දවසේ වරද දම්පාට දේදුන්න සිවිල් ජනයාගේ පෞද්ගලිකත්වය කෙරෙහි කිසිදු වගකීමක් නොමැති, නාලිකාවේ ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම පහත් වැඩක් කිරීමට නොපැකිලෙන ජනමාධ්‍ය සම්බන්ධව සිවිල් ජනතාවට ගතහැකි හොඳම පියවර එම නාලිකා වර්ජනය කිරීමය.නමුත් මේ අවක්රියාවට කිසිවකු කිසිදු බලධාරියකු පියවරක් ගන්නා බවක් නොපෙනෙන බැවින් සහ එයට පොලිස් නිලධාරියෙකුද සහය දෙන බැවින් ප්‍රශ්න කිහිපයක් මතුවේ මෙවන් හිංසා කිරීමට නීතිය තුල අවකාශ තිබේද?නීතියේ හිඩැසක් මොවුන් ප්‍රයෝජනයට ගන්නවාද? ...
ලිස්බන් සිට කැලිකට් දක්වා ගිය පෘතුගීසි දේශ ගවේෂකයෝ දම්පාට දේදුන්න හෙන්රි කුමරුන්වසර 1453 දී තුර්කීන් විසින් කොන්ස්තන්තිනෝපලය යටත් කර ගැනීමත් සමග යුරෝපයේ සිට පෙරදිගට වූ ගොඩබිම් මාර්ගය යුරෝපීනට අවහිර විය. මේ නිසා පෙරදිග රටවල සිට යුරෝපයට යැවුණු කුළුබඩු ප්රමුඛ වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය සඳහා බාධා ඇතිවිය. යුරෝපය සහ පෙරදිග රටවල් අතර වෙළෙඳාම පාලනය තුර්කීන් ගේ අතට පත්වීම යුරෝපා වෙළඳ සමාගම් වලට අහිතකර ලෙස බලපෑවේය. මේ හේතුවෙන් යුරෝපයේ බලවත් රටවල් පෙරදිගට මුහුදු ...
සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 01 දම්පාට දේදුන්න නිර්මාණ කරුවකු කලා නිර්මාණයක් කරන්නේ රසිකයන් ගේ රසවින්දනය පිණිසය. සිය රසිකයන් තමන්ගේ නිර්මාණය රස විඳීම කලා කරුවා ලබනා ඉහලම සංතෘෂ්ටිය වේ. ගීතයක්, කවියක්, චිත්‍රයක්, නවකතාවක්, චිත්‍රපටයක්, නාට්‍යයක් වැනි ඕනෑම නිර්මාණයක් සඳහා එය පොදු සාධකයකි. සන්නිවේදන තාක්ෂනයේ දියුණුවක් නොතිබුන පෙර කලා නිර්මාණයක් රසිකයා අතරට ගෙන යාම විශාල අභියෝගයක් විය. මේ හේතුවෙන් එකල නිර්මාණයක් ජනගත කිරීම සඳහා විශාල සිවිල් බලයක් අවශ්‍ය විය. ...
සිංහල සිනමාවේ මුල් යුගයේ නුපන් චිත්‍රපට දම්පාට දේදුන්න සිංහල සිනමාවේ ප්‍රථම කථා නාද චිත්‍රපට ය ලෙසින් වාර්ථාගත වනුයේ 1947 ජනවාරි 21 දින මංගල දර්ශිත කඩවුණු පොරොන්දුව ය. මෙම කථාව චිත්‍රපටයට නැගීමට පෙර දර්ශන වාර 800ක් නාට්‍යයක් වශයෙන් වේදිකා ගත කර තිබූනි. කඩවුණු පොරොන්දුව නාට්‍යය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ නායකත්වයෙන් සුසැදි මීගමුවේ මිනර්වා නාට්‍යය කණ්ඩායමේ නිර්මාණයක් විය. නමුත් ඊට වසර විසි දෙකකට ප්‍රථම 1925 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නිහඬ ...
සංගීත චාරිකාවක් 25 - AC/DC හාඩ් රොක් සංගීත කණ්ඩායම දම්පාට දේදුන්න Rock N Roll Train ගීතය හාඩ් රොක් ශෛලිය තුල රසවිඳින්නට ලැබුන හොඳම ගීතයක් විදියට නම් කරන්න පුළුවන්. අද ලිපිය එම ගීතයේ නිර්මාපකයන් වන හාඩ් රොක් සහ හෙවි මෙටල් සංගීත ශෛලියහි ජය කෙහෙළි නැංවූ AC/DC නම් වන සංගීත කණ්ඩායම ගැනයි.මෙම කණ්ඩායම 1973 වසරේදී පිහිටුවනු ලබනුයේ මැල්කම් සහ ඇන්ගස් යං නම් සහෝදරයන් දෙදෙනාය. මොවුන් හෙවි මෙටල් සංගීතයේ ප්‍රමුඛයන් වුවද විචාරකයන් විසින් ...
