ගමේ අවුරුද්ද දම්පාට දේදුන්න මා කුඩා කාලයේ සිංහල අලුත් අවුරුද්ද කැවුම් කොකිස් අතිරස වැනි කැවිලි කිහිපයකට සීමා වුවක් විය. එයට හේතුව වුයේ මා ඉපදී හැදී වැදුනේ ගමකුත් නොවන නගරයකුත් නොවන ධීවර ගමක කතෝලික පවුලක වීම නිසාය. සිංහල අලුත් අවුරුද්දේ අප වෙත තිබුණු ලොකුම සතුට වූයේ අපගේ නිවාස ඉදිරියෙන් වූ ගාලුපාරේ බයිසිකල් රේස් වලට සහ ගම හරහා දිවීමේ තරඟ වලට වතුර ගැසීමය. මේ සෙල්ලම ඉවර ...
සංගීතයට තිත තබා ඇති නිසා පැරණි මතකයන් සමග........... දම්පාට දේදුන්න අද ඉරිදා. දැනට ටික කාලයකට ඉස්සර නම් ඉරිදා කියන්නේ සංගීතයෙන් පිරුණු දවසක්. උදේ දහයට විතර් පටහ ගන්න සංගීත පුහුණුව ඉවර වෙන්නේ හවස තුනත් පහුවෙලා. දැන් ටික කාලයකට සංගීත පුහුණුව නවත්තල තියෙන්නේ. මේ අවුරුද්දේ ලොකු පුතා උසස් පල කරනවා. ලබන අවුරුද්දේ දෙවැනි පුතා උසස් පෙළ. ගෙදර සංගීත භාණ්ඩ ටික ඔක්කොම පුස් කකා උඩ බලාගෙන ඉන්නවා.කම්මලිකමට ඉන්න අතරේ පරණ කරපු ප්‍රසංගයක වීඩියෝවක් ...
වෙනස සැපද? දම්පාට දේදුන්න යහපාලන රජය පිහිටුවීමට දර දිය අදිනු ලැබූ පිරිස බොහෝය. මේ අතරින් බහුතරයක් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී, පැවති දුර්දාන්ත පාලන ක්‍රමය පෙරලා දැමීමේ අදහසින්ම පමණක් කටයුතු කරනා ලද පිරිසකි. මෙයට පෙරදී ආණ්ඩු පෙරළි සඳහා පෙරමුණ ගනු ලැබුයේ සමාජ ක්රියාකාරීකයන් සහ මාධ්‍යවේදීන්ය. නමුත් යහපාලන රජය පිහිටුවීමේ පෙරමුණ ගෙන සිටියේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන්ය. එය තාක්ෂණයේ දියුණුවත් සමගම බිහිවූ නව ප්රවනතාවකි. ප්‍රධාන මාධ්‍ය ...
පෘතුගාලයේ පල්ලියක් තැනූ කන්ද උඩරට කුමාරයා දම්පාට දේදුන්න වසර 1582 දී සීතාවක රාජසිංහ රජු උඩ රට ආක්‍රමණය කොට අල්ලා ගත් නිසා උඩරට රාජධානියේ පාලකයා වූ කරලියෑද්දේ බණ්ඩාර රජු සිය දියණිය වූ සිඟිති කුසුමාසන දේවිය සහ තවත් පිරිසක් සමග පෘතුගීසීන් ගේ රැකවරනය පතා ත්‍රිකුණාමලයට පලා ගියේය. ත්‍රිකුණාමලයේදී වසුරිය වසංගතයට හසුවූ පිරිස් අතරින් දිවි ගලවා ගත්තේ කරලියෑද්දේ බණ්ඩාර රජුගේ දියණිය වූ සිඟිති කුසුමාසන දේවිය සහ රජුගේ බෑණනුවන් වූ යමසිංහ බණ්ඩාරට ...
සංගීත චාරිකාවක් 24 - සහෝදරියන් තිදෙනෙකු ගෙන් සමන්විත වූ Pussycat සංගීත කණ්ඩායම දම්පාට දේදුන්න එක පවුලේ සහෝදරියන් තිදෙනෙකුගේ ගායන කුසලතාව තුලින් ලෝක ප්‍රසිද්ධ වූ Pussycat ගායනා කණ්ඩායමේ කතාව අද සංගීත චාරිකාව වෙත ගෙන එනවා. මේ පොස්ටුව ලියන්න හිතුනේ ජාලය පුරා සැරිසරන කොට අහම්බෙන් ඇස ගැටුණු My Broken Souvenirs ගීතය වසර 25ක් විතර ඈතට සිත ගෙනගිය නිසා. කලෙක මෙම ගායිකාවන් තිදෙනා ගුවන්විදුලි ඉංග්‍රීසි සේවය බදු අරන් තිබුනා කීවොත් නිවැරදියි. පුසිකැට් නෙදර්ලන්තයේ බිහිවුන කන්ට්‍රි සහ පොප් ...
බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්නේ කෙසේද? - අංක 01 දම්පාට දේදුන්න 1. හැඳින්වීමමෙම ලිපිය ලියවෙන වසර 2017 නොවැම්බර් මස වන විට මෙරට අන්තර්ජාල ලේඛකයන් අතර බ්ලොග් අඩවි ඇරඹීම පිළිබඳව උනන්දුවක් ඇතිවී තිබීම යහපත් ප්රවනතාවකි. හදිසියේ මෙම උනන්දුව ඇතිවීමට හේතු සාධක වී ඇත්තේ ෆේස්බුක් හි පරිපාලනය විසින් ෆේස්බුක් පේජ් (Facebook Pages) සහ ෆේස්බුක් මිතුරැ හවුල් (Facebook Groups) හි පළකරනා ලිපි සහ නිර්මාණ, ගිණුම් අයිති කරුවන්ගේ නිවුස් ෆීඩ් (News Feed) හි දිස් නොවන ...
සංගීත චාරිකාවක් 23- Alston Koch ආසියාවේ පොප් රජු ලෙස කිරුළු පැලඳු ශ්‍රී ලාංකිකයා - දෙවන කොටස දම්පාට දේදුන්න ඇල්ස්ටන් කෝක් ගේ විශිෂ්ඨ සංගීත නිර්මාණ පිළිබඳව මෙම ලිපියේ පළමු කොටසින් කියවුනා. සංගීත ක්ෂේත්රයේ ඔහුගේ ජයග්රහණයන් පිළිබඳව ලිපියේ දෙවන කොටසින් ලියැවෙනවා පළමු කොටස මෙතැනින් 1986 වසරේ දී ලොව වඩාත්ම වියදම්කාරී ක්‍රීඩා ඉසව්ව ලෙසින් හැදින්වෙන The America's Cup යොට් තරඟාවලිය සඳහා මියුසික් වීඩියෝවක් නිර්මාණය කරන ලෙස ඇල්ස්ටන් කෝක් හට ඕස්ට්‍රේලියාවෙන් කැඳවීමක් ලැබෙනවා. තරඟාවලියේදී ඕස්ට්‍රේලියානු කොකඹුරා (Kookaburra) යාත්‍රාව ඇමෙරිකානු Stars & Stripes ...
පිණ්ඩපාතයේ වැඩමකර ලක්ෂ එක්දහස් හතළිහක් සෙවිය හැකිද? දම්පාට දේදුන්න සිල් රෙදි වංචා කරුවනට අධිකරණය නියෝග කරනා ලද දඩ මුදල මේ වනවිට දේශපාලනික අවස්ථාවාදීනට කදිම දඩ බිමක් නිර්මාණය කර දී ඇත. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතාවට හවුල්වී සිර දඬුවම් ලබන්නාවූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම කල යුත්තේ ඔවුන් දඬුවම් ලැබීමට පසුව නොවේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ගැන කැක්කුමක් තිබුනේ නම් නඩුව විභාග කරනා අවස්ථාවේදී අදාළ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමේ ...
බුදු සසුනට වින කටින්නේ අන්‍ය ආගමිකයන් නොවේ. දම්පාට දේදුන්න ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සහ සාමාජීය ව්‍යුහය බුදු දහම මුලික කරගෙන ගොඩ නැගී ඇත. සිංහල බෞද්ධයා පමණක් නොව සිංහල කතෝලිකයාද සිය පැවැත්ම තුල පෙන්නුම් කරනුයේ බුදු දහමේ ආභාශයයි. අප වෙත කතෝලික දහම පැමිණි යුරෝපීය සමාජයේ සංස්කෘතියට වඩා හාත්පසින් වෙනස් සංස්කෘතියක් සිංහල කතෝලිකයාට ඇත. සමහරක් චාර්යා රටාවන් වෙනස් වුවද ප්‍රධාන වශයෙන් කතෝලිකයා වෙත පවතිනුයේ බෞද්ධ සංස්කෘතිය වෙතින් ශික්ෂණය වූ පවුල මුලික ...
අඳුරු සිර කුටියේ සිට ලියු කෘති දම්පාට දේදුන්න අඳුරු සිර කුටි තුල දුක් විඳිමින් විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ ලේඛකයන් රැසක් සිටිති. එවන් ලේඛකයන් කිහිප දෙනෙකු පිලිබඳ සංෂිප්ත විස්තර ගෙනෙනා ලිපි කිහිපයක පළමු ලිපිය මෙසේය. විලියම් සිඩ්නි පෝටර් (William Sydney Porter) 1898 වසරේ මාර්තු 25 වන දින පස් වසරක සිර දඬුවමකට යටත් වුයේ මුල්‍ය වංචාවකට වැරදිකරු වීම නිසාය. සිර දඬුවම් ලැබීමට පෙර කිසිදු පොතක් ලියා නොතිබුණු ඔහු සිර ...
