ජපානයේ කාන්තා කිමිදුම්කාරිනියන් (අමා කිමිදුම්කාරිනියන්) දම්පාට දේදුන්න ජපානය වැඩ කරන්නම උපන් මිනිසුන්ගෙන් පිරුන රටකි. එරට ලබාගෙන ඇති දියුණුවේ රහස වන්නේද එයමය. සතියේ වැඩ කරනා දින වල මාර්ගයේ ගමන් ගන්නා විට මිනිසුන් දක්නට ලැබෙනුයේ අවම වශයෙනි. ප්‍රධාන නගරවල පවා රථවාහන තදබදයක් දක්නට නොලබෙනුයේ ඒ හේතුවෙන් විය හැකිය.ජපානයේ මියා ප්‍රාන්තය තුල විශාල ධීවර ජනතාවක් වෙසෙති. විවිධ වර්ගයේ මසුන් ඇල්ලීම සඳහා පිරිමින් බෝට්ටු වල නැගී ගැඹුරු දියඹට යාත්‍රා කරනා විට ...
චීන ආයෝජන සමුළුව සහ රටේ කර්මාන්ත ප්‍රතිපත්තිය. දම්පාට දේදුන්න අගමැති රනිල් වික්‍රමසිංහ විසින් හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය සඳහා චීනයේ ආයෝජකයන් ගෙන්වාගැනීමට මූලික වීම විශිෂ්ඨ ක්‍රමෝපායික ප්‍රගමනයකි. ලොව බොහෝ රටවල නිෂ්පාදිතය ඉහල නැවීමට චීන ආයෝජන දරන දායකත්වය සුළුපටු නොවේ. නුතන ලෝකයේ නිෂ්පාදන තාක්ෂනය (Production Technology) අතින් ඉහලින්ම සිටිනුයේ චීන කර්මාන්ත කරුවන්ය. චීන නිෂ්පාදන තාක්ෂනය මගින් නිෂ්පාදන පිරිවැටුම අවම අගයකට පත් කර අඩු මිල භාන්ඩ සැපයීම මගින් චීන කර්මාන්ත කරුවන් ජගත් ...
සංගීත චාරිකාවක් 18 - The Charlie Daniels Band දම්පාට දේදුන්න ලොකු පුතා චාලි ඩැනියල්ස් ගේ කන්ට්‍රි රොක් සින්දුවක් වන Drinkin' My Baby Goodbye හොයාගෙන ප්‍රක්ටිස් කරන්න ඕන කියල මට පෙන්නුවා. හොඳ තෝරාගැනීමක් උනත් නියම වයලීන් පාරක් යනවා කියල කිව්වම දෙන්න හිතුන ඔලුව හිල් වෙන්න. මේකට තාම වයලීන් එකයි රවුකිඤ්ඤයයි අඳුනා ගන්න බැහැ. කොහොම උනත් මට පොස්ට් එකක් ලියන්න නිමිත්ත සෙට් උනා.ගී පද රචකයෙකු, ගිටාර් සහ රවුකිඤ්ඤ වාදකයකු වන චාලි ඩැනියල්ස් ...
කළු රත්රන් දම්පාට දේදුන්න මීට වසර තුන් දහසකට ඉහත ග්‍රීසියේ විසූ හෝමර් කවියා විසින් රචිත "ඉලියඩ්" නම් මහා කාව්‍යයේ කළු පැහැති පලිහක් ගැන කියවෙයි. ගින්නට සහ මැවීමට අධිපති "හෙපේටස්" දෙවිඳුන් විසින් "ඒසිලිස්" නමැති රණ ශුරයාට එම පලිහ සාදා දී ඇත්තේ රන්, රිදී, ටින් සහ තඹ එක කර සාදන ලද ලෝහයකිනි. එමෙන්ම වාල්මිකී විසින් රචිත රාමායණ වීර කාව්‍යයේ කියවෙන අසුන් බිලිදී සිදු කරනා අශ්ව මේද ...