චීය... ඔපෙරා දම්පාට දේදුන්න අපි නං රෑට නිදියන්නෙත් ඔපෙරා අහල මෙයා... අපේ මමීත් කියන්නේ ඔපෙරා ඇහුවේ නැතිනං නින්ද යන්නේ නැහැ කියල. ඒ උනාට ඩඩා නං කියන්නේ හෙවි මෙටල් අහන්නේ කියලා. ඔයාට කිව්වට ලාස්ට් මන්ත් මමීගේ බර්ත් දේ එකට ඩඩා අරන් දුන්නු අවුඩි එකේ යනකොට දාන්නෙත් ඔපෙරාම තමා. ඔයාට කියන්නේ මමී නං අහන්නේ ජර්මන් ලැන්වේජ් ඔපෙරා. මමනං ඉතිං ඉටලියන් ඔපෙරා වලට් තමා ඉන්ටෙරෙස්ටින් ඉතින් අපි ...
සංගීත චාරිකාවක් 31 – ABBA පස්වන කොටස - ජනප්‍රියත්වයේ මුල් පියවර දම්පාට දේදුන්න A B B A ප්‍රථම ගීතයහැත්තෑව දශකයේ මුල් යුගය වන විට උල්වියෝස් සහ අන්දශෝන් ස්වකීය පද රචනා වෙත නව සංගීත සහ ගායනා විලාශයන් එක කරමින් ගී නිර්මාණයේ කාලය වැය කරමින් සිටියා. 1972 වසරේදී People Need Love එකල ගීය එළිදක්වමින් කණ්ඩායමක් ලෙස ඇබා හි ප්‍රථම නිර්මාණය සංගීත ලෝලීන් වෙත දායාද කළා.මෙම ගීතය ස්වීඩනයේ ඇල්බම් සහ ඒකල දර්ශකයේ 17 වන තැන දිනාගත් ...
ලන්දේසීන්ගේ සිංහල සාහිත්‍යය මෙහෙවර දම්පාට දේදුන්න සිංහල කතෝලික සාහිත්‍යය සම්බන්ධව කියවෙන බොහෝ තැන්හිදී එහි පුරෝගාමීන් ලෙසින් සම්භාවනාවට පාත්‍ර වනුයේ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන් සහ ජුසේ වාස් පිය තුමන් යන දෙපලය. එතුමන්ගේ සමකාලීන යුගයේ බලයේ සිටියේ ලන්දේසි පාලකයන් ය. ලන්දේසීන්න් විසින් අනුග්‍රහය දක්වන ලද්දේ රෙපරමාදු පුජකවරුන්ටය. සිංහල කතෝලික සාහිත්‍යය පිලිබඳ කතිකාවේදී රෙපරමාදු පුජක වරුන්ගේ දායකත්වය ගැන පිළිබඳව නිසි ඇගයීමක් සිදුවන්නේ නැත. මෙයට මුලික හේතුව ලෙස සැලකිය හැක්කේ නුතන ...
දන්නෝ බුදුන්ගේ ගීතයේ ඉතිහාසය සංවාදය සඳහා දම්පාට දේදුන්න චිත්‍රාල් සෝමපාල සංගීතඥයා ෆේස් බුක් පිටුවෙහි දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධව දීර්ඝ සංවාද දෙකක් ඉදිරියට ඇදෙනවා. මේ සංවාද දෙක ඇසුරින් අද දම්පාට දේදුන්න මෙලෙස සටහන් වනවා. එම සංවාදය එක්වන රුක්මල් ගුණරත්න විසින් ජූඩ් ගුණවර්ධන මහතාගේ ලිපියක් උපුටා දක්වමින් පවසනුයේ ක්‍රිස්තියානි දේවස්ථාන වල ගායනා කරන වෝල්ටර් ස්ටැන්ලි සීනියර් පුජකවරයා (1876 - 1938) විසින් රචනා කොට සංගීතය සම්පාදනය කල 'Hymn For Ceylon' නම් ...
ණය උගුලින් ගැලවීමට අගමැතිවරයා දරන ප්රයත්නය සිහිනයක් නොවීමට නම්.... දම්පාට දේදුන්න එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සර සමුළුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පවසා සිටියේ වසර 2020 වන විට ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් කරගන්නා බවය. එම ප්‍රකාශය අග්‍රාමාත්‍ය වරයාගේ කථාවෙහි වැදගත්ම අංගය බව නොකිවමනාය. ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්වීම අපේක්ෂා කරන සැමගේම ප්රයත්නයන් මල්ඵල දැරීමට නම් මෙම ණය උගුලෙන් ගැලවිය යුතුම ය.නමුත් ප්රශ්නය වන්නේ පවතින රාජ්‍යතාන්ත්‍රික පරිසරය තුල එම ඉලක්කය ...