නෙලුම් යාය සහ ඉවෙන්ට් කෙරුවාව දම්පාට දේදුන්න නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ වැඩිම සම්මාන ලාභියා ලෙස ජීවන තුමා සම්භාවනාවට පාත්‍ර උනෝය. සංගීත අංශයේ හොඳම බ්ලොග් ලිපිය ඇතුළු සම්මාන 7කට පමණ එතුමා වගකීවෝය. ඒ ඉයන් ලින්තොට තුමාට පින්සිදු වන්නටය. සම්මාන උළෙලේ ජීවන තුමාගේ අසල්වැසියා වූ ඉයන්තුමාට සම්මාන සඳහා නම අඬගසන සමහරක් වෙලාවට අමුතු ලෙඩක් සෑදුනෝය. ලෙඩේ උග්‍ර වූ විට එතුමාණෝ ජීවන තුමාව පුටුවෙන් තල්ලුකර දැමුවෝය. යන්නට තැනක් නැති ...
සංගීත චාරිකාවක් 26 - මැඩෝනා ලුවිස් ශිකෝනී (Madonna Louise Ciccone) දම්පාට දේදුන්න සංගීත චාරිකාව තුල කාන්තා සංගීත කණ්ඩායම් ගැන මිස ගායිකාවන් ගැන මෙතෙක් ලියවුනේ නැහැ. ගායිකාවන් ගැනත් ලියන්න කියල ඉල්ලීම් කිහිපයක්ම ලැබුනත් කලින් ලිව්වේ නැත්තේ පෙළගැස්ම වෙනස් වෙන නිසා. දැන් ලියන්න කාලේ හරි කියල හිතුන. ඒ අතරේ උපේක්ෂා පසුගිය පොස්ටුවේ කොමෙන්ට් එකක නැවත මතක් කරලා තිබුන මැඩෝන ගැන ලියන්න කියල.මැඩෝනගේ නිර්මාණ අතුරින් මම මුලින්ම ඇහුවේ පහල තියෙන Holiday ගීතයයි. මතකයේ හැටියට 1985 ...
කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 4 දම්පාට දේදුන්න ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාවජිප්සීස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධියේ උපරිමය වෙත ලඟා වන අවදිය වන විට ලංකාවේ පැවතියේ සංගීත කණඩායම් ඉතාමත් සුළු ගණනක් පමණි.එම කණඩායම් වල බටහිර සංගීතය ...
පාස්කු ගිනි මැලය දම්පාට දේදුන්න පාස්කු උත්සවය ගැන සිංහලෙන් ලියවෙන ලිපි වල බොහෝවිට කියවෙන්නේ කල්වාරි කන්දේදී සිදුවූ ක්‍රිස්තුස් වහන්සේගේ සාවද්‍ය ඝාතනය පිලිබඳ විස්තර පමණි. නමුත් පාස්කු උත්සවය තුල විවිධ සැමරුම් සහ පුජා මෙහෙයන් රැසක් පවතියි.ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට පෙර ඊශ්‍රායලයේ පවත්වා ඇති පාස්කු මංගල්‍යය මගින් සිහිපත් කර ඇත්තේ ඊජිප්තු දේශයේ පාරාවෝ පාලනයේ වහලුන් වශයෙන් සිටි හේබ්‍රව් ජනතාව රතු මුහුද මැදින් පොරොන්දු දේශය නැතහොත් ඊශ්‍රායලය වෙත පැමිණීමය.මහා ...
ජපානයේ නින්ජාවරු දම්පාට දේදුන්න නින්ජා යන නම ඇසුණු සැනින්ම අප හට මතක් වන්නේ සටන් කරුවන් පිරිසකි. නමුත් ඇත්තෙන්ම නින්ජාවරු යනු ඔත්තු කරුවන් ය. නින්ජා සටන් කලාව ලෙසින් අප හඳුන්වන්නේ මෙම ඔත්තු කරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රගුණ කරනු ලබනා සටන් විධික්රමයයි. නින්ජා සටන් ක්‍රම කලාත්මක බවකින් යුක්තය. නමුත් මාරාන්තිකය. නින්ජා ඔත්තුකරුවන් පාරම්පරිකවම එම වෘතියේ යෙදුනාවූ පිරිසකි. නින්ජා වරයකු වීම සඳහා පුහුණුව ළදරු වියේදීම පටන් ගනු ලබයි. ...