නෙළුම් යාය - After Party දම්පාට දේදුන්න නෙළුන් යාය සුපිරිය. ආප්ටර් පාටිය ඊටත් වඩා සුපිරිය. සුපිරි නෙවෙයිය පට්ට සුපිරිය. කටුනායක ඩියුටි ෆ්‍රී එකම දෙහිවල බීච් එකේ මේසයක් උඩින් තියලාය. ඕවා විදේශ බලවේග වල ජාත්‍යන්තර කුමන්ත්‍රණය.ප්‍රවීණ සංගීතඥ මම තුමා සංගීතය සැපයු අමාරුම ප්‍රසංගය ඒකය. ඇවිත් හිටපු හතළිහෙන් තිහක් විතර සින්දු ඉස්ටෝරුය. උන් දන්නා සිංදු රේඩියෝ සිලෝන් තැටි ගබඩාවේ වත් නැතිය. පීචං ගායන ශිල්පී ජෝතිපාලගේ සිංදුවක් ඉවර වෙන්න ...
සංගීත චාරිකාවක් 21 - Clout නම් වූ කාන්තා සංගීත කණ්ඩායම දම්පාට දේදුන්න අද පොස්ට් එක සංගීත තැටි මිලියන ගණනක් බෙදාහැරීමට් සමත්වූ රොක් සංගීත කණ්ඩායමක් ගැනයි. මෙම සංගීත කණ්ඩායමේ විශේෂත්වය නම් කණ්ඩායමේ සියලුම සාමාජිකයන් කාන්තාවන් වීමය. කල්වුට් සංගීත කණ්ඩායම තරුණියන් පස් දෙනෙකු විසින් 1977 වසරේ බිහි කරනුයේ දකුණු අප්‍රිකාවේ දීය. මෙය රොක් සංගීත ශෛලිය තුල තම නිර්මාණ බිහිකළ කණ්ඩායමකි. මෙම කණ්ඩායම බෙහෙවින් ජනප්‍රිය වුයේ Substitute නම් ගීතයෙන්.මුල් කණ්ඩායම ගිටාර් වාදනයෙන් Cindy Alter විසින්ද, ...
සමනල වැව නිම්නයේ පුරාණ යකඩ නිෂ්පාදන තාක්ෂණය දම්පාට දේදුන්න යකඩ උනු කළ උදුන් ඩමස්කස් කඩු පුරාණ අරාබි සටන් බිමේ තියුණු සහ ශක්තිමත්ම ආයුධය වශයෙන් සැලකින. මේ කඩු සඳහා වානේ සපයා ඇත්තේ ඉන්දියාවෙන් සහ ලංකාවෙන් බවට ලිඛිත සාක්ෂි ඇත. එකදාස් නවසිය අනූව දශකයේ මුල් භාගයේ සමනල වැව නිම්නයේ සිදුකල පුරාවිද්‍යා කැනීම් තුලින් පුරාණ යුග වල මෙරට තිබූ යකඩ නිෂ්පාදන තාක්ෂණය පිලිබඳ සාක්ෂි මතු කරගත හැකි විය. පුරාවිද්‍යා කැනීම් වලදී බෙලිහුල් ...
ලංකාවේ දුප්පත් කමට හේතුව අමනකමය - අජිත් පැරකුම් ජයසිංහ ගේ ලිපියට ඌණ පූරණයක් දම්පාට දේදුන්න අජිත් පැරකුම් ජයසිංහ විසින් ලංකාවේ දුප්පත් කමට හේතු සම්බන්ධව සමාජ ජාල සංවාදයකට පසුව ඒවා ලැයිස්තු ගත කර තිබුණි. එම සංවාදයට අනුව ඔහුගේ ලැයිස්තුව පහතින් වෙයි.1. නූගත්කම (අධ්‍යාපන ක්‍රමය ද බුද්ධිය මොට කරයි. නිර්මානශීලිත්වය වළක්වයි)2. ජ්‍යෝතිෂය, කට්ටඩි හා හොර වෙද්දු3. බේබදුකම4. බැංකු, මුල්‍ය ආයතන හා ගිනිපොළීකාරයෝ5. රජය අය කරන බදු හා රාජ්‍ය ණය6. කම්මැලිකම7. බෝ නොවෙන රෝග8. මහළු වියේදී, අබල දුබල ...
බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් නටඹුන් - Stonehenge දම්පාට දේදුන්න යුරෝපයට පාෂාණ යුගය (Mesolithic) එළඹුණේ ක්‍රිස්තු පුර්ව 2000 ත් 1000 ත් අතර කාල වකවානුවේදීය. එම යුගයට අයත් ආදි මිනිසුන්ගේ විශිෂ්ඨ නිර්මාණයක් බ්‍රිතාන්‍යයේ විල්ෂයර් (Wiltshire) හි සැලිස්බරි තැන්නේ (Salisbury Plain) දක්නට ලැබේ. ගලින් කරනා ලද මේ සුවිසල් නිර්මාණය හඳුන්වනුයේ ස්ටෝන්හෙන්ජ් (Stonehenge) නමිනි.මෙම නිර්මාණය කුමණ කාර්යයක් අරභයා ගොඩනගන ලද්දක් දැයි නිශ්චිත මතයක් නොමැත. එය පුරාණ දෙවොලක් බවටත්, ස්මාරකයක් බවටත්, පුරාණ ග්‍රහලෝකාගාරයක් බවටත් ...
නැණවත් ඛාන් හෙවත් කුබ්ලායි ඛාන් චීන අධිරාජ්‍යයා දම්පාට දේදුන්න වසර 1215 දී මොන්ගෝලියාවේ උපන් කුබ්ලායි ඛාන් සිය මුත්තනුවන් විසින් පිහිටුවන ලද මොන්ගෝලියානු අධිරාජ්‍යයේ බලයට පත්වන විට ඔහුට වයස හතලිස් පහක් විය. ඔහුගේ පාලනය සිය පුර්වගාමීනට වඩා වෙනස් විය. යුද්ධයෙන් යටපත් කර ගන්න ලද දේශයන් හි මිනිසුන් වෙත සිය බල පරාක්‍රමය යොදවා පෙලනු වෙනුවට ඔවුන්ගේ සංස්කෘතියට ගරු කිරීම එය මහා සංස්කෘතියට එක කර ගැනීම කුබ්ලායි ඛාන්ගේ ක්‍රමවේදය විය. ඔහු විසින් ...
බ්ලොග් ප්රවර්ධකයෝ, කුහකයෝ සහ නෙළුම් යාය දම්පාට දේදුන්න නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල ඇති සාර්ථකව සහ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමෙන් අනතුරුව අදාළ උළෙල සම්බන්ධව විශාල කතිකාවක් ගොඩනැගී ඇත. මේ කතිකාව තුල නෙළුම් යාය සංවිධායකයින් වෙත ස්තුති කිරීම් වලට වඩා ඔවුනට විරුද්ධව සිදුකළ විවේචන ප්‍රමානාත්මකව ඉහල අගයක් ගන්න බව පෙනී යයි. මේ විවේචන බොහොමයක් දේශපාලනික දැක්මකින් යුතු බව නිරීක්ෂණය කල හැකිය. විවේචකයන් ප්‍රධාන වශයෙන් දෙවර්ගයකි. එනම් සිය ප්‍රොෆයිලයෙන් පැමිණෙන්නන් ...