ඇත්ගාල් පැවැත්වූ අයුරු දම්පාට දේදුන්න ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වෙළෙඳාම පිලිබඳ වාර්තා හමුවන්නේ යුරෝපීය ආක්රමණිකයන්ගේ යුගයේදීය. මෙරට යටත් කරගෙන සිටි පෘතුගීසි සහ ලන්දීසීන්ගේ ප්‍රධාන අපනයන භාන්ඩ අතර අලි ඇතුන්ද විය.මේ නිසා අලි ඇතුන් වෙළෙඳාම පිළිබඳව සටහන් එම යුග වලදී සේවයේ යෙදුන යුරෝපීය නිලධාරීන්ගේ වාර්තාවල නිබඳවම දක්නට ලැබෙයි. පෘතුගීසි සමයේදී ඇතුන් වෙළඳාමේ යෙදුණ යාපනයේ ප්රතිරාජයා විසින් මෙරට පෘතුගීසි ආණ්ඩුකාරවරයා වෙත කරනා ලද පැමිණිල්ලක දැක්වෙනුයේ මන්නාරමේ සිටි ...
බට පතුරු නැතිව අටපට්ටම් කුඩුවක් හදමු දම්පාට දේදුන්න මෙවර වෙසක් උත්සවය සඳහා වෙසක් කුඩු තැනූ විදෙස් ගත මිතුරන් දෙදෙනෙකු ඔවුන් තැනූ අටපට්ටම් කුඩු වල චායාරුප ෆේස් බුක් හි දමා තිබිණ. ඒ අප සුමිතුරු ඉන්දික කොඩි තුවක්කු සහ රසික සුරියආරච්චි දෙපලය. රසිකගේ කුඩුව මෙරටින් ගෙනයන ලද්දකි. එබැවින් එය අලංකාරයෙන් යුක්ත විය. ඉන්දික පවසා තිබුනේ ඔහු විසින්බීම බට පුළුස්සා අමුණා කුඩුව තනනා ලද බවකි. කුඩා කාලයේ මා ද බීම බට ...
දේව වේද පුරාණය නම් වන සිංහල කතෝලික වේද කාව්‍යය දම්පාට දේදුන්න ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා ගෝවා නුවර බමුණු කුල දෙගුරුනට දාව 1676 වසරේ උපන්නේය. එතුමන් ගෝවේ සාන්ත පාවුළු විශ්ව විද්‍යාලයේ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව වසර 1700 දී ඔරිතෝරියානු නිකායේ පැවදි විය. පසුව ජුසේ වාස් පියතුමන් අනුගමනය කරමින් ලංකාවට පැමිණියේ එවකට ඕලන්ද පාලකයන්ගෙන් පීඩා විඳි ලාකීක කතෝලිකයාගේ ධර්ම සේවය පිණිසය. එතුමන් ලංකාවට පැමිණියේ 1705 වසරේ ඉන්දියාවේ දී තමාට පිළිගන්වන ලද මහාචාර්ය ධුරය ප්‍රතික්ෂේප ...
ඇනෝ පොලීසිය හෙවත් බ්ලොග් පොලීසිය දම්පාට දේදුන්න දම්පාට දේදුන්නට ආපු ඇනෝ කොමෙන්ට් එකක් හන්දා මේ පොස්ට් එක ලියන්න හිතුන. මම බ්ලොග් ලියන්න පටන් අරන් ටික කලක් උනාට අවුරුදු තුන හතරක ඉඳල කියවනවා. ( ලියාගන්න බැරි උනේ සිංහල ටයිප් කරගන්න බැරුව හිටපු හන්දයි, වෙලාව පිලිබඳ ප්රශ්නය හන්දයි) මම දකින දේ තමයි බොහෝ දුරට ඇනොල තමයි බ්ලොග් වල නීතිය සහ සාමය ආරක්ෂා කරන්න ඉන්න නොනිල පොලීසිය. මේ පොලීසියේත් හොඳ ...
