අතුරුදහන් වූ අංකොර් ජනතාව දම්පාට දේදුන්න ප්‍රංශ ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වූ හෙන්රි මෞට් (Henri Mouhot) 1860 වසරේ ඉන්දු චීනයේ සංචාරය කරේ දුර්ලභ පක්ෂීන් උරඟ යන සහ කෘමීන් සොයමිණි. සතුන් සොයමින් වනාන්තර ගතවූ ඔහුට අහම්බෙන් පැරණි මාර්ග පද්ධති, ස්මාරක ජලමාර්ග කුළුණු ආදියෙන් සමන්විත නටඹුන් නගරයක් හමුවිය. ඔහු ඒ නගරය ග්‍රීක සහ රෝම ශිෂ්ඨාචාරයනට වඩා ශ්‍රේෂ්ඨ වුවක් විය හැකි බව සිය දිනපොතේ සටහන් කළේය. අවාසනාවකට හෙන්රි මැලේරියාව වැළඳී ...
අන්ධ දේව භක්තියෙන් විනාශවූ නිකොලායි ගොගොල් දම්පාට දේදුන්න රුසියානු සාහිත්‍යය තුල සැරිසරනා පාඨකයාට හමුවන විශිෂ්ඨතම උපහාස ලේඛකයා වශයෙන් නිකොලායි ගොගොල් හැඳින්විය හැක. ඔහු රුසියානු රාජාණ්ඩුව කෙතරම් විශිෂ්ඨ ලෙස උපහාසාත්මකව විවේචනය කලේද කිවහොත් රුසියානු රජුගේ පවා උදහසට ලක් නොවී අනුග්‍රය ලබා ගන්නට සමත් විය.නිකොලායි වැසි ලෙච්චි ගොගොල් වර්ෂ 1809 මාර්තු 19 වනදා බටහිර රුසියාවේ සොරවින්ට්ස්කි නම් කුඩා නගරයේ උපන්නේය. ඔහුගේ පියා සුළු ඉඩම් හිමියකු විය. මව දේව භක්තියෙන් අන්ධවූ ...
ජඩ මාධ්‍යවේදියකු වීමේ ඒකායන මාර්ගය (අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි) දම්පාට දේදුන්න 1. මුලින්ම කවුරුන් හෝ තොල්කයකු මාර්ගයෙන් බලවත් ඇමතිවරයකු හමු වන්න .2. හැකිපමණ ඉක්මනින් අදාළ ඇමතිවරයාගේ ගුණ වැයුම් රැසක් තම මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන්න.3. ඊ ලඟට ඇමති වරයා උත්සවයකදී අහම්බෙන් මෙන් හමුවූ බව හඟවා නැවතතෝල්කයා හරහා කතා කරන්න .4. එවිට ඇමතිවරයා ආරාධනා කරනා මධු පානෝත්සවයට සහභාගී වන්න.5. මධු පානොත්සවයෙදී ඇමතිවරයා ලබාදෙන සට්ටඹි ක්‍රියා සියල්ල මතක තබා ගන්න.6. ඇමතිවරයා ගජමිතුරකු බව තම ...
සිරගෙයට බිය නොවූ සටන්කාමියා - වෝල්ටර් සිසිලු දම්පාට දේදුන්න අප්‍රිකානු සුදු වර්ගභේද වාදයට එරෙහි සටන ගැන සොයන පාඨකයාට කියවීමට ලැබෙනුයේ ප්‍රධාන වශයෙන්ම නෙල්සන් මැන්ඩෙලා ගැන ලියවීම් ය. අප්‍රිකානු වර්ග භේද විරෝධී සටන සුවිශේෂී වන්නේ එහි නායකයන් දීර්ඝ කාලීනව සිරගතව සිටින අතරතුරදී ජයග්රහණයෙන් කෙලවර වූ සටනක් මෙහෙයවීමය. අප්‍රිකානු ජාතික සංගමයේ ප්‍රධාන ලේඛම් ධුරය හෙබවූ වෝල්ටර් මැක්ස් උල්යාටේ සිසිලු වසර 26ක සිර දඬුවමක් විඳි අදීන නායකයෙකි. ඔහු උපන්නේ 1912 මයි 18 ...