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත -පළමු කොටස දම්පාට දේදුන්න තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත, පසුගිය රජය සමයේ මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දකි. වසර ගනණක් උවමනාවෙන්ම යටපත් කර තිබූ මෙම පනත් කෙටුම්පත පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයාගේ ප්රමුඛ මැතිවරණ පොරොන්දුවක් ද වින. නව රජය පිහිටුවීමෙන් අනතුරුව ප්‍රමාදවී හෝ එය පාර්ලිමේන්තුවේ සම්මත වී නීතිමය තත්වයක් ලැබීම මෙරට ජනතා සුභ සිද්ධිය පිණිස වන බව පැහැදිලිය.නමුත් මෙම බලගතු පනත යටතේ සලස්වා ඇති ප්‍රතිපාදන පිළිබඳව ...
ජාත්‍යන්තර කම්කරු ගීතය දම්පාට දේදුන්න සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්............ අන්තිම සටනට සැරසියව්.........ලෝකයේ වැඩිම වාර ගණනක් ගැයුණු ගීතය වශයෙන් පිළිගන්නේ ජාත්‍යන්තර කම්කරු ගීතයයි. මේ ගීතය 1871 වසරේදී ඉයුජෙන් පොතියේ (Eugène Pottier) විසින් ප්‍රංශ භාෂාවෙන් ලියනා ලද්දකි. එහි තනුව නිර්මාණය කරනා ලද්දේ පියේර් ඩි ගෙයිටර් ට (Pierre De Geyter) විසිනි.1848 වසරේ ඔක්තෝම්බර් අට වන දින පියේර් ඩි ගෙයිටර් උපන්නේ බෙල්ජියමෙදී අන්ත දුගී ප්‍රංශ ජාතික කම්කරු ...
ප්‍රංශ විප්ලවයෙන් පසුව බටහිර ඇතිවු බෞද්ධ ප්රබෝධය දම්පාට දේදුන්න ඉයුජින් බ්‍යුර්නුෆ් පඬිතුමාප්රංශ විප්ලවය ප්‍රංශයේ පමණක් නොව සමස්ථ යුරෝපයේම සංස්කෘතිය, කලා ශිල්ප සහ සාහිත්‍යය කෙරෙහි විසල් බලපෑමක් ඇති කළේය. මෑත ඉතිහාසයේ, යුරෝපයේ බෞද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යනයන් ඇරඹුණේ ද ප්‍රංශ විප්ලවයට පසුවය. ඉන් පෙර ඉතිහාසය පුරාම යුරෝපීය ආක්‍රමණිකයන් සහ අධිරාජ්‍යයන් විසින් ඉන්දියාව ප්රමුඛ ආසියානු රටවල් ආක්‍රමණය නිසා බුදු දහම යුරෝපයට ඉතා අවම මට්ටමෙන් කාන්දුවී තිබිණ. ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ ශ්‍රේෂ්ඨ බෞද්ධ ...
ඉරාජ්, වික්ටර් රත්නායකට අපහාස කරාද? දම්පාට දේදුන්න කලා නිර්මාණයක් දැනෙනා ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. කළා නිර්මාණයක් දැනෙන්නේ එක් එක් පුද්ගලයා හුරු වී ඇති රසය අනුවය. පුද්ගලයා රසයට හුරු කරන්නේ තමන් ජීවත් වන පරිසරය, සමාජය සහ සමාජ සම්මතයයි. එක සමාජයක ඉහලින් පිළිගන්නා රසය, තවත් සමාජයක තුප්පහි රසයක් යනුවෙන් හඳුන්වනු අප කොතෙකුත් දැක ඇත. උදාහරණයක් ලෙසින් කිවහොත් 70 සහ 80 දශක තුල බොනිඑම් සහ ඇබා සංගීත කණ්ඩායම් වල ගීත ...