ත්‍රිත්ව විදුහලේ තීරණය - Not a Breaking News දම්පාට දේදුන්න අසාධාරනයට ලක්වූ කුලියාපිටියේ දරුවාට අවසානයේදී මහනුවර ත්‍රිත්ව විදුහල පිහිට වීම පසුගිය සතියේ පුවත් සහ සමාජ ජාලයන්හි ප්‍රධාන මාතෘකාව විය. ත්‍රිත්ව විදුහලේ එම ආදර්ශමත් තීරණය පොදු ජනතාවට අමුත්තක් ලෙස පෙනුනද කතෝලික සහ ක්‍රිස්තියානි පාසල්හි අධ්‍යාපනය ලැබූ පිරිසට එය අමුතු දෙයක් නොවේ.පොදු ජනතාවට සැඟවී පැවතුනද කතෝලික සහ ක්‍රිස්තියානි පාසල් වල අදටත් පවතින ආගමික සහජීවනය, සමානාත්මතාව සහ සාධාරණ විනිශ්චය එම සිද්ධිය තුලින් පිළිබිඹු ...
ව්යාග්රා දම්පාට දේදුන්න 1992 වසරේදී ෆයිසර් (Pfizer) සමාගම වෙනුවෙන් පර්යේෂණයක නියැලී සිටි විද්‍යාඥයන් පිරිසක් හදවතේ ඇන්ජයිනා (Angina) තත්වය සමනය සඳහා ඔසුවක් අත්හදා බලමින් සිටියහ. ඇන්ජයිනා යනු හෘද පේශියට ඔක්සිජන් සහිත රුධිර සැපයුම අඩු වීමෙන් හටගන්නා වේදනාවය. මෙය රෝගයක් නොව අපහසුතාවයකි. පර්යේෂකයින් විසින් අත් හදා බලමින් තිබූ ඔසුව UK-92480 වශයෙන් නම් කොට තිබිණ. මේ ඔසුව භාවිතා කළ පිරිමින් සිය ඇන්ජයිනා තත්වය නිසා ඇතිවූ වේදනාව ...
පන්දු ක්‍රීඩා පුරාණය දම්පාට දේදුන්න ජගත් මානව විද්‍යා ඉතිහාසයේ මෙතෙක් සොයාගෙන ඇති පැරණිම ගෝලාකාර මෙවලම් හමුවී තිබෙනුයේ ක්‍රිස්තු පුර්ව 2500 අවධියට අයත් ඊජිප්තු සොහොන් ගෙයකිනි. එම සොහොන් ගෙයින් හමුවූ ගෝලාකාර මෙවලම් කිසියම් ක්‍රීඩාවකට යොදා ගන්නා ලදැයි සැලකෙයි. මේ පන්දු නිමවා ඇත්තේ සතුන්ගේ බඩවැල් එකට ඔතා ගත් ගෝලයක් සත්ව හමකින් ආවරණය කිරීමෙනි. නමුත් මේවා පා පන්දු ක්‍රීඩාව හෝ වෙනත් ආකාරයක පන්දු ක්‍රීඩාවක් සඳහා සඳහා යොදා ගන්නා ...
ඔපෙරා සහ කොස් ඇට දම්පාට දේදුන්න දම්පාට දේදුන්නේ මීට කලින් ලියවුන දන්නෝ බුදුන්ගේ ගීතයේ ඉතිහාසය නම් ලිපියට දීර්ඝ කොමෙන්ටුවක් ඇනෝ කෙනෙකු විසින් ලියා තබුණා. එම ලිපිය සංවාදය සඳහා විශිෂ්ඨ නිමිත්තක් වන බැවින් අදාළ සම්පුර්ණ කොමෙන්ටුව මෙලෙස දැක්වෙන අතර එය සම්බන්ධව අපගේ අදහස් කිහිපයක්ද පහතින් ලියවෙනු ඇත. ඔපෙරා සහ කොස් ඇට===============දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැන තාමත් සාකච්ඡා වෙන හින්ද තවත් පොඩි දෙයක් කියන්ඩ ඕනෙ කියල ...
කොළඹ ජ්‍යාත්‍යන්තර මුල්‍ය නගරය සහ වෙනස් කලයුතු ජාතික ඉඩම් ප්‍රතිපත්තිය දම්පාට දේදුන්න කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කොළඹ ජ්‍යාත්‍යන්තර මුල්‍ය නගරය නමින් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් ගතවීම සතුටට කරුණකි. අක්කර 500කින් යුතු මෙම ව්‍යාපෘතිය පවත්නා රජය යටතේ තාවකාලිකව අත් හිටුවනු ලදුව නැවත වැඩ අරඹනුයේ නිසි පාරසරික අධ්‍යනයක් සමගම රටට අහිතකර කොන්දේසියක් වූ පෙරදී ආයෝජකයනට ලබාදුන් සින්නක්කර භුමි අයිතිය ඉවත් කර අනූ නව අවුරුදු බදු පදනම යටතේවීම සාධනීය තත්වයකි. වරාය නගර ව්‍යාපෘතිය තුලින් ...