ජපනා දියුණු වූ හැටි සහ ලංකාව වලපල්ලට ගිය හැටි දම්පාට දේදුන්න ජපානය දියුණු රටක් බවට වුයේ දෙවන ලෝක යුද්ධය අවසානයේ බිමටම සමතලා වීමෙන් පසුව බව සැම දෙනාම දන්නා කරුණකි. නමුත් ජපානයේ තාක්ෂණික කර්මාන්ත ආරම්භ වුයේ දෙවන ලෝක යුද්ධයට බොහෝ කලකට පෙරය. එරට රථ වාහන නිෂ්පාදනයේ ඉතිහාසය 1912 - 1926 අතර පැවති ටයිෂෝ යුගය (Taisho Era) තෙක් දිව යයි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව රජයේ සහ හමුදාවේ අවශ්‍යතාව මත විවිධ නිෂ්පාදකයන් විසින් යුධ ...
පුරාණ ලංකාවේ සෙවනැලි නාට්‍ය කලාව දම්පාට දේදුන්න සෙවනැලි නාට්‍ය කලාව පුරාණ චීනයේ බිහිවූ ප්‍රභල නාට්‍ය සම්ප්රදායකි. එහිදී කෙරෙනුයේ සුදු තිරයක් පිටුපස පහනක් දල්වා පහනත් තිරයත් අතර සමින් කල රුපයක් තැබූ විට තිරයේ වැටෙන සෙවනැල්ල ආශ්රයෙන් කතාවක් ඉදිරිපත් කිරීමය. මෙම සමින් කරනා ලද රූප සම්රූ යනුවෙන් හැඳින්විණ. මේ ආකාරයට සෙවනැලි මගින් රජුන්ගේ සහ ඇමැතියන්ගේ ක්‍රියා නිරුපනය කිරීමේ නාට්‍ය කලාව ඉන්දියානු සාහිත්‍යයේ "රූ පෝප ජීවන" සහ "ජාල මනණ්ඩපික" යන ...
"තඹර සර" සංගීත සන්ධ්‍යාව සාර්ථකව අවසන්. දම්පාට දේදුන්න කළුතර සිරිකුරුස විද්‍යාලය ප්‍රථම වරට සංවිධානය කළ "තඹර සර" සංගීත සන්ධ්‍යාව සැප්තැම්බර් මස පස්වන ඉරු දින විද්‍යාලීය ශාලාවේදී පැවැත්වින. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතාව වශයෙන් ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය සහභාගී වුවාය.කළුතර සිරිකුරුස විද්‍යාලයේ 6 වසරේ සිට 10 වසර දක්වා සිසුන්ගෙන් සැදුම් ලත් පෙරදිග වාදන වෘන්දය ගී සැඳෑව සඳහා සංගීතයෙන් දායකත්වය දැක්වීය. ප්‍රවීණ වයලීන වාදක නිශාන්ත ගුරුදෙනිය මහතාගේ මෙහෙයවීම යටතේ පුහුණුව ...
සිංහල රජකු චීනයට පැහැරගෙන ගිය ෂෙන්-හෙ නම් සෙන්පතියා දම්පාට දේදුන්න චීනයේ මිං රාජවංශයේ පාලන සමයේ විසු ෂෙන් හේ (Zheng He) දේශ ගවේෂකයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම නාවික හමුදා අද්මිරාල් වරයකු විය. මොන්ගෝලියාවේ යුනාන් හි මුස්ලිම් ආගමික පවුලක් උපන් ඔහු පසු කලෙක ආගමික සංකලනයක් (Syncretism) තුල ජීවත් විය. ඔහුගේ මුතුන් මිත්තන් පර්සියාවේ සිට මොන්ගෝලියානු අධිරාජ්‍යයේ සේවයට පැමිණියාහු වෙති. චීනයේ මිං රාජ වංශය යුනාන් ආක්‍රමණය කළ අවදියේදී චීන හමුදා විසින් එකොලොස් හැවිරිදි ෂෙන් ...