සංගීත චාරිකාවක් 20 - Nitty Gritty Dirt Band දම්පාට දේදුන්න අපි පාසල් යන කාලේ නිතර ගුවන් විදුලියේ ප්‍රචාරය වූ An American Dream ගීතය අහම්බෙන් ගී පොතක් තිබීල හම්බ උනා. මේ ගීතය ගායනා කරන Nitty Gritty Dirt Band වසර 50ක් පමණ කාලයක් ගීත ගායනයේ යෙදී සිටින අතර වාදකයන් බොහෝ ගණනක් වරින් වර වෙනස් වූ නමුදු තම අනන්‍යතාව නොවෙනස්ව මේ අඩසියවසක දීර්ග කාලය තුල රැකගත් කණ්ඩායමක්කන්ට්රි, ෆොක් සහ රොක් යන ශෛලී තුල ...
මාළු කපන්නට රුපියල් එක්ලක්ෂ අනූ හත් දාහක්? දම්පාට දේදුන්න මේ ඡායාරුපයේ දැක්වෙනුයේ ජාතික පුවත්පතක පළකරනා ලද දැන්වීමකි. මෙම දැන්වීමට අනුව මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තයේ ඇසුරුම් කටයුතු සඳහා වන රැකියාවක වැටුප රුපියල් එක්ලක්ෂ අනුහත් දහසකි (රු.1,97,000). අධ්‍යාපන සුදුසුකම අට වසර සමත් වීම පමණි. මෙය නැවක රැකියාවක් බව CDC සහතිකය එනම් නාවිකයන් සඳහා වන අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය ඇති හෝ නැති අයට අයදුම් කළහැකි බව පවසා ව්‍යංගයෙන් පවසා ඇත. නිසි අධ්‍යාපනයක් නොමැති ජවයෙන් ...
සංසාරේ භවේ දුකා.. දම්පාට දේදුන්න මේ සුන්දර ගීතය තුල සර්ව කාලීන සත්‍යය ගැබ්ව ඇත.සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..නව ද්වාරයෙනි ගලනා වු ඕජස්... මේ කුණු සිරුරා...මහ පොලවට පස් වෙනවා...සේ ඊර්ෂ්‍යා මාන ලොවේ...ගායනය - කේ . මයිකල් පීරිස් ...
ප්‍රීති වෙසක්! දම්පාට දේදුන්න මීට වසර හැට හැත්තෑවකට ඉහත කතෝලිකයනට වෙසක් බැලීමට යාම පවා පල්ලියෙන් තහනම් කර තිබී ඇත. ඒ අපගේ පියවරුන්ගේ පාසැල් කාලයේදීය. මේ තහනම පල්ලියෙන් කරනා ලද්දක්ද නැතහොත් පිස්සු පුජකයන් කිහිප දෙනෙකුගේ හුදකලා විකාරයක් දැයි නොදනිමු. නමුත් මීට වසර 25 කට පමණ පෙර අප පාසල් ගිය යුගය වන විට ඒ තත්ත්වය මුළුමනින් වෙනස්ව තිබිණ. මා උගත් කතෝලික පාසල වෙසක් උත්සවය වෙනුවෙන් අලංකාර ...
මර්සලින් ජයකොඩි පියතුමා ලියූ අමුතු ගීතිකාව දම්පාට දේදුන්න මා ජීවත් වන පයියාගල ධීවර ගම්මානය සංගීතය, නාට්‍ය සහ රංග කලාවට තෝතැන්නකි. මේ ගම්මානයෙන් බිගිවු ප්‍රසිද්ධ කළා කරුවන් රැසක් සිටිති. එයට අමතරව අප වෙසෙන ගම පාස්කු ගම්මානයක් (Passion Village) වශයෙන් ද හැඳින්විය හැක. ලොව පුරා පාස්කු ගම්මාන රැසක් පවතියි. පාස්කු ගම්මානයක් යනු ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය රඟ දැක්වෙන දුක්ප්‍රාප්ති ප්‍රසංගය පාරම්පරිකව වේදිකා ගතකරනු ලබනා ගම්මානයන්ය. අප ගම්මානය තුල වන්දනාව සඳහා ...