අනුනට සාර්ථකත්වය උගන්වන වංචනිකයන් - 1 දම්පාට දේදුන්න යුග ගණනාවක් පුරා සිය මුලික අවශ්‍යතා සපුරාගෙන සරලව දිවි ගෙවූ මිනිසා සංකීර්ණ ජීවන රටාවකට යොමු වුයේ කාර්මික විපලවයෙන් පසුවය. කාර්මික විප්ලවය මිනිසා වෙත බොහෝ පාරිභෝගික භාන්ඩ රැගෙන ආවේය. මේ පාරිභෝගික භාන්ඩ වෙත ලොල් වූ මිනිසා ඒවා හැකි තරමක් තමන් සතු කරගැනීමට තරඟයකට එළඹුණි. එයටම සමගාමීව වැඩවසම් ක්‍රමය සහ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීම තුල මිනිසාට විශාල නිදහසක්ද ලැබුනේය. මේ නිදහස් වාතාවරණය ...
පෙර සුදානම දම්පාට දේදුන්න අද දින උදයෙන්ම ලැබුනේ නරක ආරංචියකි. අප ආයතනයේ පරිගණක සර්වරය ගිනිගෙන ඇත. තවමත් හේතුව සොයාගෙන නැති නමුත් විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නක් බවට සැක කෙරෙයි.වැඩට යන විට මුළු ගොඩනැගිල්ලේම විදුලිය විසන්ධි කර තිබිණ. ගොඩනැගිල්ලම කරුවළේය. තාවකාලිකව වැඩ කටයුතු කරගන යාමට අසල ඇති හෝටල් පාසලේ අනුග්‍රහය ලැබිණ. එතනට ගියවිට එකම ජංජාලයකි. අප සේවය කරනා ආයතනය ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරනා ආයතනය ...
සුළං බලයෙන් ක්‍රියා කරනා මෝටර් රථයක් - විවාදයකට ආරාධනා. දම්පාට දේදුන්න සුළං බලයෙන් ක්‍රියා කරන්නේ යැයි පවසන මෝටර් රථයක් පිලිබඳව වීඩියෝවක් "ගන්න අපේ දේ" නම් වන FB පිටුවෙහි පළවී තිබුනා. මෙයට පෙර විවිධ නිර්මාන කරුවන් විසින් ජලයෙන් ක්‍රියා කරනා මෝටර් රථ වැනි නිර්මාණයන් තුලින් විවිධ රැවටීම් සිදුකොට ඇති බැවින් මෙම රථයහි ක්‍රියාකාරිත්වය පිලිබඳවද අප හට සැක සංකා මතුවීම සාධාරනය.කෙසේ නමුදු අදාල රථය පිළිබඳව විද්‍යාත්මක කරුණු දැක්වීමක් කරනා ලෙස එහි නිර්මාපකයාට ආරාධනා ...
ඥාණ මාපියන් (God Mothers and God Fathers) දම්පාට දේදුන්න දම්පාට දේදුන්නට ලියන ලද පසු ගිය පොස්ටුවට කොමෙන්ට් කල රසික සූරියාඅරච්චි මහතා God Father වදනෙහි සිංහල පරිවර්තිත වදන ඥාන පියා වූයේ කෙලෙසක දැයි අසා තිබුනා. මෙම වදන සිංහල කතෝලික ජන වහර තුලින් පැමිනෙන්නකි.ක්‍රිස්තුස් වහන්සේ ගේ අනුගාමිකයන් සභා රැසක් තුල ජන වන්දනාව පවත්වාගෙන යනවා. කතෝලික සභාව, පෙන්තකොස්ත සභාව, එංගලන්ත සභාව උදාහරන ලෙස දැක්විය හැකිය. මෙම සභාවන්ට සාමාජිකයින් බඳවා ගැනීම බෞතිස්මය යනුවෙන් ...
දූෂණ මර්දනය හා ස්මෝල්ගේ ආදර්ශය – වික්ටර් අයිවන් දම්පාට දේදුන්න විවිධ බලපෑම් සහ රාජ්‍ය බලය යොදවමින් විනාශ කරනා ලද ක්‍රිස්තියානි පාසල් අධ්‍යාපන ක්‍රමය තුල පවතින සමානාත්මතාව පිළිබඳව ඉතාමත් වටිනා ආදර්ශයක් සහිත නිදසුනක් මෙම පැරණි රාවය ලිපිය ගෙනහැර දක්වයි. දේවගැති ඩබ්ලිව්.ජේ.ටී. ස්මෝල් රිච්මන්ඩ් විදුහල පාලනය කරනා ලද ජේම්ස් ඩැරල්ගේ අනුප්‍රාප්තිකයාය. ඩැරල් එතෙක් රිච්මන්ඩ් විද්‍යාලයේ ගමන් මග කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කළ විදුහල්පතිවරයාය. ඔහුගේ හදිසි අභාවයෙන් පසුව ඒ අඩුව පිරවීමට සුදුසු විදුහල්පතිවරයෙකු ...