ලංකාවේ කාන්තා සංගීත කණ්ඩායම් බිහිනොවන්නේ ඇයි දම්පාට දේදුන්න සංගීත චාරිකාවක් 21 කොටස ලියවුනේ Clout නම් වූ කාන්තා සංගීත කණ්ඩායම පිළිබඳවයි. මේ කණ්ඩායම සබ්ස්ටිටියුට් නම් ගීතයෙන් ජනප්‍රියතාවට පැමිණ විශිෂ්ඨ මට්ටමේ ගීත රැසක් ගායනා කල මුළුමනින් කාන්තාවන්ගෙන් සමන්විත වූ රොක් සංගීත කණ්ඩායමක්. මෙම පොස්ට්ටුව සඳහා ප්‍රතිචාර දක්වන තිස්ස දොඩන්ගොඩ මිත්‍රයා කොමෙන්ටුවක් තුලින් සංවාදයක් මතුකරනවා ලංකාවේ කාන්තා සංගීත කණ්ඩායම් බිහිනොවන්නේ ඇයි ද කියන කාරනාව පිලිබඳව. සංවාදය ඉදිරියට ගෙනයන්න හොඳ මාතෘකාවක් බව ...
ලංකාවේ ඇදහිලි, බලි තොවිල් ලේඛණ ගත කල ජෝන් කැලවේ පියතුමා දම්පාට දේදුන්න යටත් විජිත සමයේ සිංහල සාහිත්‍යයේ උන්නතියට සේවාවන් කල විදේශිකයින් ගැන කියවෙද්දී බොහෝ විට සිහියට නැගෙනුයේ ජුසේ වාස් පියතුමා සහ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාවය, එතුමනට අමතරව සිංහල සාහිත්‍යයට අනුපමේය සේවාවන් කල තවත් විදේශික පුජක වරුන් සිටිති. පුරාන ලංකාවේ ඇදහිලි, බලි තොවිල් ලේඛණ ගත කල ජෝන් කැලවේ පියතුමා ගැන කෙටි විස්තරයක් පහතින්න් වෙයි. වෙස්ලියානු පුජක වරයකු වූ ජෝන් කැලවේ පියතුමා දහඅට වන සියවසේ ...
සංගීත චාරිකාවක් 19 - ජග් සංගීත කණ්ඩායම් (Jug Band) දම්පාට දේදුන්න සාම්ප්‍රදායක නොවන සංගීත භාන්ඩ යොදාගෙන වාදනයේ යෙදෙන සංගීත කණ්ඩායම් විශේෂයක් ජග් සංගීත කණ්ඩායම් නැත හොත් Jug Band නමින් හඳුන්වනවා. මැටි බරනියක් හෝ වීදුරු බූලියක් කණ්ඩායමේ එක සංගීත භාණ්ඩයක් ලෙසින් භාවිතා කිරීම මෙම සංගීත කණ්ඩායම් වල විශේෂත්වයයි. මෙම වර්ගයේ සංගීත කණ්ඩායම් 1920 දශකයේ ජනප්‍රියත්වයට පත්වී තිබුනා. පසු කලෙක බීට්ල්ස් නමින් ප්රසිද්ධවූලොව අග්‍රගන්‍ය සංගීත කණ්ඩායම් ආරම්භය Quarrymen Skiffle Band නම් වූ ජග් ...
සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 02 දම්පාට දේදුන්න පළමු කොටස මෙතැනින් ගුවන් විදුලියට තිබුණු ඒකාධිකාරිය බිඳ වැටෙන්නට පටන් ගත්තේ 77දී ආර්ථිකය විවෘත කිරීම තුල රට තුලට කැසට් පටි වාදන යන්ත්‍ර මහා පරිමාණයෙන් ගලාගෙන ඒමත් සමගය. මේ නිසා මෙරට රසිකයන් ඉල්ලා සිටි ආකාරයේ ගීත නිෂ්පාදනය සහ බෙදාහැරීම සඳහා බොහෝ නිෂ්පාදකයන් බිහිවුනි. මේ කාලයේදී ක්ලැරන්ස් විජයවර්ධන , මිල්ටන් මල්ලවආරච්චි , ප්‍රියා සුරියසේන ගායකයන් ගේ ගීත වැනි ගුවන් විදුලියේ මුළුමනින් වාරනය් ...
ලලිත් වීරතුංග ගෙන් රාජ්‍ය සේවය පාඩමක් ඉගෙන ගනියිද? දම්පාට දේදුන්න තිස් වසරක් ඇදීගිය ඊලාම් යුද්ධය නිමකිරීමට කැපවූ ප්‍රධාන චරිත තුනකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුධ ක්‍රියාන්විතයට දේශපාලන නායකත්වය ලබා දෙන විට ජනරාල් ෆොන්සේකා හමුදා නායකත්වය සැපයුයේය. යුද්ධයක් පවතින කාල වකවානුවක රාජ්‍යතාන්ත්‍රික පරිපාලනය අත්‍යවශ්‍ය සාධකයකි. එම රාජ්‍යතාන්ත්‍රික පරිපාලනයහි නියමුවා වුයේ ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේඛම් වරයාය. අප දන්නා පමණින් ලලිත් වීරතුංග යනු අති දක්ෂ රාජ්‍ය නිලධාරියෙකි. ඔහු කෙතරම් දක්ෂයකු වුවද මේ ...
සංගීත භාණ්ඩ වර්ගීකරණයේ ඉතිහාසය දම්පාට දේදුන්න සංගීත භාණ්ඩ වර්ගීකරණය පිලිබඳ පැරණිම මුලාශ්‍රය ලැබෙන්නේ චීනයෙනි. ක්‍රිස්තු පුර්ව නවයත් පහත් අතර පවතෝ චාවූ (Chou Period) යුගයේ මුලාශ්‍ර පදනම් කරගෙන යෝ චායි (Yo Chi) විසින් සම්පාදිත Record of Ritual Music and Dance කෘතියේ පවසනුයේ මුල් යුගයේ සංගීත භාණ්ඩ ලීයෙන් කළ, ගලින් කළ, රෙදි වලින් කළ සහ උණ ලීයෙන් කළ යනුවෙන් වර්හ හතරකට බෙදා තිබුන බවය. මෙම වර්ගීකරණය ක්‍රිස්තු පුර්ව ...
සොරුන්ගෙත් සොරුන් වූ මුල් යුගයේ ඉංග්‍රීසි ශබ්ද කෝෂකරුවන් දම්පාට දේදුන්න ඉංග්‍රීසි භාෂාව වර්ථමාන ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ජාත්‍යන්තර භාෂාව වශයෙන් හැඳින්විය හැක. ඉංග්‍රීසි භාෂාව පරිනාමය වී ඇත්තේ ක්‍රි.ව. 5 වන සියවසේ දී මහා බ්‍රිතාන්‍ය දූපත් වල නැගෙනහිර වෙරළ තීරයේ වාසය කළ ඇන්ග්ලෝ-සැක්සන්වරුන්ගේ භාෂාවෙනි. එම භාෂාව "පැරණි ඉංග්‍රීසි බස" (Old English) නම්වේ පැරණි ඉංග්‍රීසිය තුලට නෝවේජියානු භාෂා ලක්ෂණ එකතු වී තිබෙනුයේ පසු කාලීනව සිදුවූ වයිකිංවරුන්ගේ ආක්‍රමණ හේතුවෙනි.එංගලන්තයට 1066 දී ප්‍රංශයේ නෝමැන්ඩි ප්‍රදේශයෙන් ...
රිඟින් ටෝන් වංචාවක්ද? - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 5 දම්පාට දේදුන්න ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 4.0 කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාවගීතයේ අයිතිය පිළිබඳව නිසි නීතිමය ප්රතිපාදනයක් නොමැති යුගයේදී ගීතය තුලින් ප්රතිලාභ ලබා ...
ඉන්දික තොටවත්ත ගෙන් ප්‍රහසන නාටකයක්. දම්පාට දේදුන්න ශ්‍රී ටීවී නාලිකාවේ ප්‍රචාරය කෙරුණු ඡ්යෝතිශ්ශාස්ත්රඥ ඉන්දික තොටවත්ත, මාධ්‍යවේදී චාපා බණ්ඩාර සහ වෛද්‍ය විද්‍යාකුලපති මහතුන් අතර සිදුකල දීර්ඝ සංවාදය සමාජ ජාල හරහා පසුගිය දිනවල වේගයෙන් සංසරණය විය. මේ සංවාදය අප රට තුල ගුප්ත විද්‍යා ලේබලය යටතේ සංසරණය වන මිත්‍යාව, රැවටීම, ගසාකෑම සහ වංචාව පිලිබඳ නව මානයකින් සිතිය යුතු බොහෝ කරුණු විදහා පානු ලබයි.අපට තේරුම් ගත නොහැකි දේ නැතැයි කියා ප්‍රතික්ෂේප ...
බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ අධ්‍යාපනය - ෆෙඩ්රික් නෝත් යුගය දම්පාට දේදුන්න ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයාලංකා ඉතිහාසයේ ඉංග්‍රීසි පාලන යුගය ඇරඹෙන්නේ වසර 1796 පෙබරවාරි 15 දින එවකට ඕලන්ද ආණ්ඩුකාරයා වූ වැන් අන්ගේල්බෙක් විසින් කොළඹ කොටුව ඉංග්‍රීසින්ට භාරදීමත් සමගය. මේ සමගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ මදුරාසියේ පිහිටි " මදුරාසි ප්‍රසිඩන්සි" මධ්‍යස්ථානයට අනුබද්ධ යුධ ආණ්ඩුකාරවරුන් මගින් පාලනය කිරීම ඇරඹිණ. වසර 1798 ඔක්තෝම්බර් 12 වන දින ඉංග්‍රීසි මහරජු විසින් ලංකාවේ ප්‍රථම සිවිල් ...
සිංහල සුළුතරය, මුස්ලිම් බහුතරය සහ ගණිත විනෝදය දම්පාට දේදුන්න චානුක වත්තේගම විසින් රචිත "සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි" යනුවෙන් ශීර්ෂ ගත ලිපිය මාතලන් විසින් සිය බ්ලොගයේ පළකර තිබුණි. මෙය පිළිබඳව ගුණ දොස් විවේචනයට මා ජනගහන සංඛ්‍යාලේඛනය පිළිබඳව විශේෂඥයකු නොවෙමි. නමුත් එම ලිපියේ අන්තර්ගතය පිලිබඳ ගණිතමය දැක්මෙන් සැක සංකා ඇති කරවන කරුණු කිහිපයක් තිබේ. එලෙසින්ම අදාළ ලිපියට පිළිතුරු ලියන මහා කළු සිංහලයාගේ ලිපිය සම්බන්ධවද දැඩි විවේචනයක් තිබේ ...
සංගීත චාරිකාවක් 22 - Alston Koch ආසියාවේ පොප් රජු ලෙස කිරුළු පැලඳු ශ්‍රී ලාංකිකයා - පළමු කොටස දම්පාට දේදුන්න දම්පාට දේදුන්නේ සංගීත චාරිකාව තුල මෙතෙක් ලියවුනේ බටහිර රටවල සංගීත කණ්ඩායම් සහ ගායකයන් ගැන පමණයි. මේ වනවිට බටහිර සංගීත ශෛලීන් කිහිපයක් ගැන විස්තර ලියා අවසන් නිසා මට හිතුන ශ්‍රී ලංකාවෙන් බිහිව බටහිර සංගීතය ජයගත් කිහිප දෙනෙකු ගැන විස්තර ලියන්න කාලය හරි කියල. කවුරු ගැන ලියනවද කියල හිතනකොට බිල් ෆෝබ්ස් සහ ඇල්ස්ටන් කෝක් යන දෙදෙනා මතක් උනා. දෙදෙනාම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ...